මේ පාරෙන් යන්න….. වරදින්නේ නෑ  !
 
දිවයින පත්තර මුදලාලි මේ කැප්ෂන් එක දාලා තිබුනේ රටේ නායකයා ඉස්සරහ තුන්කුදු වෙලා , බයාදු විදියට ආචාර කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ පින්තූරෙකට.
 
ඒ  කතාව සම්පූර්ණයෙන් ඇත්ත.  ඒ පාරෙන් ගියොත් නම් වරදින්න විදියක් නැහැ. ඒ කියන්නේ දන ගහලා පාද නමස්කාර කරන අයට, සපත්තු පොලිෂ් කරන අයට  වරදින්න විදියක් නැහැ. මේක ඉතින් සුමනසේකර උන්නැහේ අපි කාටත් වඩා අත් දැකීමෙන්ම දන්නවනේ .ඒකනේ එතුමා ශිෂ්‍යන්ටත් ඒ පාරෙන්ම යන්න කියන්නේ .මේ එයා මොන පාරෙන්ද යන්නේ කියලා කල්පනා කරනවා .
 
 
බලන්නකෝ හරි පාර තෝරා ගත්තාට පස්සේ මෙයාට  හරි ගිහින් තියෙන හැටි
 
 
ඊ ලඟට දැන් ඔය ශිෂ්‍යයෝ ඔය පාරෙන් යවන්න හදන තව එක්කෙනෙක් තමා ඇස් බී උන්නැහේ. එතුමා වෙන වෙන පාරවල් වල යන්න ගිහින් කෙලවගත්තා නේ.
 
 
දැන් යහපත් අවවාද අනුශාසනා ලැබිලා හරි පාර තෝරාගෙන බලන්නකෝ ජොලියේ ඉන්න හැටි. ආදරේ හිතෙනවා නේද හිනා ඩිංගට.මෙයා ශිෂ්‍යයන්ටත් එහෙම ඉන්ට කියලානේ හැම තිස්සෙම කියන්නේ .
 
 
මේ හරි පාර තෝරා ගත්ත තව එක්කෙනෙක් , කොහොමද නැවිල්ල. මෙයාවත් යවන්න පුළුවන්  අර හමුදා පුහුණුවේදී ශිෂ්‍යයන්ට නැවෙන හැටි කියලා දෙන්න.
 
 
 
මේ තව හාදයෙක්. මෙයා නම් ඒ පාරේ ඉස්සරහම යන්නේ . නැත්නම් මෙහෙම තැඹිලි වතුර පොවාවිය ?
 
 
 
මේ කට්ටියත් ඉතාමත් නුවණක්කාර විදියට හරි පාර තෝරා ගත්තු පිරිසක්. මෙයාලටත් වරදින්නේ නැහැ.
 
 
 
මේන් ඉන්නවා මෝඩයෝ. වැරදි පාරවල් වල ගිහින් කෙලව ගෙන . අපිට ඕවට කරන්න දෙයක් නැහැ. පාර දන්නේ නැත්නම් සුගාරගෙන් හරි කසුරි ගෙන් හරි එහෙම නැත්නම් මහින්ද අබේසුන්දරගෙන් හරි අහන්න තිබුනානේ .
 
 
ඔය දෙපැත්ත ගැනම උදාහරණ නම් අනන්තයි. ඒක නිසා ඒවා ගැනත්  මොලේ කල්පනා කරලා සුගාරලා කියන හැටියට හරි පාරෙන් යන්න හොඳේ.  වරදින්නේ නැහැ.අත් දුටුවයි . සත්තයි. හැබැයි ඉති ඊට කලින් හොඳ ඉස්පිටිතාලෙකට ගිහින් කශේරුකාවයි මොලෙයි  අයින් කර ගත්තොත් ඔය පාරේ යන්ට හරිම  ලේසියි.
Advertisements
Comments
  1. වැරදි පාරවල් වල ගිහින් කෙලවගත්තයි කියන අය හැමෝගෙම කශේරුකාවයි මොලෙයි තියෙනව කියල හොදටම විශ්වාසද?

    • ano says:

      මේ අය මෝඩයෝ කියල කියල තියෙන්නෙ ඒකනෙ. මෝඩයන්ට මොළයක් නෑ කියලනෙ කවුරුත් දන්නවනෙ. හැබැයි ඉතින් භයානක කම පෙනී පෙනී විරුද්ධ වෙන්නනම් කශේරුකාවක් තියෙන්න ඕනි කියන එකත් තේරෙනවනෙ. නැත්නම් ඒකත් මෙළේ නැති මෝඩකම කියල ජයශ්‍රී මහත්තතයට හිත හදාගන්න පුඵවන්.

  2. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: නෑ, පාරෙන්, මේ, යන්න….., […]

  3. Buwa says:

    හරි පාරෙ ගිය තව අය ඉන්නව . එක්කෙනෙක් උඩු රැවුලක් තියන මේ දවස් වල ආතල් එකේ ඉන්න, ක්‍රිකට් ක්‍රිඩකයෙකුගෙ නමක් තිඅයන කෙනෙක් , අනිකා ඊයෙ පෙරේද ඉන්දියාවෙ පත්තරේකට මරු ටෝකක් දීපු කොන්ඩෙ ටිකක් සුදු වේ ගෙන එන එක්කෙනෙක්

  4. මොනවද දැන් කස්ටියට මගෙන් දැන ගන්න ඕන???

  5. geethme says:

    අපේ කට්ටියනම් කවදාවත් හරි පාර තෝරාගන්න බවක් පේනනේ නෑ. මොන පාර තෝරාගත්තත් ටික දවසක් යනකොට තමා දැනෙන්නේ ඒකත් කැලෑ පාරක් කියලා.

  6. ඇට මැස්සෝ.. ඔය පින්තූරෙ ඉන්න කොලුවගෙ මූනට කොටු ටිකක් දැම්මා නම් හොඳා..

  7. Ravi says:

    මග හොඳට තිබේ නම්,
    යන්ට දෑසත් පෙනේ නම්,
    කිම බැදි වල යන්නේ,
    මං මුලා වූ ගොනෙකු සේ,

  8. justice says:

    This is the different between Slaves and Civilized…

  9. හුලං says:

    කවුරු හරි මොලේ නැති කොලුවෙත් ඔතන ඉදල අපේ මහරජතුමා වන්දවගන්න එන වෙලාවෙ ටිකක් තදට මූණ තියං ඕනවට එපාවට ආචාරෙ ලාවට කොරානම් ඉතින් අනේ ඒ පොටෝ එක යටින් දාන්න වෙන්නෙ “පාර වරද්දගත්ත හැටි..“ කියල තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s