දුටුගැමුණුගේ භෂ්මාවශේෂ එලාරගේද?

Posted: May 21, 2011 in Uncategorized
Tags: , ,

යුද්ධය  අවසන් වී කලක් ගතව ඇති තත්වය තුල තව දුරටත් ජනතාව දේශප්‍රේමයෙන් මත් කර තබා ගැනීම අපහසුය.ජනතාව අධික බදු මිලෙන්, විරැකියාවෙන් පීඩා විඳින ,  ජීවන බරින් හෙම්බත්ව සිටින ජනතාවගේ අවධානය යොමු කරනු වස් කුමක් හෝ සංදර්ශනයක් සතියකට වතාවක්වත් පෙන්වීමට ආණ්ඩුවට අවශ්‍යය.

හම්බන්තොට වරාය, ඉහල කොත්මලේ උමග, ක්‍රිකට් සැණකෙළිය , 2600 වෙසක් සමරුව, දැයට කිරුල  ආදී සියල්ල එවන්  සංදර්ශනයන්ය .

වැඩි ජනතා අවධානයක් අද ගැනීමට නොහැකි වුවද  මෙම  දිනවල පවත්වන  දුටු ගැමුණු  භෂ්මාවශේෂ  ප්‍රදර්ශනයද එවැනිම සංදර්ශනයකි.

ඇත්තෙන්ම මෙම  දුටුගැමුණු කතාව තරමක සැක සහිත එකකි. මෙම  භෂ්මාවශේෂ සොයා ගත්තේ කාලාන්තරයක් මුළුල්ලේ එළාර සොහොන යයි හඳුන්වනු ලැබූ ස්ථානයකිනි.  කිසිම පිළිගත හැකි සාක්ෂියක් නැතිවම එය දුටු ගැමුණුගේ සොහොන යැයි  නම් කරනු ලැබිණි.

එම ස්ථානයේ තිබී හමු අළු දුටු ගැමුණුගේ යැයි කියමින් 1980 ගණන් වලදී රට වටා ගෙන ගොස් මහා විගඩමක් නැටුවේ එවකට පවතී එජාප රජයේ සිටි අන්ත ජාතිවාදී  ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව් හා ඒ ළඟ නායකයා වීමට එකිනෙකා හා පොර බදමින් සිටි ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි යන ඇමති වරුන්ගේ  අනුග්‍රහයෙනි. අද මෙන් එදාත් දුටු ගැමුණුගේ අවතාරය වීමට ප්‍රිය කල දේශපාලකයෝ සිටියහ.

මෙම අළු දුටු ගැමුණු ගේ යැයි ඔප්පු කරනු වස්  කාබන් කාල නිර්ණයක් කරනු සඳහා ප්‍රංශය වෙත යැවීය. එයින් ඔප්පු වූ එකම  දෙය වුයේ එම අළු ක්‍රි පු 1800-2200 කාලයේ ජීවත් වූ පුද්ගලයෙකුගේ බව පමණි.මියගොස් වසර 2000   අධික කාලයක්  ගත වීමෙන් පසු ,ඔහු ගැන කිසිම වෛද්‍ය ඉතිහාසයක් නැති මිනිසෙකුගේ අළු ටිකකින්  දැන ගත හැක්කේ වෙන කුමක්ද?

මෙම සංදර්ශනය ගැන මධ්‍යම සංස්කෘතික අරමුදලේ විද්‍යාත්මක හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මොහාන් අබේරත්න මහතා 2007 දී සිළුමිණ පුවත් පත හා පවසා තිබු පහත දේ  බලන්න .

  දුටුගැමුණු භෂ්මාවශේෂ දක්ෂිණ ථූපයේ තිබී හමුවුණැයි රාවයක් පැවැති වෙලාවෙ ඔබ සිසුවෙක්. ඒ තාප සන්දීප්තතා පරීක්ෂණ වාර්තාවලට ඔබද සහභාගි වුණා. දක්ෂිණ ථූපයේ තිබී හමුවුණේ දුටුගැමුණු භෂ්මාවශේෂ යැයි තිර ලෙස කිය හැකි ?

මා ඒ වෙලාවෙ හිටියෙ ප‍්‍රංශයේ මහාචාර්ය ප‍්‍රංශුවා යටතේ. එතුමා තමයි ඒ භෂ්මාවශේෂ කාල නිර්ණය කළේ. එහිදී හැදුණු වාර්තාවේ (1981) එතුමා කීවේ ඒවා අවුරුදු 1800 – 2200 අතර කාලයේ පුද්ගලයකුගේ භෂ්මාවශේෂ බවයි. එය දුටුගැමුණු රජුගේද එළාරගේ ද යන්න නිශ්චිත නෑ. නමුත් ඒ කාලයේ ජීවත්වූ කෙනෙකුගේ බව පැහැදිලියි.

           යුද්ධය සිදුවන විට ගැමුණු කුමරුගේ හා එළාර රජුගේ වයස මෙබඳු පරීක්ෂණයක් ඇසුරෙන් නිශ්චය කළ හැකි ද?

අළු වුණාට පස්සේ අපට එහෙම කියන්න අමාරුයි. ඇටකටු තිබුණානම් හරි. අපට හමුවුණේ අළු. ච්ව්ඒ පරීක්ෂණ මඟින් ඇටකටු පරීක්ෂණ කරලා ඒක යෞවනයකුගේද මහල්ලකුගේද තීරණය කරන්නට පුළුවන්.

http://www.silumina.lk/punkalasa/20071125/_art.asp?fn=ar0711251

මහාචාර්ය පරණවිතාන මෙම අළු  ගැන පවසා තිබුනේ, අතීතයේ ඉඩම් මායිම් සල කුණු  කිරීම සඳහා අළු යොදා ගත් බවයි. 

 නමුත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් විමල් රූබසිංහ මහතාට අනුව දේශීය  හා විදේශීයව මෙන්ම ඒ ආශ්‍රිත ශිලා ලේඛණ ආශ්‍රිතව කළ පරික්ෂණවලින් ද මෙම අළු දුටු ගැමුණු ගේ  ම බව තහවුරු වී ඇත.

වසර 2000 ක් පැරණි අළු ටිකක් යම් නිශ්චිත පුද්ගලයෙකුගේම යැයි කියන්නට විදේශයකදී කල හැකි පරීක්ෂණය කුමක් දැයි  හා ඔහු විසින් සඳහන් කරන ශිලා  ලේඛන මොනවාදැයි රූබසිංහ මහතා ජනතාවට හෙළි කලයුතුය. එසේ නැත්නම්  මෙය තවත් ජනතාව රවටන බොරු සංදර්ශනයක් පමණක් බව  ඉක්මනින්ම එළිදරවු වනු ඇත. එවන් ගල් පැලෙන බොරු දේශපාලකයින්ට සුදුසු වුවත් රූබසිංහ මහතා වැනි නිලධාරීන්ට ගැලපෙන්නේ නැත. 

 දුටු ගැමුණු ගේ කියමින් වන්දනා කරන මෙම භෂ්මාවශේෂ බොහෝ දුරට එළාරගේ වීමටත් ඉඩ තිබීම මෙහි  ඇති ලොකුම විහිලුවයි .

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: එලාරගේද, දුටුගැමුණුගේ, […]

  2. tom and jerry says:

    පාලකයින්ට ජනතා ගැටලු විසඳීමට වඩා අමතක කරවීම පහසුය. එසේම ජනයාට ද ප්‍රශ්න ගැන කල්පනා කරමින් මානසික ආතතිය වැඩිකර ගැනීමට වඩා ඒවා අමතක කර ගැනීම (තාවකාලිකව වුවත්) සුභය.
    අපිත් ගිහින් දුටු ගැමුණුගේ අළු බලා, සැනසෙමු!

  3. ``Outsider`` says:

    ඕවා දුටුගැමුණුගෙ තමයි බං. ඒ කාලෙ අනෙක් මිනිස්සු කවුරුත් පිච්චුවෙ නෑ. හැබැයි තියෙන ප්‍රශ්ණෙ දුටුගැමුණුගෙ වුණත් අලු බලන එකේ තේරුම මොකක්ද කියන එකයි. අලු කියන්නෙ දුටු ගැමුණු නොවෙයි. දුටු ගැමුණු කියන්නෙ දැන් අලුවෙලා තියෙන පරණ ශරීරයක් විතරකුත් නෙවෙයි. ඒත් කමක් නෑ ඔක්කොම යනවනම් යමං…

  4. Ravi says:

    / එයින් ඔප්පු වූ එකම  දෙය වුයේ එම අළු ක්‍රි පු 1800-2200 කාලයේ ජීවත් වූ පුද්ගලයෙකුගේ බව පමණි /

    මෙය වසර 1800 – 2000 පෙර ජීවත්වූ පුද්ගලයෙකුගේ යනුවෙන් නිවැරදි විය යුතු යයි සිතමි.

  5. Suranimala says:

    වර්තමානයේ අනුරාධපුරයට යන පිරිස දුටුගැමුණු මහ රජ තුමා විසින් ඉදිකරවනු ලැබූ රුවන්වැලි සෑ, මිරිසවැටිය ආදිය වැඳපුදා ගෙන එතුමාගේ ජාතික ආගමික මෙහෙය ගැන කතාකරන නමුත් එතුමා ආදාහනය කළේ කොතැනකද කියා සොයා බැලීමට හෝ ඉහතකී ආගමික ස්‌ථානයන්ට ආසන්නයේ පිහිටි එම ස්‌ථානය දැකබලා ගැනීමට හෝ යාමක්‌ දක්‌නට නොලැබේ. විශේෂයෙන්ම ඉතිහාසය හදාරණ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්වත් මෙම ස්‌ථානය නැරඹිය යුතුය. 1225 දී ආක්‍රමණික මාඝ රජරට හැර යැමෙන් පසුව 19 වැනි සියවසේ ඉංග්‍රීසීන් විසින් නැවත පුනරුත්ථාපනය කරන තුරු වසර හය සියයක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ අනුරාධපුරය වන වැදී ශ්‍රී මහා බෝධිය අසල පමණක්‌ මිනිසුන් ගැවසීම නිසා අනිකුත් ආගමික ස්‌ථාන සියල්ල හඳුනා ගැනීමට නොහැති තරමට පොදු ජනතාවගෙන් ඈත්ව ගිය බවට ඇති හොඳම උදාහරණය වන්නේ අති විශාල ස්‌තූප දෙකක්‌ වන අභයගිරිය හා ඡේතවනාරාමය පවා එකිනෙකට මාරු කරගෙන හඳුනාගෙන තිබීමය. දුටුගැමුණු මහරජතුමා ආදාහනය කළ තැන පසුව ස්‌තූපයක්‌ කළ බවට සඳහන් ඇති අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ඔප්පු කොට පෙන්වා දෙන තුරු එළාර සොහොනත් දුටුගැමුණු සොහොනත් නිසි පරිදි හඳුනා නොගෙන දුටුගැමුණු සොහොනට එළාර සොනයෑයි බැවහර කළහ. 1894 ප්‍රකාශයට පත් ඡේම්ස්‌ ස්‌මිදර්ගේ ආකිටෙක්‌චරල් රිමේන්ස්‌, අනුරාධපුර ග්‍රන්ථයේ මෙය හඳුන්වාදී ඇත්තේ එළාර සොහොන නමිනි. ශ්‍රී මහා බෝධියට මීටර් 500 ක්‌ පමණ දකුණු දෙසින් පිහිටා ඇති දුටුගැමුණු සොහොන එම පැත්තේ මාර්ගයෙන් ශ්‍රී මහා බෝධියට යන විට තම වම් අත පැත්තේ දක්‌නට ඇත්තේ විනාශවීම අඩක්‌ නිම කළ ගඩොළුමය චෛත්‍යයක්‌ ලෙසය. එහි වට ප්‍රමාණය අඩි 578 කි. ඉහළ පේසාව දක්‌වා උස අඩි දහය හමාරකි. නිදහස්‌ හොරුන් නිසා ආයක (වාහල්කඩ) විනාශ වී ගොස්‌ය. එහෙත් දකුණු ආයකයේ කැටයම් කළ කුළුණු කොටස්‌ තවමත් ඉතිරිවී තිබේ. පළමුවෙන් 1896 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වර එච්. සී. පී. බෙල් මහතා මෙම ස්‌තූපය කැණීම් කරන අවස්‌ථාවේ ස්‌තූප සෑරීම පිළිබඳ බෞද්ධයන් අතර අප්‍රසාදයක්‌ පැවැතුණි. ඒ අතර දෙබරයක්‌ කඩාවැටී කැණීම් කළ කම්කරුවන්ට දෙබරු විදීමෙන් මහත් හානි සිදුවූ අතර එය දේව කෝපයක්‌ නිසා වූයේ යෑයි කථාවක්‌ පැතිර ගියෙන් සේවකයන් නොපැමිණීම නිසා බෙල් මහතාට කැණීම් අතහැර දැමීමට සිදුවිය. 1946 දී මහාචාර්ය පරණවිතාන මහතා නැවත මෙහි කැණීම් ආරම්භ කරන විට බෞද්ධයන්ගේ අප්‍රසාදයක්‌ එල්ල වූයෙන් සත්‍ය කියාදීමට පත්‍රිකාවක්‌ මුද්‍රණය කර බෙදාහැරීමට එතුමාට සිදුවිය. ඊට පෙර ඒන්ෂන්ට්‌ සිලෝන් නමින් ග්‍රන්ථයේ හෙන්රි පාකර් ද මෙය දක්‌ඛිණ ස්‌තූපය සේ උපකල්පනය කළේය. ම‍හාචාර්ය පරණවිතාන විසින් මෙහි කැණීම් කොට එළාර සොහොන නොව දුටුගැමුණු මහරජ තුමන් ආදාහනය කළ ස්‌ථානයේ පසුව ඉදිකළ දාගැබ බව සාක්‍ෂි සහිතව ඔප්පු කරමින් පෙන්වා ලිපියක්‌ ඉදිරිපත්කර ඇත්තේ එතුමාගේ පුරාවිදු පර්යේෂණ ග්‍රන්ථයේය. පරණවිතාන මහතාගේ කැණීම්වලදී එහි මළුවේ අතුරා තිබූ සෙල්ලිපි 17 ක්‌ එතුමා විසින් සොයාගෙන ඇති අතර ඉන් සමහරක්‌ දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයට ගෙනවුත් ඇත. එකී සේල්ලිපිවල දකිණි විහර යනුවෙන් සඳහන් වී තිබූ අතර මෙම සොයාගැනීම මහත් සේ උද්දාමයට පත්වූ පරණවිතාන මහතා එය හරියටම එම ස්‌තූපයේ නාම පුවරුවක්‌ සවිකර තිබුණා සේ සමාන යෑයි පවසමින් බෙල් මහතා අනුමාන කළ දක්‌ඛිණ ථූපය මෙය ම බව තහවුරු කළේය.

    බෙල් මහතාගේ කැණීම්වලදී ගඩොල් ටොන් ගණනක්‌ ඉවත්කිරීමෙන් පසුව දාගැබේ පේසාවන් හා පාදම සොයාගත හැකි වූ බවත් ගර්භය ගණ්‌ඨාර හැඩයෙන් යුක්‌ත වන්නට ඇති බවත් සඳහන්කර ඇත. පුරාණයේ දක්‌ඛිණ විහාරය යනුවෙන් හැඳින් වූ මෙම විහාරය දුටුගැමුණු රජතුමාගේ මලණුවන් වූ සද්ධාතිස්‌ස රජතුමා විසින් දුටුගැමුණු රජතුමා ආදාහනය කළ ස්‌ථානයේ කුඩාවට සාදන්නට ඇති බවත්, පසුව වළගම්බා රජතුමා විසින් එය විශාල කරන්නට ඇති බවත් පරණවිතාන මහතා විශ්වාස කරයි. මෙකී ස්‌තූප මළුවෙන් හමුවූ සෙල්ලිපිවල වළගම්බා රජු හැඳින්වූ පිතුමහරජ යන නාමය තිබීම ඊට එක්‌ සාක්‍ෂියක්‌ සේ එතුමා පෙන්වාදෙන අතර මහාවංසයේද වළගම්බා රජුගේ සෙනෙවියකු වූ උත්තිය විසින් නගරයේ දකුණු දිසාවේ වෙහෙර කරවූ බව සඳහන් කර තිබේ. මහාවිහාරයට උතුරින් අභයගිරිය උත්තර විහාරය යනුවෙන් පුරාණයේ හැඳින්වූ අතර දකුණින් පිහිටි මෙම විහාරය දකුණු වෙහෙර නමින් හැඳින් වී ඇත. දෙවැනි සියවසේදී මළුතිස (කණිට්‌ඨ තිස්‌ස) රජතුමා මෙම ස්‌තූපයට කඤ්ªකයක්‌ යෙදූ බව එනම් ගඩොලින් හා බදාමයෙන් තවත් ස්‌තූප යෙදූ බව මහාවංසයේ සඳහන්ය.

    මෙම ස්‌තූපය දුටුගැමුණු රජු ආදාහනය කළ ස්‌ථානයේ ඉදිකොට ඇති බව දැක්‌වීම සඳහා මහාචාර්ය පරණවිතාන මහතා මහාවංසය, වංසත්ථප්පකාසිනිය, බෝධිවංස ග්‍රන්ථිපදය මෙන්ම සද්ධර්මාලංකාරය ද පාදක කොට ගෙන තිබේ. මහාවංසයේ දැක්‌වෙන පරිදි මරණාසන්න මොහොතේ සිටි දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය පෙනෙන්නට වූ සංඝ කම්ම මාලකයේ තමාගේ සිරුර ආදාහනය කරන ලෙස පවසා ඇත. සද්ධර්මාලංකාරයේ කම්මමාලකය පිහිටියේ පුලිල මළුවේ බව සඳහන් වේ. මෙකී තොරතුරු ගලපමින් වර්තමානයේ දකුණු වෙහෙර පිහිටි ස්‌ථානය කම්ම මාලකය බව පෙන්වාදෙන පරණවිතාන මහතා 1946 – 48 කාලයේ කළ ස්‌තූප ගර්භය මැදින් යටට කරන ලද කැණීමේදී මළුවේ මට්‌ටමට යට අවධියකදී කරන ලද දැඩි පිළිස්‌සීමක සාධක අනාවරණය කර ගති. ඊට පෙර මෙම ගර්භයේ නිදහස්‌ සොරුන් විසින් ධාතු ගර්භය සාරා වස්‌තු ලබාගත් බවට සාක්‍ෂි වශයෙන් ශිලාමය ධාතු කරඬු ඒ මේ අත විසුරුවා තිබූ අයුරු එතුමාට හමුවී ඇත. ඉහත කී පිළිස්‌සීම හමුවී ඇත්තේ නිදන් හොරුන් සෑරූ ස්‌ථානයට වඩා ගැඹුරිණි. තවද නිදන් හොරුන් විසින් කරන ලද සෑරීමේදී හෝ එම වළ තුළ කිසිවෙකු විසින් ගිනි තැබුවේ නම් ඉහළින් වූ ගඩොළු පිළිස්‌සීමට ලක්‌ විය යුතු නමුත් එසේ නොවී තිබුණෙන් මෙම ස්‌තූපය ඉදිකොට ඇත්තේ ඉහත කී දැවීම මත බව තීරණය කොට ඇත. පසුව එතුමා විසින් එම ස්‌ථානයෙන් ලබාගත් භෂ්මාව ශේෂ කාලනිර්ණය කිරීම සඳහා මහාචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන ද ප්‍රංශයේ පරමාණු බල අධිකාරිය ද යොදා ගන්නා ලදී. ඔවුන්ගෙන් ලැබුණු දින වකවාණු අනුවා ඒවා දුටුගැමුණු කාලයට අයත් වී ඇත. පසුව මේ පිළිබඳ තීරණයක්‌ ගැනීමට විද්වත් මණ්‌ඩලයකින් සමන්විත දුටුගැමුණු භෂ්මාශේෂ කමිටුව පිහිටුවන ලදී. එහි සාමාජිකයන් පරණවිතාන මහතාගේ මතයට සහමුලින් එකඟ වී ඇති අතර මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක මහතා පමණක්‌ බොහෝ දුරට එකඟ වී හැකි යෑයි සඳහන් කර ඇත.

    දක්‌ඛිණ ස්‌තූපය ස්‌තූපයකට පමණක්‌ සීමා නොවීය. ඒ වටා ආරාමයක්‌ද ඉදි වී එය ලංකා සාසන ඉතිහාසයේ තුන්වැනි නිකාය බවට පත්විය. එනම් සාගලික නිකායයි. අනුරාධපුර සමයේ අවසානය දක්‌වා ක්‍රියාත්මක වූ මෙම විහාරයට හැම පාලකයෙකු මෙන්ම සංවර්ධනයට දායක වී ඇත. උදාහරණ වශයෙන් මළුතිස රජතුමා එහි දානශාලාවක්‌ද කරවා ගමන් පහසුව පිණිස මහාවිහාරයේ සීමා ප්‍රකාරය කඩා පිවිසුමක්‌ කරවාදී ඇත. අනුරාධපුර අවසාන සමයේ එනම් දහවැනි සියවසේදී පස්‌වැනි කාශ්‍යප රජතුමා මෙම විහාරයට උපකාර කිරීම මහාවංසයේ ඊට රාජානුග්‍රහය ලැබෙන බව සඳහන් වන අවසාන අවස්‌ථාව වේ.

    මහසෙන් රජතුමාගේ පියා වූ ගෝඪාභය රජතුමාගේ කාලයේ අභයගිරියට සම්බන්ධ චෛතුල්‍යවාදය පිළිගත් භික්‍ෂූන් 60 නමක්‌ පිටුවහල් කළ අවස්‌ථාවේ අභයගිරියේ සිටි උස්‌සලියාතිස්‌ස නම් භික්‍ෂුවක්‌ සිය 300 ක්‌ පමණ පිරිසත් සමග දකුණු වෙහෙරට ගොස්‌ ඇත. මහසෙන් රාජ්‍ය කාලයේදී එතුමා විසින් ඡේතවන ස්‌තූපය හා විහාරය කරවා පූජාකොට ඇත්තේ මෙම දක්‌න විහාරයේ වැඩසිටි තිස්‌ස නම් ථෙර නමකය. මහාවංසය උන්වහන්සේ හඳුන්වා ඇත්තේ කුහක තිස්‌ස යනුවෙනි. එසේ වුවද ඡේතවන භූමියේ තිබී හමුවී ඇති දැනට කොළඹ කටුගෙයි ඇති කැඩී බිඳී ගිය ලිපියක උන්වහන්සේ හඳුන්වා ඇත්තේ සාගුලි මහහිමියන් නමින් පාළ ව අපිස්‌ සතොස්‌ තිස්‌ මහ තෙරනට පිහිටි දෙනා රජ මහ වෙහෙර යනුවෙන් උන්වහන්සේ අල්පේච්ඡ සන්තුෂ්ඨි ජීවිතයක්‌ ගතකළ සිල්වත් භික්‍ෂුවක වශයෙනි. වංස කථාවෙහි පෝය ගෙය දානශාලා යනාදී සියල්ලෙන් සම්පූර්ණ වූ විහාරයේ සියලුම අංගෝපාංග විනාශ වීමට බලපා ඇත. එකල කැලෑව එළිපෙහෙළි වී තිබුණේ එම ප්‍රදේශයේ පමණක්‌ වූ හෙයින් දක්‌ණ විහාරයේ නටඹුන් මත නිවාස ඉදිකිරීම නිසා එම නටබුන්වල අමුද්‍රව්‍ය මෙකී ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇත. එහෙයින් අද එතැන අඩක්‌ විනාශ වී ගිය ස්‌තූපයක්‌ අක්‌කර තුන හමාරක්‌ පමණ වූ මළුවක්‌ද දක්‌නට ඇතත් විහාරයක්‌ වූ බවට කිසිදු සාධකයක්‌ මතුපිටින් දක්‌නට නොලැබේ. එහෙත් අනාගතයේ මෙකී භූමිය ගවේෂණය කොට කැණීම් කිරීමේදී මහාවිහාරය, අභයගිරිය, ඡේතවනය ආදියේ මෙන් වසර දහසක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වූ මෙම විහාරයේ අංගෝපාංග මතුකර ගත හැකිබව සැකයක්‌ නැත. http://www.divaina.com/2010/01/24/siya09.html

  6. Suranimala says:

    Suranimala :

    (අනුෂි තිසාරා කාරියවසම් )
    http://www.divaina.com/2010/01/24/siya09.html

  7. Hasitha says:

    මේ ගැන ඇති සටහනක්. කියවා බලන්න. අදහස් දක්වන්න.

    http://eatuwawa.blogspot.com/2011/05/dakkina-stupa.html

  8. එය විහිළුවක් නොවේ!…
    දුටු ගැමුණුට මෙන්ම එළාරටද අපි ගරු කරන්නෙමු

  9. අපිට මොකද බං කාගේ උනත් මැරිච්ච උං ගුන හොය හොයා උඹලා මරාගන්නේ නැතිව ඉන්න එකේ ගැන බලහන්…………

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s