දෙවියනි, ඔබ කොහිද ?විනාශ කාලේ විපරීත බුද්ධිහ්

Posted: May 19, 2011 in Uncategorized

රජරට වකුගඩු රෝගය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂණ කණ්‌ඩායමක්‌ ක්‍රියාත්මක වන බව මේ වන විට බොහෝදෙනා දන්නා කරුණකි. මේ කණ්‌ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්යවරු, ආචාර්යවරු මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු ද වෙනත් බටහිර වෛද්‍යවරුද අයත් වෙති.

විශේෂයෙන්ම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වැව් හා ළිං ආශ්‍රිතව කරන ලද පරීක්‍ෂණවල දී ජලයෙහි ආසනික්‌ සාන්ද්‍රතාව සම්මතයෙන් තිබිය හැකි යෑයි කියන සාන්ද්‍රතාවට වඩා ඉතා අධික බව පැහැදිලි විය.

රජරට ජලයේ කිවුල හේතුකොටගෙන අදාළ ලවණ හා ආසනික්‌ සංයෝගයෙන් ඇතිවන ආසනේට්‌ වකුගඩුවල ඉතිරිවීම රෝගයට හේතුව බව අනාවරණය වී ඇත. කිවුල සහිත ජලයේ ආසනික්‌ ඇති බව රසායනික ක්‍රම මගින් දැනගැනීම අසීරු කටයුත්තකි.

වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පවත්වන වෙනත් කණ්‌ඩායම්වලට රජරට ජලයේ ආසනික්‌ ඇති බව දැන ගැනීමට නොහැකි වී ඇත්තේ එබැවින් හෝ වෙනත් කරුණක්‌ නිසා හෝ විය හැකිය. බටහිර විද්‍යාවේ ඊනියා වාස්‌තවික විද්‍යාත්මක ක්‍රමයේ ව්‍යාජය මම හොඳාකාරව දනිමි.

අපේ විද්‍යාවේ නම් අපට සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරු ආධාර කරති. ජලයේ ආසනික්‌ ඇති බව අවසානයේදී පඬියන්ට අනාවරණය කෙරුණේ නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්‌ඩායමේ මගපෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ඇති පරමාණුක අවශෝෂණ ප්‍රේක්‍ෂාවලිමාපකය යොදා ගැනීමෙනි.

ඉන්පසු තවත් පරීක්‍ෂණාගාරයකදී ද ඒ බව හෙළි වී ඇති නමුත් තවමත් අපේ කණ්‌ඩායමට විරුද්ධව වුවත් තැන තැන කියන්නේ තමන් වැනි මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට (උපකරණ මගින්) නොපෙනෙන ආසනික්‌ ආදෘශ්‍යමාන දෙවියන්ට පෙනෙන්නේ කෙසේද යන්නය. ඔවුන් අසන්නේ අප වැන්නන්ට පෙනෙන මහාචාර්යවරුන්ට නොපෙනෙන දේ, අප වැන්නන්ට නොපෙනෙන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්නය.

 එය සරලව මෙසේය. අපට මහාචාර්යවරියන් පෙනේ. මහාචාර්යවරියන්ට ආසනික්‌ නොපෙනේ. අපට දෙවියන් නොපෙනේ. දෙවියන්ට ආසනික්‌ පෙනේ.

එහි එක්‌තරා ආකාරයක සමමිතියක්‌ ඇති බැවින් මම එයට ඇලුම් කරමි. එහෙත් මතු බුදුවන නාථ දෙවියන් අපට කියන්නේ කිසිවක නොඇලෙන ලෙසත් සියල්ල උපේක්‍ෂාවෙන් අත්හරින ලෙසත්ය. නාථ දෙවියන් කෙසේ කීවත් උගත් මහාචාර්යවරියන් සම්බන්ධ සමමිතික කියුම් මම කෙසේ අත්හරිම්ද ?

රජරට ජලයේ පමණක්‌ නොව වකුගඩු රෝගීන්ගේ හිස කෙස්‌ නියපොතු ආදී ජෛවීය කොටස්‌වල ද සහල්වල ද ආසනික්‌ අඩංගු බව අප කණ්‌ඩායමට අනාවරණය වී ඇත. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක්‌ දැයි බටහිර වෛද්‍ය විද්‍යාව නොදැන සිටි කරුණකි.

දෙවියන්ගේ මාර්ගයෙන් ලබාගත් දැනුමෙන් අපි ඒ කුමක්‌දැයි දැන් දනිමු. බටහිර උගත්කමෙන් මත් වී ඇති අය (මත්පැන් පානය කරන්නන්ගෙන් ඇතැම්හු මඳ පමණින් ගත්කල ද මත්වෙති. බටහිර උගත්කමෙන් මත්වීමෙහිදී ඇතැමුන්ට ද එවැන්නක්‌ සිදුවේ) නොදනිතත් අතීතයෙහි ද අපේ විද්‍යාවෙහි දැනුම ලබාගැනීමේ දී අප දෙවියන්ගෙන් ද ආධාර ගෙන ඇත.

ඊශ්‍රායලයන් පිරිසක්‌ අපේ වැව් තාක්‍ෂණය ඉගෙන ගැනීමට ලංකාවට පැමිණ ඇතැයි පසුගියදා වාර්තා විය. ඔවුන්ට එය කළ හැකිදැයි මම නො දනිමි. යුදෙව්වන් ද අතීතයේ දෙවියන්ගෙන් යම් යම් දේ දැනගත් ජනවර්ගයකි. ඒ කෙසේ වෙතත් අප වැව් තාක්‍ෂණය දැනගෙන ඇත්තේ දෙවියන්ගෙන් බව පමණක්‌ දැනට කිව යුතුය.

“විදුසර” පුවත්පතට ලියන අපේ ප්‍රවාද ලිපි පෙළෙහි මම සති කිහිපයක සිට දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරන්නෙමි. අප දෙවියන්ගේ මාර්ගයෙන් දැනගත්තේ වකුගඩු රෝගයට හේතුව පමණක්‌ නොවේ එයට ප්‍රතිකාර ද අපි දැනගත්තෙමු. ඒ ප්‍රතිකාර බටහිර රෝහල්වල අත්හදා බැලීමට ද අපට බලධාරීන්ගෙන් අවසර ලැබී ඇත…………………………

— මහාචාර්ය නලීන් ද සිල්වා

උපුටාගැනීම මල්වංශ වෙබ් අඩවියෙනි

Comments
  1. Herath says:

    Agreed!! විනාශ කාලේ විපරීත (චතුස්කෝටික) බුද්ධිහ්!!!!

  2. ඇටමැස්සා ඇයි මේටික හැංගුවේ?,

    දැන් ප්‍රශ්නය ජලයට ආසනික්‌ එකතුවන්නේ කෙසේද යන්නය. එයට ඇත්තේ එකම එක පිළිතුරකි. ඒ කෘෂි රසායන ද්‍රව්‍ය මාර්ගයෙනි. කෘෂි රසායන ද්‍රව්‍යවල, විශේෂයෙන්ම කෘමිනාශකවල ආසනික්‌ විශාල සාන්ද්‍රනයක්‌ ඇති බවද දැන් අපි දනිමු. ඒ එවැනි ද්‍රව්‍යවල ආසනික්‌ නොතිබිය යුතු බවට බටහිරයන්ගේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන මගින්ද ප්‍රකාශ කෙරී තිබියදීය. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපට ලැබෙන්නේ බටහිර රටවලිනි. ඒ රටවලින් භාණ්‌ඩ පිට රටට යෑවීමේදී ඊනියා ජාත්‍යන්තර නීති බල නොපාන්නේ ද? වස විස පිටරට යවන රටවල් ගැන සොයා බැලීමට බෑන් කී මූන්ට අවසර නැත්ද? අවසර තිබුණත් බටහිර වරද නොපෙනෙන බෑන් කී මූන්ට (බින් ලාඩන් මරා දැමීම ගැන මොහු කුමක්‌ කරන්නේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු. ඇතැම් විට අර මහාචාර්යවරියන්ට මෙන්ම ආසනික්‌ නොපෙනෙනවා විය හැකිය. අනෙක්‌ අතට අප රටට බටහිරෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ භාණ්‌ඩ ආනයනය කිරීමේදී එහි වස විස තිබේදැයි සොයා නොබලන්නේද? කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගැනෙන්නේ රජරට පමණක්‌ නොවේ. එසේ නම් අනෙක්‌ පළාත්වල වකුගඩු රෝගීන් හමුනොවන්නේ ඇයිදැයි පඬියකු අසනු ඇත. ජලයෙහි කිවුල නොමැති පළාත්වල ආසනික්‌ ජලයට මිශ්‍ර වුවත් රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වෙන රෝගය නො වැළඳෙන බවත් එහෙත් ආසනික්‌ ජලයට මිශ්‍ර වීමෙන් දියවැඩියාව වැනි වෙනත් රෝග වැළඳෙන බවත් අපේ පර්යේෂණ කණ්‌ඩායම පෙන්වා දෙයි. කිනම් රෝගයක්‌ වැළඳුණත් කෘෂි රසායනික ද්‍රව්‍යවලට ආසනික්‌ එකතුකිරීම මානව විරෝධී කටයුත්තකි. අප වැනි රටවල ජනතාවට වස විස කැවීම බටහිර ප්‍රතිපත්තිය විය හැකිය. අපට වසදීම බටහිරයන්ට ලාභ කටයුත්තක්‌ ද විය හැකිය. එහෙත් අප ඒ ද්‍රව්‍ය ආනයනය කරන්නේ ඇයි? ජලයේ ආසනික්‌ නැතැයි කියන පර්යේෂණ කණ්‌ඩායම්වලට බටහිර විවිධ සංවිධානවලින් ආධාර ලැබෙන්නේ ඇයි? මේ සියල්ලක්‌ පිළිබඳව ආණ්‌ඩුව වහාම සොයා බලා අවශ්‍ය නිසි පියවර ගත යුතු යෑයි යෝජනා කරමි.

  3. […] View full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය […]

  4. Anonymous says:

    නලින් ද සිල්වා කොයිතරම් ලොකු ගොනෙකුදැයි වැටහෙන්නේ දෙවියන් ගැන කියා ඇති ගොන් කතා නිසා නොවේ. ලංකාවට පොහොර ගෙන්වන්නේද ඇමෙරිකාවෙන්ය මේ මොට්ටයා සිතා සිටින නිසාය. කරත්තයට බැඳ වැඩ ගත යුතු මූ වගේ ගොනෙකු විශ්ව විද්‍යාලයක රඳවා තබා ගැනීමම අපේ ජාතියේ අවාසනාවය.

    • “ලංකාවට පොහොර ගෙන්වන්නේද ඇමෙරිකාවෙන්ය” – මේ ලිපියේ කොතනකවත් එවන් ප්‍රකාශයක් නැත.

      “මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපට ලැබෙන්නේ බටහිර රටවලිනි” – යනුවෙන් නම් ප්‍රකාශයක් ඇත.

      යමක් කියවා නිවැරදිව තේරැම් ගැනීයට ඇති නොහැකියාව බොහෝ දෙනෙකුගේ අවාසනාවකි!

      • gadfly says:

        ප්‍රශ්නය ඇත්තේ කෘෂි රසායනික ගෙන්වන්නේ කොහෙන්ද යන්න නොවේ. කොහෙන් ගෙන්වුවත් ඒවායේ ආසනික් හෝ රසදිය වැනි ද්‍රව්‍ය අධික ලෙස ඇත්නම් එයට වගකිව යුත්තේ කවුද යන්නයි. එවැනි දේ ගෙන්වීමට අවසර දී ඇත්තේ කවුද යන්නයි.
        දෙවැනි කාරණය සිල්වා ඇතුළු කණ්ඩායමේ පරෙක්ෂණය පිළිබඳව මතුව ඇති සැක සහිත තත්වයයි. ඔවුන් මේ පරීක්ෂණය කර ඇත්තේ සිල්වාගේ ම අනසක යටතේ පවතින කැලණිය විශ්ව විද්‍යාලයේ බව පැහැදිලිය. ඒ නිසා සිල්වාගේ චින්තනයට හා ඔහුට දෙවියන් ( හීනෙන්?) කී පරිදි ප්‍රතිපල වෙනස් නොකළේ යයි ඇති සහතිකය කුමක්ද?
        අනිත් අතින් රජරට වකුගඩු රෝගය පිළිබඳව තවමත් නිශ්චිත ථෙඑඑරංඅයකත එළඹ නැති මොහොතක දෙවියන් කී දෙයක් යයි කියමින් මෙවැනි විකාර කතා ජනමාධ්‍ය මගින් පල කල විට එයින් ප්‍රයෝජන ලැබෙන්නේ කාටද යි සොයා බැලිය යුතුය.

        • Anonymous says:

          ඇටමැස්සා කියපු දෙයට යමක් එකතු කරන්න කැමැතියි. රසායනික පොහොර යෙදීම පරිසරය අතින් බැලුවාම වැරදි තමයි. ඒත් රසායනික පොහොර නොයොදා බෝග හැදීම ආර්ථික වශයෙන් කොහෙත්ම පලදායක නෑ. ඉතින් ජීවිතේට කුඹුරකට බැහැලා නැති නලින් ද සිල්වා මැට්ටා වගේ රට්ටු හිනස්සන කතා නොකියා කළ යුත්තේ පරිසරයට අවම හානි වන අයුරින් රසායනික පොහොර යොදා ගත හැකි ආකාර ගැන සොයා බැලීමයි.

          ඇත්තටම මෑතක් වනතුරු රසායනික පොහොර ගැන ලොකු ගැටළුවක් තිබුනේ නැහැ. ගැටළුව ඇති කළේත් මේ ආණ්ඩුවම රසායනික පොහොර වලට අධික ලෙස සහනාධාර දෙන්න පටන් අරගෙන. දැන් හැම ගොවියාම රසායනික පොහොර දානවා මදිවාට ප්‍රමිතියෙන් බාල පොහොර චීනයෙන් තොග පිටින් ආනයනය කරනවා. (නලින් ද සිල්වා මැට්ටාට අනුව නම් චීනය කියන්නෙත් ‘බටහිර ‘ රටක්. අනේ ඒ තමයි මූ දන්න තරම!) ඉතින් ආසනික් නෙවෙයි හැම රෙද්දම ඉහළ යන එක පුදුමයක් නෙවෙයි. ඒකට තනිකර වගකිව යුත්තේ නලින්ද සිල්වා මැට්ටාගේ දෙයියා මහින්ද රාජපක්ෂම තමයි.

  5. Anonymous says:

    අනේ නලියෝ, මට තියෙන ලොකුම දුක උඹ මැරිච්චි දවසක අපිව හිනා ගස්සන්න උඹ වගේ ජෝකරයෙක් කල්පෙකට හොයා ගන්න බැරි වෙන එක. ටෙනිසක් කිඋඒ මොකාද උඹනෙ බං නියම ජෝක් දන්නෙ.

  6. සම්මත ක්‍රම වලින් විසදිය නොහැකි විද්‍යාත්මක ගැටලු අසම්මත ක්‍රම වලින් ඉටුකරගැනීම බටහිර විද්‍යා ඉතිහාසයේ ද සදහන් අවස්ථා අප දැක ඇත.උදාහරණ ලෙස බෙන්සීන් (C6H6) වල රසායනික ව්‍යුහය සොයාගත්තේ රසායන විද්‍යාඥයකු සිහිනයෙන් දුටු දසුනක් අනුව බව කියැවේ.(සර්පයන් 6 දෙනෙක් එකිනෙකාගේ වල්ග සපා ගෙන වෘත්තාකාරව වලල්ලක් ලෙස සිටින දසුනක් ඔහු සිහිනෙන් දුටුවේලු)

    • Anonymous says:

      අනේ ජය ශ්‍රී නලින් ද සිල්වා මැට්ටා මැරිච්චි දවසක උඹ වගේ මැට්ටන් රැළක් වත් අඩුව පුරවපන්.

    • gadfly says:

      බෙන්සීන් සොයාගත් කැකුලේ ගේ සිද්දිය මේ කියන ගොන් නාථ දෙවි කතාවට ගාව ගන්න එපා.

    • ජුලියස් සීසර් says:

      බෙන්සීන් ව්‍යුහය සොයාගැනීමේදී සිදුවූවා යැයි කියන්නේ සිහිනෙන් හෝ යම් ආකාරයකින් දුටු දෙයක් තම ගැටලුව හා ගලපා ගැනීමක් මිස සිහිනෙන් දෙවියන් පැමිණ බෙන්සීන් ව්‍යුහය මෙය යැය් පෙන්වා දීමක් නොවේ…
      ඒ නිසා කරුණාකර එය හා මේ අඳබාල කතාව සමානකරන්න එපා!!!

  7. ජලයේ ආසනික් තිබෙන බව පරමාණුක අවශෝෂණ ප්‍රේක්‍ෂාවලිමාපකය යොදා ගැනීමෙන් සොයාගත් බවක් තමයි මේ ලිපියේ තියෙන්නේ.ඒ සදහා දෙවියන් මග පෙන්නුවා ලු.විශ්වාස කරන්න අපහසු ම සමහර දේවල් සමහර විට සත්‍යය වෙන්න පුලුවන්.පසිදුරන්ට ගෝචර නොවන කොපමණ දේවල් ලොව තිබෙනවාද?

    • gadfly says:

      මග පෙන්නුවා කියන්නේ , ඔය කියන මැසිම තියෙන තැනට යන්නද මග පෙන්නුවේ?

      • Anonymous says:

        දෙවියන් පැත්තකින් තියමුකෝ. මෙහෙම හිතමු. දැන් ඔය ආසනික් සහිත වතුර තියෙන ළිඳ ගාවට යන්න කවුරු හරි ගොවි මහත්තයෙක් නලින් ද සිල්වාගේ “පර්යේෂක කණ්ඩායමට” මඟ පෙන්නුවා වෙන්න පුළුවන්. එයාගේ නම සිරිසේන කියමුකෝ. මේ සිරිසේන මහත්තයාම වෙන කණ්ඩායමකට මඟ නොපෙන්වීම නිසා ඔවුන්ට මේ ආසනික් කතාව හොයා ගන්න බැරිවුණා විය හැකියි.

        නමුත් පර්යේෂණ පත්‍රිකා වලට ඔය තොරතුරු අදාළ නෑ. සිරිසේන අපට ළිඳට මඟ පෙන්නුවා. බන්දුසේන මයියොක්කා තම්බලා දුන්නා. අනුලා බත් බෙදුවා. නාථ දෙයියො තව මොකක් හරි කළා. කතගරම දෙයියො වාහනේ නොකැඩි එක්ක ගෙන ගියා. මේ වගේ විප්‍රකාර ලියන්න පුළුවන් නලියා වගේම ගොන්සන්ලාට විතරයි. අර කවුද කිවා වගේ මූට බනින්න කාලෙ නාස්ති කරන එකත් මෝඩකමක්. මොකද මුගේ ලජ්ජාව දැනෙන ස්නායු මැරිල හුඟාක් කල්.

        මැටි නලියාගෙ පර්යේෂන නම් සුබසෙත පත්තරේට තමයි වැඩිය හොඳ.

      • nemo says:

        හා හා හා 🙂

        Gad fly ++++

  8. tom and jerry says:

    මට හිතෙන්නෙ මෙහෙම දෙයක්. ආණ්ඩුවට දැන් පොහොර සහනාධාරය කරදරයක්. සහන්නධාරය නවත්තන්න විදිහක් හොයමින් ඉන්න වෙලාවක් මේ. නලියා කරන්න හදන්නෙ මහින්ගෙ පිට කසන එකයි.

    • Naliya's grandmother says:

      වෙන්න පුළුවන්. නලිය ප්ලෑන් කරමින් ඉන්නෙ ලබන අවුරුද්දට සේවා දිගුවක් ලබා ගන්න. දැනටත් මූට සාමාන්‍ය කාලය ඉක්මවලා සේවා දිගුවක් දීල තියෙන්නෙ. ඔය ලිපියෙම අන්තිම කොටසෙ මූ කඩේ යන හැටි බලන කොට ගේම පැහැදිළියි.

  9. මිනිහා says:

    පසිදුරන්ට ගෝචර නොවන කොපමණ දේවල් ලොව තිබෙනවාද?

    මිනිස් ඉන්ද්‍රියයන්ට ඍජුව හෝ වක්‍රව ගෝචර නොවන කිසිම දෙයක් ලොව නැත. (උදාහරණයක් හැටියට චුම්බක ක්ෂේත්‍රය මිනිස් ඇසට නොපෙණුනත් යම් යන්ත්‍රයක ආධාරයෙන් එය ඕනෑම කෙනෙකුට දර්ශනය කර ගත හැක.) මිනිස් ඉන්ද්‍රියයන්ට මෙසේ ඍජුව හෝ වක්‍රව ගෝචර නොවන දෙයක් ලොව තිබුණද, ඒවා කිසිවකුට ගෝචර නොවන නිසා එවැන්නක් තිබෙන බව වත් අපට දැන ගත නොහැකිය.

    • නෑ මිත්‍රයා, අපි කවුරුත් දන්නවා මිනිසාගේ ශ්‍රවණ පරාසය 20Hz – 20,000Hz අතර කියල.ඒවගේම ද්‍රශ්‍ය පරාසය රතු සිට දම් දක්වා වර්ණපරාසයට සීමා වෙනව කියල.අනෙක් සංවේදනත් එහෙම තමයි.

      • මිනිහා says:

        ඒකනෙ උඩින් සිංහලෙන් කියල තියෙන්නෙ වක්‍රව කියලා. ශ්‍රවන පරාසය මොකක් වුණත් ඊට පිටින් ඇති තරංග හඳුනාගන්නත් ඒවා මනින්නත් මිනිසාට බාධාවක් නෑනෙ. ඇහෙන්නම ඕනැ නැහ තරංග තියෙනවය කියල දැන ගන්න. (මීට පස්සෙ ඔය වගේ මෝඩ කතා ලියන්න කලින් දෙසැරයක් හිතන්න මොකද්ද ලියන්නෙ කියලා.)

        • “මිනිස් ඉන්ද්‍රියයන්ට මෙසේ ඍජුව හෝ වක්‍රව ගෝචර නොවන දෙයක් ලොව තිබුණද, ඒවා කිසිවකුට ගෝචර නොවන නිසා එවැන්නක් තිබෙන බව වත් අපට දැන ගත නොහැකිය”

          එහෙත් එලෙස පොදුවේ මිනිසාට නොදැනෙන දේ අහම්බෙන් දැනුණ අවස්ථා ලෝක ඉතිහාසයේ තියෙනවා.එඩ්ගාර් කේසි වගේ අය ගැන කියවන්න.

          • මිනිහා says:

            එකම ඉන්ද්‍රිය සෙට් එක තියාගෙන අනුන්ට නොදැනෙන දෙයක් තමන්ට දැනෙනව කියනව නම් එක්කෝ ඒකා මානසික රෝගියෙක් නැතිනම් තක්කඩියෙක්. ඒවගේ එවුන්ව විශ්වාස කරන එකා ගොනෙක්.

            • 99wadura says:

              එතකොට තමන් බුධු උනා කිව්ව කතාව???????
              ඒවා විස්වාස කරන අපි ගොන්නුද හැබැටම ???

          • මිනිහා says:

            එඩ්ගාර් කේසි කියන පුද්ගලයා ඔප්පු කරන එකම දෙය නලින් ද සිල්වා වැනි පිස්සන් ඉන්නේ ලංකාවේ විතරක් නොවෙන බව පමණයි.

  10. Anonymous says:

    @ජය ශ්‍ර

    ඵතකොට ඵඩ්ස් වලට,පිලිකාවලට වගේ මරාන්තික ලෙඩවලට බෙහෙත් හොයාගන්න දෙයියො මගපෙන්නන්නෑද්ද?
    දෙයියොත් මගපෙන්නන්නේ කන්චි සොයාගෑනීම්වලට විතරයි වගේ.
    අනික ලෝක ඉතිහසයේ මිලියනගනන් සොයාගෑනීම් වලින් ඵකක දෙකක් කනාවට සෙට් උනාම උබලා හිතනව ඵ් දෙයියො කියලා.
    නික ලෝකෙ කොච්චර වෑදගත් සොයගෑනීම් පරීක්ශන අතරමෑද හිරවෙලා තියනවද?ඈයි මචන් දෙයියො ඵව දිහා ඈහෑක්වත් ඈරලා බලන්නෑත්තෙ???

    නලින් දෙයියන්ගේ කේස් වලට විතරද ලොකු දෙයියො අතදාන්නෙ?????

  11. Anonymous says:

    නලියට හනිමූන් එකේදිත් මඟ පෙන්නුවෙ නාථ දෙයියොද දන්නෙ නෑ. ඇයි ඉතින් පර්යේෂණ වලදි මඟ පෙන්නන දෙවියො ඒ වගේ වැඩ වලදිත් අත අරින එකක් නෑ නෙවැ.

    “එම්බල නරය තගේ අහවල් එක කෙළින් කරගෙන මේ නර ස්ත්‍රියගේ අහවල් තැනට ඇතුළු කරනු!”

    මාරයිනෙ!

  12. ```Outsider``` says:

    බටහිර උගත්කමින් මත්වීම මෙන්ම බටහිර විරෝධී බවින් ජනප්‍රිය වෙන්න කැස කැවීමත් මත් වීමක් බව මේ මහදුරාට කවදා තේරෙයිද කිව නොහැකියි. එසේම තමන් මත් බවින් සිටින බවවත් නොදන්නා බේබද්දෙකුගේ සය වැනි ඉන්ද්‍රියයට රහස් ලබාදෙන්නේනම් ‍ඒ දෙවියෙක් විය නොහැකිය. මොකද දෙවියන් ලෙස අපි හඟින්නේ පාරිශුද්ධ බවයි. එබැවින් නලියාට බැල්ම හෙලන්නේ නාථ දෙවියන් නොවන බවත් බඩගින්නේ හාමත් වූ මළ පෙරේතයෙකු බවත් ඊයේ රෑ හීනෙන් නාථ දෙවියන් පෙනී සිටිමින් මගේ යාඵවෙකුට කියා තිබුණා.

    • මිනිහා says:

      ඒකත් ඇත්ත තමයි, දැන් වෙනමම පර්යේෂනයක් කරන්න වෙනවා ඒ මඟ පෙන්නුවෙ නාථ දෙයියන්මද දැන ගන්න. මළ පෙරේතයෙක් විතරක් නෙවෙයි සාතන් (යක්ෂයා) හරි, මිථ්‍යාදෘෂ්ටික හින්දු දෙවියෙක් හරි මඟ පෙන්නුවද කියල දන්නෙ නෑනෙ මේ මෝඩයා අමාරුවෙ දාන්න.

  13. සියල්ලන්ටම,
    උක්ත පරීක්ෂණය සම්බන්ධයෙන් මම (ජනමාධ්‍ය වලින් තොරතුරු ලබාගත්) 3වන පාර්ශවයේ නිරීක්ශකයෙක් පමණයි.මේ ලිපියට අදහස් දැක්වීමෙන් මට අවශ්‍ය වුණේ (පාලුගෙයි වලං බිදීමට ඉඩනොදී) සෑම දෙයකම දෙපැත්තක් ඇතිබව පෙන්වා දීමට පමණයි.දෙවියන් නලීන් මහතාට කිව්වේ මොනවද? වෙනත් පර්යේෂකයන්ට එහෙම කියන්නේ නැද්ද? වගේ ප්‍රශ්න වලට පිළිතුරු මම දන්නේ නෑ.කෙසේ වුව ද මම තවදුරටත් අවධාරණය කරන්නේ අප අසන දකින ඕනෑම දෙයක් එකවරම පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රඥාගෝචර නොවන බවයි.

    උදාහරණයක් ලෙස අධික රසායනික පොහොර භාවිතය පරිසර විනාශයට හේතුවක් කියන එක, නලීන් මහත්මයාගේ දේශපාලනයට විරුද්ධ වූ පමණින් ප්‍රතික්ෂේප කිරීම සාධාරණ නෑ.

  14. Anonymous says:

    ජ්ය ශ්‍රී මචන් දෙයකට විරුද්දවෙන්න ඔනෙ පලියට විරුද්ද්වෙන්න ඵපා,
    ඵ දේ හරිද වෑරදිද කියලා හොයල බලා විරුද්ද වෙයන්.ඈට මෑස්සා නලින් ව විවෙචනය කරලා ලිව්වනිසා,ඈට මෑස්සා ලිව්ව දේ හරි නලින් කියපුදේ හරි විචාරය කරන්නෑතුව,
    නලින් කියපු දේ ඈත්තක් ඈති…….ඵ්ත් මමත් දන්නෑ ආදී වශයෙන්………
    විරුද්දත්වයේ තේරුමක් නෑ නේද?

  15. samarasekara says:

    නලින් සිල්වා මා දන්නා තරමින් දරුනු සිංහල ජාතිවදියෙකි.පසු ගිය කාල සීමාව තුල ඔහුගේ චින්තනය අඩංගු ලිපි පුවත් පත් වල පලවී තිබෙනු මා දැක ඇත.මේ අතරින් බටහිර ඇත්තේ යුදෙව් දේව වාදයය, ආදි මේ රට සාමාන්‍ය ජනතාවට නොතේරෙන අපූර්ව චින්තනයක් සමඟ මේ රටේ ජාතිවාදයත් ආගම් වාදයත් පටලවන කාටවත් නොතේරෙන අප්‍රභංශ මේවායේ තිබෙනු මා දැක ඇත.
    කෙසේ වෙතත් ඇට මැස්සා විසින් නලින් සිල්වාගෙ ලිපියකින් නමින් උපුටා දැක්වීම අනුව මා තේරුම් ගත් එක් කරුනක් මෙහිදී සඳහන් කරමි.
    “යුදෙව්වන් අතීතයේ දෙවියන්ගෙන් යම් යම් දේ දැන ගත් ජන වර්ගයකි,…අප දෙවියන්ගෙ මාර්ගයෙන් දැන ගත්තේ වකුගඩු රෝගයට හේතුව පමනක් නොවේ…එයට ප්‍රතිකාරද අපි දැන ගත්තෙමු…ඒ ප්‍රතිකාර බටහිර රෝහල්වල අත්හදා බැලීමටද බලධාරින්ගේ අවසරය අපට ලැබී තිබේ…”
    තමන්ගේ අප්‍රභංශ ජාතිවාදි හා ආගම්වාදි නරුම චින්තනය මෙතෙක් වපුරමින් සිටි නලින් ද සිල්වා හිටි හැටියේම අංශක 360 ක පිම්මක් ආපස්සට ගසා ඇති බවය මා තේරුම ගත් කරුන!
    රජරට වකුගඩු හා ආසනික් ප්‍රශ්නය ගැන විද්‍යාත්මක පදනමක් මත ඇට මැස්ස විසින් යෝජනා කල පරිදි පරීක්ෂන පැවැත්විය යුතුව ඇත.මෙවැනි පරීක්ෂනයක් පවත්වන ආකාරය හයවන පංතියේ දරුවන්ට පාසැලේදී උගන්වනු ලැබේ.
    ඇට මැස්සා විසින් සඳහන් කල පරිදි මෙරට ආනයන කරන කෘෂි රසායන මෙම තත්වයට බලපාන බවට සැක මතුවී ඇත. එහෙත් මෙරට ප්‍රධානම මාධ්‍ය වන රූපවාහිනි චැනල මඟින් කෘෂි රසායන ද්‍රව්‍ය ගැන අති විශාල ප්‍රචාරයක් ලබා දෙනු ලැබේ.
    මට මෙහිදී මතක් වූයේ මා මුහුන දුන් අත්දැකීමකි. ‘නෙස්ටොමෝල්ට්’ ගැන රූපවාහිනී හා වෙනත් මාධ්‍ය මඟින් කෙරෙන් දැවැන්ත ප්‍රචාරය නිසා මමද පසු ගිය කාලයේ නෙස්ටොමෝල්ට් බීමට පුරුදු වීමි! එහි ප්‍රතිඵලය වූයේ රුධිරයේ සීනි මට්ටම වේගයකින් ඉහල යාමයි.රුධිරයේ සීනි මට්ටම වැඩි වූවොත් ඊලඟට සිදුවන දෙය කවුරුත් දනී. තව ටිකෙන් මා නතර වන්නේ කනත්තේය!.අපේ ටී.වී. කාරයන් ජනතාව කනත්තට දැක්කීමට සම්මාදම් වන්නේ මන්ද?

    • තරහගන්නේ නැත්තම් පොඩි කරුණක් මතක් කරල දෙන්නද? ඔබ ඉන්න තැන ඉදල අංශක 360 ක් කැරකිල නතර උනහම ආපහු ඉන්නේ පටන්ගත්තු තැනමයි.
      “අපේ ටී.වී. කාරයන් ජනතාව කනත්තට දැක්කීම” කියන කතාවට සම්පූර්ණයෙන් එකගයි.

  16. samarasekara says:

    නලින් සිල්වා මා දන්නා තරමින් දරුනු සිංහල ජාතිවදියෙකි.පසු ගිය කාල සීමාව තුල ඔහුගේ චින්තනය අඩංගු ලිපි පුවත් පත් වල පලවී තිබෙනු මා දැක ඇත.මේ අතරින් බටහිර ඇත්තේ යුදෙව් දේව වාදයය, ආදි මේ රට සාමාන්‍ය ජනතාවට නොතේරෙන අපූර්ව චින්තනයක් සමඟ මේ රටේ ජාතිවාදයත් ආගම් වාදයත් පටලවන කාටවත් නොතේරෙන අප්‍රභංශ මේවායේ තිබෙනු මා දැක ඇත.
    කෙසේ වෙතත් ඇට මැස්සා විසින් නලින් සිල්වාගෙ ලිපියකින් නමින් උපුටා දැක්වීම අනුව මා තේරුම් ගත් එක් කරුනක් මෙහිදී සඳහන් කරමි.
    “යුදෙව්වන් අතීතයේ දෙවියන්ගෙන් යම් යම් දේ දැන ගත් ජන වර්ගයකි,…අප දෙවියන්ගෙ මාර්ගයෙන් දැන ගත්තේ වකුගඩු රෝගයට හේතුව පමනක් නොවේ…එයට ප්‍රතිකාරද අපි දැන ගත්තෙමු…ඒ ප්‍රතිකාර බටහිර රෝහල්වල අත්හදා බැලීමටද බලධාරින්ගේ අවසරය අපට ලැබී තිබේ…”
    තමන්ගේ අප්‍රභංශ ජාතිවාදි හා ආගම්වාදි නරුම චින්තනය මෙතෙක් වපුරමින් සිටි නලින් ද සිල්වා හිටි හැටියේම අංශක 360 ක පිම්මක් ආපස්සට ගසා ඇති බවය මා තේරුම ගත් කරුන!
    රජරට වකුගඩු හා ආසනික් ප්‍රශ්නය ගැන විද්‍යාත්මක පදනමක් මත ඇට මැස්ස විසින් යෝජනා කල පරිදි පරීක්ෂන පැවැත්විය යුතුව ඇත.මෙවැනි පරීක්ෂනයක් පවත්වන ආකාරය හයවන පංතියේ දරුවන්ට පාසැලේදී උගන්වනු ලැබේ.
    ඇට මැස්සා විසින් සඳහන් කල පරිදි මෙරට ආනයන කරන කෘෂි රසායන මෙම තත්වයට බලපාන බවට සැක මතුවී ඇත. එහෙත් මෙරට ප්‍රධානම මාධ්‍ය වන රූපවාහිනි චැනල මඟින් කෘෂි රසායන ද්‍රව්‍ය ගැන අති විශාල ප්‍රචාරයක් ලබා දෙනු ලැබේ.
    මට මෙහිදී මතක් වූයේ මා මුහුන දුන් අත්දැකීමකි. ‘නෙස්ටොමෝල්ට්’ ගැන රූපවාහිනී හා වෙනත් මාධ්‍ය මඟින් කෙරෙන් දැවැන්ත ප්‍රචාරය නිසා මමද පසු ගිය කාලයේ නෙස්ටොමෝල්ට් බීමට පුරුදු වීමි! එහි ප්‍රතිඵලය වූයේ රුධිරයේ සීනි මට්ටම වේගයකින් ඉහල යාමයි.රුධිරයේ සීනි මට්ටම වැඩි වූවොත් ඊලඟට සිදුවන දෙය කවුරුත් දනී. තව ටිකෙන් මා නතර වන්නේ කනත්තේය!.අපේ ටී.වී. කාරයන් ජනතාව කනත්තට දැක්කීමට සම්මාදම් වන්නේ මන්ද?

  17. Anonymous says:

    රජරට වකගඩු රෝගයේ මුල රසායනික පොහොර බව නලින් ද සිල්වා “නාථ දෙවියන්ගේ උදව්වෙන්” හොයා ගන්නට බොහෝ කාලයකට පෙර විද්වතුන් ඒ ගැන දැන සිටියා. මේ 2009 සැප්තැම්බර් මාසයේ Taboo Subjects තැබූ සටහනක්. (නලින් ද සිල්වලාට දැන් හිතෙන හිතෙන විදියට ගොන් කතා කියන්න ලැබිලා තියෙන්නේ දැන් ඒ වගේ විචාරයක් නැති නිසා)

    කොළඹ කේන්ද්‍රාපසාරී මනසකට ආගන්තුක විය හැකිමුත්, අද්‍යතන ලංකාවේ දරුණුතම සෞඛ්‍ය ප්‍රශ්නයක් වන්නේ ‘රජරට’ වකුගඩු රෝගයයි. මෙය ‘රජරට’ ලෙස නම් ලබන්නේ එහි ව්‍යාප්තිය වැඩිම වන්නේ උතුරුමැද පළාතේ නිසාය. (කෙසේවෙතත් දැන් එය යාබද ඌව හා නැඟෙනහිර පළාත් වලද ශීඝ්‍රලෙස පැතිර යාමේ අවදානමක් පවතී.)

    2002දී මුල් වරට නිරීක්ෂණය කරන ලද මේ රෝගයට හේතුව ඉන්පසු වසර ගණනාවක් යනතුරුම රහසක් විය. තමන් වෛද්‍යවරයකු යැයි කියාගන්නා චන්න සුදත් ජයසුමන මේ කොටින්ගේ ජීව-ත්‍රස්තවාදී ක්‍රියාවකැයි ඊට ‘සිංහල-බෞද්ධ’ අර්ථ කථනයක් සපයමින් ‘අපේ ප්‍රවාදයක්’ ගොඩ නඟන්නේ මේ පරිසරය තුළය. (‘අපේ ප්‍රවාද’ ගොඩ නඟන නලින් ද සිල්වා සිරිමතුන්ගේ වර්ගවාදී බාල ගෝලයින්ගේ ක්‍රමවේදයන්හි බංකොළොත් භාවය වෙනම සාකච්ඡා කළ යුත්තකි. ඉතා සරල නිරීක්ෂණ මත ගොඩ නැඟෙන මේ හිතළු වලට අඩු තරමින් දූෂ්‍ය වාතය මඟින් මැලේරියාව හටගන්නේ යැයි සිතූ පැරැන්නන්ගේ මිත්‍යාවන්හි දක්නා ලැබෙන අල්ප විද්‍යාත්මක ස්වරූපය වත් දක්නා නොලැබේ.)

    මේ වනවිට දහසකට අධික සංඛ්‍යාවකට මරු කැඳවා ඇති වකුගඩු රෝගයේ සැබෑ මුල් ඊයේ පෙරඹර සටහනකින් හෙළිකෙරේ.

    [උපුටනය] මේ සම්බන්ධව විවිධ මත අදහස් ප‍්‍රකාශ වුවද වකුගඩු රෝගය වැළදීම කෙරෙහි ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මූලික වන බව මේ වනවිට තහවුරු වී ඇතැයි මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

    ‘‘වියළි කලාපයේ ගොවීන් වැඩි වශයෙන් සිය ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නෙ පොස්පේට් අඩංගු ටී එස් පී පොහොර. මේ පොහොර ඉතා අඩු මිලට විදේශ රටවලින් මෙරටට ගෙන්වන්නෙ. මේ පොහොර නියමිත ප‍්‍රමිතියකට නිපදවූ ඒවා නොවෙයි. එ නිසා එවායේ බැර ලෝහ ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා. බොහොමයක් බැර ලෝහ මිනිස් සිරුරට අහිතකරයි. ටී එස් පී පොහොර වල කැඩ්මියම් ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා’’ යැයි මහාචාර්ය බණ්ඩාර පැවසුවේය .

    ටී එස් පී පොහොර භාවිතය හේතුවෙන් වගා බිම් වලට විශාල වශයෙන් කැඩ්මියම් රසායනය එකතු වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වනුයේ එම වගා බිම් වල කැඩ්මියම් අඩංගු ජලය වාරි මාර්ග හරහා වැව් වලට එකතු වීමයි. වියළි කලාපයේ වර්ෂාපතනය අඩු බැවින් නැවත නැවතත් වාරි ජලය ගොවිතැන් කටයුතු යෙදීමට සිදුවේ. විශේෂයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ එකිනෙකට සම්බන්ධ වන කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති බැවින් මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ. [නුපුටනය]

    කොළඹ සීත කාමරයන්හි සිට ගම ගැන තීරණ ගන්නා ප්‍රතිපත්ති සම්පාදකයින්ට නම් දැන් ප්‍රශ්නයට ඉතා සරල විසඳුමක් ලැබී ඇත්තේය. හේතුව මිළ අඩු රසායනික පොහොර නම් විසඳුම එය යෙදීම නතර කිරීමය. මේ කෙතෙක් ප්‍රායෝගික විසඳුමක්ද?

    මේ උභතකෝටිකය වටහා ගැනීමට නම් රජරට ගොවීන්ගේ ජීවන රටාව අවබෝධකර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

    අකිර කුරසෝවාගේ Seven Samurai සිතුවම්පටයට පාදක වන වැඩවසම් ජපන් ගොවීන් හෝ මෙභූබ් ඛාන්ගේ Mother India සිතුවම්පටයට පාදක වන භාරත ගොවීන් තරමටම නොවෙතුදු අපට බත සපයනවායැයි කියන රජරට ගොවියාද ගෙවන්නේ අන්ත අසරණ ජීවිතයකි. ඔවුන් කිසිවෙකුට ස්ථිර මාසික ආදායම් නොවේ. ආදායම සේම එය අතට ලැබීමේ සංඛ්‍යාතයද අක්‍රමානුකූලය. මූල්‍ය කළමණාකරණය භායනක සිහිනයකි. අඩුතරමින් ආදායමින් අඩක් ණය පොළී සඳහා වෙන් වෙයි. රක්ෂණයක් කියා දෙයක් නැත. නියඟය නොසිතූ මොහොතක බැට දෙයි. (ආචාර්ය එම්.ඒ.යූ. තෙන්නකෝන්ගේ ‘නියඟය හා ගොවියා’ බලන්න.)

    වී ගොවීන්ට නම් අතට මුදල් ලැබෙන්නේ කන්නයක අස්වනු නෙළන සමයටය. මේ ඔවුන් නිවසට කැසට් රෙකෝඩර්, ඇඹෙනියන්ට රත්තරන් බඩු, දරුවන්ට බයිසිකල් යනාදී මෙකී නොකී වෛවාරන්න ආම්පන්න මිළදී ගන්නා කාලයයි. ඉන්පසු එළඹෙන මාස කිහිපය තුළ ආර්ථික තත්වය ක්‍රමයෙන් අයහපත් අතට හැරෙද්දී මෙසේ මිළදී ගත් සියල්ල එක්කෝ කුණු කොල්ලයට විකිණීමට හෝ උකස් කිරීමට ඔවුන්ට සිදුවේ. ඉන්පසු ණය වීම ඇරැඹේ. ඊළඟ අස්වැන්න විකුණන්නේද ඉන් කොටසකින් ණය පොළී ගෙවීම බලාගෙනය. මේ අධම චක්‍රය හැමදා සිදුවේ. ඉන් එළියට ඒමක් නැත.

    ආර්ථික ක්‍රමය නිදහස්ව ගොඩ නැඟෙන්නට දුන්නේ නම්, තම ව්‍යායාමයේ නිරර්ථකභාවය වටහා ගන්නා ගොවීන් ඵලදායිකත්වය ඉහළ නංවා ගැනීමට යොමුවීම තුළින් අද පවතින ‘එදාවේල ගොවිතැන’ (subsistence agriculture) වාණිජමය ගොවිතැනකට (commercial agriculture) හැරෙන්නට ඉඩ තිබුණේය. වෙනත් රටවල සිදුවූයේ එයයි. නමුත් ලංකාවේ අදූරදර්ශී දේශපාලනය විසින් වගා ණය පහසුකම්, පොහොර සහනාධාර, අවම මිළ ගණන් වැනි සීනිබෝල දීම තුළින් තවදුරටත් ගොවීන් මේ මර උගුලෙහිම සිරකර තැබීම සිදුවේ. මේ සහනාධාර සැපැයීම් කිසිසේත් ගොවීන්ගේ ගැටළුවටල දීර්ඝකාලීන විසඳුම් නොවේ. එසේම ඒවා නිසා ගොවිතැන ආර්ථික වශයෙන් ඵලදායක කර්මාන්තයක් වීම නතර වී, ගොවීන් තම පුරුදු එදාවේල ගොවිතැනටම සීමා වීම වේ. ‘අපේ ගම’ වැනි හානිකර වැඩ සටහන් ගොවියා දැවැන්තයකු කොට මවාපා රෝමෑන්තීකරණය කිරීම තුළින් ගොවීන් තුළ ඊට ගැළපෙන මානසික යටිතලයද සකසනු ලබයි.

    මේ දීර්ඝ අටුවාව ‘පොහොර’ මේ දිළිඳු ගොවියාගේ වගා චක්‍රයෙහි රඟපාන ප්‍රමුඛ භූමිකාව පැහැදිළි කිරීමට පසුබිම සකසනු සඳහාය.

    පොහොර සඳහා කෙරෙන වියදම එදාවේළ ගොවියකු සමස්ත වගා චක්‍රය තුළ දැවැන්තම ආයෝජනයයි. වෙනත් ආයෝජනයන් කඩින් කඩ කළ හැකි වුවද පොහොර එසේ නොවේ. නියමාවස්ථාවේදී නියමාකාරයෙන් යෙදිය යුතුය. එසේ නොකරන්නේ නම් අස්වනු බාල වී ගොවියා ඒ විකුණාගත නොහී තවත් අසරණ තත්ත්වයට පත්වේ. කෘෂිකාර්මික වශයෙන් කෙසේ වෙතත් ආර්ථික වශයෙන් පොහොර භාවිතා නොකිරීම සිය දිවි නසා ගැනීමකට සමානය. එහෙත් දරිද්‍රතාවයේ පතුළේම එරී ඉන්නා ගොවියාට ඒ දරාගත නොහෙන ආයෝජනයකි.

    මෙ නිසා දේශපාලන ලෝකයේ පොහොර සහනාධාරය ආකර්ෂණීය ඇමක් වේ. 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය රුපියල් 550කට කිලෝ 50ක රසායනික පොහොර ලබාදීමේ සහනාධාර ඇමක් දුන්නේය. ඉන් දින කිහිපයකට පසුව මහරජතුමාගේ චින්තනයට පැණසර වූයේ එම කිලෝ පනහම රුපියල් 350කට අඩු විය යුතු බවයි. ආර්ථික වශයෙන් තර්කාණුකූල තීරණයක් ගත් රජරට ගොවියෝ රුපියල් දෙසීයක දේශප්‍රේමී වාසිය තෝරාගෙන රුපියල් 350ක් ගෙවා පොහොර උරයක්ද වකුගඩු රෝගයද ගෙදර ගෙනාවෝය. (මින් අදහස් කරන්නේ වකුගඩු රෝගය මහින්ද චින්තනයෙහි සුපසන් නිර්මාණයක් බව නොවේ. එහෙත් මහින්ද චින්තනය එහි ව්‍යාප්තිය කෙරෙහි බලපා ඇති ආකාරය පැහැදිළිය.)

    වකුගඩු රෝග අවදානම නිසා ප්‍රමිතියෙන් ඉහළ එහෙත් මිළ වැඩි පොහොර භාවිතා කරන ලෙස එදාවේළ ගොවීන්ට කෙරෙන බලපෑම මේ සංදර්භය තුළ සාර්ථක විය හැකිද? දැනටමත් ගොවීන් පොහොර සඳහා යැපෙන්නේ රජයෙන් නම් ප්‍රමිතියෙන් ඉහළ පොහොර සඳහා දැරිය යුතු අමතර මිළ ඔවුන් විසින් දරණු ලැබේ යැයි සිතීම අතාර්කිකය. රජයට කෙටිකාලීනව වඩා වාසිදායක වන්නේ කැඩ්මියම් ඇතුවා හෝ නැතුවා මිළ අවම පොහොරක් ගොවීන් මත පැටවීමය. පරිසරය විනාශ නොකළ යුතු යැයි රජය කියන්නේ අපටය. මිනීමැරීමේ සේම පරිසරය විනාශ කිරීමේද ඒකාධිකාරය රජය පවත්වා ගැනීම හිටපු මධ්‍යම පරිසර අධිකාරියේ මහතැන වූ උදය ගම්මන්පිළ වුව අනුමත කරනු ඇතැයි සිතිය හැකිය.

    වකුගඩු, පොහොර හා ගොවියා පිළිබඳ මේ ප්‍රශ්නය එළුවා, කොටියා හා තම්පලා මිටිය පිළිබඳ ප්‍රශ්නයට වඩා බෙහෙවින් සංකීර්ණ වන්නේ එනිසාය. වකුගඩු ආරක්ෂා කිරීමට ගියොත් ගොවියා පරදී. වකුගඩුද ගොවියාද ආරක්ෂා කරගැනීමට ගියොත් පාරිභෝගිකයා පරදී. අනෙක් අතට මේ සියළු දෙනා ආරක්ෂාකර කර ගැනීමට ගියොත් ආර්ථිකය බරක් වී මහරජතෝත්තමයානන් වහන්සේ මැතිවරණයෙන් පරදී. (වෙන මොනවා වුවත් උන්වහන්සේ ඊට නම් ඉඩ දෙතැයි සිතිය නොහැකිය.)

    වකුගඩු රෝගයෙන් රජරට ගොවියා ආරක්ෂා කරදීම උදෙසා අපට මහෞෂධ පණ්ඩිතයකු අවශ්‍ය වන්නේ එනිසාය.

  18. eBuwa says:

    නලීන්ගේ ලිපිය කොහෙද කියල තාම හොයනවා. එකෙක් වත් වැඩ කරන ලින්ක් එකක් නොදෙන්නේ මොකද?

  19. eBuwa says:

    දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න – රජරට වතුරේ ඇත්තටම ආසනික් තියෙන බව හොයා ගත්තොත් මොකද වෙන්නේ?

    • gadfly says:

      then you have to find the source and authgorities should give a solution for that

    • dBuwa says:

      eBuwa,

      රසායනික පොහොර නිසා ආසනික් ජලයට එක් වේය කියා උපකල්පනය කළොත් රජරට ජලයේ යම් ආසනික් ප්‍රමාණයක් ඇති බවට කිසිම සැකයක් නෑ. නමුත් එපමණක් දත්ත වලින් කිසිම ප්‍රයෝජනයක් නෑ.

      1. මේ රෝගය පැතිර ඇති ප්‍රදේශ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3ක්ය කියා උපකල්පනය කළොත් මේ හැම තැනෙකම එක විදියට ජලයේ ආසනික් තියෙනවාද?

      2. ජලයේ ඇති ආසනික් ප්‍රමණාය සමස්තයක් ලෙස (එක තැනෙක දෙතැනක නෙවෙයි.) අන්තරාකාරී ප්‍රමාණයට වඩා වැඩිද?

      3. වකගුඩු රෝගයට මුල ආසනික්මද? (මෙය ඔප්පු කරන්න නම් ආසනික් වැඩියෙන් දක්නා ලැබෙන ප්‍රදේශ වලින් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබිය යුතුයි.)

      4. ඒ ආසනික් ජලාට එක් වන්නේ පොහොරින්ම බව කිව හැකිද? (නැතිනම් ස්වභාවයේම තිබුණා නොවිය හැකිද?)

      මේ ප්‍රශ්න වලට පිළිතුරු දන්නේ නැත්නම් නලින් ද සිල්වා ආසනික් හොයා ගත්තත් නැතත් අප තවමත් මුල් තැනමයි.

  20. Ravi says:

    Anonymous # 33 කමෙන්ටුව ( 2009 සැප්තැම්බර් ටැබූගේ සටහන )අද ඇතිවී තිබෙන තත්වය ඉතා හොඳින් පැහැදිලි කරන බව මගේ අදහසයි. අදූරදර්ශී දේශපාලකයින්ගේ අනුවණ තීරණ නිසා රටම පැටලී ඇත්තේ සුලුපටු පඹගාලක නොවේ.ගෙදර ගියත්, මගහිටියත්, තෝත් නහී, අඹුත් නහී වැනි තත්වයකි බැලූ බැල්මට පෙනෙන්නට ඇත්තේ.ඊළඟ මැතිවරණය ගැන සිහින දැකීම පසෙක තබා රාජ්‍ය තාන්ත්‍රිකව තීරණ ගතයුතු අවස්ථාව එළඹ ඇත.එහෙත් අවාසනාවට එසේ සිදු නොවන බව නම් සක් සුදක්සේ පැහැදිලිය.

  21. 99wadura says:

    හෝමියෝපති ක්‍රමයේදී පිළිකා නසන්න ආසනික් වතුර සමග කලවම්ව යොදා ගන්නවා !

  22. නලින්ගේ ආසනික් මෙහෙයුමෙන් ඇටමැස්සාටත් ඌගේ එහෙයියෝ වන නීල මැස්සන්ටත් ආසනික් විශ වෙලා වගේ,ඔහොම යං ඔහොම යං

  23. 99wadura says:

    Galileo and method

    by Nalin de Silva

    (June 01, Colombo, Sri Lanka Guardian) Western science is believed to have begun with Galileo when he or his friend dropped two objects of unequal masses from the leaning tower of Pisa in Italy. It is said that in this so called experiment with which Galileo is credited with giving birth to the experimental method, it was shown to the world, at least to those who were present in Pisa on that fateful (or faithful?) day, that bodies of unequal masses dropped from the same height at the same time fall to the ground simultaneously. However, Galileo or his friend did not drop those objects in a vacuum, and he could not create a vacuum around the leaning tower. If a feather and a ball made of iron were dropped from the leaning tower it is quite clear that the ball would have beaten the feather by several minutes. A pundit would say that it is due to the air resistance that the feather takes a long time to reach the ground and if the experiment was done in a vacuum the ball and the feather would have reached the ground simultaneously.

    However, what we have to remember is that no vacuum was created around the leaning tower and Galileo left it to the imagination of those who were present to assume that there was a vacuum surrounding the tower. Galileo did not use a feather and a ball as described above in his experiment since if he did so he would not have been able to convince the others. He “constructed” an “apparatus” to demonstrate what he wanted to show and that was the beginning of the experimental method as described by the western scientists and philosophers of western science. What the western scientists would not say is that the people in Pisa on the day of the “experiment” did not see objects falling in a vacuum though they were made to believe that there was a vacuum that has been created by Galileo or somebody else. What Galileo performed in Pisa could be described as a thought experiment as it happened in the imagination of the people.

    Of course, the concept of force had not been formulated in the days of Galileo and very few would have imagined air resistance as some sort of a force acting on bodies such as feathers whose densities are low. In any event it cannot be said that the Aristotelian view that was the dominant “theory” before Galileo on falling bodies was mere speculation. The “theory” that if dropped at the same time from the same height, the heavier body falls to the ground before the lighter body is based on observations. It is known that bodies such as iron objects fall to the ground faster than bodies such as feathers. This feature had been observed from time immemorial and no one would have objected to it, and would have been taken as a matter of fact based on observation. In that sense observations had been there prior to Galileo even in Europe. The rest of the world, especially China and South Asia were much ahead of Europe at that time (even today) and in Bharath an experiment had been carried out to determine whether an Athma (soul) escaped from the body after the death of a person. The experiment was very cruel as the Brahmins had killed a person, probably a shudra, to find out whether there was an Athma. Naturally they could not come to any conclusion as they did not observe anything going out of the body after the person was dead.

    If Galileo was to conduct this “experiment” he would have concluded that something escaped from the body and that there is an “Athma”. He could have argued that we only observe what can be observed and that there are things that cannot be observed and since Athma is something that cannot be observed we could not observe anything escaping from the body of the dead person. If one finds this “argument” ridiculous then one does not know that Galileo showed that the Earth was moving using a similar argument. The essence of the argument is that one observes what can be observed and even if one does not observe something it could be present or is present as it is something that cannot be observed.

    The “knowledge” that the Earth moved around the Sun was in Bharath long before Copernicus “discovered” this fact. They would have obtained (constructed) this knowledge through Bhavana and Yoga exercises closing the five sense organs (pancendriya). However as far as people in Bharath was concerned it was only a relative knowledge and not an absolute knowledge as in Astrology they continued to use the Earth centered frames of reference, if I may use a phrase introduced in Newtonian Mechanics. It should be stated that even today there are people in Sri Lanka who gain knowledge through Bhavana and I am of the view that it is the method that had been used by the Sinhala Buddhists to “acquire” knowledge though acquiring as such is not going to help one to attain Nibbana. When the knowledge that had been there in Bharath went to Eastern Europe Copernicus was convinced of it and took that knowledge to Italy when he went there to be trained as a Catholic priest.

    Galileo took over from there and began to teach the so called Solar centered theory in Italy. The Pope naturally objected to it as nobody observed that the Earth went round the Sun. All that the people observed was the rising of the Sun and its setting and one could have said that to assume that the Earth moved round the Sun was against the experimental (observational) method. The Pope asked Galileo not to teach this nonsense of the Earth moving round the Sun unless he could prove it to the others. The Pope objected only to teaching but he allowed Galileo to believe it if it was his wish. I think the Pope had been very reasonable compared to some of our so called scientists in Sri Lanka, who are basically sample collectors following set procedures and technicians testing for various substances using known methods. None of these scientists have ever come out with a new theory or a concept but may have published hundreds of papers in so called internationally renowned prestigious journals having done the work of sample collectors and technicians. However these people whose experimental method is confined to mere observations hanging on to what are known as controlled experiments especially in the Biological Sciences object vehemently to knowledge gained through Bhavana. Most of these experimentalists would not have heard of the thought experiments of Galileo and especially of Einstein.

    When Galileo was asked to prove his theory (it’s neither his theory nor that of Copernicus but Bharath Theory) he did not engage in either Bhavana or Yoga exercises (respectively Buddhist and Hindu methods of gaining knowledge) and had to resort to abstract thinking. Probably both Galileo and Copernicus and some others in Eastern and Southern Europe at that time had an intuitive feeling that the Earth went round the Sun rather than the other way around and had no difficulty in believing the new theory. However, for the rest of the people who depended on their pancendriya, like the good Pope, there was no reason why they should believe that the earth went round the sun. Besides, they had strong evidence to show that the earth did not move. Their argument was very simple. An object dropped from a certain height takes a non zero time to reach the ground. If the earth moved, during this time the point on the earth just below vertically the point from which the body was dropped would have moved away resulting the body dropped to fall at a distant point. For example a coconut would fall to the ground at a point away from the coconut tree probably in the neighbour’s garden if not on the roof of his home.

    Now Galileo had a problem. He had to explain why the bodies fell vertically. After all the balls he or his friend dropped from the leaning tower fell vertically defying the theory that the earth moved. Galileo came with an ingenious argument. He introduced the so called concept of relative motion. According to him the dropped objects moved horizontally (parallel to the earth) with the earth, as they also had the same horizontal velocities being connected to the earth through the person who dropped them. Thus the horizontal velocities of the objects relative to the earth were zero. Galileo said we observe only non zero velocities relative to us. The only non zero relative velocities of the objects that were dropped were their vertical velocities and hence we observed only their vertical motion. We do not observe their horizontal relative velocities but that only means that they move with the same velocities as the earth. Therefore the earth moves or at least nobody could say that the earth does not move.

  24. 99wadura says:

    මං මේ බැලුවේ නලින් වපුරන මිත්‍යා විද්‍යාව(pseudoscience) දිහා !lol

  25. පාඨකයෙක් says:

    මහාචාර්ය නලින් ද සිල්වා ඊයේ දි අයිලන්ඩ් පුවත්පතට සපයා තිබූ ලිපියක අඩංගු පහත සඳහන් ඡේද පිළිබඳව හැකිනම් දොස්තර මිගාරගේ අදහස් බලාපොරොත්තු වෙමි. ස්තූතියි.

    During the last two years or so we have come across another source of knowledge, namely the “samyak drushtika devivaru” who communicate knowledge when necessary to a lady who is known to us….The communicator does not go into a trance or any such peculiar position (arudha, avesha etc.,) but communicates with the devivaru while she is in conversation with the others.

    I had been thinking of Bhavana as a means of acquiring knowledge for some time but did not know how or where to begin. Under the instructions of the devivaru (I do not want to use the word gods as the word has many connotations) few among us (I do not have that “vasana” probably due to my karma) are able to “experience” knowledge after engaging in Bhavana, and the devivaru and these people with “vasana” (it is not luck for anybody’s sake) have diagnosed deceases and treated successfully patients who had been turned away by the western medical personnel. I do not want to go into details at present but we will present our story to the public in due course. What is emphasized here is that neither nobodies nor some bodies could acquire this knowledge through Bhavana as only those who are “endowed” with the necessary “adhyathmica shakthiya” could do so.

    It was the ‘devivaru’ who suggested to us that we should test for Arsenic in the water, soil, and even flora in the affected areas in Rajarata…I must also add that there are some among us who could “see” Arsenic in the samples we collected from Rajarata area, with “adhyathmika shakthiya”.

  26. Indi said says:

    නලීන් ද සිල්වා දේවාරූඩයෙන් රජරට ජලයට ආසනික් මිශ්‍ර බව හෙළි කරගනු ලබයි අමිල ගුණරත්න

    රජරට ප්‍රදේශවල වකුගඩු රෝගයට හේතුව ආසනික් විෂ රසායනය බව කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබේ. රජරට ජලයට ආසනික් මිශ්‍ර බව හෙළි කරගනු ලැබ ඇත්තේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමයකට නොව දෙවියන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් තිබූ එම පරියේෂණ කණ්ඩායමේ සිටි පුද්ගලයකු මගින් බව පැවසේ. මේ සම්බදයෙන් වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය නලින්ද සිල්වා රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් විෂ රසායනයම බවත් තම කණ්ඩායමේ සිටි උද්භිද විද්යාදඥයන්, වෛද්‍යවරුන්, රසායන විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබූ සියලූම පරීක්ෂණයන්ට අනුව පරිසරයේ විවිධ සංඝටක තුළ ආසනික් අන්තර්ගත බව විද්යාවත්මකව සනාථ වුවද ජලයේ ආසනික් මිශදැයි පරීක්ෂා කිරීම අසීරු වූ නිසා ඒ සඳහා වෙනත් ආධ්‍යාත්මික ක්‍රමවේදයක් භාවිත කළ බව පවසයි. මේ වාර්තාවත් සමගම රජරට ප්‍රදේශවාසීන් කලබලයට පත්ව ඇත. නමුත් වකුගඩු රෝගයට ආසනික් විෂ රසායනිකයේ කිසිදු බලපෑමක් නොමැති බව කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍ය‍ මහාචාර්ය, විශ්ලේෂණ රසායන විද්‍ය‍ඥ ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.

Leave a comment