බොක්සිං හා බුද්ධාගම

Posted: May 6, 2011 in Uncategorized
Tags: ,
මාතෘකාව අහසට පොලව වගෙය. එකකට එකක් ගැලපෙන්නේ නැතුවා වගෙය. ඒත් එහෙම පේන දේවලුත් සමහර වෙලාවට  රන් රස වගේ ගැලපෙනවාය.
 
බුදු හාමුදුරුවෝ , තම ගෝලයින්ට කිව්වේ චරත භික්කවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය කියලාය. අපේ  රටේ  හාමුදුවන් නොකරන්නේ ඒ ටික විතරය. අනිත් හැම දෙයක්ම කරති. යන්ත්‍ර මන්තර නක්ෂශ්ත්‍ර,   හදි  හූනියම්  දේශපාලනය ,   වෙළඳාම, ගොවි තැන , ධර්මය පැකට් කර විකීනීම ආදී වශයෙන් නොකරන දෙයක් නැත.
 
මේ ලැයිස්තුවට අලුතින්ම එක්ව ඇත්තේ බොක්සින් ක්‍රීඩාවයි.
 
 
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ සභාපති ධුරයට ඕපල්ලේ ඥානසිරි  අති පූජනීය බුද්ධ පුත්‍රයන් වහන්සේ පත්ව ඇති අද  ලංකාදීපය වාර්තා කර තිබුණි.
 
බුද්ධාගම කියන්නේ අහිංසාවාදී ආගමකි.  කුරා කුහුඹුවෙකුටවත්  පීඩාවක් හානියක් නොකළ යුතු යැයි  අපි කුඩා කාලයේ ඉගෙන ගත් බුද්දාගමේ තිබුනේය. සමහර විට දැන් තියෙන්නේ ඒ බුද්දාගම නොවෙන්නට ඇතිය.
 
මේ දිනවල  හැම දෙයම  අපිට ලැබෙන්නේ චීනයෙන් නිසා ෂවොලින්  පන්නයේ බුද්දාගමක් ලඟදි චීනයෙන් ගෙනවුත් ලංකාවේ පිහිටෙව්වා දැයි අපි නොදනිමු. එසේ නැත්නම් බුද්ධ පුත්‍රයාන කෙනෙක් බොක්සිං සංගමයක ලොක්කෙක් වෙන්නේ කෙසේ දැයි අපිට නොතේරේ.
 
 ඇත්තටම කිවහොත් මේ රටේ සිද්ද වෙන දේවලින් වැඩි හරියක් අපිට තේරෙන්නේ නැත. අපිට තවමත් හරි හමන් දේශප්‍රේමියෙක් වීමට බැරිව ඇත්තේ ඒ නිසා විය යුතුය. මේ නොදන්නා දේවල්    ගැන වැඩි මනත්  කතා කර දේශද්‍රෝහී අවජාතක නාමය දමා ගන්නට අපි කැමති නැත.
 
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ නව සභාපති  ඕපල්ලේ ඥානසිරි හිමියන්ට අපේ සුභ පැතුම්,!
 
සටහන- බොක්සිං යනු මෙරට පාසල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතු ක්‍රීඩාවක් බව ඇට මැස්සාගේ පෞද්ගලික මතයයි.
Advertisements
Comments
  1. Kanishka says:

    මෙය දර්ම රාජ්ජය සදහා තැබු තවත් නිර්බීත පියවරකි. බොක්සිං අහිංසාවාදී ක්‍රීඩාවක් කිරිම මෙහි අරමුනය.

  2. යකා says:

    අදිරාජයවාදයට ඵරෙහිව සටන්කිරීමට බොක්සින් දෑනුම ඉතාම වෑදගත් වේවි.

  3. Rajith says:

    බුදුහාමුදුරැවේ නාලාගිරි ඈතාව දමනයකරේ බොක්සින් වලින් කියනවානේ බොලං

    අපේ සුබ පැතුම්

    ආ කියන්න අමතක වුනා

    ස්වයන් රැකියා වැඩිකරලා රටට ආසචර්ය ද මොකක් ද ගේන්න කියලා
    ගැමි මත්පැන් නිපදවන්නන්ගේ සංගමයේ ලොකුපුටුවකුත් ඔය කාටදනේ දෙනවැයි කියන්නේ

  4. Hasitha says:

    රාජ්‍ය සේව එක්සත් හෙද සංගමේ සභාපති විදිහට මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඉන්නේ………….

    http://psunu.com/event.html#

    • Buwa says:

      මේකත් ගැලපෙන දෙයක් නොවුනත් අඩු තරමින් ගිලාන උපස්ථානයවත් කිව්ව හැකි ඒත් බොක්සිං ??? අනේ නොදකින්

  5. Kandula says:

    මට හිතෙන විධියට ස්වාමීන්වහන්සේ නමක් බොක්සිං සංගමයේ සභාපතිධූරය බාරගන්නට ඇත්තේපහත කරුණුවලින් එකක් නිසා වන්නට පුලුවන;

    1.ජනපතිතුමාගේ ඉල්ලීම පිණිස දෑත සක්තිමත් කරන්නට වන්නට පුලුවන-බොක්සිං වලදී දෑතම පාවිච්චිවෙනවනේ.

    2.විස්සවිජ්ජාල සිසුන්ට හමුදා පුහුණුව දෙන්න ඕනෑ කියලා තියෙන බැවින් ඒකේ ආරම්භක සැලසුම විධියට පාසැල් බොක්සින් දියුණු කිරීමට උන්නාන්සේට බාරදුන්නා වන්නට පුලුවන (ජනපතිතුමාගේ ආශීර්වාද ඇතුව )

    3.ක්‍රිකට් ක්‍රීඩාවට කෙලවෙමින් ඇති නිසා බොක්සිං දියුණු කල යුතුයයි නාමල් බේබීට ඇතිවුනු සංකල්පනාවක් අනුව නාමල් බේබී හා නාමල් මාතාවගේ ආසිර්වාද අනුම මේක බාරදෙන්නට ඇත.

    4.ජනපතිතුමාගේ ආශීර්වාද මත මැරවින් සිල්වාගේ මගපෙන්වීම අනුව දුමින්ද සිල්වා ගේ උපදෙස් මත තමුන්ට නොගැලපෙන ඕනෑම වැඩක්/කොන්තරත්තුවක් බාරගැනීම බහුතර බෞද්ධ භික්ශූන්ගේ සිරිත බැවින් මෙය බාරගන්නට ඇත.

  6. දැන් නම් රට යන පැත්ත හිතා ගන්න බැහැ ………….

  7. maathalan says:

    බොස්සිං වලින් කොරන්නෙ… බඩට ගහන එකයි ඔලුවට ගහන එකයි නේ පින්වත්නි.. පැය 24 ම් ස්ටාර් ස්වාමීන් වහන්සේලා ගුවන් විදුලියෙන්, රේඩියෝවෙන්, රූපවාහිනියෙන් බෞද්ධයින්ගෙ ඔලු කටු කැඩෙන්න දෙන්නේ. ඒ වගේම පින්වත්නි ආන්ඩුව ජහමනයගෙ බඩට ගහනවට මොන වහන්සෙද කටක් අරින්නේ. ඒ නිසා මේකට සුදුසුම හාන්දුරු කෙනෙක් තමයි.

  8. Ravi says:

    පින්වතුනි, සිත සන්සුන් කර ගන්න, කරුණු නොදැන මුලාවී අස්ථාන චෝදනා එල්ල කිරීමෙන් වළකින්න.

    අපගේ බුදුරජාණන් වහන්සේ නොදැමුණු දාමරිකයින් දමනය කිරීමේදී බොක්සිං ක්‍රීඩාව උපයෝගී කරගත් බව ඔබ නොදන්නහුද?

    පළමුව බුද්ධත්වයට පත්ව පස්වග මහණුන් සොයා ඒමේදී ඔවුන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බව පිළිගැනීමට මැළි වූ කල්හි බුදුන් වහන්සේ කුමක් කලේද? තමන් වහන්සේගේ දෑතම භාවිතා කරමින් එක පිට එක පහරදී පස් වග මහණුන්ගේ ඔද බිඳ දමා වදාල සේක.

    දෙවනුව ආලවක දමනය ගනිමු. ආලවකයා “මහණ ඇතුලට එව ” අණ කල කල්හි එතුමෝ ඇතුලට යන ගමන් ආලවකයාගේ යටි බඩට මුෂ්ඨි ප්‍රහාරයක් එල්ල කලෝය. ” පිටතට යව” කී කල්හි පිටත්ට යන අතර නැවතද මුෂ්ඨි ප්‍රහාරයක් එල්ල කලෝය. මෙවිට බලවත් වේදනාවෙන් දෙකට නැවුණු ආලවකය ” ස්වාමීනී,තවත් පහර නොදෙනු මැන, ම්ම ඔබ සරණ යමි”පවසා බුදුන් සරණ ගියාහුය.

    අඟුල්මල් දමනයද මීට සමානයි පින්වතුනි. අඟුල් මල් බුදුන් පසුපස හඹා එන කල්හි එක්වරම නැවතුනු උන්වහන්සේ අඟුල්මල්හට Uppercut පහරක් එල්ලකොට ඔද බිඳ තෙරුවන් සරණ ගැන්වූහ.

    නාලාගිරි දමනයේදී එතුමා උපයෝගි කරගත්තේ Thai Kick Boxing ක්‍රීඩාවයි. අට ඉස්බක් අහසට පැන නැඟී පියා නාලාගිරියාගේ කුම්භස්ථලයේ මාරක නිලයක් බලා දුන් එකම පා පහරකින් ඒ සද්දන්ත ඇත් රාජයා බුදුන් වහන්සේගේ දෙපතුල සුනඛ පෝතකයකු මෙන්දණ ගැසූ බව දත යුතුය.

    එසේ හෙයින් අනුවණ මත පළ කිරීමෙන් වැළකී බුදුන් ගිය මඟ යන්නට මේ බුද්ධ පුත්‍රයින් වහන්සේ දරන නොපසුබට උත්සාහයට ඉත සිතින් ආශිර්වාද කිරීමට ඉටා ගතහොත් මැනවි.

    සාදූ……සාදූ……සාදූ!!!

  9. Nelum E. Pushpasiri says:

    Ape Samahara Hamudurugolla karana Kiyana weda ahapuwama Dan Buduhamuduruwo Weda Hitiyaanm????.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s