පටි තද කර ගන්න නෝනා වරුනි , මහත්වරුනි, දේශප්‍රේමය ඇවිල යමින් තිබේ !!

Posted: April 24, 2011 in Uncategorized
Tags: , , , , ,
 
” සවන් දෙන්න , කරුණා කර සවන් දෙන්න. මේ දැන් මලබාර් යුධ පෙරමුණෙන් අප වෙත ලැබුණු ප්‍රවෘත්තියක්, දකුණු ඉන්දියාවේ සටන් වදින අපගේ වීර හමුදාව විශාල ජයග්‍රහණයක්  ලබා ඇත. මේ ජයග්‍රහණය හේතු කොට ගෙන දැන් පවතින යුද්ධය අවසන් කිරීම අත ළඟ බව ඔබට පැවසීමට මට අවසර ලැබී ඇත. මේ ජයග්‍රහණය පිලිබඳ විස්තර …..”
 
” මේ නම් අසුභ ආරන්චියක පෙරනිමිති  යැයි වින්ස්ටන් ට සිතිනි. ඔහු සිතුවා සේම යුරේශියානු හමුදා සේනාංකයක් මුළුමනින්ම විනාශ කල බවද ,භටයන් විශාල සංඛ්‍යාවක් මරා දමා ,තවත්  විශාල පිරිසක් යුධ සිරකරුවන් ලෙස අල්ලා  ගත බවත් පවසා නිම කරත්ම චොකලට් කෝටාව ග්රෑම් තිහේ සිට ග්රෑම් විස්ස දක්වා අඩු කරන බවද කියවිණි. “
 ….
 
“එක්කෝ ලැබූ ජයග්‍රහණය සමරන්නට නැතහොත් චොකලට් පංගුව අඩු කිරීම අමතක කරවන්නට , ඕෂනියා ,ඔබටයි ඕෂනියා ජාතික ගීය ටෙලි ස්ක්‍රීනයෙන් පිට වන්නට විය.
 
( උපුටා ගැනීම , ජෝර්ජ්  ඕවල්ගේ 1984 කෘතියෙන් . පරිවර්තනය ආරිවංශ රණවීර )
 
අපේ රට හරහා දැන් නැවතත්  දේශප්‍රේමී  අරගලයක කාහල නාදය පැතිර යමින් තිබේ. මැති ඇමැත්තෝ ඇතුළු සියලු දේශප්‍රේමින් වේදිකා මත කෙසර සිහ නද දෙමින් සිටිති. සියලු පුවත් පත්, රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා , බෑන් කී මූන් ට එරෙහිව ශුද්ධ වූ යුදයට   එකතු වන මෙන් ජනයාගෙන් එක හඬින් ඉල්ලමින් සිටිති. රණ ගී වයමින් සිටිති. තමන් යටතේ  ඇති බස්  කීපය පාලනය කර ගත  නොහැකි පෞද්ගලික බස් අමාත්‍යාංශය මූන්ට එරෙහිව අත්සන් එකතු කරමින් සිටියි.
 
මේ රණ ගී ඇසෙන විට ඇට මැස්සාගේ සිතට එන්නේ බෑන් කී මූන් හෝ ඔහුගේ ඊනියා වාර්තා ගැන නොවේ. අපේ චොකලට්  සලාකය ගැනය. එනම් කිරි පිටි , ගෑස් , ඉන්ධන මිලට මක් වේද කියාය. හාල් මිල හා සීනි මිල ගැනය. පරිප්පු හා අර්තාපල් ගැනය. මාළු හා සමන් ගැනය. බස් ගාස්තු ගැනය.
 
 පාන් පිටි හා පාන් මිල නම් දැනටම හරිය. මෙබඳුම උන්මාදයක් ක්‍රිකට් ගැන ගොඩ නගා ඉන්ධන මිලට බැට දී ගතව ඇත්තේ යම්තම් සති තුනක් පමණි.
 
ජෝර්ජ් ඕවල් මීට වසර 63 ට පෙර,   1948 දී කියූ දේ අප  තේරුම් ගන්නේ කවදාද?
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: කර, ගන්න, තද, දේශප්‍රේමය, නෝනා, පටි, […]

  2. බයියා says:

    ඊලඟට කිරිපිටි… ඔට්ටුවක් දාමුද?

  3. Hasitha says:

    කිරි පිටි වැඩි කරයි කියලා අමුතුවෙන් ඔට්ටු අල්ලන්න දෙයක් නැහැ. කිරි පිටි සමාගම්වල කට්ටියත් මිල වැඩි කරන්න අවසර ඉල්ලලා මේ දවස්වල ඒ ගැන කතා කරනවා කියලා තමා ආරංචිය. ඔක්කොම එක පාර වැඩි කරන්නේ නැතිව ඒකත් හෙමින් සැරේ මොකක් හරි එකක් අල්ලලාම වැඩි කරලා දායි………….

  4. sameera says:

    එල්ලෙන්ඩ වෑලෑක් නෑතුව හිටියෙ ඩO වෑලක් නෙවේ ඔය කබයක් ම තියෙන්නෙ . හබෑට ඔකට විරුද්ද උනා ම කොටියා නිකම්ම සුද්ද වෙනවා නොවෑ

  5. බේබදු හීරලූස් says:

    Ignorance is Strength

    මේක නම් හරියටම බේබදු හීරලූස් දිහාම බලල කිව්ව වගේ.

    හැබැයි ඉතිං මේ රටෙ හුදී ජනයො වැඩි දෙනෙක් එහෙම තමයි. කනවා, බොනවා, දා ගන්න බැරි කෙල්ලො දිහා බලල ස්ව‍යං රැකියාවක් කර ගන්නවා, බුකියෙ ෆොටෝ දානව, චැට් කරනව. එළවළු ගණන් ගියොත් අලු කෙහෙල් කනවා. අමන්දයි පබළුයි බලනවා. මහින්ද මහත්තයට චන්දෙ දානවා. එච්චරයි ජීවිතේ.

  6. රංග says:

    අනේ පලයන් මොඩ ද්‍රෝහියො යන්න ! දන්න රෙද්ද තමයි

  7. මහින්ද අබේසුන්දර says:

    මොකද්ද ඇට මැස්සෝ… මේ වෙලාවෙ පොඩ්ඩක් මොරාල් අප් වෙන ඒවා ලියන්නකෝ.. මමත් ඕන පු** වෙන්න කියලා අස්සනක් දාලා ආවා…

  8. Beyond Frame says:

    ලෝකයේ කිරිපිටි මිළ ගොඩ ගොඩ ගා පාත යන මේ වෙලාවේ කිරි පිටි මිළ වැඩි කරන එක අන්තිම අසාධාරණය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s