සුනාමි ආවේ නෑනේ මගේ රටටා -මහාචාරිය වැළපෙයි

Posted: April 20, 2011 in Uncategorized
Tags: ,

 

සුනාමි ගැන බොරු ආරංචි පතුරුවන්නට එරෙහිව තද බල ලෙස ක්‍රියා කරන බව ආණ්ඩුව කියයි. එහෙනම් මුලින්ම අල්ලා ගත යුතු පුද්ගලයා ගැන සටහනකි මේ. මොහු  ගැන අපි මීට කලිනුත් කියා තිබේ.

භූ චලන ඇති වන්නේ කෙසේදැයි තවමත් හරි හමන් අවබෝධයක් ලෝකයේ කිසිවෙකුටත් නැත. ඇත්තේ එක් එක් අය ඉදිරිපත කරන මත පමණි. ඒවා කිසිවක් මෙතෙක් ඔප්පු කර නැත. එවැනි තත්වයක් තුල කෙනෙක්  හුදෙක්  මීට ප්‍රථමයෙන්  සිදු භූ චලන සිදු වූ වකවානු හා ප්‍රදේශ පිළිබඳවත්, තවමත්  විවාදාත්මක මට්ටමේ පවතින භූ චලන වලට ග්‍රහ වස්තු වල බල පෑම ගැනත් සිතා අනාවැකි කියන්නට සැරසෙන්නේ නම් ඔහු හුදු බොරු කාරයෙක් පමණකි.

අනික් අතින් අගත් කල අපි මීට කලින්ද කිවූ පරිදි දිනකට ලොව සිදු වන  භූ චලන සංඛ්‍යාව ගත කල ඉඳ හිට හරියන කනා පොල්ලෙන් ගසන්නාක් බඳු අනාවැකියක් කීමටද බැරි නැත. එහෙත් එවැන්නක් කිරීම උගත් මහාචාර්ය කෙනෙකුට සුදුසු නැති බව ද ඒ සමග පැවසුවෙමු. එයින් වෙන්නේ අහිංසක ජනයා බියට පත් වීම පමණක් බවද අපි පැවසුවෙමු.

දැන් සිදු වුනේ එය නොවේද? බිය පත් ජනයා සනසවන්නට සුනාමියක් නො එන බවට පැයෙන් පැයට නිවේදන නිකුත් කරන්නට රජයට සිදු වුනේ ප්‍රසිද්ධිය පතා මේ  මහාචාර්යවරයා  කල බොරුව නිසා නොවේද? අවසානයේ ඔහුටම පැමිණ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියන්නට ද සිදු වුනේය.

තමන්ට ප්‍රසිද්ධිය අවශ්‍ය නම් , එසේත් නැත්නම්හොඳ තනතුරකට යාමට  කාගෙන් හෝ ලකුණු  දා ගැනීමට අවශ්‍ය නම් මේ මහාචාර්ය වරු  පොදු ජනයා පීඩවට පත් නොවන ක්‍රියාමාර්ග   තෝරා ගන්නවා නම් වඩා සුදුසුය.

සටහන- රටේ වටිනාම යපස් ඉල්ලම් කුණු කොල්ලෙට මුදලාලිලාට විකීනීමට සැලසුම් කරන මහාචාරිය ලා  සිටින රටක  මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවද අපි දනිමු.

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ආවේ, නෑනේ, මගේ, මහාචාරිය, රටටා, […]

  2. asanka says:

    කතාවට සම්ප‍්රනයෙන් එකගයි…

  3. මෙතන තියෙන්නේ අපේ ජනතාවගේ දැනුවත් කම පිළිබද ප්‍රශ්නයක නේද?ජාවා/සුමාත්‍රා වල භූමිකම්පාවක් සිදු වෙලා සුනාමියක් ඇති වුණත්, සුනාමි රළ ලංකාවෙරළට ළගාවීමට පැය දෙකකට අධික කාලයක් ගතවන නිසා ඊට පෙර නවීන සංනිවේදන ක්‍රම භාවතයෙන් ජනතාවට අනතුරු ඇගවීමේ සංඥා ලබාදිය හැකි බවත්, එනිසා වෙරළබඩ ජනතාවට ආරක්ශාකාරී තැනකට යාමට ප්‍රමාණවත් තරම් කාලයක් ලැබෙන බවටත් ජනතාව දැනුවත් කොට තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නෑනේ.

    (හැබැයි හුගක් දේවල් වගේ ලංකාවේ සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියත් අවුල් නම් සොරිම තමයි)

    • පද්දා says:

      අනේ මැට්ටෝ, උඹ නොදන්නවට එක අනික් හැමෝම දන්නවා.

      • දන්න නිසා වෙන්න ඇති මහාචාර්ය වරයාගේ අනාවැකිය දැකපු ගමන් පණ කඩාගෙන දුවන්න පටන්ගත්තේ (තල් අත්තට ගෙඩියක් වැටුණා ම හාවා දුව්වා වගේ!)

        තාම බැරි උනා ද තමන්ටම කියල නමක් හදාගන්න? අනුන්ගේ නම් වලින් comment කරන්නේ?

        • පද්දා says:

          උඹ කොහොමද කොළුවො දන්නෙ මං පණ කඩාගෙන දිව්ව කියල? අනේ කෙබර නොගහ පල. අනික මං පද්දා වුණාට තොට තියෙන රුදාව මොකද්ද? ඇයි උඹලගෙ අප්පුච්චගෙ නමත් පද්දද?

          • 1.කව්ද කිව්වේ ඔයා දිව්වයි කියල.හොදට කියවන්න.මම කිව්වේ දුවපු අයට.(කවුරුත් එහෙම දිව්වේ නැත්නම් “සුනාමියට බය වෙන්න එපා” කියල නිවේදන නිකුත් කරන්න රජයට සිද්ධ වෙන්නේ නෑනේ!)අනික මහත්මයා තොප්පිය හරිනම් විතරක් දාගන්න.අහක යන තොප්පි ඇදල අරං බලෙන් දාගන්න එපා.

            2.නැත මපියා ගේ නම එය නොවේ.

  4. මහින්ද අබේසුන්දර says:

    කෝ මේ සුමනදාස???

  5. බේබදු හීරළුවා says:

    ‘පද්දා’ යන නම සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නය ගැනයි මේ කමෙන්ට් එක.

    ඉස්සර නම් පද්දා කියලයි No Frames කියලයි ලිව්වෙ සිංහල බ්ලොග් අවකාශයෙ මේ වගේ කැත වැඩ ගණනාවක් සඳහා ප්‍රසිද්ධියක් දරපු (වෛද්‍ය) රංග මිගාර වීරක්කොඩි විතරයි.

    ඒ වුනාට සිංහල වර්ගවාදීන් විසින් හැක් කරලා, මරණීය තර්ජන කරලා ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම්, කොලූ, පිස්සා වගේ ඔවුන්ට මතවාදීව එරෙහි වූ පිරිස නිහඬ කළායින් පසුව මිගාර වෛද්‍යතුමා වගේම පස් පංගුවා, නුවර පාර වගේ බ්ලොග් ලියපු වැප් නිශාන්තත් නිශ්ශබ්දයි දැන්. මොකද දැන් තමන්ගෙ මතයට අභියෝග කරන්න කවුරුත් නෑනෙ. දැන් මේ අයට සනීපෙට නින්ද යනවා ඇති. භයානක සිහින නොපෙනී.

    ඒ හන්දා දැන් අනික් අයත් පටන් ගෙන වගෙයි ඒ නම් පාවිච්චි කරන්න. මට නම් ඒකෙ වැරද්දක් පේන්නේ නෑ. මොකද එක පද්දටද ඉන්න පුළුවන්.

    ‘බේබදු හීරළුවා’ කිව්වහමත් ඉතින් එක්කෙනෙකුට වැඩිය ඉන්න පුළුවන් නෙවැ.

    • සිංහල භාෂාවේ ඕන තරම් වචන තියෙද්දි, ඒත් මදිනම් පාවිච්චි කරන්න ඉංග්‍රීසි භාෂාවත් තියෙද්දී ඇයි සමහරු අනුන්ගේ නම් පාවිච්චි කරන්නේ? දෙපයින් හිට ගන්න කශේරුව හයිය මදිනිසානේ!

      උදා: මීලග ‍‘බේබදු හීරළුවා’ ට බැරිද ‘බේබදු උපැවිදියා’ වගේ නමක් භාවිත කරන්න?

  6. මහින්ද අබේසුන්දර says:

    මම ලියන බ්ලොග් කවුරුවත් කියවන්නෙ නැත්තෙ ඇයි????

    • ජුලියස් සීසර් says:

      ඒවා ලියන්නෙ මහින්ද අබේසුන්දර නිසා… :D:D:D

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s