සංගක්කාර ඇතුළු ක්‍රිකට් නඩය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තානම්   ඒක ඇතුලට බැහැලා මාසයක් දෙක දිය බුන් ගහන්නට බලා ගෙන හිටි ආණ්ඩුවට ක්‍රිකට් කණ්ඩායමේ දේශද්‍රෝහී කම නිසා  එල්ලෙන්නට වැලේ වැල් නැතිව ගියේය. එහෙවු  ආණ්ඩුවට බෑන් කී මූන් හොඳ මහත කඹයක් අඹරා දී තිබේ. එල්ලෙන්නට පමණක් නොව ඕනේ නම් මේ අවුරුදු මාසයෙත් වෙසක් මාසයෙත් ඔන්චිලි පදින්නටද ඒ කඹය  ප්‍රමාණවත්ය.
 
බෑන් කී මූන් ගේ උපදේශක කමිටු වාර්තාවට විරුද්ධව මහා පරිමාන යුද්ධයක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් පෙනෙන්නට  ඇතිය. ලෝක කම්කරු දිනයද ඒ වැඩේට යොදා ගන්නට යන බවකි. කොහොම හරි වැඩේ මාස දෙකක් ඇද ගත්තොත් ගොඩය.  ඒ වෙනකොට අලුතින් කුමක් හෝ දෙයක් ලැබෙනු ඇත. දැන් කල යුතුව ඇත්තේ මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය. 2009 මැයි මාසයෙන් පසු මෙවැනි ආතල් එකක් ලැබී නැති නිසා වැඩේ හරියට   කර  ගත යුතුව ඇත. පෙනෙන  හැටියට නම් වැඩේ නැගලා යනු ඇත. 
 
ඒ සඳහා මාධ්‍ය හරහා යුද්ධය පටන් ගෙන ඇත. එහෙත් තවම වීදි සටන් ආරම්භ වී නැත. දැන් ඒ සඳහා කාලයයි. තවත් පමා විය යුතු නැත.
 
ආරම්භයක් වශයෙන් මල්වංශ යොදා ගෙන  එජා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හෝ දෙකක් කල හැක. එයට හොඳ ගරා යකුමක් ද ඇතුල්  කල යුතුය. බෑන් කී මූන්ගේ හා උපදේශක කමිටුවේ පඹයන් කීප දෙනෙකුඳ ගිනි තබා විනාශ කල යුතුය. මිනිහා කොහොමටත් තියාගෙන ඉන්නේ ඔයාකාරයේ වැඩට නොව.
 
ඉන්පසු ලෙමන් පෆ් පැකට් කීපයක් සොයා දී ඔහු ලවාම  උපවාසයක් කර වීම  මනාය. මේවා සියල්ල රූපවාහිනියෙන් සජීවීව  පෙන්විය යුතුය.  ජනතාවට ගැම්මක් එන්නේ එවිටය. උපවාසය  කරන අතර වටේ සිටින සපෝටර් ලාට කෑම බීම අරක්කු ආදිය සප්ලයි කිරීමට  අමාත්‍යාංශයට අයිති සංස්ථා වලටම පැවරිය හැකිය. අවවාදයක් වශයෙන් දිය යුත්තේ එතුමා බංගලාදේශයට ගොස් ආපසු එන තෙක් උපවාසය පටන් නොගන්න ලෙසය. නැත්නම් වතුර පොවන්නේ කවුද?
 
චම්පික උන්නැහේද අමතක කල යුතු නැත. උන්නැහේටත් ලොකු කාර්ය භාරයක් තිබේ. අඩුම තරමේ පෙළපාලි කීපයක් වත් සංවිධානය කර ගැනීමට.
 
එසේම ඇට්ටි හැලෙන ප්‍රවෘත්ති කඳුළු ගලන , කර්තෘ වාක්‍ය පල කිරීමෙන් , ගාමිණී සුමනසේකර හා කරුණාදාස සූරියාරච්චිටත්  හොඳ සපෝර්ට්  එකක් දිය හැක. මහින්ද අබේසුන්දර ගේ විමසුම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැත. වික්ටර් අයිවන්ටත් සෑහෙන වැඩ කොටසක් බාර දිය හැක. එයා කොහොමටත් වැඩේට බසිනු ඇත.
 
ඒ ලියන දේවල් ගැන  පලිප්පු  දමමින්  ස්වර්ණවාහිනියේ මුල් පිටුවේ කියවීමට බන්දුල පද්ම කුමාර උන්නැහේට හැකිය. ස්වර්ණවාහිනියේ  හා-රේන්ද   ට ද  මල මිනි විකිණීමට අමතරව  බෑන් කී මූන් පට්ට  ගැසීමට විනාඩි  කීපයක් වෙන් කර දිය යුතුය.
 
මේ හා සමාන තව බොහෝ දේවල් ඉදිරියේ සිදු වෙනු ඇත. ඒ අතරේම මෙතරම් ජාතික විපත්තියක් හමුවේ බස් ගාස්තු, කිරිපිටි ආදියේ මිල ගැනද කතා කරන දේශද්‍රෝහීන් ද සිටිනු ඇත. අප ජනයා උන්ගෙන් පරිස්සම් වීම මැනවි.
 
 කෙටියෙන් කිව්වොත් සිද්ද වෙන්නට යන්නේ නැවත උපන් ප්‍රභාකරන් හෙවත් බෑන් කී මූන් හා අපේ මහා දේශප්‍රේමින් අතර සටනකි. එයට එරෙහි වන්නන් යනු දේශද්‍රෝහීන් ය. ඔබ දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද යන්න ඔබ දැන් තීරණය කර ගත යුතුය.
 
 
සටහන- 1 විපක්ෂයද නිකම් ඉන්නේ නැති බවකි. සජිත් ප්‍රේමදාස නම් තමාගේ පමා වූ දේශප්‍රේමයේ හිඟ පාඩු               අල්ලන්නට   මෙන්  ආණ්ඩුවටත් කලින් වැඩේට බැස ඇත.
 
සටහන -2 අපේ බ්ලොග් කරුවන්ට ද  පරණ පවු  සෝදා ගැනීමට, හැක් නොවී සිටීමට , විදේශ ගතව සිට පොර ටෝක් දෙමින් සිටි අයට, නැවත හොඳ පොතට නම දා ගැනීමට අවශ්‍ය නම් මෙය කදිම අවස්ථාවකි. එන්න ප්‍රයෝජනයට  ගන්න
 
Comments
  1. Buwa says:

    ආණ්ඩුවට , සජිත් මහත්තයට ආතල් එකක් ගියත් නැතත් මුනගේ වැඩේ කැතයි හරිද සහෝ

  2. මහින්ද අබේසුන්දර says:

    නියමයි ඇට මැස්සෝ… මගේ ගැනත් වර්ණනා කරපු 1 ගොඩක් හොඳයි!!!

  3. රංග says:

    අනේ පලයන් තිරිසනෝ යන්න…(තිරිසනා කිව්වට තරහ වෙන්න එපා හොඳේ, ඇට මැස්සා කියන්නේ කොහොමත් තිරිසන් සතෙක්නේ) 🙂 🙂

  4. මේක විහිලුවක් නෙවෙයි ඇට මැස්සෝ.අපේ රාජ්‍යය නායකයාට හෝ හමුදාවට විරුද්ධව අන්තර්ජාතික සංවිධානයක් ක්‍රියාකරනව කියන්නේ කොහොමටවත් විහිලුවක් නෙවෙයි.ඕකෙන් අපි කාටවත් හොදක් නම් සිද්ධවෙන්නේ නැහැ.

    • Anonymous says:

      මොන පිස්සුද? ඔය බැන්කි මූනා කර ගත්තෙ පොරබාකරන් ගොයියා මාවිල් ආරු අමුණ වැහුවා වගේ වැඩක්. අපේ වීරෝදාර හමුදාව ඕකටත් ගහලා ඕකා ඉන්න නිව්යෝක් නගරෙම සුද්ද කරලා ඕකව එහේ කොහේ හරි කලපුවක ලංකට් එක පිටින් මරල දාල තමයි පස්ස බලන්නේ. හුහ්. අපේ සිංහල කොල්ලො එහෙම තමයි.

    • ධර්ම ශ්‍රී says:

      මෙහෙම වාර්තා ගේන තැනට වැඩ කලේ කවුද කියල කලින්ම කියල හිටිය නම් හොදයි නේද?අවතැන් ප්‍රශ්නෙ ඉක්මනට විසදන්න,දෙමල හිරකාරයන් ගැන හරි පියවරක් ගන්න.උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියල කට කැඩෙනකං කියද්දි ඒව බලු මයිලෙකට ගන්නෙ නැතිව මානව හිමිකම් ගැන සත පහක් ගනන් ගන් නැතිව වැඩකරල වැඩේ අබ්ලික් වුනාට පස්සෙ ජාතික ආපදාවක් ගැන විකාර කියන කොට ඒක කැතයි නේද?

  5. මහින්ද අබේසුන්දර says:

    මචංලා.. මටත් හිතෙනවා තත්වෙ බොහොම බරපතලයි කියලා.. මේ වෙලාවෙ අපි පක්ෂ පාට බලන් නැතුව රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඇට මැස්සාගෙ ලිපිය ගැන අව්ලෙන් බලන් එපා .. මම මේ ඇට මැස්සව හෝදනව වත්, කඩේ යනවා වත් නෙවෙයි. ඇට මැස්සාගෙ මේ ලිපියෙ තියෙන උපහාසය කාට වුනත් මේ ලිපිය කියවන්න අනුබල දීමක් කරනවා නෙ.. ඒ නිසා මෙහෙම මේක ලියපු 1 හොඳයි..

  6. පද්දා says:

    බැංකි මූන් ආතාගේ වාර්තාව පිළිබඳව පෙරමුණේ රාළ ආතා, නිර් රාමු සීයා, මිගාර දොස්තර මහතා හා පිටියෙ අප්පු මහතා මේ වන විට සලකා බලමින් සිටින අතර බැංකි මූනාගේ රෙදි ගැළවෙන බ්ලොග් පෝස්ට් එකක නුදුරු අනාගතයේදී නිකුත් කරනවා ඇත. ඒ සමඟම කණිෂ්ක දිල්ෂාන් පින්වත් කුමරුවා බැංකි මූනාගේ වෙබ් සයියිට්ස් හැක් කිරීමට ඇති හැකියාව ගැන අධ්‍යනය කරමින් සිටින බව කරුණාවෙන් සලකන්න.

  7. - White Phoenix says:

    කොහොමත් අපේ කොල්ලා Times සඟරාවෙන් තෝරන [බලපෑමක් කළා හැකි/බලසම්පන්න/ ආකර්ෂණීය අයගේ] ලිස්ට් එකේ තුන්වැනියට ඉන්න එකෙන් තව මාසයක් විතර ෂේප් එකේ ඇද ගන්න පුලුවන් වෙයි.

    ඊට පස්සේ බෑන් කී මූනාට බැටේ දෙන්න පුලුවන්. නැත්නම් ඔක්කොම එක පාර ඇදගත්තාම ලබ්බේ තොවිලේ වගේ වෙනවා

  8. ඇට මැස්සො මුන්ගෙ බොරු දේශප්‍රේමයට නම් අපිත් සහමුලින්ම විරුද්දයි…. ඒත් මෙතනදි නම් රටක් වශයෙන්…, පක්ශ පාට භේදයකින් තොරව එක්සත් උනා නම් තමයි හොද….

    • පද්දා says:

      ඔව් බොල අහිංසක මිනිස්සු මරනකොට රටක් වගේ එක්සත් වෙලා තමයි උන් මරන්න ඕනැ. පොල්පොට් මැරුවෙත් එහෙම තමයි. හිට්ලර් මැරුවෙත් එහෙම තමයි. එකම දේ ඒ මැරිච්චි එවුන්ගේ ගෑනුන්ට පවුල්වල අයට ඒකට එකතු වෙන්න බැරි එක.

      • පිරබාහිරන් වගේ අහිංසකයෝ වෙන්න ඇති.

        ඔක්කොටම ඉස්සෙල්ලා තමන් නමක් හදාගෙන ඉන්ට.අනුන්ගේ නම් හොරකං කරල comment කරන්නේ නැතිව.

        • පද්දා says:

          ප්‍රභාකරන් විතරක් නෙවෙයි ගෝඨාගෙ උපදෙස් උඩ හමුදාව අහිංසක මිනිස්සු ගණනාවක් මැරුවා. සුදු කොඩි දාගෙන ආපු අයත් මැරුවා. දැන් ජනරාල් සරත් ෆොන්සේකා හිරේ දාගෙන ඉන්නේ ඒවා එළිවෙයි කියලා.

  9. බේබදු හීරළුවා says:

    යුද්ධයකදී ඕනෑම දෙයක් කරන්නට ඉඩ දිය යුතුයි, ඉන්පසු යුද අපරාද පිළිබඳ චෝදනා එල්ල වෙද්දී අපේ රටේ නායකයින් ඒවා කළ නිසා සැඟවිය යුතුයි කියන ප්‍රවණතාවය හරිම භයානක එකක්. ඒක අන්තර්ජාතික මට්ටමින් ඉතාම වැරදි පූර්වාදර්ශයක්. මොකද ඒ වගේ දෙයක් කළාට පස්සෙ ඕනෑම කෙනෙකුට ඕනෑම ජඩ වැඩක් කරලා අත සෝදා ගන්න පුළුවන් නිසා. මීට කලින් මේ වගේ දේවල් වුණේ නෑ. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, ඇඹිලිපිටියේ සිසු ඝාතනය වගේ ක්‍රියාවලට නඩු අහලා වැරදිකරුවන්ට දඬුවම් ලබා දුන්නා. ඔවුන්ගේ යුද අපරාද සැඟවිය යුතුයි කියලා කවුරුත් කිව්වෙ නෑ. අහිංසක මිනිස්සු මරලා තියෙනවනම් කවුරු වුනත් කමක් නෑ ඒ පව් ගෙවන්න ඕනෑ. මොකද මේ කාටවත් අහිංසක මිනිස්සු මරන්න ලයිසන් දීල නැහැනෙ. මේ රටේ සාමාන්‍ය පුරවැසියන් කවුරු වුණත් මේ යුද අපරාදකරුවන් වෙනුවෙන් පෙනී සිටියයුතු නැහැ. නීතිඥයන්ට හෘද සාක්ෂිය කියලා දෙයක් තියෙනවා නම් ඔවුන්ට නෛතික සේවා ලබා දීමෙන් වැලකී සිටිය යුතුයි.

    • ජුලියස් සීසර් says:

      හරියට හරි…!!! වැරැද්දක් වෙලා නැත්නම් බයවෙන්න හේතුවකුත් නෑනේ…

  10. chap says:

    බය වෙන්න දෙයක් නැ මහ රජතුමා රට වෙනුවෙන් විදුලි පු‍ටුවට යනවා කිව්වා නේ.

  11. Ravi says:

    හෙහ්….හෙහ්, එල ලිපිය කොල්ලො, එලම ලිපිය,

    ඉස්සරහට ඔය කාට කාටත් හුස්මක් කටක් ගන්ඩ බැරි විදිහට වැඩ කටයුතු තියෙයි වාගෙ තමයි පෙනෙන්ඩ තියෙන්නෙ,

    ලොමු දැහැගන්වන කර්තෘ වාක්‍ය,……..ඇඟ කිලිපොලන ප්‍රවෘත්ති,……. මයිල් කොයිල් වන පසුබිම් වාර්තා,……..ජලය පානය කිරීමෙන් නිමාවන මාරාන්තික උපවාස,………………..මහනායක හිමිවරුන්ගේ කඳුලු කඩා හැලෙන නිවේදන ( රටේ පිනට උපන් නායකයින් හට නම්බු නාම ආදිය ප්‍රධානය කිරීමෙන් පසු කාල වේලා ඉතිරි වුවහොත් පමණි )

    තවද මෙකී නොකී දහසක් සංදර්ශන දැක බලා ගැනීමේ භාග්‍යය අප සැමදෙනාටම හිමිවීමට නියමිත බවත් නොකියාම නොහැක.

  12. 99wadura says:

    ඇට මැස්සට අමතක වෙලා සුනිල් මාධව ගැන සදහනක් කරන්න ,එයාගේ නමත් අනිවාර්යෙන්ම තියෙන්නම ඕනේ !

  13. 99wadura says:

    බුද්ධ ධර්මයට අනුව නම් යුධ අපරාද උනේ නෑ කියන එක මුසාවක් !

    • අද හැමෝම සැනසිල්ලේ ජීවත්වෙන්නේ යුද්ධය අවසන් වෙච්ච නිසා කියන එකත් අමතක කරන්න එපා!

      • ජුලියස් සීසර් says:

        යුද්ධය අවසන්වීම ඇත්තටම හොඳයි… ඒ ගැන තර්කයක් නැහැ. නමුත් ඒ ප්‍රථිඵලය ලබාගන්න ගිය මාර්ගය හරිද, ඒකෙන් ඔය කියන විදියට “හැමෝටම” හොඳක් සිද්ධ වුනාද කියන එකයි ගැටලුව!!! අන්න ඒ මාර්ගය නිසාම තමයි දැන් ගැටලු මතුවෙලා තියෙන්නේ කියන එකත් අමතක කරන්න එපා…

        • ඒක ඇත්ත ව්ශේෂයෙන්1. ආයුධ ජාවාරම් කාරයන්ට,2. යුද්ධයට මුවාවෙලා බටහිර රටවල දේශපාලන රැකවරණ ගත්තු අයට,3. අපේ රටට අතපොවන්න යුද්ධය උපයෝගී කරගත්තු අයට නම් යුද්ධය අවසන් වීමෙන් හොදක් සිද්ධ වුණේ නැහැ.දැන් යුධ අපරාධ කියල එකක් අටවගෙන තියෙන්නේ ඒකයි.(මම මුලින් සදහන් කළ අයගෙන් 2 හා 3 කොටස්))
          ඒහැර මුලු රටේම අහිංසක (සියලු ජාතීනිට අයත්) ජනතාවටනම් යුද්ධය අවසන් වීම විශාල ආශීර්වාදයක්.

          • 99wadura says:

            @ඒහැර මුලු රටේම අහිංසක (සියලු ජාතීනිට අයත්) ජනතාවටනම් යුද්ධය අවසන් වීම විශාල ආශීර්වාදයක්.

            රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරය සමග අටවපු 2001 සාම ගිවිසුමෙන් පස්සේ යුද්දයක් තිබ්බේ නෑ!සාම ගිවිසුම උල්ලංගනය කරලා නැවත යුද්දේ පටන්ගත්තේත් සිංහල ජාතිවදීන්නේ !

            • //රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරය සමග අටවපු 2001 සාම ගිවිසුමෙන් පස්සේ යුද්ධයක් තිබ්බේ නෑ//
              ඇත්ත.ඒකාළයේ තමයි කොටි ඊළග යුද්ධයට අවශ්‍ය
              1.ආයුධ , 2.සෙබලුන්, 3.සංනිවේදන උපකරණ සපයගත්තේ
              4.බංකර් හදාගත්තේ
              5.ලංකාවේ හමුදාවේ බුද්ධි අංශය විනාශ කළේ.
              කෙටින් ම කිව්වොත් හොද හුස්මක් ගත්තේ.
              මාවිල්ආරු සොරොව්ව වැහුවේ සිංහල ජාතිවාදීන් ද? අනික කොටි කඩුව මුවහත් කළේ කොස් කොටන්න නෙවෙයි නේ.

              (මාර්තෘකාවෙන් බැහැරව, 99 ඔබේ බ්ලොගයේ ලිපි කෝ?)

  14. 99wadura says:

    @ජයශ්‍රී පවසන්නේ:
    අප්‍රේල් 21, 2011 දින 9:43 පෙ.ව. ට

    අද හැමෝම සැනසිල්ලේ ජීවත්වෙන්නේ යුද්ධය අවසන් වෙච්ච නිසා කියන එකත් අමතක කරන්න එපා!

    අපට ඇතිතරම් නිදහස බුක්තිවිදින්න අප 150,000 කට අධික දෙමල ජනයාගේ ජීවත් වෙන්න තිබ්බ නිදහස අහිමි කරා කියලනේ ඔය කියන්නේ !අප කොතරම් ආත්මර්ථකාමිද???

    • මම හැමෝම කියන එකෙන් අදහස් කලේ සකල ලංකාවාසී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී මෙකී නොකී සියලු දෙනා.

      මතක තියාගන්න යුද්ධය අවසන් වීමෙන් වඩාත්ම ප්‍රතිලාභ ලැබෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට.

      (මාර්තෘකාවෙන් බැහැරව: 99 ඔයාගෙ බ්ලොග් එකත් හැක්කරලද?, ඔයාම හැක්කරගෙනද?)

  15. 99wadura says:

    @මතක තියාගන්න යුද්ධය අවසන් වීමෙන් වඩාත්ම ප්‍රතිලාභ ලැබෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට.

    ජයසිරා මල්ලි රාජ්‍ය මීදියා වලින් මෝහනය වෙච්ච එකෙකුට හොදම උදාහරණයක් !

    • මට කියන්න 99,
      1.උ/නැ දෙමළ අයගේ දරුවන් LTTE එකට බලෙන් පැහැර ගෙන යනවනම්
      2.එහෙම පැහැරගෙන යන සමහර අයගෙ මොළ සෝදල මින්ස් බෝමබ බවට පත් කරල දකුණේ පුපුරවනව නම්
      3.අනෙක් අය පෑනයි පොතයි විසිකරවල T56 බලෙන් අතට දීල යුද්ධ කරන්න යවනව නම්
      4.දෙමළ ව්‍යාපාරිකයින්,රජයේ සේවකයන් ගෙන් කප්පම් ගන්නව නම්
      5.ගෙදර මිදුලට ෂෙල් වෙඩි පතිත වෙනවනම්
      ඒවා හොදයි ද? ඒවා දැන් සිද්ධ වෙන්නේ නෑ කියල ඔයාට පෙනෙන්නේ නැත්තේ ඇත්තටම ඔයා අන්ධ වෙලාද?

      • 99wadura says:

        යුද්දය කියන්නේ නුඋගත් මෝඩයින්ට තියන එකම පිළිතුර ! මේ ප්‍රශ්න වලට අනන්තවත් විකල්ප මානුෂිය පිළිතුරු තිබෙනවා !ගාමිණී වියන්ගොඩ ,නැත්නම් වික්‍රම බාහු වගේ අයගේ අදහස් කියවන්න !

        • ඇත්ත, හැබැයි එහෙම විසදුමකට යන්න නම් දෙපාර්ශවයම එකවගේ අවංක වෙන්න ඕනි.හිතට එකගව බලන්න සාම සාකච්චා අරඹපු හැම වතාවකම කොටින් කළේ ලංකා රජය (මෙන්ම අනෙක් මැදහත් පාර්ශවයන් පවා) රැවටීමට ලක් කොට මීලග යුද්ධයට සූදානම් වීමයි.

  16. 99wadura says:

    Sinhalese being settled in Tamil village in Trincomalee
    [TamilNet, Friday, 22 April 2011, 11:02 GMT]
    Lands in abandoned traditional Tamil village Thennaimaravaadi in Trincomalee district are being allocated three acres each to members of ‘home guards’, now known as Civil defence Force (CVF), dominated by Sinhalese. Sri Lanka Army (SLA) in Trincomalee is organizing the transfer of land on the instruction of the SLA headquarters in Colombo without the approval of local civil authority, Tamil sources allege.

    • TamilNet එකේ SLA ගැන ඇත්ත news දායිද? ඕක කෙලින් ම කොටින්ගේ media එකනේ.

      • 99wadura says:

        @TamilNet එකේ SLA ගැන “ඇත්ත” news දායිද?

        මේ ලෝකේ සත්‍ය කියල දෙයක් නෑ ජයසිරා!පුද්ගලයින්ගෙන් පුද්ගලයට ඒක වෙනස් වෙනවා ! (යම් සත්‍යක්‌ තිබෙනවනම් තියන සත්‍යෙත් පැතී දෙකක් තියනවා !එකක් සිංහල සත්‍ය අනික දෙමල සත්‍ය කියා)
        මේ සත්‍ය බාරගන්න බැරිව තමා මේ දෙගොල්ලොම මරා ගත්තේ !

        කෙසේවෙතත් ටැමිල්නෙට් කියන්න අවශ්‍ය නැහැ ,අද උතුරු නැගෙනහිර සිදුවන සිංහල මිලිටරි ජනපදකරණය ගැන නොදන්නා අයෙක් නොමැත! ජයසිරා මලයා ජාතිවාදී බන අහල බොරු කියන්නත් පුරුදුවෙලා !

        ‘ඔබ අතින් වරදක් සිදු වුවහොත් එය නිවැරදි කරන්න බය නොවන්න, වරක් කොන්ෆියුසියස් කිව්වේය.

Leave a reply to 99wadura Cancel reply