සුමනදාසට එරෙහිව පෝල් නම් බූවල්ලා -Astro Maestro Sumanadasa

Posted: April 12, 2011 in Uncategorized
Tags:

 

පහු ගිය දාක ඇට මැස්සාට ලැබුණු එස්.එම්.එස්. එකක්  නිසා තව පොඩ්ඩෙන් හුස්ම හිර වී මැරෙනවාය.

ඒ හිනාව නවත්තගන්ට බැරිවය.

 එස්.එම්.එස්. එක එවා තිබුනේ ආණ්ඩුවේම මොබිටෙල් ආයතනයෙන්ය.

වැඩි කතා ඕනේ නැත. මෙන්න එස්.එම්.එස් එක.

” Mobitel together with SLT launch  ‘ My astro ‘ ( Personilzed Astrological readings) in partnership  with  astro maestro ,Deshabandu Sumanadasa Abeygunawardana!”

මේ සුමනදාස වෙන කවුරුවත් නොව පහු ගියදාක්‍රිකට් තරඟ ගැන අනාවැකි කියා පෝල් බූවල්ලාට අඳින්න ගොස් හත් පොලේ ගා ගත් දේශබන්දු සාත්තර තුමාමය.

සටහන- මීට වඩා හොඳට මහාචාර්යවරු භූමිකම්පා ගැන සාත්තර කියනවාය.

            ඊටත් වඩා හොඳට බූවල්ලෝ සාත්තර කියනවාය

 

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: Astro, Maestro, Sumanadasa, එරෙහිව, නම්, පෝල්, […]

  2. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: එරෙහිව, […]

  3. Anonymous says:

    අර ජෝතිශ ලංකා කියල පට්ටපල් බොරු ලියන මනුස්ස්ය මේකට මොකද්ද දන්නෙ නෑ කියන්නෙ?

  4. පද්දා says:

    මේව මෙච්චර එළිපිට කියන්න හොඳ නෑ. මොකද මෝඩයෝ ගොනාට අන්දල හරි සමහරු කීයක් හරි හොයා ගන්නෙ මේ ගේම් එකෙන්නෙ. මම දන්න හීරළුවෙකුත් ඉන්නව බේබදුකම ගැන ප්‍රසිද්ධ. මනුස්සය ඔය හවසට දෙකක් දාගන්න ගාණක් හොයා ගන්නෙ පොරොන්දමක් දෙකක් බලල තමයි. ඒකත් නැති වුණොත් ඉතින් මේ මනුස්සයට බොන්න විදියක් වත් නෑනෙ. ඒ හන්ද ඔය ජෝතිශේ බොරු වගේ කතා දාන්න එපා. පව්නෙ.

    • @පද්දා
      තමුන්නාන්සේ කවුරුන්දැයි අපි සැවොම දනිමු.එක එක නම් වලින් කොමෙන්ට් කලාට නුඹ කවුරුන්දැයි ලේඛන ශෛලයේ ගැබ්ව ඇත.බ්ලොග් අවකාශය තුල වෙස් පෙරලීමට ගොස් ඔබගේ ප්‍රධාන බ්ලොගය නැතිවිය.ඔබට තවත් බ්ලොග් ඇති බවද දනිමි.හැක් වූවා යැයි කියන බ්ලොග් වලින් කිහිපයකම අයිතිය ඔබේ බවද බ්ලොග් ලියන සැවොම වාගේ දැන් දනී.මෙතරම් බ්ලොග් ලිවීමට කාලය කොයින්දැයි පුදුම සිතේ.ජ්‍යොතිෂයට බැන්නාට කම් නැත.ඒ තමුන්නාන්සේගේ මතයයි.ඔබ කියනා දෙයෙහි ඇත්තක්ද ඇත.ඒ අප වැනි ජ්‍යොතිෂව්දීන් ජ්‍යෙතිෂයෙන් එදා වේල ගැටගසා ගනී.නමුත් ජ්‍යොතිෂය කරන සියළු දෙනා බොරු කාරයන් යැයි පැවසීම හා ජ්‍යොතිෂය බොරු මිත්‍යාවක් යැයි පැවසීම අනුමත නොකරමි.

      • Anonymous says:

        අනේ ජෝතිශ ලංකා ආතේ. ජෝතිශෙන්ද මේවා හොයා ගත්තේ ආතේ? වැඩ බැරි වෙලා දැන් ලජ්ජාව වහ ගන්න හැටිද මේ? අනේ මිනිස්සු නොරවටා සාධාරණ රස්සාවක් කරන්න ආතේ.

  5. @Anonymous
    මේ වගේ මිනිස්සු කියන අනාවැකි නිසා තමයි.ජ්‍යොතිෂයත් පල්වෙන්නේ.මේ සම්බන්ධ ලිපි කීපයක් මම මේ ලිපියටත් කලින් පල කරල තියෙනවා.ඔන්න පල්ලෙහා ඇති.ඔයා ඇනෝ කෙනෙක් වගේ වෙනින් අයගේ බ්ලොග් වල මට බනින්නෙ නැතිව මගේ බ්ලොග් එකට ඇවිල්ල මගො ලිපි ටිකක් කියවල මට බනින්නකෝ.

    http://lankajhothisha.blogspot.com/2011/04/blog-post.html
    http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_15.html

    • Anonymous says:

      අනේ ජෝතිශ ලංකා ආතේ, ඔයා ඉතින් ඔච්චර පඬියා නං ඔයාට කියන්න තිබුණනේ ලෝක කුසලානේ දිනනේ ඉන්දියාව කියලා. ඔයා කිව්ව නම් අපි ඔච්චර හෝප්ස් තියා ගන්නේ නැහැනෙ. ඔයාටත් අපි පැරදුනාම ඔච්චර රිදිල තියෙන එකෙන්ම පේනවනෙ ඔයාත් ඒක කලින් දැන හිටියෙ නෑ කියලා. ඔයාට ඕක වත් කියන්නෙ බැරි නං ඔයාගෙන් ඇති වැඩේ මොකද්ද ආතේ? අනේ දැන්වත් ඔය ප්‍රෝඩාව නතර කරලා ලෝකෙට වැඩක් ඇති රස්සාවක් කරන්න ආතේ. මොඩයෝ ගොනාට අන්දගෙන අසාධාරණෙන් කඩා වඩා නොගෙන. මේ විසි එක් වැනි සියවසේ ඉන්නෙ කොණ්ඩෙ බඳින චීන්නු නෙවෙයි ආතේ.

      • ඇනෝ කොල්ලා උඹ මගේ බ්ලොග් එකට ආපු මුල්ම දවසෙත් අහල තිබුනෙ ඔය වගේ මෝඩ කතාවක්මයි.ග්‍රහයො කොහොමද යුධ වදින්නේ කියල අහපු වෙලෙත් ඔය චීන්නු කොන්ඩෙ බැදපු කතාව කිව්වා.ජ්‍යොතිෂයෙන් ක්‍රිකට් මැච් එකක ටීම් එකක් ගහන ලකුණු ගනන කියන්නවත් එහි ජය පරාජය ගැන කියන්නවත් බැහැ.ජ්‍යොතිෂය කියන්නේ ඒ වගේ කනාමුට්ටි ශාස්ත්‍රයක් නෙවෙයි.ඔයාට ඒ ගැන ඊට වඩා කියන්නේ නැහැ.ඔය ලමයා ප්‍රශ්න කරන්නේ වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිල්ල නැති ගානටනේ.

  6. Beyond Frame says:

    මේක මෙහෙම වුණේ මොබිටෙල් ආණ්ඩුවේ හින්දනෙ. ෆොන්සේක මහත්තය බලේට ආව නං ඔය කිසි කරදරයක් නෑ.

  7. lokka says:

    Oh!! Beyond Frame , after long time. Where have you been? mmmmmmm
    Is that you bro?
    @Gadfly
    can you please reveal this BF’s IP

  8. @ඇට මැස්සා
    බොහොම ස්තූතියි මගේ අදහස් පල කරන්න දුන්නට.මේ ඇනෝ කියල තියෙන දේවල් අහල තියෙන දේවල් වලින්ම පේනවා එයාගෙ දැනුමෙ මට්ටම.මගේ නමින්ම චෝදනා කරල තිබ්බ නිසයි මම කමෙන්ට් කලේ.මම යනවා ඔන්න දැන් ගේ පාළුයි. හොදට වළං බිදහං ඇනෝ.

    • Anonymous says:

      ඔන්න වැඩ බැරි ජෝතිශ ආතා දුවනවෝ. ඔය ජෝතිශ කණා මුට්ටි සෙල්ලමින් ක්‍රිකට් මැච් එකක ජය පරාජය වගේ සරල දෙයක් වත් කියන්න බැරි නම් වෙන දේවල් ගැන මොන කතාද ආතේ?

      දැන් ඔය ආතා තමන්ගෙ වෙබ් එක දාගෙනත් ටික කාලයක්නෙ. කියන්නකෝ එක අනාවැකියක් හරියට කියපු. මේ රටේ ගොන්නු ඉන්නකල් උඹලා වගේ තක්කඩියන්ට උන්ව ගොනාට අන්දත හැකි පොර ටෝක් දාගෙන. කවුරු හරි චැලේන්ජ් කළාම බයේ දුවනවා නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන.

  9. මේ කොහේද යන මෝඩ ඇනෝ කොල්ලෙක් හින්ද පෝස්ට් එකට අදාළව යමක් ලියල යන්න බැරි වුනා.ඇත්තටම මේ වගේ දුරකථන සමාගම් සමග එකතු වෙලා පාරිභෝගිකයන්ට ජ්‍යොතිෂ අනාවැකි පැවසීම ජ්‍යොතිෂයට අගෞරව කිරීමක් මේකෙන් වෙන්නේ ජ්‍යොතිෂය මුදලට විකිනෙන එක.මේ වැඩ මමත් අනුමත කරන්නේ නැහැ.එටිසෙලාට් කට්ටියත් මේ වගේ නරක වැඩක් කරනවා පල්ලෙහා පෝස්ට් එක බලන්න.ආ ..ඇනෝ උබ බලන්න එපා.උබ ඉන්නෙ වලිගෙ පාගගෙන

    http://lankajhothisha.blogspot.com/2011/01/etisalat.html

    • Anonymous says:

      අනේ ආතෙ, මෙතැන තියෙන්නෙ දුරකතන සමාගම් වල විකිණීමක් ගැන කතාවක් නෙවෙයි ජෝතිශේ කියන්නෙ කිසිම පදනමක් නැති පට්ට පල් බොරුවක් කියන තර්කෙ පොඩ්ඩක් වත් හොල්ලන්න ආතට වත් ඔය කියන වෙන කිසිම ජෝතිශකාරයකුටවත් නොහැකි වීම.

      ඔය තක්කඩි ජෝතිශ කාරයො තමන් බේරෙන්න දාන තර්කෙ තමයි අරය කියන්නෙ බොරු, ඒත් මං කියන්නෙ ඇත්ත කියන එක. ඒත් හැමෝම අන්තිමට කියන්නෙ බොරු තමයි.

      ඔය ආත අනුන්ට බැණ බැණ ඉන්න වෙලාවෙ හරි අනාවැකියක් කියල ජෝතිශේ කියන්නෙ හරිය කියල ඔප්පු කරන්නකො. මේ විසි එක් වැනි සියවසේ ඔය වගේ මිථ්‍යා පතුර පතුර යන්න ලජ්ජාවක් කියල එකක් නැද්ද ආතෙ? ආතල රෙදි ඇඳගෙනද ඔය මිථ්‍යා පතුරවන්නෙ?

  10. Anonymous says:

    ‘ජෝතිශේට අගෞරව කරනවා’ කියන්නෙ මොකද්ද ආතෙ?

    ඔය කපුටු සෑස්තරේට තව අගෞරව කරන්න දේකුත් තියෙනවද?

  11. mathalan says:

    අනේ මෝඩ ඇනෝ උඹ මෙතනට ඇවිල්ල මෝඩ කම පෙන්නපු හින්ද මේ පෝස්ට් එකෙන් කියන්න ගියදේ වෙනතකට ගිහිල්ල.ජ්‍යොතිෂය කියන්නේ පුද්ගල කටයුතු ප්‍රමාද කරන මිත්‍යා දෙයක්.ජ්‍යොතිෂය කරන අය කපටි නරක අය. දැන් මෙතනට කමෙන්ට් කරපු ජ්‍යොතිෂය කරන කෙනත් ඒ වගේම කෙනෙක් වෙන්න ඇති.උඹ ඇවිල්ල බූරුව වගේ නටපු බූරු වන්නම නිසා ලකුණු වැටුනෙ ඌට.

  12. හුරුල්ලා says:

    මාතෘකාවට ඍජුවම නූනත් අදාළ කාරණාවක්.

    පළාමල්ල, ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම්ගේ අඩවි සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් හැක් කරපු වෙලාවේ ‘ජෝතිෂ-ලංකා’ හා ‘මාරයා’ නම් ලොකු ආතල් එකක් අරගෙන තිබුණු බව පෙණුනා. මේදෙන්නාම ඒ ආතල් එක ගන්න ඇත්තේ මේ අඩවි වලින් දිගට හරහර ජ්‍යෝතිෂයට පහර වැදුණු නිසා වෙන්න ඇති කියායි අපිට හිතෙන්නේ. ප්‍රෝඩාවකට ගහන කොට් ඒ ප්‍රෝඩාවෙන් යැපෙන පිරිසට රිදෙන එක ස්වාභාවිකයි.

    ඇට මැස්සාට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි මේ උන්දෙලා ඉස්සරහට ඇට මැස්සාවත් ඉලක්ක කරන බව. කෙළින්ම ගහන එකක් නෑ. නමුත් වෙන කෙනෙක් ගහලා වැටුණායින් පස්සෙ පොඩි ආතල් එකක් ගනීවි.

    • To හුරුල්ලා:”පළාමල්ල, ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම්ගේ අඩවි සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් හැක් කරපු වෙලාවේ”

      කවුද මේ සිංහල බෞද්ධ අන්තවාදීන්?ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම් තමන් විසින් ම හැක් වුණා කියල මතයකුත් තියෙනව නේද?

  13. @හුරුල්ලා ඔබ දක්වා ඇති සටහනට විරෝධය පල කරමි.මම නම් විරුද්ධව සිටියේ මොහොමඩ් බ්ලාගය සමග පමනයි.ඒත් ඒකෙන් කවදාවත් ජ්‍යොතිෂය ගැන කතා බහ කර තිබුනේ නැහැ.මාරයා ජ්‍යොතිෂය කලත් ඔහු බ්ලොගය පවත්වාගෙන ගියේ ප්‍රධාන ලෙස වෙනත් මාතෘකා අත්දැකීම් ගැන.ජ්‍යොතිෂය සම්බන්ධව ලිවීමේදී මා විසින් ජ්‍යොතිෂයට සම්බන්ධ ඇතැම් පාර්ශ්වයන් විවේචනය කලා .එය මා විසින් කරන හා දැනටත් කෙරෙන දෙයක්.ජ්‍යොතිෂය නිවැරදිව මිනිසුන් අතරට ගමන් කරවීමට සිතා එය කලත් සමහර අවස්ථාවල එම ක්‍රියාව මෝඩ වැඩක්ම වුනා.මාරයා ජ්‍යොතිෂය ගැන ලියන විට මටත් වඩා ගෞරවාන්විත විදියට එය සිදු කලා.ටැබූ ජ්‍යෙතිෂයට විරුද්ධ වුවත් කවදාවත් අපේ හිත් රිදවා නැහැ.බ්ලොගයට පැමිනෙන සෑම කෙනෙකුටම ඔහු සුහදව සැලකුවා.ටැබූ බ්ලොගය වැසුනු පසු ඔබ කියන විියට අපි ආතල් ගත්තේ නැහැ.මාරයා කලේත් එයාගෙ බ්ලොග් එකට ආපු කොමෙන්ටුවක් පබ්ලිෂ් කරපු එක විතරයි.ඒක එයා නොකලනම් ඔබ මේ දාපු කොමෙන්ටුවේ සදහන් වන්නේ මගේ බ්ලොගයේ නම පමනයි.

  14. bathiya says:

    ජ්‍යොතිෂලංකා බ්ලොග් එක කරන කෙනාට බැනපු ඇනෝට ඒක කරන්න තිබුනේ ඇනෝ කෙනෙක් වගේ නෙවෙයි.ඒ ඇනෝත් බ්ලොග් ලියන කෙනෙක් නම් නියම ප්‍රොපයිල් එකෙන් ඇවිල්ල එයාට චැලෙන්ජ් කරන්න තිබුනේ.ඔය ජ්‍යොතිෂ කාරයො සේරම කරන්නේ බොරු.උන් රටට මහා පිල්ලියක් වගේ ජාතියක් .සේරම අය උන්ට බනින්නෙ නිර්නාමිකව එහෙම නැත්නම් ආරූඩ නම් වලින්

    • එහෙම කතා කරන්න එපා භාතිය, ජ්‍යොතිෂය තමන්ට වැඩදායී ලෙස යොදාන්න තමන් දැනගන්න ඕන.ජ්‍යොතිෂය කියන්නේ ගැඹුරු විශයයක්.

      • Anonymous says:

        හුහ් හුහ් හූ. ජ්‍යෝතිශේ කියන්නෙ ගැඹුරු විෂයක්ලු. අපි මේ විසි එක් වැනි සියවසේද ගල් යුගේද ඉන්නෙ? ඇයි මිනිස්සු මේ තරම්ම මෝඩ?

        • ඔබේ නොදැනුවත්කම ගැන කණගාටුයි.තාරකා විද්‍යාවේ මූලාරම්භය තමයි ජ්‍යොතිෂය.අද තියෙන නවීන තාක්ශණික උපකරන නොතිබුණ යුගයේ අභ්‍යාවකාශයේ රහස් සොයාගත්තේ ජ්‍යොතිෂය භාවිතා කරල තමයි.මම දන්න විදියට ජ්‍යොතිෂය ගණිතය මත පදනම් වෙච්ච ගැඹුරු විශයයක්.(ඔබත් ඒගැන සොයා බලන්න).

          [හැබැයි ගැඹුරුයි කියන එක සාපේක්ශයි.O/Lසිසුවෙකුට ගැඹුරු A/L සරසවි සිසුවෙකුට ගැඹුරු නෑ.]

          • වෙනත් අයගේ බ්ලොග් වල තමන්ගේ බ්ලොගයේ ලින්ක් දාන එක වැරදියි තමයි.ඒත් මේ පෝස්ට් එකේ පලමු කමෙන්ට් එක විදියට ඇනෝ කෙනෙක් මගේ බ්ලොගයේ නමින්ම මාව පට්ටපල් බොරු කාරයක් ලෙස හදුන්වා ඇති අයුරු දුටු විට මා තරමක් කලබල වුනා.මේ කවුද කියලා.මා ජ්‍යොතිෂවේදියකු වුවත් බ්ලොගය ලියන්නේ වෙළඳ වාසි බලාපොරොත්තුවෙන් නෙවෙයි.බ්ලොගයට කමෙන්ටු දැමූ ඇතැම් අයට මා සුළු සුළු ජ්‍යොතිෂ උපදෙස් දී ඇති නමුත් ඒ කිසිවකුගෙන් මුදල් හෝ වෙනත් කිසිදු ආකාරයක දෙයක් ලබාගෙන නැහැ.මේ කමෙන්ට් දාන ඇනෝ ලිපියක් සම්පූර්ණයෙන් කියවන්නෙත් නැහැ.එයාගෙ අයිපී එක අනුව මම බැලුවා.එයා මගේ බ්ලොගයට දාපු මුල්ම කමෙන්ට් එක ලියල තියෙන්නේ ඉතාම අඩු කාලයකට පස්සේ.ඒක බ්ලොග් ලිපිය කියවන්නවත් ප්‍රමාණවත් කාලයක් නෙවෙයි.
            ඔබ හරි ජය ශ්‍රී ජ්‍යොතිෂය නවීන විද්‍යාවට ගුරු හරුකම් දීල තියෙන බව මමත් පෝස්ට් කීපයකින් ලියල තියෙනවා පල්ලෙහා ඇති බලන්න (වෙනත් අයගේ බ්ලොග් වල තමන්ගේ බ්ලොගයේ ලින්ක් දාන එක වැරදියි තමයි සමාවෙන්න)
            http://lankajhothisha.blogspot.com/2010/10/blog-post_09.html
            http://lankajhothisha.blogspot.com/2010/10/2.html
            http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_08.html
            http://lankajhothisha.blogspot.com/2011/04/4.html

  15. අනේ .. ඇනෝ ඔයා ජ්‍යොතිෂයට බැන බැන අවුරුදුත් කනවා නේද?උබලා වගේ උන්ව අවුරුදු කාලෙට රටෙන් පිටුවහල් කරන්න තියෙන්නේ. ආ..ඒකට කමක් අපේ ඇනෝටත් ඇට මැස්සාටත් අන් හැමෝටමත් ලබන්නාවූ අළුත් අවුරුද්ද බලාපොරොත්තු සඵල වන සුභ නව වසරක්ම වේවා.!දැන් ඇනෝ කියයිද දන්නෑ අනේ උබේ අළුත් අවුරුදු සුභ පැතුම්.විසි එක්වෙනි සියවසේ ඉන්න අපිට උබලා වගේ පාරම්පරික ගොඩයන්ගේ සුභ පැතුම් අවශ්‍ය නැහැ කියලා.ඇනෝ ලමයා ටිකක් ලාබාලයි වගේ මොනා වුනත් ඔයාට සිංහල ටයිපින් පුළුවන් වුනාට අනිත් අයට සුහදව කතා කරන්න බැහැ වගේ.ඔයාලා වගේ මෝඩ ඇනෝලත් එක්ක වාද විවාද කර කර ඉන්න අපිට ඇගේ අමාරුවක් නැහැ ළමයා.තමුන් ඔච්චර විවාදශීලි නම් ඔයාගේ නම ලිපිනය විස්තර ලියල මෙතන කමෙන්ට් කරන්න.මම හිතන්නෑ ඔයාට එච්චර දෙයක් පුළුවන් කියලා.ඔන්න බොරු නම් ගම් දෙන්න එපා.

    • Anonymous says:

      වාද කරන්න මොනවද තියෙන්නෙ ආතෙ ඔයා වගේ ගල් යුගේ කොණ්ඩේ බැඳපු මෝඩයෝ එක්ක? ඔයාට ඔය අවුරුද්ද ලොකු උනාට අපට ලොකු නෑ. අපට ඒක තව දවසක් විතරයි.

      • මහින්ද අබේසුන්දර says:

        ඇනෝගෙ අනිත් කතා කෙසේ වෙතත් අවුරුද්ද ගැන දාපු එක නම් හරි.. මේක තව 1 දවසක් විතරයි. නිකන් නැකැත් බල බල මැරෙන්න හදනවා මිනිස්සු. අවුරුද්දට විතරද නැකැත් තියෙන්නෙ? අනිත් දවස්වලත් තියෙනවා නෙ. ඒ දවස්වල නැකැත් බලන් නැත්තෙ ඇයි.. ගොන් පාට්. මේ මගුල තව අවුරුදු ගානකින් නැති වෙලා යනවා ,මට නම් ශුවර්..

  16. Anonymous says:

    අනේ හුරුල්ලෝ, උඹටත් තේරෙන්නෙ නෑනෙ. ඔය මාරයාගෙන් හොඳක් අහ ගන්න නම් එක්කො ඌට ගල් බෝතලයක් ගිහින් දෙන්න ඕනැ, නැත්නම් ඌට ගෑනියෙක් දෙන්න ඕනැ. මොකද දැන් අවුරුදු තිස් එකේ තනිකඩයා ගෑනියෙක් නැතුව බ්ලොග් එකෙන් හූල්ල හූල්ලා ඉන්නෙ. කොහොද ටැබුව ඔය දෙකෙන් එකක් වත් දුන්නයැ. ඉති මාරයාට ටැබුවා ගැන මාරාවේශ වීම පුදුමයක්යැ. ටැබුවත් ඔන්න ඔය මනුස්සයට ගල් බෝතලයක් ගිහින් දීල තිබුණ නම් ඇති තරම් හොඳ අහ ගන්න තිබුණ.

  17. Anonymous says:

    අන්න අපේ ජෝතිශ ලංකා ආතා තමන්ට ගැළපෙන නම හොයාගෙන තියෙනවා – “පාරම්පරික ගොඩයා”

    වෙන වෙන තැන් වල කමෙන්ට් නොදා තමන්ගෙ බ්ලොග් එකේ කමෙන්ට් දාන්න කියන මේ “පාරම්පරික ගොඩයාට” තමන්ගෙ මතය විවේචනය කරන කමෙන්ට් එකක් අනුමත කරන්න තරම් වත් සදාචාරයක් නෑ.

    (මේ මගේ අවසාන කමෙන්ටුව විය හැකියි.)

  18. @Anonymous
    “අපේ ලංකා ජ්‍යොතිෂ ආතා” මෙතන “අපේ” කියන වචනෙට මම හරි ආසයි ලමයා.මගේ බ්ලොගයට ඔයා දාපු කමෙන්ට් ගොඩක් ජ්‍යොතිෂය සමග ද්වේශ සහගතව ලියපුවා.මොනා වුනත් ඔයා අසභ්‍ය වදන් කවදාවත් ලියල තිබුනේ නැහැ.ඔයා ජ්‍යොතිෂය තර්ක කරන්න කලින් ඒක ටිකක් අත්හදා බලන්න.ඔයා අද දාපු කමෙන්ටුව මම පබ්ලිෂ් කලා.දිගටම මගේ බ්ලොගය සමඟ රැදී සිටින්න.

  19. මහින්ද අබේසුන්දර says:

    සුමනදාසගේ නැකත් පත!!!

  20. මම මුලින් හිතං හිටියේ මහින්ද අබේසුන්දර ගේ නම පාවිච්චි කරල වෙන කෙනෙක් comment කරනව කියල.අද තමයි දැනගත්තේ නෑ ඒ මහින්ද අබේසුන්දර ම තමයි කියල!

    lol

  21. මහින්ද අබේසුන්දර says:

    කොහොමද දැන ගත්තෙ???

  22. “විමසුම” ත් ඔයාගෙ comment වලත් සමානකම් තියෙනවා නේ ! lol

  23. මහින්ද අබේසුන්දර says:

    thanx malleeee

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s