නොකියූ කතා

Posted: April 8, 2011 in Uncategorized
Tags: ,
තමන් පමණක්‌ නොව තම දෙමාපිය, සහෝදර සහෝදරියන් මෙන්ම අඹුදරුවනුත් නඩත්තු වන්නේ මේ රටේ මහජනතාවගේ  මුදලින් බව රාජ්‍ය සේවකයන් සිහි තබා ගත යුතු යෑයි ජනාධිපති තුමා ඊයේ කියා තිබේ. ඒක ඉතා හොඳ වැඩකි.ඒ වගේ දේවල් රජයේ සේවකයින්ට නිතර මතක කර දිය යුතුය.  රජයේ සේවකයින්ද  ඒක අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු දෙයකි.
 
මේ අතරේ සමහරුන් රජයේ සේවකයින්  පමණක් නොව දේශපාලකයින්ද ඉහත කරුණ මතක තබා ගත යුතු බව කියති. එය මෝඩ තර්කයකි. මෝඩ කතාවකි.
 
ඇත්තෙන්ම කිව්වොත් අපේ රටේ මහජන මුදලින් යැපෙන්නේ රජයේ සේවකයින්  පමණක්ය. අපේ දේශපාලකයින්  එහෙම නැත. අපේ රටේ දේශපාලකයින් සත පහක දෙයක් මහජනතාවගේ මුදලින් ගන්නේ නැත. ඔවුන්ගේ අඹු දරුවන් , දෙමව්පියන් නඩත්තු කරන්න ඒ මහා ජන මුදලින් නෙවේය. ඒ නිසා දේශපාලකයින් ඔවැනි දේවල් මතක තබා ගත යුතු නැත.
 
ඔවුන් ගුවන් යානා පිටින්  රට සවාරි යන්නේ පරම්පරාවෙන් හම්බ වූ බූදලයෙනි.
 
ඔවුන්ට ප්‍රාඩෝ , මොන්ටෙරෝ ,බී එම් ඩබ්ලිවු, බෙන්ස්  අරන් දෙන්නේ ඔවුන්ගේ අඹුවන්ගෙන් ලැබුණ දෑවැද්දෙනි.
 
මැතිවරණ  වලදී දන්සල් පවත්වන්නේ , රුපියල්  කෙල  කෝටි ගණන් වියදම් කරමින් පෝස්ටර් , දැන්වීම් පල කරන්නේ ඔවුන්ගේ පෙර පින් බලය නිසා පහල වී ඇති සුරභි ධෙනුවගෙන් ලැබෙන ධනයෙනි.
 
දේශපාලකයින්ට පමණක් නොව ඔවුන්ගේ හත්  මුතු පරම්පරාවටම පමණක් නොව ඔවුන්ගේ කුක්කන්ටද  සුර සැප දෙන්නේ, රැකියා දෙන්නේ  මහා ජන මුදලින් නොවේ ඔවුන්ගේ පිනට පහල වූ සල්ලි ගස් වල කොළ කැඩීමේනි.
 
අනික් වැදගත්ම කාරණය නම් දේශපාලකයින් රජයේ අයිතිකාරයින් මිස සේවකයින් නොවන බවයි. ඒ නිසා ඉහත කතාව දේශපාලකයින්ට ආදේශ කිරීමට කවුරුත් කලබල විය යුතු නැත.
 
 රජයේ සේවකිය්න් විසින් මතක තබා ගත යුතු තවත් ඉතා වැදගත් කාරණයක් ද එතුමා විසින් මෙහිදී මතක් කර දේ තිබේ. එනම් රජයේ සේවකයන්ට අපේ රටට දරන්න පුළුවන් උපරිම වැටුප් ලබාදීලයි තිබෙන බවයි. ඒ නිසා 2500 කතා සම්පූර්ණයෙන්  අමතක කර දමා එළවලු ඇට ටිකක් හිටුවා ගෙන ජීවත් වීමට සූදානම් විය යුතුය.
 
Advertisements
Comments
  1. ```Outsider``` says:

    ඔය බඳවාගත් අයෙක්ට මාසයකට ගෙවන වැටුප රු.13990 කි. ඊට අමතරව ජීවන වියදම් දීමනාව ලැබේ. ඒකෙන් යම් ප්‍රමාණයක් නැවත අය කර ගන්න ක්‍රමයක්ද ඇත. ඒ අනුව මේ අලුත් අයට අතට ලැබෙන්නේ මාසිකව රු. 17000 කට ආසන්න ගණනකි.
    ඇත්තෙන්ම එය තනියෙන් ජීවත් වෙන කෙනෙකුට සති දෙකකටත්, පවුලකටනම් දින දහයකට පමණත් ජීවත්වෙන්න ප්‍රමාණවත්ය.
    මහ එවුන් කියන තරම් දෙයක් ර‍ජයේ සේවකයින්ට ලැබෙන්නෙ නෑ. වෙන අංශ වල වැඩ කරන අයට ඊට වඩා ලැබෙනව.

  2. Kandula says:

    ජනාධිපතිතුමා ආවාටගියාට කතාකරන උත්තමයෙක් නෙමෙයිනේ. රජයේ සේවකයෝ හොඳහිතින් ඔය කියපුදේ මතකතියාගෙන පිලිපදින්න ඕනේ.

    ඔය කතාව අදාල නොවන්නේ මැතිවරණ කොමසාරිස්තුමා, පොලිස්පතිතුමා වගේ රජයේ සේවක “තුමාලාට” විතරමයි. ඒගොල්ලන්නේ දරුපවුල් නඩත්තු කරන්නේ රටේ ආන්ඩුපක්සයට හිතවත් වියාපාරික ප්‍රජාව නොවැ.

  3. -- says:

    අපි නොදන්නවට මැකෝ නම් රජයේ සේවකයෙක් නෙවේ වෙන්ටැ කන්ඩුල. රජයේ සේවකයෙක්ට සේව්ය කරන්න පුලුවන් උපරිම වයස 60 ලු නේ…

  4. අදට පමණක් නොව සර්වකාලීන වටිනාකමක් ඇති post එකකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s