පරාජය පිටුපස බටහිර කුමන්ත්‍රණයක් ?

Posted: April 4, 2011 in Uncategorized

ක්‍රිකට් ලෝක කුසලාන මෙහෙයුම  අවසන්ය. ඉන්දියාව දිනුම්ය . අපි පරාදය. හැබැයි අපේ ආණ්ඩුව දිනුම්ය. ඒ මාස දෙකහමාරක්   පමණ ජනතාව රූපවාහිනී තිරවල අලවා තියාගන්නට පුළුවන් වූ නිසාය.  

ඊට අමතරව අවසන් මොහොතේ දෑවන්ත  හයේ පාර කීපයක් එල්ල කරමින් තම ජාම බේරාගන්නටද ආණ්ඩුව සමත් විය. ඒ තීරණය නිසා තමන් ක්‍රිකට් පිලිබඳ විශාරදයන් බවත් , ක්‍රිකට් යනු 50- 50 ගේමක් බව දන්නා බවත්  පෙන්වීමට ආණ්ඩුවට හැකියාව ලැබුණි. තෙල් හා ගෑස් මිල වැඩි කිරීමට , ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයෙන් දිනා , ජනතාව මහා පාරට බැස, ජයගෝෂා නගමින්   කිරිබත්   කන තෙක්  බලා නොසිට ආතල් එකේ උච්චම  අවස්ථාවේ ඒ කාරිය ඉටු කර ගන්නට ආණ්ඩුව සමත් විය.

හැබැයි මේක යන්තම් ගොඩ යාමක් පමණය. අවසන් තරඟයෙන් දිනුව නම් ගොඩේ ගොඩය. තව මාස දෙකක් පමණ ඒකෙන්ම  ගෙන යන්ට ඉඩ තිබුණි. කටුනායක සිට පෙරහරකින් කැන්දා ඒමේ සිට ,හැටහුටහමාරක් උපහාර උත්සව, අරලිය හෝටලයේ සුපිරි සාද , පිටු ගණන්  පත්තර ලිපි, පැය ගණන්  රූපවාහිනී වැඩ සටහන්, ක්‍රීඩකයන්ගේ පවුල්වල විස්තර , ගමේ විස්තර , එතුමා තුමා ලබා දුන් සහය ආදී වශයෙන් etc , etc  etc .

 දැන් සියල්ල අවසන්ය. ඒ මොකුත් නැත. සංගක්කාර ඇතුළු නඩය සියල්ල විනාශ කර දැම්මේය. මොවුන් මෙසේ කලේ මන්දැයි දැන් සොයා බැලිය යුතුව ඇත. ඒ සඳහා කොමිසමක් පත් කල යුතුය. එහි සභාපති කමට පංචායුද කුමාරයා පත් කර  මේ පරාජය පිටුපස බටහිර කුමන්ත්‍රණයක් තිබුනේදයි සොයා බැලිය හැක. බෑන් කී මූන් මෙයට සම්බන්ධ දැයි අනිවාර්යෙන් හෙවිය යුතුය. සමහර විට සරත් ෆොන්සේකා ද කොහෙන් හෝ ගෑවි සිටින්නට බැරි නැත. අර්ජුන ගේ ප්‍රකාශය හරහා ඒ ගැන සෙවීම කල යුතුය. නුවන් කුලසේකර ගේ පොඩි බාප්පා ජේ වීපී කාරයෙක් දැයි යන්න හා උපුල් තරංග ගේ සීයා යූඇන්පී  කාරයෙක්ද යන්නත් , සෙවීම මහින්ද අබේසුන්දරට බාර දිය හැක.

කාලෙකට පසු ලැබුණු හොඳම මෙහෙයුම මකබාස්ට ගිය නිසා අලුත් මෙහෙයුමකද සොයා ගත යුතුව ඇත. ඇත්තටම   කිවහොත් දෙවෙනිදා මැදියමේ සිට ඇට මැස්සා කල්පනාකරමින් සිටින්නේ ඒ ගැනය. රට ජාතිය  ගැන හිතන දේශප්‍රේමී පුරවැසියෙකු වශයෙන් මේ වෙලාවේ ආණ්ඩුවට සපෝර්ට් එකක් දීම අපි කාගේත් වග කීමකි. ඒ නිසා මොකක් හෝ නැගලා යන මෙහෙයුමක් ගැන අදහසක් ඔබට ඇත්නම්  වහාම ඒ බව දැනුම් දෙන්න. තෑග්ග මිහින් එයාර් එකෙන් මාල දිවයිනට  සවාරියක් .

Advertisements
Comments
  1. මහේන්ද්‍ර සිං දෝනි says:

    මෙහෙයුමක් ගැන අයිඩියාවක් නැතත් වරදරකරුවන් ගැන නම් අදහසක් ඇත , වරද කරුවන් අතර ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය , බන් කී මූන්, සරත් ෆොන්සේකා , රනිල් ඇතැම් විට සජිත් , ජවිපෙ සිටිය හැක , පත් කරනා කමිටුවෙන් ටික දෙනෙකුත් විකි ලික්ස් හෙලිදරව්වක් හරහා ඉතුරු ඒවාත් හෙලිදරව් වනු ඇත

  2. ඇටමැස්සා ඔයාගේ අතිශයෝක්තිය වැඩියි.ලෝක කුසලානය පිළිඔදව අප්‍රේල් 2 වෙනිදා දාපු post එක හොදටම ප්‍රමාණවත්.අද post එක නිනම්ම නිකං gon part එකක් විතරයි.

    • PIYADASA says:

      GON TADIYA

      • Anonymous says:

        අනේ ඔව් ඇටමැස්සෝ, ඔය පරාද වෙච්චි දේවල් ගැන ලියන්න හෙම එපා. අපට කොයි තරම් දුකද අපේ මහ රජතුමා මේ වගේ ඉල්ලගෙන කනකොට? පොර ඊයේ එයා පොර්ට් එකෙන් ආවෙත් සරමෙන් මූණ වහගෙනලු. මූණ වහගන්න සරම උස්සන කොට වෙන වෙන දේවල් පේන්න ගන්නවා කියලා මහින්ද මාමා දන්නෙ නෑ. ඒ මදිවට එතුමා රටේ නොහිටපු දවස් දෙක තුනට මේ පාහර නිලධාරි පැට්‍රල්, ඩීසල්, ගෑස් මිළ වැඩි කරලා, ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. කොයි තරම් නරකද? අනේ දෙය්යනේ අර ගඩාපි තමන්ගේ ජනතාව ආරස්සා කළා වගේ අපිව ආරස්සා කරපු මහින්ද මාමට මොකද වෙන්න යන්නෙ? දැන් ප්‍රෙසර් එක නැඟලා ඔහොමම වල කජ්ජ ගහයිද දන්නෙත් නෑ.

      • gadfly says:

        කවුද මචන්ගොන් තඩියා ?

  3. -- says:

    අනේ ඔව් ඔව් මීට පස්සේ පෝස්ට් එකක් ලියන්න කලින් ඔය ජයශ්‍රී මහත්තයගෙන් මාතෘකාව අහලා ලියන්න පටන් ගන්න ඇට මැස්සෝ…

    • ඉරි දෙකක් මහත්තයා, ඇටමැස්සා සතු ප්‍රකාශන අයිතියට සීමාදාන්න මට අවශ්‍යය නෑ.මම අදහසක් දැක්වුවා විතරයි.

      • මහින්ද අබේසුන්දර says:

        මමත් ජය ශ්‍රී මහත්තයගෙ කතාවට එකඟයි!!

  4. මහින්ද අබේසුන්දර says:

    ඇට මැස්සෝ… ඔයාගෙ මේ ලිපියේ අරමුන මොකද්ද??? කියෙව්වට පස්සෙ කියවපු දෙයක් නෑ වගේනෙ… අනිත් ලිපි වගෙ ශක්තිමත් ඒව ලියන්න.. මේ වගෙ එවා ලිව්වම කියවන අපට අපි ගැනම දුක හිතෙනවා….

  5. මල්වංශ මාමාත් සමග ඇති පවුද්ගලික කොන්තරයක් පිරිමහගෙන ඇති හැඩකි…

  6. යවෙස් ලූ මිනිසා says:

    මෙලෝ රහක් නැති ලිපියක්.

    • Anonymous says:

      මේ කමෙන්ට් දැකල මට මතක් වුණා පරණ කතාවක්. ඔන්න බ්‍රාහ්මණයෙක් යනවලු එළුවෙක් කරේ තියාන. කපටි මිනිහෙකුට ඕනැ වුණා වංචාවෙන් එළුවව ලබා ගන්න. ඔහු මිතුරන් කිහිප දෙනෙක් එක්ක ගැහුව සැලැස්මක්. මුලින්ම එක්කෙනෙක් ගිහින් කියනව “ආයුබෝවන් බ්‍රාහ්මණය, ඒත් ඇයි මේ බල්ලෙක් කරේ තියාගෙන?” දැන් බ්‍රාහ්මණයට සැක හිතුනත් තාමත් එළුව කරේ. දැන් දෙවැනියත්, තුන්වැනියාත්, සිව් වැනියාත් ගිහින් ඒකම කියනව. කිහිප දෙනකුම කියනකොට බ්‍රාහ්මණයටත් හිතෙනව මේ කියන්නෙ ඇත්ත වෙන්න ඇති ඇයි මම බල්ලෙක් කර තියාන යන්නෙ කියල එළුව දාල යනව.

      මේ සටහන මෙලෝ රහක් නැතැයි කියන කමෙන්ටුත් ඒ වගේමයි. ඒත් ඇට මැස්සා බ්‍රාහ්මණයාට වඩා නුවණැති බව අපට විශ්වාසයි.

      • gadfly says:

        thank you dear!!

      • නම නොකියන මහත්මයාටයි: බ්‍රාහ්මණය ඇත්තටම කරේ තියානයන්නේ බල්ලෙක් නම්.ඒක පෙන්නල දෙනකොට බ්‍රාහ්මණය ව bite කරන්න ඕන කෙනෙක් ට කියන්න පුලුවන් “නෑ ඔය එලුවෙක් ම තමයි” කියල නේද?

        ඇට මැස්සා කරේ තියාන යන්නේ එලුවෙක් උනත් බල්ලෙක් උනත් අනේ අනුන්ගේ දේවල් මටනම් එපා.

        • Anonymous says:

          අනේ ජය ශ්‍රී මහත්තයො, බ්‍රාහ්මණය එළුවෙන් බැරි නං බල්ලෙක් බැරි නං හු**ක් උස්සං ගියත් එක එයාගෙ වැඩක් නෙ. එකඟ වෙනව නම් එකඟ වෙනව කියමු. නැත්නම් නෑය කියමු. ඒ දෙකටම නැතුව මෙලෝ රහක් නෑය කියල කමෙන්ට් දාන පිරිස කවුද, ඒ අයට ඕනැ මොනවද කියල අපි දැන් හොඳින්ම දන්නවනෙ.

      • මහින්ද අබේසුන්දර says:

        නම නොකියන මහත්තයෝ.. මම යටි අරමුනක් හිතේ තියාගෙන මෙතන කමෙන්ට් කරේ නෑ.. මට ඕන වුනේ ඇට මැස්සාගෙන් ඉස්සරහට මීට වඩා ශක්තිමත් ලිපි ලියවෙනවා බලන්න.. පුලුවන් නම් මහත්තයා මේ ලිපියෙ තියෙන කලින් ලිපියෙ(ලෝක කුසලානයෙන් පසු) නැති වැදගත් කරුනු 3ක් මට පෙන්නන්න… මේ ලිපිය තරහෙන් ලියපු 1ක්.. එහෙම දේවල් කරනකොට ඇට මැස්සා මගේ තත්වෙට වැටෙනවා.( මම ලියන “විමසුම” ගැන දන්නවානෙ? ) මම වගේ වෙන්න කැමති නම් මෙහෙම ලිපි ලියන 1 හොඳයි…

  7. gadfly says:

    දුක තමා මොනවා කරන්නද?

  8. Kandula says:

    මොනවා කරන්නද මචෝ? ලොක්කා කප් එක උස්සන්න දත මැදගෙන හිය හැම සැරේම හබක්නෙ වැඩේ? මුගේ කරුමෙට කොහේද අපේ කොල්ලන්ටත් ගහලා තියෙන්නේ. රට වෙනුවෙන් කප් එක දිනන්න කියලා වෙන රටවල් නායකයෝ ප්‍රාර්ථනා කරද්දී මූ කල්පනා කරන්නේ මට මාස දෙක තුනක් පිම්බිලා ඉන්න කප් එක දිනාපියෝ කියලනෙ. ඉතින් හරියයයිද?

    • Kandula ඔයාට “පරචිත්ත විජානනය ” තියෙනවද එක එක්කෙනා කල්පනා කරණ දේවල් කියන්න?

      • Anonymous says:

        අපට හිතා ගන්නට බැරි අපට වඩා ඥානවන්තයින් කල්පනා කරන දේවල් විතරයි. අපට වඩා මෝඩයින් හිතන දේවල් අපට ලේසියෙන්ම ගෙස් කරන්න පුළුවන්. මට හිතෙන විදියට බුදු හාමුදුරුවන්ට තියෙන්න ඇත්තෙත් ඒ වගේ පර චිත්ත විජානන ඤාණයක්. මහින්ද කියන්නෙ කපටියෙක් වුණාට ඥානවන්තයෙක් නෙවෙයිනෙ.

  9. මේ මල්ලේ පොල් කතාවක් මා දොඩවන්නේ !
    beyond frame හැක් කරපු අවසන් අවස්ථාවේ ථිබූ ‘අල්ලාහ් දඩුවම් කරය්…..’යන ලිපියට නිර්නාමිකව ලියතිබුන ‘ශේර්ලොක් හෝමේ’ ගේ සුත්‍රය එදා මා නොපිළිගත් නමුත් (මා සිතන්නේ එය ලියනු ලැබුවේ රිටිගල ජයසේන )අද මට සිතෙනවා එම කතාවේ සත්‍යක් තියන බව !මතක විදිහට එම සුත්‍රයට අනුව ටැබොඕ, බෙයෝන්ඩ් ෆ්රමේ සහ තවත් මොකක්ද එකක් එකම පුද්ගලයෙකුගේ බව තමඊ ඉන් කියවුනේ !මට සිතෙනවා ඉන් කියවුන පුද්ගලයා ඇටමැස්සා කියා ! බෙයෝන්ඩ් ෆ්රමේ ,ටැබොඕ යනු ඇට මැස්සාගේ ම අවතාරය ද?

    • -- says:

      come ooooon… 🙂
      ටැබූ = බියෝන්ඩ් ෆ්‍රේම් = වැප් නිසාන්ත = ඇට මැස්සා
      මූ මාර පොරක්නේ බලන් ගියාම 😀

      සින්ඩියකුත් තියාගෙන එකේ තියන ඔක්කෝම බ්ලොගුත් ලියන්න තරම් ……

      • Anonymous says:

        ඉරි දෙකේ මහත්තයෝ,

        වැප් නිශාන්ත වැනි පාදඩ ජාතිවාදියෙක් ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම් හෝ ඇට මැස්සායයි කිව හැක්කේ පිස්සෙකුට විතරයි. නමුත් මේ පාදඩ ජාතිවාදියා ‘නුවර පාර’ කියන මහින්දට කඩේ ගිය බ්ලොග් ලියූ එක ගැන නම් සැක නෑ.

        • -- says:

          @ඇනො
          පහුගිය දවස් වල
          ටැබූ = බියෝන්ඩ් ෆ්‍රේම් = වැප් නිසාන්ත කියූ පිරිසටම අයත් කෙනෙක් දැන් ටැබූ = බියෝන්ඩ් ෆ්‍රේම් =ඇට මැස්සා යැයි සිතනවා. එතකොට ඉතිං මේ ඔක්කෝම එක්කෙනෙක් වෙන්නෙපැයි..
          කොහොම උනත් ඇට මැස්සාට ලොකු අනතුරක් ඇති බව මාත් හිතනවා.
          ප්‍රවේශම කෝකටත් හොදයි..

    • Anonymous says:

      බියොන්ඩ් ෆ්‍රේම්, ටැබූ හා කොලු නැතිවීමෙන් – නැති කිරීමෙන් – ඇති වූ හිදැස විශාලයි. ඇට මැස්සා ඇතුළු වන්නේ ඒ විශාල රික්තකයට. මේ රික්තකය එක්තරා මට්ටමකට හෝ පිරවීමට ඔහුට හැකිවේයැයි මම හිතනවා. නැතිනම් ජාතිවාදීන්ගෙන්ම පරිසරය පිරීයාවි.

  10. බෙයෝන්ඩ් ෆ්රමේ පිළිබද ටැබූ හය්පොතෙසිය!

    http://99wadura.blogspot.com/2011/04/blog-post_05.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s