ගෙදර ගියොත් අඹු නසී ,මග හිටියොත් තෝ නසී

Posted: April 1, 2011 in Uncategorized
ඇමෙරිකාව  ,ප්‍රංශය , එංගලන්තය එකතු වෙලා ලිබියාවට ගහන ගැහිල්ලෙන් හුඟ දෙනෙක් ඉන්නේ හොල්මන් වෙච්ච  ගානට . මොකද මේ ගැහිල්ලට පක්ෂ වෙන්න බැහැ ,  රටක අභ්‍යන්තර ප්‍රශ්න වල අත දැමීමක් නිසා. අනිත් අතට ගඩාෆියා වගේ මිනීමරු ඒකාධිපතියෙකුට පක්ෂ වෙන්නත්  බැහැ. ගෙදර ගියොත් අඹු නසී ,මග හිටියොත් තෝ නසී.
 
හැබැයි සමහරුන්ට නම් එහෙම ප්‍රශ්න නැහැ. කෙලින්ම ගඩාෆිට පක්ෂයි.  පහු ගිය කාලේ බෑන් කී මූන් ට විරුද්ධව උපවාස කරන්න ගිහින් කොන්ඩම් වෙච්චි  පංචායුදගේ  මල්වංශ කුමාරයාත්  ආපහු සැරයක්  ගිහින් එක්සත් ජාතීන්ගේ කාර්යාලේ ඉස්සරහ ගොන් පාර්ට් එකක් දැම්ම ගඩාෆි ට ගහනවට විරුද්දව. 
 
දැන් එයාලා  කියන්නේ ලිබියාවට බටහිර ජාතින් කරන පහර දීම් වහාම නවතනු කියලා. බොහොම හොඳයි අපිත් එකඟයි.  ලිබියාවට අයිතිය තියෙනවා තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න . ගඩාෆි කියන්නේ තමන්ගේම රටේ ජනතාවගේ ඔලුවලට බෝම්බ දාපු තුච්ච ඒකාධිපති පාලකයෙක් බව ඇත්ත වුනත්   වෙන  රටවලට අයිතියක් නැහැ  ඒක හේතුවක් කර ගෙන ලිබියාවට බෝම්බ දාන්න. මොකද  ඔවුන් එන්නේ ලිබියන් ජනතාවට උදව් කරන්න නොවෙන නිසා.ඔවුන් එන්නේ  තමන්ටම උදවු කරගන්න නිසා.
 
නමුත් ප්‍රශ්නය වෙන්නේ මේක ලිබියාව ඇතුලෙම විසඳා ගන්න කියලා හැමෝම අත හැරියොත් ගඩාෆි, තමන්ට විරුද්දව නැගී  හිටි ජනතාව  අළු ධූලි කරලා දානවා.  ගඩාෆි කියන්නේ ඒ රටේ ජනතාවට එපා වුනු ඒකාධිපතියෙක් . ඔහුව එලවන්න ඒ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. දශකගානක් තිස්සේ  ටියුනීසියාවේ අලි ලාගේ, ඊජිප්තුවේ මුබාරක් ලාගේ ,ලිබියාවේ ගඩාෆි ලාගේ යකඩ සපත්තුවට පෑගිලා හිටපු ජනතාව දැන් නැගිටිනවා.   මේ පාලකයෝ තමන්ගේ රටවල ජාතික ධනය සූරා  කමින්  තමන්ගේ පවුල් සංස්ථාව තර කළා. බැංකු ගිණුම් වල ඩොලර් කෝටි ගණන් ගොඩ ගහ  ගත්තා. රටේ සෑම වැදගත් තනතුරක් ම  තමන්ගේ  නෑයින් ගෙන් පිරෙව්වා. 
 
මේ අතරේ පොදු ජනයා දුප්පත් කමින් අන්ත දුප්පත් කමට වැටුනා.රැකියා විරහිත බව ඉහල ගියා. මේක ඉවසා ගන්න බැරිව  ජනතාව අන්තිමේ  නැගී හිටියා. ඒ නිසා අපේ ඊනියා දේශප්‍රේමින්  කියනවා වගේ මේ ලිබියාව ඇතුළු  මැදපෙරදිග රටවල මතු වෙන්නේ බටහිර රටවලින් හදල එවපු දේශපාලන පිල්ලියක්  කියන කතාව අනාගතේ දවසක තමන්ට එරෙහි වන  ජනතාවට විරුද්දව පාවිච්චි කරන්නත් එක්ක   හදා ගත්තු බොරුවක් විතරයි.
 
ඇත්තටම නම් මේ බටහිර රටවලට කිසි උවමනාවක් තිබ්බේ නැහැ ගඩාෆි එලවන්න. මෙතුවක් කාලයක් ගඩාෆිත් එක්ක හොඳටම  ගනු දෙනු කරපු අය තමා ඒ ගොල්ලෝ. ගඩාෆි තමන්ගේ රටේ ජනතාවගෙන් හොරකම් කර  ගත්තු  ඩොලර් බිලියන් ගණනක් ධනය ආයෝජනය කරලා තියෙන්නේ , තැන්පත් කරලා තියෙන්නේ ඒ රටවල. එයාල ගඩාෆිගේ හොඳ මිත්‍රයෝ. එයාලගේ දේශපාලන වැඩවලට ගඩාෆි අත යටින් සල්ලි දුන්නා.ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ත් තිබුණු තත්වය ඕකයි.
 
එහෙනම් මොකද මේ රටවල් ලිබියාවට බෝම්බ දාන්නේ ?
 
මුලින්ම ටියුනීසියාවේ ජනතාව නැගිටින කොට මෙයාල සද්ද නැතිව බලා හිටියා මොකද වෙන්නේ කියලා. ජනාධිපති අලිට තව දුරටත් බලයේ ඉන්න බැරි බව තේරෙන කොට බටහිරින් බලපෑම්  ආවා අයින් වෙන්න කියලා. එහෙම කලේ ටියුනීසියාවේ බලය තමන්ට පක්ෂපාති කොටසක් අතට පත් කරගන්න . ඊට පස්සේ ඊජිප්තුවේ නැගිටීම්   එනකොට එයාලා කෙලින්ම මැදහත් වුනා , තමන්ගේ ඒජන්තයින් හරහා. මෙතෙක් කල් තමන්ගේ සුවච කීකරු සේවකයා වුන මුබාරක්ට තව දුරටත් බලයේ ඉන්න බැරි බව තේරුම් අර ගෙන ජනතා කැරැල්ලෙන් බලය ලබා ගන්නේ  තමන්ගේ ගෝලයෙක් බවට වග බලා ගත්තා.
 
ජනතාව නැගිටිලා ටියුනීසියාවේ අලි එලව්වා වගේ, ඊජිප්තුවේ මුබාරක් එලෙව්වා වගේ ලිබියාවේ ජනතාව ගඩාෆි එලවයි කියලා  ඒ රටවල ගණන් බැලුවා. ඒක නිසා කැරැල්ලට සහය දුන්නා.  ඒ ඊළඟට එන පාලකයා තමන්ගේ හෙන්චයියෙක් කර ගෙන ලිබියාවේ තෙල් සම්පත අයිති කරගන්න. නමුත් ඒ ගණන් බැලීම භයානක  විදියට වැරදුනා .  ගඩාෆි කියන්නේ තමන්ගේ රටේ ජනතාවගේ ලේ සාගරයක කිමිදෙමින් හරි බලය රැක ගන්න උත්සාහ කරන  ඒකාධිපති දූෂිත පාලකයෙක්. ඔහු කැරැල්ල ආරම්භ වුනු ගමන් තිරශ්චීන විදියට ඒක   මැඩ පවත්තන්න හැදුවා, තමන්ගේම ජනතාවගේ ලේ වලින්  ලිබියානු  භූමිය  තෙත් කළා.   
 
මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් ගැන දේශනා පවත්වන බටහිරට පුළුවන් කමක් තිබුනේ නැහැ  රිවස් ගියර් එකට දාලා  ආපහු ගඩාෆි ලඟට යන්න . හැබැයි ඔවුන් ඒ වෙනකොටත්  ගඩාෆි විරෝධී කණ්ඩායමට සහය පල කරලා තියෙන නිසා ගඩාෆි   දිනුවොත්   ලෙඩේ. ඒ නිසා ඔවුන් ඊ  ළඟ පියවරට , ඒ කියන්නේ ගඩාෆිට කෙලින්ම පහර දෙන්න ගියා. මෙතෙන්දි චීනය ,රුසියාව වගේ රටවල් පවා නිශේධ බලය පාවිච්චි නොකර නිහඬ අනුමැතියක් දුන්නේ ගඩාෆි කියන්නේ ඒ තරම් නින්දිත පාලකයෙක් නිසා.ඔහුට පක්ෂපාත වෙනවා කියන්නේ ජරාව තමන්ගේ ඇඟේත්  ගෑවෙන නිසා.අනික් අතට ඔවුන්ට අවශ්‍ය නැහැ ගඩාෆි වෙනුවෙන් , මෙච්චර කාලයක් ඔය කියන බටහිර අධිරාජ්‍යවාදීන් එක්ක ගනුදෙනු කරපු ගඩාෆි වෙනුවෙන්,  කඩේ යන්න.
 
ඒ වැඩේට ඉන්නවා වෙන කට්ටියක්. ඒ තමා අපේ කට්ටිය.  පහු ගිය දාක මල්වංශගේ  වෙබ්  අඩවියේ  පල කරලා තිබ්බේ ගඩාෆි විසින් අතුරුදහන් කරලා තියෙන්නේ 100 දෙනෙක් විතරයි , ඒක නිසා ඔය කියන තරම් මානව හිමිකම් උල්ලංඝනයක් ලිබියාවේ වෙන්නේ නැති බවයි. මේ වගේ ඊනියා  දේශප්‍රේමින්  තමන්ගේ සාක්කුවට ගඩාෆි ගෙන්  කීයක් හරි වැටෙනවානම් 100 ක් නෙවේ ලක්ෂයක්  මැරුවත් සුළු  දෙයක් කියලා කියයි.එයාලට මානව හිමිකම් කියන්නේ ගඩාෆි සහ සමාගමේ මානව හිමි කම් විතරයි. ගඩාෆි ලාගේ පයට පෑගිලා දශක  ගානක් දිළිඳු කමේ ජීවත් වුන , දැන් ගඩාෆි ලාගේ  කුලී හමුදා අතින් මැරුම් කන ජනතාව ගැන ඔවුන් වචනයක් වත් කියන්නේ නැහැ.
 
කොහොම වෙතත් දැන් පේන්න තියෙන විදියට ගඩාෆි විරෝධී හමුදා දිනුවත්  බහුතර ලිබියානු ජනතාවටනම් සෙතක් වෙන්නේ නැහැ. මේ යුද්දයෙන් කවුරු දිනුවත් ජනතාව පරාදයි.
 
 
 
Advertisements
Comments
  1. Buwa says:

    “මේ යුද්දයෙන් කවුරු දිනුවත් ජනතාව පරාදයි” -මාත් එකඟයි ,
    ____________________________________________________

    විමල් ගේ මෝඩ චූන් දැකල හිනාවෙන්නද අඬන්නද කියන එකයි ප්‍රශ්නෙ

  2. Beyond Frame says:

    ඕං මේකත් කියවල බලන්ටකෝ. දැන් නසින්නේ කවුද කියල.

    http://www.telegraph.co.uk/news/worldnews/africaandindianocean/libya/8414583/Libya-al-Qaeda-among-Libya-rebels-Nato-chief-fears.html

  3. hey BEYOND FRAME!NICE TO SEE YOU AGAIN HERE!

  4. මේ යුද්දෙන් විතරක් නෙමෙයි ඕනෑම යුද්දෙකින් කවුරු දිනුවත් ජනතාව පරාදයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s