ඇට මැස්සාගේ බ්ලොග් කෙරුවාවට අදට අවුරුද්දකි . මීට වසරකට පෙර ඔහු බ්ලොග් ලිවීම  අරඹන්නේ විකල්ප මතවාදයන්ට ඇති ඉඩකඩ සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් තුරන් වෙමින් පැවති යුගයකය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය  සියල්ලම  පාහේ  එකම අරමුණකින් සැදී තම එකම කාර්ය බවට ප්‍රශස්ති ගායනා කිරීම පත් කරගනිමින්  සිටි යුගයකය .   ජනතාවගෙන්  බහුතරයක් තමන් අවට සිදු වන දෑ දකිමින් නොදුටුවාක් මෙන් සිටි යුගයකය. මේ පවත්නා කණගාටුදායක  තත්වයට එරෙහිව  යමක් කිරීම ,තම හැකි පමණින් යමක් කිරීම තම වගකීමකැයි ඔහු සිතුවේය.
 
බ්ලොග් අඩවි හෝ ෆේස් බුක් මගින් සමාජ අරගල කල හැකි යැයි ඇට මැස්සා විශ්වාස නොකරයි. එහෙත් සියල්ල රැල්ලට හසුව   ගසා යන යුගයක  එල්ලෙන්නට පිදුරු ගහක් හෝ තිබීම වැදගත් යැයි ඔහු සිතුවේය. වසරක් පුරා ඔහු පෝස්ටයන් දෙසීයකට  ආසන්න ප්‍රමාණයක් ඔහු ලියන්නේ එබැවිනි. තම කාලයත් ධනයත් වැය කරමින් ඔහු ලියන්නේ එබැවිනි. ඔහු ලියන්නේ  මිනිසුන්  කැමැත්තෙන්ම හෝ බලෙන් වහලුන් බවට පත් කිරීමට  එරෙහිවය. ඒ ඔහු නිදහස් මිනිසෙක් ගැන විශ්වාස  කරන බැවිනි.
 
ඔහු ලිවීමට පෙලඹවූ තවත් කරුණක් ඇත. ඒ ඔහු මෙන්ම මිනිස් නිදහස ගැන  සිතන  තවත් බොහෝ දෙනෙකුන් සමාජය තුල  සිටින බව ඔහු දන්නේය.  ඔවුන් හුදකලා වී නොමැති බවත් බලාපොරොත්තු අත හැර  නොගත යුතු බවත් ඔවුනට දැන්වීමට  ඔහුට උවමනා විය.  
 
ඇට මැස්සාගේ අඩවිය අරඹා වසරකට පසු අද දක්නට ඇත්තේ කුමක්ද? තත්වය වඩාත් කණගාටු දායකය. මෙතුවක් කල් සයිබර් අවකාශයේ හෝ තිබු නිදහස පවා අද අහිමි වෙමින් තිබේ. ඉතා නිදහස් ලෙස තම මතවාදයන් සමාජ ගත කරමින් සිටි  බ්ලොග් අඩවි කීපයක්ම හැකරුන්ගේ ප්‍රහාරයට ලක්ව ක්‍රියා විරහිතව ඇත.
 
ඔවුන් ලියු දේ පිළිබඳව එකඟතාවක් බොහෝ විට නොමැති වුවත් , නිරන්තරයෙන්ම ඇට මැස්සා ආසුරු කල බ්ලොග් අඩවි  වන ටැබූ සබ්ජෙක්ට් හා බියොන්ඩ් ෆ්‍රේම් වැනි බ්ලොග් අඩවි මේ ඉරණමට ලක් ව ඇත. ඇත්තටම ගත හොත් ඇට මැස්සා  බ්ලොග් ලිවීමට පෙලඹවූ බ්ලොග් අඩවි අතර ඉහත අඩවි දෙකට මුල් තැනක් හිමිවෙයි.   රාමචන්ද්‍රගේ අඩවිය හා W3Lanka  අඩවිය ද ඒ සඳහා විශාල  බලපෑමක්    කළේය .
 
දැනට ඇති තත්වය එයයි. ඔහුගේ ලිවීමෙන් කිසිවෙකුට සෙතක් වුවාදැයි ඔහු  නොදනී . එහෙත් එක පුද්ගලයෙකු හෝ තම බ්ලොගය කියවා සැබවින්ම අවට සිදුවන්නේ කුමක් දැයි බැලීමට උනන්දු වූවා නම්, තවත් අයෙකු තමන් හුදකලාව වී නොමැති  බවත් නිදහස පිළිබඳව සිහින දකින තවත් මිනිසුන් සිටින බව දැන ගත්තේ නම් ඇට මැස්සාට එය ප්‍රමාණවත්ය.  ජීවත් වුවත් මිය ගියත් ඔහු වාසනාවන්ත මැස්සෙක් වන්නේ එවිටය.
 
 
 
 
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ඇටමැස්සාගේ, […]

  2. pdh says:

    ඔහොමයන් ඈට මෑස්සො ඔහොමයන්.
    ඵ්ල ඵ්ල……..

  3. ~මන්දාකිණි~ says:

    වැදෙන පහරින්
    බිඳි නොවැටී
    නැගී සිටිනට දිරිය ශක්තිය
    ලැබේවා…!!
    වසරක බ්ලොග්කරණයට සුභ පැතුම්…!!!!

    ~මන්දාකිණි~

  4. රත්තරං මල්ලී says:

    ලියහං මැස්සෝ.නවත්තන්න එපා ලියහං.උපුල් ජොසප්ලා උඹලා ඉන්න ඕන අපිට උඹලා ඉන්නේ මොන විදියේ ලොකෙකද කියලා තේරුං ගන්න.
    උඹලගේ හීන තේරුං ගත්තම අපිට ලේසියි.

    උඹ බය වෙන්න එපා බයෙන්ද ප්‍රේමේ අයියයි ටැබු කොළුවයි ආයෙමත් එනවා. ඔය මේ දවස්වල චාටර් එකට සද්දෙ වහලා හිටියට.

    උඹ එහෙම කරන්නේ නැහැ නේද මැස්සෝ.අනේ එහෙමනං කරන්න එපා පුතේ.අපිට හීන දකින්න නැතිව යනවා.

  5. මී හරකුන්ගේ පශ්චාත් භාගවල මයිල් අඩු තැන් බලා හොඳට රිදෙන්නට අනින්නට උඹට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
    මේ වගට,
    පිස්සා.

  6. Noname says:

    බ්ලොග් අවකාශයේ වසරක් සපුරන ඇටමැස්සා සිඟිති දියණියට වාසනාවන්ත අනාගතයකට මේ පැතුම් ගෙන එන්නේ පෙරමුණේ රාල සීයා, මිගාර මාමා, පිටියෙ අප්පු බාප්පා, වැප්නි සාන්ත අයියා කණිශ්ක දිල්ෂාන් අයියා හා බ්ලොග් අවකාශයේ වීර හැක්පෙටිපොළ බලකායයි. ටිං ටොං ටිං

  7. ramachandra says:

    සුභ පැතුම්.ඔබ වැනි කිහිප දෙනෙකු නොවන්නට බ්ලොග් අවකාශය විවිධ හීනමානයන්ගෙන් පෙලෙන මහත්වරුන්ට රිසි සේ වලං බිදිය හැකි පාලු ගෙදරක්ව පවතිනු ඇත.

  8. දුකා says:

    වසරක බ්ලොග් කාරියට මගේ සුභ පැතුම්.

    ඇත්තෙන්ම කෙනෙක් බ්ලොග් ලියන එකෙන් තව කෙනෙක්ට දනුමක් ලබ ගන්න හැකිවෙනවනම් ලොකු දෙයක් තමයි.

    ඒ මොනව වුනත් අපේ හිතේ හිතෙයෙන බර නිදහස් වෙන එක ඒ හෑම්දෑටම වඩා ලොකුයි කියල මට නම් වෙලාවකට හිතෙනවා.

    ඔබේ ලිපි ඇත්තෙන්ම හරිම කාලෝචිතයි.
    ඒවා නිද්‍රාශීලී මනස් නැගුටුවන්න පිටුවහලක් වෙන්න ඇති බව මට නම් විස්වාසයි.
    ඔබට ජය

  9. Charmi says:

    කියන්න ඕන දේ රාමා කියලා තියෙනවා.
    මේ වගේ පිදුරුගස් ගොඩක් එකතුවෙලා
    කවදහරි මහ කඹයක් හැදෙයි.
    හදවතින්ම සුබපැතුම්!

  10. වෙල් ඩන් සෑර්….!
    සෑර්ලවත් නැත්තං මේක දේසප්‍රේමී බෝඩ් උස්සගත්තු පෙරේතයෝ ටික පිනුම් ගහන හෝම්පොලක් වෙලා.
    බෝඩ් නැතුවට හැබෑ දේසප්‍රේමියෝ කවුද කියලා අනාගතය තීරණේ කරයි.
    ඔහොම යමු….!!!
    – මීට හුරුල්ලා ඇන්ඩ් ද ක්ලෑන්

  11. විදින්න ඕන තැනට එල්ලෙ බලලා විදින තව තව පෝස්ට් අපිට දකින්නට ලැබේවා.

  12. ```Outsider``` says:

    නිදහස ගැන සිහින දැකීම කියන විට වරදවා තේරුම් ගන්නා හිත් වැඩිය. මොකද දේශපාලන පක්ෂපාතීත්වයන්ගේ වහල්බව වෙලා ගත් විට නිදහස කුමක්ද යන්න තේරුම් ගත නොහැක. වහල්බව සතුටක් බවට පත්වී ඇත්තේ එබැවිනි.
    ඒත් නිදහස ගැන සිහිනයක් හෝ දකින්න ඔබ වැන්නන් තව තවත් බිහිවිය යුතුය.
    දිගටම ලියන්න. සුබ පැතුම්!

  13. උඹේ ගොඩක් මතවාද එක්ක නම් මම එකග නැ සහොදරය…. බොරු දේශප්‍රේමීන්ට අපිත් විරුද්දයි. හැබැයි ඒ පිටින් දාල පඩත්තර NGO මතවාද පතුරවනවටත් අපි විරුද්දයි… ඔය දෙක තේරුම් බේරුම් කරගෙන ලියන්න පුලුවන් නම් ගොඩක් හොදයි…. ටැබූ, බයෙන්ද ප්‍රේම්, වගේ හිරිකිත වින්දන දෙන්නෙ නැතිව, මොඩ ආතල් දෙන්නෙ නැතිව දිගටම ලියපන් සහොදරය… හරි දේට හරි කියන්නම්, වැරදි තැනදි බනින්නම්….. දිගටම ලියන්න… මගේ සුභපැතුම්….!!!!!

  14. Harry says:

    Dear Gadfly, Keep up the good work. When dreamers dreams over is a disaster (which is churning), there are few sane left. You are one.

  15. Anonymous says:

    ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම් දෙදෙනාම නැති පරිසරයක ඔබේ වගකීම (සේම ඔබ ගන්නා අවදානමද) විශාලයි. ව්‍යාජ දේශප්‍රේමීන්ට හා ආගම් පිස්සන්ට එරෙහිව එකම විකල්ප මතවාදය දැන් ඉදිරිපත් කරන්නේ ඔබයි. මේ නිසා ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම් නිහඬ කළා වගේම ඔබවත් හොඳින් හෝ නරකින් නිහඬ කිරීමට නාමල් උඩලමත්තලා, මිගාර වීරක්කොඩිලා, වැප් නිශාන්තලා තව දුරටත් කටයුතු කරනු ඇතැයි සිතිය හැකියි. ඔබේ වගකීම හා අවදානම ගැන අවබෝධයෙන් ක්‍රියා කරන්න. සුභ පැතුම් හා සුභ ගමන්.

  16. gadfly says:

    @සියල්ලන්ට

    ඔබ දෙන දිරියට ස්තුතියි.

  17. Kanishka says:

    ඔබේ වගකීම හා අවදානම ගැන අවබෝධයෙන් ක්‍රියා කරන්න. සුභ පැතුම් හා සුභ ගමන්.

  18. සුභපැතුම්! ඇට මැස්සා සමග සංවාද/විවාද කරන්න මේ අපිත් ඉන්නවා.

  19. Kathandara says:

    අමුතුවෙන් ලියන්න දෙයකට තියෙන්නේ ඔය ඇට මැස්සා ලේ බොන්නේ අස්සයෙක් ගෙන් නේද කියන ප්‍රශ්ණය විතරයි.

  20. Anonymous says:

    එන පොට එච්චර හොඳ නෑ. හැක් කළායින් පසුව මහන්සියකින් තොරව නැවත පටන් ගන්න හොඳටම පුළුවන්කම තිබියදිත් ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම් නිහඬ වුණේ මම හිතන විදියට ඒකයි. දැන් ඇති වෙමින් තියෙන්නෙ බණට ගෙදරට වඩම්මගෙන ආපු හාමුදුරුවො බණ නොකියා වාඩි වෙන හැටි ගැනයි, පන්සලට යන එන එක ගැනයි අනම් මනම් කියාපු එක ගැන වත් බ්ලොග් එකක් ලියන්න නිදහසක් නැති යුගයක්. දුකාගෙ පෝස්ට් එකට කමෙන්ට් කරන අය කියන විදියට මේ වගේ සරල කාරණාවකටවත් බෞද්ධ භික්ෂුවක් විවේචනය කිරීම ආනන්තරිය පාපකර්මයක්. ඒ අයට ඕනැ දෙයක් කියාගන්න දීල හැමෝම කට පියන් ඉන්න ඕනෑ. බෙනට් රූපසිංහ ගැන වගේම ඇට මැස්සා ගැනත් මට බය ඒකයි. අර කවුද කොහේද කිවා වගේ ඔය අන්ත බෞද්ධ ශ්‍රද්ධාව අති භයානකයි.

    ඒ හන්ද අර ජයන්ත චන්ද්‍රසිරි වගේ දුටු ගැමුණු ගැන පොතක් පතක් ලියාගෙන, දොරට වැඩීමට ආරක්ෂක ලේකම්ට කතා කරගෙන දැහැමෙන් සෙමෙන් ඉන්න. නැත්නම් වික්ටර් අයිවන් වගේ මාසෙකට සැරයක් රජ ගෙදරින් කන්න හම්බවෙන, ගාමිණි සුමනසේකරට අල්ලපු පුටුවෙ වාඩිවෙන්න ලැබෙන ජාතියෙ ජොබ් එකක් හොයා ගන්න. (පුහ් සුවල්ප ගෞරවයක්ද සුමනසේකරට ගාවින් වාඩි වෙන්න ලැබෙනවය කියන්නෙ?)

    එහෙම නැත්නම් ඔය අනෙකුත් සාඩම්බර බ්ලොග් කරුවන් වගේ ටෙක් කතා, බඩු කතා, බූට් කතා, චූ කතා, ගූ කතා, බොන කතා, බේබදු කතා, බඩජාරි කතා, පඩ කතා ටිකක් වත් ලියාගෙන ඉන්න බලන්න. ඒක වඩා සෞඛ්‍ය සම්පන්නයි.

    • From Wikipedia:
      The hundredth monkey effect is a supposed phenomenon in which a learned behavior spreads instantaneously from one group of monkeys to all related monkeys once a critical number is reached. By generalization it means the instantaneous, paranormal spreading of an idea or ability to the remainder of a population once a certain portion of that population has heard of the new idea or learned the new ability……..

  21. Lahiru Nuwan says:

    love to read your blog letters. All the Best. Mate.

  22. Harry says:

    ඇට මැක්සා>****! එකී නගර තොමෝ අවදි කරනු වස් ඇටමැස්සෙකු උවමනා විය

  23. kukula says:

    ඇට මැක්සා>****! එකී නගර තොමෝ අවදි කරනු වස් ඇටමැස්සෙකු උවමනා විය

  24. මැස්සාගේ හෝරානාව මැස්සම ගහගන්නව !
    අනික ඇටමැස්සා කියන්නේ ජාතික කෘමියෙක්නේ ,හැමෝටම අය්ති නාමයක් කොහොමද පුගලික අයිති කරගන පරිහරණය කරන්නේ? අව්රුද්දක් ලියල මෙහෙම පොස්ට් ලියනවනම් ,අව්රුදු 10ක් විතර ලිව්වොත් මැස්සා කියන ජාතික කෘමි නම කොල්ල කාපු බොල් වීරයා මහා තෝරන් රාජයෙක් පෙන්නඊ!මෙයා වීරවංසහ ගේ ම ප්‍රතිවිරුද්ද මැසිවංශ!

    • “99වෙනි වදුරා” කියන නම ඔබතුමාට පුද්ගලිකව ම අයිති ද?

      නොදන්න නිසා ඇහුවේ.එහෙම අයිතියි නම් ප්‍රශ්නයක් නෑ.

    • පොඩි ම පොඩි දැනුවත් කිරීමක්. තොරණ් කියල වදනයක් සිංහල භාෂාවේ නෑ.”තොරණ” හි බහුවචනය ද “තොරණ” ම තමයි.

  25. මගේ බාෂාව පරිහරණය සාමාන්‍ය ළමයෙකුටත් අන්ත බව සැබවි !මගේ කොමෙන්ටු කියවන සියලු දෙන අගතියකින් තොරව මා මේ සංසාරයේ ඔබගේම ආත්මය එක්තරා ඉපදීමක් බව සලකන්න,,තවද මෙය වාදපිටියක් කරගැනීමටද අදහස් නොකරමි .

    @“99වෙනි වදුරා” කියන නම ඔබතුමාට පුද්ගලිකව ම අයිති ද?
    ඔව් කියා සිතමි ,මෙතුවක්කල් ලංකාවේ වදුරන් සිටියත් 99 වෙනි වදුරෙකු පිලිබදව කිසිම සිංහල ලිය කියවිල්ලක මා අසා නොමැත !කව්රුහරි ඉන්නවනම් එම නාමය අතහරිමි !(based on Lifetide, a 1979 book by Lyall Watson-The 100th Monkey Theory)

    තවද 99වෙනි වදුරා කියනා එකෙන් වදුරෙකු ගැන අදහස් නොකෙරේ. !

    100 වෙනි වදුරා හෙවත් මුළුමහත් සිංහල ජනතවගේ විඥානය සහ DNA වෙනස් කරන චෛතිසික අරගලයේ රහත් බව ලබා සමාජය ගොඩගැනීමට අවශ්‍ය ඉතිරි එකම මිනිසා හෙවත් 100 වෙනි වදුරා ඔබ විය හැක !!

    කුට්ටිය පිටින්ම ‘මේඝය’ කිව්වහමත් එය සිංහල අපේ පොදු අය්ති නාමයක්,එම නාමය නිර්මාණය කරේ ඔබ නොවෙඉ ,ඔබ එම අම්බලම තමන් සතු කරගන .අපගේ යුතුකම සමාජයට නව නිර්මාණයක් ලබා දීම කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ !

    @පොඩි ම පොඩි දැනුවත් කිරීමක්. තොරණ් කියල වදනයක් සිංහල භාෂාවේ නෑ.”තොරණ” හි බහුවචනය ද “තොරණ” ම තමයි.
    ස්තුති !මෙය මට කියාදීමේ ගව්රවය ඔබට හිමිවේ !

  26. @පොඩි ම පොඩි දැනුවත් කිරීමක්. තොරණ් කියල වදනයක් සිංහල භාෂාවේ නෑ.”තොරණ” හි බහුවචනය ද “තොරණ” ම තමයි.

    භාෂාව යනු නිරන්තරයෙන් වෙනස්වන පරිණාමය වන දෙයක් බව ඉගන ඇත්තෙමි,එසේ නොවූ වනම් එදා සෙල් ලිපි අද කියවීමට පරණවිතනල(පරණවිතාන ගේ මනස්ගාත වෙනම කතාවක් ) අවශ්‍ය නොවනු ඇත,අනික තොරණ තෝරන් වුඋවට ප්‍රශ්නෙයක් නැතිනිසනේ අර තොරන් බදින්නට රබන් ගසන්නට සුබ නැකතක් අවා කියා සින්දුවක් තියෙන්නේ ,ඒ සින්දුව කොහොමද තොරණ බදින්නට කියා ගැයුවානම් ?
    පාලි සංස්කෘත ලතින් වගේ ඒවා වෙනස් නොවී තියෙන්නේ ඒවා මියගොස් තිබෙන නිසා කියා මම මේ ලගදී සිංහල ලිපියක් කියෙව්වා !

  27. @99 රිලවා

    ඔයාට වදුරා කියාගන්න හොදයි.
    මෙයාට මෑස්සකියාගන්න බෑ.
    මාර නීතිය.

    අනේ 99 රිලවයි අපියි දන්න බ්ලොග්.

  28. @99 රිලවා

    ඔයාට වදුරා කියාගන්න හොදයි.
    මෙයාට මෑස්සකියාගන්න බෑ.
    මාර නීතිය.

    අනේ 99 රිලවයි අපියි දන්න බ්ලොග්.

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    මම වදුරා කියා කුට්ටිය පිටින් සින්නක්කරගන නැනේ !වදුරා සහ 99වෙනි වදුරා කියන්නේ දෙකක් !
    නිර්මාණ බන්කොලොත්වය හොදටම පෙන්නේ Edgar Rice Burroughsගේ නිර්මාණය tarzanඅමු අමුවේ කොල්ල කාපු එකෙන්ම …

  29. ජයශ්‍රී පවසන්නේ:
    අප්‍රේල් 3, 2011 දින 3:14 ප.ව. ට

    Ok. 99වෙනි වදුරා මහතා.

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    හිතවත් ජයශ්‍රී ,
    ok ok කියා මා පාවිච්චි කරන ඉංග්‍රීසිය වැරදීයි කියා වරක් මට කියා දුන්නේ මිතුරු ඉංග්‍රීසි ජාතිකයෙක්!අපි හුමිටි තියන්නේ OK කියල කොට කරලනේ ,නමුත් ඉංග්‍රීසි සමාජයේ වහරේදී හූ මිටි දෙන්නේ ‘ඕල් රෛට්’ නැත්නම් ‘ඕ රියලි ‘ කියා !

    • හිතවත් 99 වෙනි වදුරා මහතා,
      ඔබගේ කොමෙන්ටුව දැක්කේ අදයි.ඔය OK ගැන මම අහල තියෙනවා මෙහෙම කතාවක්.එක්තරා යුරෝපා රටක යාන්ත්‍රික ඉංජිනේරුවරයකුට පැවරිලා තිබුණ රාජකාරිය කර්මාන්තශාලාවෙන් එකලස් කරල පිට කරන මෝටර් රථ වල තත්වය පරීක්ෂා කර සියල්ල නිවැරදි නම් ඒබව සහතික කිරීමලු.ඔහු පුරුදුදක් වශයෙන් තම නමේ මුලකුරු යොදලලු සහතික කිරීම කළේ.පස්සේ පස්සේ ඔහුගේ කර්මාන්තශාලාවේ සියලුදෙනාම පුරුදු වුණාලු යමක් හරි කියල සහතික කරන්න ඒ අකුරු දෙක සටහන් කරන්න.කාලයාගේ ඈවෑමෙන් මුලු රටම, ලෝකයම පුරුදු වුණාලු යමක් හරිනම් අනුමත කිරීමට ඒ අකුරු දෙක භාවිතා කරන්න.හිතන්න පුලුවන්නේ ද ඔහුගේ නමේ මුලකුරු මොනවද කියල.ඒ කමයි OK.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s