පරිගණක යුගයෙන් ගල් යුගයට

Posted: March 9, 2011 in Uncategorized
මතවාදීව සතුරන් පරාජය කිරීම ගැන නොදන්නා ආදිකල්පික වනචාරි ගෝත්‍රිකයින් එසේ කලේ  ඔවුන්ව  ශාරීරිකව  ඝාතනය  කිරීමෙනි .  තම සතුරා ඝාතනය කරන වනචාරින් ඉක්බිති උන්ගේ   මළකඳන් වටා ප්‍රීති ඝෝෂා නගමින්  නැටුමේ  යෙදෙති. 
 
මේ වනචාරි හැසිරීම මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේද දිස්වේ. ටැබු සබ්ජෙක්ට්ස්, පිස්සාගේ පළාමල්ල, කොලුගෙ අඩවිය ආදී බ්ලොග් ගණනාවක් හැක් කර විනාශ කල දැමු පිරිසක් ඒ ගැන උමතුවෙන් මෙන් ජය ඝෝෂා නගන දෙස  අපි  පිළිකුලෙන්  යුතුව බලා  සිටිමු .  
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ගල්, පරිගණක, යුගයට, […]

  2. Kathandara says:

    මෙහිදී තවත් වැදගත් කරුණු දෙකක් සඳහන් කරන්න ඕනෑ.
    1. විනාශ වුයේ සයිබර් අවකාශයේ තිබූ බයිනරි ඉලක්කම් පේලියක් විතරයි. එය ඉතා පහසුවෙන් නැවත පෙලගස්සවා ගන්න පුළුවන්. පත්තර කන්තෝරුවක් හෝ ටෙලිවිෂන් ස්ටුඩියෝ එකක් ගිනි තැබීම මීට වඩා දීර්ඝ කාලීනව බලපාන විනාශයක්.
    2. එනිසා කොලූ ලාට, ටැබූ ලා ට, පිස්ස ලා ට නැවත ලිවීම පටන් ගන්නට වැඩි භාදාවක් නෑ. නමුත් ඔවුන් තවමත් එසේ නොකිරීමෙන් හැඟෙන්නේ අපි හිතනවාට වඩා වෙනත් තලයකින් ද මර්ධනයක් තියෙන බවයි.

  3. මර්දනයක් ඇති බව පැහැදිළිය.වෙබ් අඩවි හැක් කිරීම එහි එක් පියවරක් පමණක් වියහැකි බව පිස්සා විශ්වාස කරයි. පිස්සාගේ පළාමල්ල සුළු කාල පරතරයක් තුළ දෙවරක් හැක් වීමෙන් හැඟෙන්නේ මෙම සයිබර් ත්‍රස්තවාදීන් අප අනුමාන නොකරන විකල්පයන් කරා වුවද ගමන් කළහැකි බවයි.හැක්වූ පළාමල්ල නැවත යථා තත්ත්වයට පත්කරගන්නට දැනට උත්සාහ දරමින් පවතී.කතන්දරට තම ලිපියක් මුළුමණින්ම ඉවත්කරන්නට සිදුවූයේ තනි වචනයක් හේතුවෙනි.ටැබූ කීවාක් මෙන්ම පිස්සාද මීළඟට ගතයුතු ක්‍රියාමාර්ගයන් ගැන ස්ථිර නිගමනයකට එළැඹී නැත.එම ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ පැහැදිළි කිරීමද කාලෝචිත නොවන බව පිස්සා විශ්වාස කරයි.එහෙත් අප බලාපොරොත්තු අත්හැර නොමැත.නිදහස් ප්‍රකාශන අයිතිය වෙනුවෙන් හඬ නඟන සැමට පිස්සාගේ ප්‍රණාමය.

    මේ වගට,
    පිස්සා

    • Buwa says:

      ඔබලාට ඇති තර්ජනය “හැක් කිරීමකට” එහා විහිදෙන්නක් නම් ඔබගේ ආරක්ෂාව සලසා ගන්න මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි, නමුත් මෙය හුදු අන්තවාදී හැකර් ප්‍රහාරයක් පමනක් නම් නැවතත් අප අතරට පැමිනන මෙන් ඉල්ලා සිටිමි , ආරක්ෂාව සඳහා(බ්ලොගයේ ආරක්ෂාව ) ගත හැකික්‍රියාමාර්ග බොහෝ ඇති බව බියොන්ද ෆ්‍රේම් හිදී ටැබූට පැවසූ ලෙසම ඔබටද පවසමි, ටැබු නැවත ලිවීමට සූදානම් නැති බවක් පෙනෙන මුත් ඔබගේ කතාවෙන් හැඟෙන්නේ ඔබ එයට සූදානම් බවකි.එය මා බෙහෙවින්ම අගය කරන බව ප්‍රකාශ කීරීමට කැමතිය

  4. යම් දෙයකට විරොධය පාන්න හොදම දෙය වන්නේ වැටි වැටි හෝ නැවත නැගිටීමයි.අන් මතවාදවලට ගරු කිරිමට අඩුම තරමේ බුද්ධිමත් සංවාදයට එලඹිමට නොහැකි සුලුතරයක් නිසා තම අදහස් ප්‍රකාශ කිරිමට් අධර්‍යමත් නොවිය යුතුය යන්න මගේ අදහසයි

  5. arunishapiro says:

    සංවිධානාත්මක සියල්ලට විරෝධය දක්වන මා සිද්ධ වී ඇති ගෝත්‍රික හැසිරීමට ද විරෝධය පළ කරමි!

  6. chaminda says:

    The attacks on all froms of expression should be stopped..!

  7. මඩකරියා says:

    කොලූගේ ලියමන් මේ ප්‍රහාරයට ලක්වී නැති අතර ලිවීමෙන් සමුගන්නා බව කොලූ සිය බ්ලොගයේ සඳහන් කර ඇත.
    එමෙන්ම මෙය මහ සංවිධානාත්මක පිරිසක් සිදු කරන දෙයක් විය නොහැකි අතර, ජාතිවාදී හා ආගම්වාදී වියරු උන්මත්තකයින් කිහිපදෙනෙක්ගේ වැඩක් පමණක් බව පෙනී යයි. ඒ හැරුණු කොට බ්ලොගවකාශයේ මෙන්ම සාමාන්‍ය සමාජයේද මෙවැනි ගෝත්‍රික හැසිරීම් අනුමත නොකරන්නන් පිරිස වැඩිය. එබැවින් මෙහි ගත යුතු කිසිවක් නැත. බල්ලෙක් පැහැරූ පමණින් නිවස අත්හැරැ යා යුතු නැත.

  8. Windows8 says:

    මට හිතෙන්නේ මෙක විශාල තර්ජනයක් . මොහොමඩ් වගෙ බ්ලොග් එකක් හැක් වීම වෙනම දෙයක්. ඒත් පිස්සා , ටැබුවා කොලුවා වගෙ බ්ලොග් හැක් වීම එතරම් හොඳ දෙයක් නොවෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s