දලුගම ජෝන් අයියාගේ සත්ව කරුණාව

Posted: March 2, 2011 in Uncategorized
මීට අවුරුදු පණහකට හැටකට කලින් දවසක කැලණි විහාරේ  වඳින්න ආපු උපාසක උපාසකාවියන්ට පත්‍රිකා වගයක් බෙද බෙදාඋන්නු කොලුවෙක් දැකපු පත්තරකාරයෙක් හෙමිහිට කොලුවා ලඟට ගිහින් පත්‍රිකාවක් අරගෙන බැලුවා. ඒක ගවමස් කෑමට එරෙහිව ලියපු එකක්. කියවන කාගෙ උනත් හිත උණු වෙන්න ලියලා තියෙනවා.

“කවුද මේ වැඩේ කරවන්නේ?” පත්තරකාරයා කොලුවාගෙන් ඇහුවා.

 

“දලුගම ජෝන් අයියා”
 
දලුගම ජෝන් අයියා කියන්නේ ඒ කාලයේ ,දලුගම, කැළණිය ප්‍රදේශවල ඌරුමස් කඩ තුන හතරක්ම තිබ්බ මනුස්සයෙක්. එයා ඉතින් හරක් මස් කෑමට විරුද්ධ වීම ගැන අපිට හිතා ගන්න පුලුවන්නේ.
 
මේ පත්තර කාරයා ,ඒමන් කාරියකරවන , ඔය කතාව ඊට අවුරුදු ගානකට පස්සේ ලියලා තිබුනා වෙන කතාවකට පූර්විකාවක් හැටියට.
 
පණහ දශකයේ කොලඹ නාගරික මන්ත්‍රිවරයෙක් වෙලා හිටි ආර්. ප්‍රේමදාස නම් තරුණයා , තමන්ගේ සුචරිත ව්‍යාපාරය කියන සමිතියත් සම්බන්ධ කරගෙන කොලඹ රා තැබෑරුම් වලට විරුද්ධව සටනක් කරා. මේ රා වලට එරෙහි අමද්‍යප ව්‍යාපාරය නිසා කොලඹ ප්‍රදේශයේ රා තැබෑරුම් ගානක්ම වහන්න වුනා.
 
ඔන්න ඔය කාලයෙදිම කෙසෙල්වත්ත ප්‍රදේශයේ චන්දදායකයෝ තමන්ගේ දුප්පත් නාගරික මන්ත්‍රි ප්‍රේමදාස තරුණයාට මෝටර් රථයක් අරගෙන්න දෙන්න හිතුවා. ඔවුන් ඒකට සල්ලි එකතු කලේ සම්මාදම් කරලා.
 
කාරියකරවන මහත්තයා කියන විදියට කෙහෙල්වත්තේ දුප්පත් මිනිස්සු දීපු ශතේ දෙකේ කාසි වලින් නම් ප්‍රේමදාස තරුණයාට අරගෙන දීපු විදියේ නවීන පන්නයේ අලුත්ම මෝටර් රථයක් ගන්න බැහැ. උන්නැහේ කියන විදියට ඒ වැඩේ පිටිපස්සේ ඉන්න ඇත්තේ  රා තැබෑරුම් වහපු නිසා ලාබ ලබන රට බීම සාප්පු කාරයෝ .
 
මේ කතා දෙකම අපිට මතක් වුනේ මේ දවස් වල මිලින්ද මොරගොඩ පදනම කියන සංවිධානයෙන් දාන දැන්වීම් කීපයක් දැකලා.
 
ජෝන් අයියා හරක් මස් වලටත් , ප්‍රේමදාස රා තැබෑරුම්වලටත් විරුද්ධව සටන කරා වගේ මේ පාර මොරගොඩ සටන් කරන්නේ කසිප්පු වලට විරුද්ධව.
 
මේ දැන්වීම් වල හැටියට ලංකාවේ තියෙන හැම ප්‍රශ්නෙකටම මුල කසිප්පු. අග හිඟ කම්, ලෙඩ රෝග, වි‍රැකියාව , වගේ තව නොයෙක් ප්‍රශ්න කසිප්පු නිසා හැදෙනවා කියලා තමා මොරගොඩ උන්නැහේ අපිට මතක් කරලා දෙන්නේ.
 
කසිප්පු ඔය කියන ප්‍රශ්න වලට හේතුවක් බව ඇත්ත. නමුත් කසිප්පු බීම අත හැරලා ඒ මිනිස්සු අරක්කු බොන්න පටන ගත්තොත් ඒවා විස‍ඳෙයිද?නැත්නම් තවත් වැඩි වෙයිද?
  
මොරගොඩලා අනිත් මත්පැන් ගැන කතා නොකර  කසිප්පු ගැන විතරක් කතා කරන කොට අපිට ඉබේටම  දලුගම ජෝන් අයියලා  මතක් වෙනවා.
 
මොරගොඩලා මේ දේ කරන්නේ අවංකව නම් කරන්න තිබුනේ කසිප්පු වලට විතරක් නෙවෙ, අනිත් මත් පැන්වලටත් විරුද්ධව සටනක් පටන් ගන්න එක.
 
ඒක ඔය අරක්කු බොන කොට කො‍ටු දාලා සෝඩා දැන්වීම් දාන මතට තිත වගේ බොරු ශෝබනයක් නොවී ඇත්ත සටනක් වෙන්න ඕනේ.
 
එහෙම නැතිව නිකම්ම  කසිප්පු වලට විතරක් විරුද්ධ වෙනකොට ඒක පිටිපස්සේ ඉන්නේ හැරි ජයවර්දන ද කියලා අපිට අහන්න හිතෙනවා.
Advertisements
Comments
  1. ජයශ්‍රී says:

    අනේ, කසිප්පු-අරක්කු දෙකම නැති වුණාම මිනිස්සු සිගරට් බොනවානේ! දැන් කියයි කසිප්පු-අරක්කු-සිගරට් 3ටම විරුද්ධව ව්‍යාපාරයක් කරමු කියල.එතකොට මිනිස්සු බාබුල්-ගංජා වලට යොමුවෙනවා.හා ඒකටත් විරුද්ධ වුණා කියමුකෝ ආයෙත් මිනිස්සු මොකක් හරි විකල්පයක් හෝයාගන්නවා.

    එහෙම බැලුවොත් ඔය වැඩේ කවදාවත් කරන්න වෙන්නේ නෑ.ඒක නිසා නිකං බොරු තර්ක හදන්නේ නැතිව මිලින්ද මොරගොඩ පදනම කරන වැඩේ ගැන සුබවාදීව බලන්න.අදුරට සාප නොකර එක පහනක් හරි දල්වන්න!

  2. mandu says:

    අනේ ජය ශ්‍රී

    මිලින්ද අදුරට සාප නොකර පහන් දල්වනවද???
    __ට අල්ලන්න අලුත් පන්දමක් දල්වනවද???

    අපේ පෑත්තෙනම්, ඔක්කොම කසිප්පුවො මිලින්ද වගේම දෑත සක්තිමත් කරන අයගෙ හෙන්චයියො තමයි.

  3. budhajeewa says:

    මිලීගේ වැඩේ ගැනවත් අනෙක් මත් ද්‍රව්‍ය වල හොඳ නරක ගැනවත් නෙවෙයි මේ.

    ගමේ ගොඩේ කසිප්පු හදන විදිය ඇහුවාම අනිත් මත් ද්‍රව්‍ය දාහකිං හොඳයි නෙවද?

  4. ඒ කතාවනං ඇත්ත…
    ඇයි කසිප්පු විතරද හොඳනැත්තේ..
    ඇයි සිගරට් අරක්කු හොඳයිද?

    @බුද්ධජීව
    කොයි එකත් එකයි බං.. පල් කරල රත්කරල පෙරල ඇල්කොහොල් තමා ගන්නේ 😀

  5. malith says:

    හපොයි මමත් ඔය යකාගෙ ඇඩ් එකක් දැක්ක.
    ඌකියනව ලංකාවෙ ඊස්ට් ඔනෙ වෙන්නෙ කොලම්බ ගැනුන්න්ට කේක් හදන්නයි කසිප්පු හදන්නයි විතරයි කියල එකෙනුත් වැඩිපුරම කසීප්පු මුදලාලිල ගන්න නිස්ස ඊස්ට් ගෙන්න්වන එකට තහනමක් දාන්නලු අනේ මුගේ මොලේ,
    එතකොට ලංකාවෙ තියෙන බේකරි වල උදේහවස පාන් හදන්න ගන්නෙ මොනවද දන්නෙ නැ

  6. Lankapriya says:

    ” කුඩු රජ්ජුරුවන්ගේ තැබෑරුම් වැහිල්ල වගේ” කියල අලුත් කියමනක් හදමුද ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s