සුමනසේකර, සුමනසේකර,උඹ තමා දවසකට වත් මිනිහා

Posted: February 13, 2011 in Uncategorized

දිවයින පුවත්පතේ පලවූ ලිපියක් හුදී ජන පහන් සංවේගය උදෙසා මෙසේ පල කරමු.
 

අනන්ත සිතිජයේ සිට හමන මඳ නල සිප නැගෙන බිඳෙන රළ ගොස ඇසෙන නෑසෙන මානයේ පිහිටි කොළඹ කොටුවේ ජනාධිපති නිල මැදුර ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ ආඪ්‍ය ලක්‌ෂණ මතු නොව රාෂ්ට්‍රපතියකුගේ ප්‍රතාපවත් බවද පිළිබිඹු කෙරෙන සංකේතයක්‌ වැන්න. උදාහිරු කිරණ තවමත් සිසිල් බවකින් ගත වෙළෙයි. මැදුරෙහි ප්‍රවේශය අසල අවිගත් සෙබළු සීරුවෙන් සිටියහ.
………………….

මා නතරව සිටියේ නිල මැදුර වෙන් කළ උයනක්‌ අසල වූ මෑතකදී ඉදි කර ඇතැයි සිතෙන දිග ගොඩනැගිල්ලක්‌ සමීපයේය. මට එම ගොඩනැගිල්ල තුළටම කැඳවීමක්‌ ලැබුණි. මා තේරුම් ගත් විලසටම එය ශරීරික අභ්‍යාස සඳහාම ඉදි කරන ලද නවීන ක්‍රීඩාගාරයකි.

“හා එන්න එන්න යන වදන් තරමක්‌ උස්‌ හඬින් ඇසුණි. ඒ ක්‍රීඩාගාරයේ එක්‌ කෙළවරක කිසියම් ව්‍යායාමයක නිරතව සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හඬය. ඔහුගේ මුව සිනහවකින් සෝබාවත්ව තිබිණි. එහි වූයේ රාජ්‍ය නායකයකුගේ තේජස්‌ විලාසය පමණක්‌ නොව සැබෑ හෘදයාංගම බවකි.

සුදෝ සුදු ජාතික ඇඳුමත් කුරහන් සාටකයත් සමග ජනහද ඇඳි රුව වෙනුවට මා දුටුවේ දම් පැහැති ටී ෂර්ට්‌ එකක්‌ හා සුදු ට්‍රැක්‌ බොටම් එකක්‌ හැඳගත් බාහු බලයෙන්ද යුත් සෘජු කයක්‌ සහිත ක්‍රීඩකයකුගේ විලාසය ගත් ජනාධිපතිවරයාය. ඒ වූ කලී ජනාධිපතිවරයාගේ දෛනික කාල සටහනේ ප්‍රථම අංකය වූ ශාරීරික ව්‍යායාම් කරන වේලාවයි.

මම ක්‍රීඩාගාරයේ ඔබ මොබ ඇවිදිමින් සිටියෙමි. නවීන පන්නයේ විවිධ මාදිලියේ ක්‍රීඩා උපකරණ පෙළක්‌ම එහි විය. එවේලෙහි ජනාධිපතිවරයා සිටියේ එක තැන හිඳ ඇවිද යා හැකි ට්‍රෙඩ්මිල් නමින් හැඳින්වෙන ක්‍රීඩා උපකරණයක අභ්‍යාසයක යෙදෙමින්ය. ජනාධිපතිවරයා දෙපය තබා ඇවිද යද්දී ගමන ක්‍රමයෙන් වේගවත් වෙයි. කාලය මනිමින් අසල රැඳී සිටි සහායක උපදේශකයාගේ සංඥව අනුව වේගය ක්‍රමයෙන් අඩුවී ව්‍යායාමය නතර විය.

මම පරික්‌ෂාවෙන් බලා සිටියෙමි. මුහුණේ කිසිදු විඩා බර ගතියක්‌ නොවීය. නළලත රැඳුණු ඩා බිඳු සුරතින් පිස දමමින් ආ ජනාධිපතිවරයා පුංචි විරාමයක්‌ ගත්තේය.

“කෝ……අර කෝල් එක මට අරං දෙන්න.

ජනාධිපතිවරයා අසල සිටි සහායකයා සැණකින් කිසියම් අංකයක්‌ රැගෙන ජංගම දුරකථනයක්‌ ඔහුට දුන්නේය.

අනුරාධපුරයේ ගමනට එයාටත් එන්න කියන්න.

දුරකථනයෙහි එහා කෙළවර සිටි අයට උපදෙසක්‌ දුන් ජනාධිපතිවරයා යළි මා වෙතට හරුණි.

හැබැයි ඉතින් මං කැමතියි එළියෙ ටිකක්‌ හුළං වැදි වැදි දුවන්න. ඒත් දැන් කලක ඉඳන් මේකට පුරුදු වෙලා.

ජනාධිපතිවරයාගේ කුඩා විවේකය නිම විය. හේ යළිත් වෙනත් ක්‍රීඩා උපකරණයකට මාරු විය. එය මූලික වශයෙන්ම දෙ අත් හා ගෙලත් සිරුරේ උඩ කොටසත් සඳහා වූ ව්‍යායාමයක්‌ බව මට පෙනුණි. මට හැඟී ගියේ එය නම් මනා පුහුණුවකින් තොරව නොකළ හැකි තරමක්‌ දුෂ්කර ව්‍යායාමයක්‌ බවය. ඉන් පසු මඳ විරාමයක්‌ ගත් ජනාධිපතිවරයාගේ දත්වලට බොක්‌සිං ක්‍රීඩාවේදී භාවිත කරන අත්වැසුම් (ග්ලව්ස්‌) දෙකක්‌ එක්‌විය. සිරුරේ සමබරතාව මෙන්ම ජවසම්පන්න බවද විදහා පාමින් දෑතින්ම ඉදිරියේ එල්ලා තිබුණු දිගටි මෙට්‌ටයක්‌ වැනි දෙයකට නොනවත්වා ප්‍රහාර එල්ල කළ ජනාධිපතිවරයා මට සිහිපත් කළේ බොක්‌සිං ක්‍රීඩකයෙකි.

“මේක තමයි මට, ටිකක්‌ හරි දැනෙන්නෙ”

මගේ සිත දසක කීපයකට පෙර තර්ස්‌ටන් විද්‍යාලයීය ක්‍රීඩාගාරය වෙතට දිව ගියේය.

“ඔබතුමා කොලේඡ් එකේදී බොක්‌ෂිං කළාද”

මම ඇසීමි.

“නෑ ප්‍රැක්‌ටිස්‌ කළත් දිගට කරන්න බැරි වුණා මොකද මං රගර් ගැහුවනෙ. ඒ දෙකම එකට කරන්නත් අමාරුයි.”

ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේය.

මේ අතර තවත් ව්‍යායාමයක්‌ සඳහා සූදානම් වන අයුරුද මට පෙනුණි. එවර නම් බිම අතුරන ලද මෙට්‌ටයක දිගාවී සිරුරේ දෑත්, ඇඟිලි හා දෙපාත් මස්‌ පිඬුත් සඳහා වූ ව්‍යායාමයක නිරත විය. සහායකයෝ දෙදෙනාම එහිදී නම් එක්‌ වූහ. තවත් විනාඩි දහයක්‌ පමණ ගත වන්නට ඇත. නැගී සිටි ජනාධිපතිවරයා මෙට්‌ටය මත වාඩි විය. සහායකයෙක්‌ රූපවාහිනිය ක්‍රියාත්මක කරද්දී අනෙකා ජනාධිපතිවරයාට පැන් බඳුනක්‌ පිළිගැන්වීය.

රූපවාහිනි තිරයේ දිස්‌ වූයේ බැරක්‌ ඔබාමාගේ දසුනකි.

බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක්‌ මා දෙසට යොමු කළේය.

හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.

ජනාධිපතිවරයා යළිත් සිය විග්‍රහය ඉදිරිපත් කරමින්ම නැගී සිටියේය. එවර නම් සියලු ව්‍යායාම් අවසන් බව මට පැහැදිලි විය.

ජනාධිපතිවරයා තුවායකින් සිරුරෙහි රැඳුණු දහදිය මාත්තු කරමින්ම ඇවිද ගියේ ක්‍රීඩාගාරයේ මැද කොටසේ වූ සිය විශේෂ අසුනටය. මම ද ඔහු පසු පස ඇදුනෙමි. සහායකයා දුරකථන ඇමතුම් කීපයකම සාරාංශය ඔහු වෙත ඉදිරිපත් කළේය. මම ඒ සංවාදයට බාධා නොකර නිහඬව සිටියෙමි. මට සිහි වූයේ මා මෙතැනට පැමිණ විනාඩි හතළිහක පමණ කාලයක්‌ ගෙවී ඇති බවය. එසේ නම් අඩුම වශයෙන් ජනාධිපතිවරයා පැයකට නොඅඩු කාලයක්‌ උදෑසන ව්‍යායාම්වල නිරත වනු ඇතැයි මම සිතින් කාලය මැන්නෙමි. මගේ මතක වීදිය දිගේ දිස්‌ වූයේ කඳ බඩ මහත තරබාරු විකට රූප පෙළකි.

අපේම කාටුන් ශිල්පීන් විසින් දේශපාලනඥයන් චිත්‍රයට නංවන්නේ කෙබඳු උත්ප්‍රාසයකින්ද? ගෙල, කඳ, උදරය යන සියලු අංග අසමබර වාමන රූප බවට ඔවුන් පත් වන්නේ සිය ශරීර සුවතාව අමතක කිරීම නිසාය. එහෙත් රටේ රාජ්‍ය නායකයා සිය දවස ආරම්භ කිරීමට පෙර සිරුරට දෙන දුෂ්කර ක්‍රියාව ඔහුගේ පෞරුෂත්වයට මෙන්ම නිරෝගී බවටද මනා රුකුලක්‌ වී ඇතැයි මම හඟිමි. ජනාධිපතිවරයා පසු ගිය දිනක තමාත් සමග පයින් ඇවිදීමට කාටදෝ අභියෝගයක්‌ද කළ අයුරු මට මතක්‌ විය. සත්තකින්ම නව යොවුන් තරුණයකු සමග වුවද තවමත් කරට කර සිටිය හැකි ජව සම්පන්න බවක්‌ ඔහු තුළ ඇතැයි මා සඳහන් කරන්නේ කිසිදු ඇස්‌වහක්‌ කටවහක්‌ නොවේවා යන පහන් සිතින්මය.

මගේ කල්පනා ලෝකය යළිත් බිඳී ගියේ ජනාධිපතිවරයා ඉතින් යෑයි කියමින් යළිත් මා දෙසට හැරුණු හෙයිනි. මෙවැනි ක්‍රීඩාගාරයක්‌ කිසිසේත් දේශපාලන සමාජ කතිකාවකට උචිත නොවන බව මට හැඟුනත් මට සිදු වූයේ එබඳු කතාබහකට මුළ පිරීමටය.
…………………
…………………..
 අපි සියලු දෙනාම විහිළු තහළු කරමින් පාතරාසය ගනිමු. මට සමු ගැනීමට කාලය එළැඹ තිබිණි. මම ජනාධිපතිවරයාගෙන් සමුගනිද්දී ඔහු මා පෙන්වා විහිළුවක්‌ද කළේය.

“ඔය ඇවිල්ලා තියෙන්නේ මගෙ සැප සනීප බලාගෙන යන්න”

ජනාධිපතිවරයාගේ ඒ වදන් තුළ සැඟව ඇත්තේ පසුගිය දිනවල ඔහුට එරෙහිව ඇතමුන් විසින් පතුරන ලද කටකතා විය හැකිය. සත්තකින්ම ඒ වර්ගයේ කටකතා පිළිගන්නට තරම් දුබල මනසක්‌ මට නැත. ඒ පිළිබඳ අබැටක හෝ කුකුසක්‌ යමකු තුළ තිබේ නම් එය කෙරම් මුළාවක්‌දැයි මට ඉතා පැහැදිලිය. සත්තකින්ම මෙබඳු කටකතා පතුරුවන්නෝ රෝගීහු නොවෙත්ද? එය මානසික මෙන්ම දේශපාලන රෝගී තත්ත්වයක්‌ බව ඉතා පැහැදිලිය.

ගාමිණි සුමනසේකර

http://www.divaina.com/2011/02/13/politics04.html

Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: තමා, දවසකට, මිනිහා, වත්, සුමනසේකර, […]

  2. Thisara says:

    “ආ ගිය කතා” ලියන්න දක්ෂ කොන්ඩම් මහින්ද අබේසුන්දර විතරයි කියලා මම මෙච්චර කල් හිතාගෙන හිටියේ. සුමනසේකර ගොයියාත් නරක නෑ නොවැ. ඕකේ හෙඩිම “ගොඩ යන මග” කියලද තිබ්බේ.

  3. Rasika says:

    මොනව වුනත් ඉතිං අපේ ජනා එක්සයිස් කරන එක නං අගේ කරන්න ඕනෑ.

    පොර ටොරින්ටන් වෝකින් ක්ලබ් එකේ දීර්ඝකාලීන මෙම්බර් කෙනෙක් බව, ඒ කියන්නේ විපක්‍ෂ යේ ඉන්න කාලේ ඉඳලාම, බව අපේ මාමා කෙනෙකුත් කිව්වා.

  4. Ravi says:

    අනේ ඇත්තටම මේ වගෙ දේවල් ලියන මිනිස්සුන්ට නෙවෙයි අර වේලපු මොකක්ද එකකින් ගහන්න ඕනෙ මෙව්ව සල්ලි දීල අරන් බලන මිනිස්සුන්ට, මම මේ ඉන්න රටේ බොහෝවිට ලඟ තියෙන සුපර් මාකට් එකට එන්නෙ දිවයින ඉරිද පත්තරේ විතරයි, ඒත් සිංහල අකුරක් කියවන්න කොච්චර ආස උනත් මම කිසිම දවසක් දිවයින නම් ගන්නෙම නැහැ,දයාසේන ගුණසිංහල වගෙ මිනිස්සු හිටපු පත්තරේකට ගිය කලක් හැබෑටම,

    • ජයශ්‍රී says:

      පත්තරයක් කියවන්නේ ඒක ආණ්ඩුවට බනිනවනම් විතරද?.රජය ගැන හරි රාජ්‍ය නායකයා ගැන හරි සාධනීය යමක් පත්තරයක පල කරන්න බැරිද? අර කටකතාව ඇත්ත වෙනව නම් සංතෝෂද? “ඉරට සැපක්දෝ නියගය දලු ලෑම”

      • දිවයින වගේ පත්තර කියවන්න බැරි ආණ්ඩුවට බනිනවද හොඳ කියනවද කියන කාරණේ උඩ නෙමෙයි. මේ තරම් විලි ලැජ්ජාව නැති නිවට නියාලු ‍ගෝතයෝ පත්තරකාරයෝ වුණේ කොහොමද කියලා කල්පනා කළාම ‍අපෙත් මොළේ කචල් වෙන හින්දා.

        • ජයශ්‍රී says:

          මට පේන විදියට නම් ඔබගේ මොළයේ අයේ කචල්වෙන්න දෙයක් නෑ.

      • Ravi says:

        පත්තරයක් කියවන්නෙ යම් අලුත් දෙයක් දැන ගන්න බව හැබෑව, ජනාධිපතිට ලෙඩක් නැහැ වගේම බොහොම නිරෝගී සුවයෙන් ඉන්නවය කියන එක ප්‍රවෘත්තියක්ම කියමුකො, ඒකත් ලියන්න ක්‍රමයක් තියෙනවනෙ, මේ වගෙ ලිපි ලියන්ඩ පුලුවන් අය හිටියට, ඇත්තටම මට නම් කියවන්ඩත් ලැජ්ජ හිතෙන මට්ටමේ ලිපියක්,

        • ජයශ්‍රී says:

          ඇයි එහෙම ප්‍රවාත්ති ලියන්න ඕනි ඔලුවෙන් හිටගෙනද? ජනාධිපති තුමා එක්ක විරුද්ධ වෙච්ච පලියට එතුමා කරන හැමදේටම විරුද්ධ වෙන්න එපා.කවුරු කළත් කරන්නේ නිවැරදි වැඩක් නම් ඒක අගය කරන්න පුරුදු වෙන්න.

          • Ravi says:

            ප්‍රවෘත්ති ලියන්න ඕනෙ ඔලුවෙන් හිටගෙන නෙවෙයි, ඒක ඇත්ත, ඒත් ඒ වගේම ප්‍රවෘත්ති ලියන්න ඕනෙ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටිලත් නෙවෙයි,අන්න ඒක අමතක කරන්නත් එපා,

            මේක ප්‍රවෘත්තියකට වඩා සමාන වෙන්නෙ වන්දිභට්ට ස්තෝත්‍රයකට,

            ප්‍රවෘත්ති ලිවියයුතු ආකාරය පිළිබඳව ඔබෙත් මගේත් අදහස් වෙනස් බව පැහැදිලියි, ප්‍රශ්නයක් නැහැ, හැමෝටම තමන්ගෙ මතය දැරීමේ අයිතියක් තියනවනෙ

  5. Saman Rathnayake says:

    Be happy man. Your Article linked here
    check
    http://www.lankanewsweb.com/Sinhala/news/2011_02_14_001.html

  6. jas says:

    කන්ඩ දුන්න අත හපා කන්ඩ හොද නෑනේ.. අනික ඉතින් පාතරාසයට පිලිගන්වන්ඩ ඇත්තේ ඇට මැස්සා කනවා වගේ පානුයි පරිප්පුයිත් නෙවේ වෙන්ඩ ඇතිනේ.

    එහෙම එකේ ඉතිං මෙහෙම නොලියා කොහොමද??

  7. W.Warnakulasuriya says:

    Please translate this and publish
    Thank you
    W.Warnakulasuriya

    Time has come People of Sri Lanka Like a Egypt like a Tunisia the people young people you have to come out show your lion blood and kick out Dictator Mahinda and his gang (no 1 is Criminal G) If you reed one of the Sri Lankan weekly paper13 Sunday , Editor who is him self government buyers ( Pukter /Bath balaya /..levakanna / p denna) story he visiting king M place (belongs to people of Sri Lanka ) how Dictator keeping place try to live for ever and his luxury sports faculties and facilities poor propel suffering day to day life battle (this kind of thing we saw other world Dictators like a Idi Amin Sadam Husin ,Mubarak, How those Dictators lives with people money. No different our Dictator and most of world bad Dictators Killing who is against him and having meals who sucking his …giving propaganda shit publicity about him . I also like to mention once Anagarika Dharmapala, call our people with colour full words because the way we live and he ask to change so there for now is time has come be Unite and lash out Raja and his Gang . W.Warnakulasuriya Sydney

  8. ජයශ්‍රී says:

    මෙම පුවත්පත් ලිපියේ අතිශයින් ම වැදගත් කොටස පල නොකර තිත් පෙලක් පමණක් යොදා මකා දමා ඇත.

  9. Sanath de Silva says:

    Disgraceful attitude by a journalist – a slave of the politically powerful! Look at the intent of this article.

  10. arjuna says:

    සුජීව ප්‍රසන්න ආරච්චීගේ පොතක් වගේ
    මට ඔක්කාරේට එනවා
    එක්කෝ සුමනසේකර කොළු කාරයෙක්

  11. විකී says:

    නිරෝගි සැප මිස සැපතක් ලොවේ කොහෙන්දා………….

    (ආරෝග්‍යා පරමා ලාභා.)

    ඉතිං කොච්චර හොදද. සෞඛ්‍ය සම්පන්න නායකයෙක්. ගාමිණී සුමනසේකර පසකින් තබන්න. ඇත්තටම, මේ නිරෝගිකම ගැන අපි සතුටු විය යුතුයි.

  12. කඩප්පුලියා says:

    හරියට සුමණසේකරයා මහින්දගේ ව්‍යායාම කෙරුවාව වර්ණනා කරලා තියෙන ආකාරය දකින විට අපිට හිතෙන්නේ මහින්දයාට අර කියපු ලෙඩේ තියෙනවාම තමයි කියලා.සුමණයාට හැදිලා තියෙන වන්දිභට්ට ලෙඩේට නම් බෙහෙත් නෑ.

  13. mrajapakshe says:

    lankave inne amuma amu harak…nivatayo kiyala mamai mage pavule unui dhanna nisa …mata jeevitha kalayak inna puluvan bava..mata virudhdhava inna harak tika therum gaththoth hodai…umbala hadhanne MUBARAK vage mava gedhara yavannadha…eva kohedha..lankave minissu…simanasekara…abesundharala..dhobaghahavaththala vage paththara karayoi….rate moda janathavai innkal..eva boru..umbala vage nari tikata mage malli SUDU VAN lasthikarala thiyene…ATAMASSSOOOOOOOO

  14. සුමනෙ යන්නෙ කොයි පාරේ…
    මල් කුමාර ගිය පාරේ.

  15. […] ලියන්නෙත් පච වර්ණනානෙ. ඊයේ පෙරේදා ඇට මැස්සගේ අඩවියේ දිවයිනෙන් උපුටලා පළ කරලා තිබුණ ලිපිය […]

  16. Malith says:

    ලියල තියෙනෙ ලිවිල්ලෙ හැටියට මට හිතෙන්නෙ මේක ලියපු එකා සම ලිංගිකයෙක් කියල

  17. මම. says:

    දිවයින පත්තරේ හදපු උපාලි විජේවර්ධන ජීවත් වෙලා හිටියනං පුක වල දාගෙන මැරෙන්නේ මේවා දැකල. අම්මපා, අපේ ගෙදර උනුත් මේ හිගන පත්තරේ ගන්නවනේ. දිවයින පත්තරේ හොදයි රීලා පුක පිහි දාන්න.

    • ජයශ්‍රී says:

      ඇයි උඔලගේ පැත්තේ වතුර නැද්ද? නැත්තං උඔ කලු සුද්දෙක් ද?

  18. මම. says:

    වතුර නාස්ති කරනවට වඩා හොදයි දිවයින පත්තරෙන් පුක පිහින එක. පත්තරෙන් සමාජෙට මොකක් හරි වැඩක් තියෙන්නත් එපයි.

  19. chaminda says:

    එදා දිවයින ඉතා උසස් ගනයේ මාධ්‍ය මෙහෙවරක යෙදුනා එත අදනම් ලංකාවේ එති පත්තර වෙලින් පහත්ම තෙනට වෙටිලා තියෙන්නේ දිවයින

  20. ගුස්ති ලාල් says:

    සෑර් ! අර බූරුවෙක්ව විකුනන්නයි කියලා සිදාදියට දක්කන් ගිය තාත්තන්ඩියගෙයි පුතන්ඩියගෙයි කතන්දරේ දන්නවද? හැබෑටම උන්දැලා මක්කෙයි අන්තිමට කොලේ?

Leave a reply to කඩප්පුලියා Cancel reply