වීරවංශ ඊජිප්තු උද්ඝෝෂණය ආපහු හරවයි.

Posted: February 9, 2011 in Uncategorized
 

ටියුනීසියවෙන් පටන් අරගෙන ආරාබි ලෝකය පුරා හමා යන නිදහස් සටන් ‍රැල්ල අරාබියේ විතරක් නෙවේ ,ලෝකයේ අනිත් කලාපවලටත් අරක් ගෙන ඉන්න ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලක ජුන්ටාවන් බයෙන් සසල කරවන්න සමත් වෙලා.

යුගයේ අසහාය දේශප්‍රේමියා වන වීරවංශ පුම්බන්න පවත්වගෙන යන කසි කබල් වෙබ් අඩවියේ පහු ගිය දාක පල කරලා තිබුනු ලිපියක මේ බය දෝරේ ගලලා තිබුනා.

මේ ලිපිය පටන් ගන්නේ උද්ඝෝෂණය වෙනත් මගකට ගමන් ගන්න බව බටහිර මාධ්‍ය වාර්තා කරා කියලා. බටහිරට බනින අතරේ බටහිර මාධ්‍යම උපුටල දක්වන සදාචාරය අයිතිත් එයාල මහ ලොකුවට කතා කරන සිංහල බෞද්ධ සම්ප්‍රදායටද එහෙම නැත්නම් ඉරාන , ලිබියන් වගේ වෙන මොකක් හරි එකකටද කියලාත් ඒ එක්කම කිව්වා නම් හුඟක් වටිනවා.

හැබැයි අපි නම් පහු ගිය දවස් වල බටහිර වේවා, නැගෙනහිර වේවා කිසිම මාධ්‍යයක් ඔයාකාර වාර්තාවක් දැක්කේ නැහැ.

ඊ ලඟට එයාලා කියනවා ,හොස්නි මුබාරක් පහු ගියදාක අති විශාල රූපවාහිනි තිර භාවිතා කරමින් උද්ඝෝෂකයන් අමතලා කරපු  කතාව හරිම සංවේදි එකක්යලු. ( සංවේදි නායකයෝ ඉන්නේ මෙහෙ විතරක් නෙවේ වගේ)

මේ සංවේදි කතාව නිසා ඊජිප්තු ජනතාව අධි සංවේදි වෙලා, ඒ වෙනකොට මිලියන් ගනක හිටපු උද්ඝෝෂකයන්ගේ ගණන මේ වෙන කොට දහස් ගානකට බැහැලාලු. ඒ වගෙම දැන් ඊජිප්තු ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් තිබෙනවලු. තමන්ගේ ගෙවල් වලට යන්න කියලා ඊජිප්තු හමුදාව උද්ඝෝෂකයන්ගෙන් කරපු ඉල්ලීමක් පිලි අරගෙන එයාලාඅ විශාල වශයෙන් ගෙවල් වලට යන්න පටන් අරගෙනලු.

පේන්න  තියෙන විදියට  මේ වීරවංශලා බලන්නේ අඟහරු ලෝකේ ප්‍රවෘත්ති වෙන්න ඕනේ. අපි පහු ගිය දවස් වල දැක්ක පෘථුවි ලෝකේ ප්‍රවෘත්ති වල හැටියට නම් මේ වනකොටත් කයිරෝ වල විතරක් නෙවේ ඊජිප්තුව පුරාම මිලියන් ගනන් ජනතාව පාරට බැහැලා සටන කරනවා, ඒකාධිපති පාලකයාට විරුද්ධව.

වීරවංශගේ චක්ගෝලයෝ ඊලඟට කියන කතාව තමා මුබාරක්වාදින් දැන් පාරට බැහැලා උද්ඝෝෂකයන්ට විරුද්ධව සටන් කරන බව. මේ මුබාරක්වාදින් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ විදියේ පාලකවාදින් ලෝකේ කවදත් ඉන්නවා. ඒ තමා පාලකයින්ගේ මේස පල්ලෙන් වැටෙන ක‍ටු කන සුනඛ රංචු. අද මේ වංශලාගේ රෝල් එකත් ඒකම තමා. මේ වගේ ඇම්බැට්ටයෝ ඒකාධිපතියෝ එක්ක හැමදාම හිටියා. උන්ගේ රාජකාරිය තමා තමන්ගේ හාම්පුතුන්ට විරුද්ධව ජනතාව නැගිටිනකොට බයිසිකල් චේන් වලින්, පොලු මුගුරු වලින් , ඩප්පි වලින් පහර දෙන එක. තව වීරවංශ පන්නයේ පල් හෑලි ඇද බාන එක.

වීරවංශලා හිතන්නේ ලංකාවෙ ඉඳගෙන තමන්ගේ කසි කබල් වෙබ් අඩවි වල සිංහලෙන් ලිව්වම අරාබියේ ජනතා උද්ඝෝෂණ නවතියි කියලා.

අරාබියේ නෙවේ දැන් ලංකාවෙත් වීරවංශලාගෙ පච වලට ‍රැවටෙන මිනිස්සු නැහැ, ඔය රක්ෂා ගන්න, තමන්ගේ බිස්නස් ටික කරගන්න  වටේ කැරකෙන කීප දෙනෙක් හැර. එයාලත් ඉන්නේ වීරවංශගේ දේශප්‍රේමයට ‍රැවටිලා නෙවෙ,  ලබෙන පලමු චාන්ස් එකේම වීරවංශට පොල්ල තියලා පනින්න .

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ආපහු, ඊජිප්තු, උද්ඝෝෂණය, වීරවංශ, […]

  2. Rukshan says:

    well said sir, 100% true man, I don’t watch government news

  3. arunishapiro says:

    අන්තර්ජාල හා මාධ්‍ය ප්‍රකාශන හැමෙකකින්ම ඊජිපත්තුවේ ජන ඝෝෂාවට මිලියනයක පිරිසක් එකතු වෙන තෙක් බලා මම සිටියෙමි. අල් ජසීරා, සී.එන්.එන්, බී.බී.සී, ඒ.පී. හෝ බ්ලොග් කරුවන් අතරින් ද මිලියනක් ජනයා රැස් වූ බවක් පිළිගත හැකි කොතැනක වත් සඳහන් නොවීය. හැම අයෙක් ම දස දහස් ගණනක් ජනකාය ගැන කතා කළහ. මිලියනකට ආසන්නව හෝ ජනකායක් වූවා නම් මිලියනය යන වචනය නොවැරදීම භාවිතා කරනවා දකින්නට හැකිවනු ඇත.

    ඒ එක්කම කියන්න ඕනා ඒ ජනහඬට රැස් වූ පිරිස ඉතා විනීතව හැසිරුණ පිරිසක් කියලා. ඔවුන් බුද්ධිමත් ජනතාවක් වීම හේතු සාධකයක් වෙන්න ඇති. ජන‍රැළියෙන් පිටස්තර පෙදෙස්වල හිටි අය නම් අපේ චක්ගෝලයෝ වගේම හැසිරුණාලු!!

    කාගේවත් අධි සංවේදී කතාවක් නිසා නෙමෙයි නගරයේ පහසුකම් අඩුවීම, ව්‍යාපාර කටයුතු ඇණ හිටීම, තමන් ආපසු රැකියාවට යා යුතු නිසා, පවුල් වල වගකීම් යනාදී හේතු නිසායි නුදුරු දිනයෙක ඔවුන්ගේ ජනහඬ නවතිනු ඇත්තේ. ජනරැළියට වැඩියෙන් ආවේ වැඩ කරන ජනතාව, කාගේවත් අල්ලෙන් වැටෙන දේ උලා කන ඇම්බැට්ටයෝ නොවේ.

  4. No Frames says:

    විරෝධාකල්පී බ්ලොග් ලියන ඇම්බැට්ටයන් ඊජිප්තු ජන නැගිටීම තම පසුම්බියට දා ගැන්මට කරන උත්සාහය දුටු විට දෙකොණින්ම සිනහ යාම නතර කර ගත නොහැකි විය.

  5. ඔය හැම වංශලාම එකයි… කාගෙත් උවමනාව ඉදුල් කාල හරි තමන්ගෙ බඩ වඩාගැනීම විතරයි…

  6. ජයශ්‍රී says:

    අරාබියෙත්,ලංකාවේත්,ආසියාවේත්,අප්‍රිකාවේත්, කොටින්ම මුලු ලෝකයේමත් පක්ෂ/විපක්ෂ දේශපාලකයෝ වටේ මිනිස්සු කැරකෙන්නේ වරප්‍රසාද ලබාගන්න තමයි.(නැත්තං උන්ට පිස්සු යෑ).ඒක අලුත් දෙයක් නෙවෙයි.හැමදාම ඔහොම තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s