කාම ගින්න -කෙටි කතාවකි

Posted: February 5, 2011 in Uncategorized

 

දිනය එක

පත්තරයේ අලෙවිය අඩු වීම ගැන  පස් පංගුවේ  බැනුම් අසා  සභාපතිවරයාගේ කාමරයෙන් පිට වූ ප්‍රධාන කතුවරයා  බිම බලාගත් වනම  තම කාමරයට ගියේ කෝපයෙන් දැවෙමිනි.ඇයගේ  මේසය අසලදී යම්තම් හිස ඔසවා බැලු ඔහු ඇගේ මුහුණේ වූ මන්දස්මිතය දුටු සැනින් තම කෝපය මොහොතකට අමතක විය.  තම කාමරයට එන මෙන් ඇයට හිසින් සන් කරමින් ඔහු තම කාමරයට රිංගා ගත්තේය.

ඇය කාමරයට ඇතුල් වන විටත් ඔහු තම කාර්යාල මේස ලාච්චුවේ සඟවා තිබු ගල් අරක්කු බෝතලයෙන් වීදුරුවකට වක් කරමින් සිටියේය.

“ඔය මොකද? අද උදේම , මොකද මූණ නිකම් කොරහ වගේ කරගෙන ?”

“අපි පරම්පරා ගානක් ශ්‍රී ලංකා එකට කත් ඇදපු එව්වෝ , මේ ඊයේ පෙරේදා ආපු උන්  දැන් අපිට අරින්න එනවා “

“කවුද අනේ “

“කවුද ඉතින් අර කුමාරයා මිසක්”

“මොකටද ඔයාට ඌ බැන්නේ?”

“සර්කියුලේෂන් අඩුයි ලු . පරයා ඕක උදේට උදේට පත්තරේ තියෙන දේවල් අර වාහිනියෙන් කියවන කොට කාටද පත්තර සල්ලි දීල ගන්න හිතෙන්නේ “

” අනේ ඕවට ඔයා තරහ ගන්න එපා , ඔයා කවුද කියලා ලොක්කා දන්නවනේ” 

ඇය කීවේ ඔහුගේ මුඩු හිස මුදු ලෙස පිරිමදිමිනි. ඇය දෙස ආදරය පිරි බැල්මක් හෙලු ඔහු අශෝක වීදුරුවට කට කපා පුරවා තිබු ගල් අරක්කු වලින්  අඩක්ම එක හුස්මටඅමුවෙන්ම  ගිල දමා ඉතිරි අඩ ඇය වෙතට දිගු කළේය.

” අනේ , මට බෑ මේ උදේම , අනික අමුවෙන්ම  “

“ඔය වතුර ටිකක් දාලා ගන්න ,”

ඇය වීදුරුව ගැනීමට අත දිගු කරනවාත් සමග ඔහු ඇයගේ අතෙන් ඇද තම සිරුරට තුරුල් කරගත්තේය. ඇයද සෙමින් ඔහු උකුල මත  හිඳ ගත්තේ  අතින් ගත් අරක්කු වීදුරුවෙන් බිඳකුදු නොහැලෙන පරිදිය. ඇය වීදුරුවේ තිබු අරක්කු වලින් අඩක් පමණ එක උගුරට ගිල දමා ඇඹුල් කර ගත් මුහුණින් යුතුව ඉතිරිය ඔහු මුවට ලං කලේ පුරුදු කාරියක ලෙසිනි.

” හප්පා , හපන්න මුකුත් තිබ්බා නම් ” ඇය කෙඳිරුවේය.

” වෙන මුකුත් මොකටද , මේ තියෙන්නේ ” කියමින් ඔහු ඇයගේ මුව සිප ගත්තේය.

” අනේ කවුරුත් එයිද”

“ආවත් මොකද, අනික ඔයා මේ කාමරේට ආවම වෙන එකෙක්වත් ආයේ එන්නේ නැහැ ,ඔන්න ඔය ලාච්චුව ඇරලා බඩුවක් ඇති ගන්නකො.”

ඔහුගේ මේස ලාච්චුවට අත දැමු ඇය ඉන් එලියට ගත් සී ඩී තැටි වල පිට කවරවල වූ නග්න කාන්තා රූ දුටු ඇය ” ඊයා , මේ මොනාද, අනේ ඔයාගේ වයසටද මේ පිස්සු කරන්නේ  ” යි කීවාය.

” කවුද ඔයාට ඕවා අදින්න කිව්වේ  මං ගන්න කිව්වේ මෙන්න මේක ” කියමින් ඔහු ලාච්චුවට අත පොවා ඉන් කොන්ඩමයක් එලියට ඇද ගත්තේය.

……………..

දිනය දෙක

” ට්‍රීන් ,ට්‍රීන් “

” හෙලෝ , චිෆ් එඩිටර් හියර් ,….. මොනාව ඇත්තද, ……….. තියලා ,……. ඊයේ රෑද? හරි සර් හරි සර් මමදෙන්නම් නියම ආර්ටිකල් එකක් ,…………. ලියන්නම්කො උන්ම ගිනි තියා ගත්තා කියලා. “

” පිස්සුද ඕයි, ඕක පරණ කතාවක්නේ. වෙන මොකක් හරි ලියනවකෝ නිර්මාන ශීලීව”

” එහෙනම් මම ලියන්නද ඒක ඇතුලේ ආයුධ තිබ්බ කියලා”

“තමුසේ නම් මහා මැට්ටෙක් ඕයි “

” හරි,මට ආවා නියම අයිඩියා එකක් , ” ඔහු තම මේසය දෙස බලමින් කිව්වේය.

එය මත තිබුනේ ගල් අරක්කු බෝතලයක්, අසභ්‍ය වීඩියෝ තැටි කීපයක්, හා කොන්ඩමයක කොපුවකි.වටපිට බැලු ඔහු භාවිතා කර විසි කරන ලද කොන්ඩමය හා ඇයගේ යට ඇඳුම  තම පුටුව අසලම දුටුවේය.

” සර්,……………………….. ! ……………………………….. එහෙම හොඳද ? “

” තමුසේ නම් මරු ඕයි, මම හෙට උදේ පත්තරේ කියවනකොටත් ඕක කියවන්නම්, අයිසේ මේ … මම ඊයේ බැනපු ඒක අමතක කරලා දානවා”

” ඒක සිම්පල් සර් ”

අයිසේ , මේ .. තමුසේ ඔය කතාව දැන් කතුවැකියේ ලියන්න එපා ගොනා වගේ ,හරිද?

“නෑ ,සර්.මම ලියවන්නම් කාට හරි කියලා….හරි සර් තියන්නම්”

“ඩාර්ලින් ,………… කම් හියර්  ෆොර් අ මිනිට් ප්ලීස් …………………………..ඔයා මේ නිව්ස් අයිටම් එක කරන්න සුදා”

 

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: කතාවකි, කාම, කෙටි, […]

  2. මැස්සා says:

    ඇට මැස්සා, ඒ මැස්සා, මේ මැස්සා ඔක්කොම කුලප්පු වෙලා ජංගි සීන් එකෙන් පස්සේ!

  3. ebuwa says:

    Ade niyamaine. Mata oya chief editor mawila penawa 😀

  4. Thisara says:

    කතුවැකියට ආගිය කතා ලියපු පොර ගෙදර යයි. පොරගේ වැඩ කිඩ දන්නා මායියා දෝස් මුරය පටන් ගනියි.

    කෝ යෝදයෝ ජොකා.

    අම්මට සිරි අරකිගේ පෑන්ටිය ඔපීසියේ දාලා මගේ ජොකානේ ඒකි ඇදන් ගියේ.

    (කාර්යාල වල ජංගි තිබෙන්නේ එවැනි අතපසුවීම් නිසාය)

  5. ගීත් says:

    ඇටමැස්සෝ පරිස්සමෙන්. සුන්දරයා ඇට මැස්සාගේ ගේ ගිනි තියලා පෑන්ටි ටිකක් ගෙනත් දාන්නත් බැරි නෑ. මටනං පුදුමේ කියන්නේ සුන්දරයා ගල් අරක්කු ගහන බව ඇට මැස්සා සහසුද්දෙන් දැනගත්ත එකයි. ඕකා හොර අඹුවකගේ ගෙදර රිංගලා ගෑණිගේ මිනිහට අහුවෙලා හෙළුවෙන් ගෙදර යන්න වැඩේ සිද්ධවුණ වැඩේ ඇට මැස්සාට අමතක වෙන්න බෑ,

  6. පද්දා says:

    තිසරයා මෙහෙම කියනවා.

    “කොන්ඩම් නැති වෙලාවට නම් සමහර විට ජංගියෙන් පිහදාන්නට සිදුවේ. එමනිසා ජංගි හා කොන්ඩම් එකම තැන තියෙන්නට ද බැරිය. ”

    මේන් මෙහෙමත් ඌම කියල තියෙනවා. අපිට පුදුමේ මේවා ඊ-නිවුස් උදලට අදාල නොවුනට අබේසුන්දරයට අදාල වෙන්නේ කෝමද කියන එක.

    “අනිත් එක ඔය ඊ.නිව්ස් එකේ නිල් තැටිද මොනවද තිබුන කියලා මහින්දා ආගිය කතාවක ලියලා තිබ්බා. ඒත් බන් හයිස්පීඩ් ඉන්ටර්නෙට් තියෙන තැනක ආයේ සී.ඩී. මොකටද? ක්‍රිස්ටල් ක්ලියර් ඒවා විනාඩි ගානෙන් බාලා බලන්න බැරියැ”

    ඔන්න අපි නෙමෙයි බොලවු ඕවා කිව්වේ. උඹලගෙම එහෙයියෙක්.

    • chathura says:

      පද්දා අය්යේ උඹ මොකදෑ මෙතන
      අන්න අරහේ බයෙන්ද ප්‍රේමයා හති දාගෙන උඹව හොයනවා

    • Thisara says:

      ජංගි සහ කොන්ඩම් එකම තැන තියෙන්නට හේතුව ද ලියා ඇත. අබේසුන්දරයා ගෙදර ගොහින් තියෙන්නේ අමු කැකුලෙන්ය.

      අනික මචෝ ඔය බේරේ ගෙදර පරසිද්ධ පත්තර වැඩ වලට මිසක් අනතර්ජංජාලේ වැඩ වලට නෙවෙයිනේ. උඹට මහින්ද අබේසුන්දර ගැන කිව්වාම ඉන්ටනෙට් මතක් වෙනවද? සමහරවිට ඊ.නිව්ස් කිව්වමහම දිණමිණ මතක් වෙනවා ඇති. කමක් නෑ. මහින්දයා හම්බවෙච්ච වෙලාවක ඔය “ජංගි වල හිලක්” එහෙම තිබුණද අහලා බලපන්.

    • හත්පොළේ ගාගන්නවා කියන්නේ මෙන්න මේවට තමා. දැන් උඹලගේ රජ්ජුරුවන්ගේ චින්තනේට අනුව නිල් චිත්‍රපටියක් බැලුවොත් ගිනි තියන්න ඕනේ. ජංගියක් ගැලෙවිවොත් ගිනි තියන්න ඕනේ. කොන්ඩම් දැම්මොත් ගිනි තියන්න ඕනේ. මේක මාර මූලධර්මවාදයක්නේ බං. බුදු හාමුදුරුවො බුදු උනෙත් උඹලගෙන් බණ අහලද?

      • ජයශ්‍රී says:

        බෝධිසත්වයන් වහන්සේ බුදුවූයේ චතුරාර්ය සත්‍යය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගැනීමෙනි.ඒත් ඒක මේ ලිපියත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ නේ!

    • ගීත් says:

      තිසරයා. මේකනේ වැඩේ අබේසුන්දරයට ඊ නිවුස් නෙමේ මොකවත් අදාල නෑ. ඕකා ඔය ආණ්ඩුවේ රෙදි හෝදනවනේ. ඕකා නාන්නේ ඩයි ක්ලීන් කරන්න කියෙන ඒවත් හෝදන්න ගිහින්. ට

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s