අපේ චූන් හා ස්වර්ණවාහිනියේ යුද්ධ චූන්

Posted: February 1, 2011 in Uncategorized
 
අපේ රටේ ජනතාවට පුදුමාකාර  පුරුද්දක්  තිබේ . මොකක් හෝ කුරුම්බැට්ටියක් කොතැනක හෝ  පෙන්වන බව ආරංචි වූ විට , එය තමන්ට අදාලද යන්න පවා නොසලකා , අතේ ඇති තුට්ටු දෙක ව්යදම් කරගෙන , වෑන්, ලොරි, බස් , ට්‍රැක්ටර් කුලියට ගෙන ගොස් , අව්වේ වේලෙමින්,  වැස්සේ  තෙමෙමින්  පැය ගණන් පෝලිම වල ලගිමින් එය බැලීමට යාම මේ පුරුද්දයි.
 
මෙසේ කුමක් හෝ ලබ්බක් බැලීමට ඇත්නම් ඔවුනට කෑම බීම පවා අනවශ්‍යය. බඩු මිල කොතෙක් ඉහල ගියද කම් නැත.
 
අපේ ජනතාවගේ මේ ගති ගුණය හොඳින් අවබෝධ කරගෙන සිටින වත්මන් පාලකයින්ද මසකට වරක්වත් කුමක් හෝ ජිල්මාලයක් එලියට දමති. පසු ගියදා පෙන්වූ , වරාය, උමග මෙන්ම වසරකට වරක් පෙන්වන දැයට කිරුලද එබන්දකි.
 
පසු ගිය කාලය මුළුල්ලේම පෙන්වූ යුද්ධ මැජික්  ජනතාවට අමතක වෙන්නට නොදී තබා ගැනීම මේ ප්‍රදර්ශනයේ තව ප්‍රධාන අරමුණකි. යුද්ධ ටැංකි , හෙලිජ්කොප්ටර්, මල්ටි බැරල් ආදී යුද්ධායුධ රුපියල් මිලියන් ගැන වියදම් කරමින් මේ දිනවල බුත්තල පටවන්නේ ඒ නිසාය.
 
මේවා බුත්තලට පැටවීම පමණක් ප්‍රමාණ වත් නැත. ඒ ගැන මනා ප්‍රචාරයකුත් දිය යුතුය. නැත්නම් ජනතාව එන්නේ නැත. මේ පළාත් පාලන චන්ද කාලයේ ජනතාවගේ අවධානය වැඩි වන බදු මිල දෙසට ගිය හොත් මල කෙලියකි. ඒ නිසා මේ වන විට සියලු ප්‍රධාන මාධ්‍ය මේ වනවිට දැයට කිරුල හා එක වෙමින් තිබේ. මේ අතරින් ස්වර්ණවාහිනිය ප්‍රධානය.
 
තම ස්වාමියාගේ හිත දිනා ගැනුමට ඔහේ දෙපා ලෙව කන සුවච කීකරු බල්ලෙකු සේ ස්වර්ණවාහිනිය යුද අවි වර්ණනා කරයි.
 
ඔවුන් ප්‍රදර්ශන භූමියට ගෙනවුත් ඇති ප්‍රහාරක ගුවන් යාන හා හෙලිකොප්ටර් පෙන්වන්නේ ” කොටින් නැසූ   යානා ” ලෙස  සිරස් තලයක් දමමිනි. භාණ්ඩ ප්‍රවාහන යාන ගැන වනන්නේ මේවාත් පහු ගිය යුද්ධයේදී ලොකු මෙහෙයක් කල බව කියමිනි. කොටින් වැනසූ යානා බලන්නට අකමැති කවුද දේශද්‍රෝහීන් මිසක. 
 
හරිම චූන්ය. සියලු දෙනාටම චූන්ය. මේවා බලන අයටත් පෙන්වන අයටත් , බලන්න එන්නයි අපට අඬ  ගසන  හරින්ද්‍ර ජයලාල් ලාටත් චූන්ය
 
කොටින් නැසූ හෙලිකොප්ටරයක් බලා,  අත ගා , උම්මා  එකකුත්  දී එන්ට ඇත්නම් කොච්චර චූන්ද?  බඩු මිල ඉහල ගියත් මොකද?
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: අපේ, චූන්, යුද්ධ, ස්වර්ණවාහිනියේ, […]

  2. ඇත්තටම අපේ රටේ ජනතාව කියන හැත්තට පශ්චාත් භාගේ දන් දෙනවා ඇරුණම කරන්නට වෙන වැඩක් ඇත්තේම නැත්තේ ඇයි?

    http://rassigeadaviya.wordpress.com

  3. මටත් ඔය ස්වර්ණවාහිනිය දැන් පේන්න බෑ.මොකක් හරි මගුලක් අල්ල ගනියි ඕක සූප්පු කර කර ඉදිවි.මොකෙක් හරි මැරුවම මුන්ට ෆුල් ආතල්.ඒ මදිවට උන්ගෙ පම්පෝරිය අහන් ඉන්නත් ඕන.අන්තිමට අපි අහල තියෙන්නෙ නිව්ස් නෙවේ.

  4. vidusha says:

    ela ela,, ohoma yan

  5. chap says:

    swarnawahani nam charter..dan “srilankeya awamanaya” wela tiyenne

  6. ජයශ්‍රී says:

    මම මේ නොදන්න කමට අහන්නේ!, බඩු මිල ඉහල නොයන රටක් ලෝකේ කොහේ හරි තියෙනවද? මීට අවුරුදු 50 කට කලින් තිබ්බ බඩු මිලම අදත් තියෙන රටක්?නෑ අවුරුදු 25 කට-10කට-5කට-අවුරුද්දකට කලින් තිබ්බ බඩු මිලම තවම තියෙන රටක්?තියෙනව කම් කියකන්ටකෝ දැනගන්ට!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s