විජ්ජාවෙන් ජනතාව මුලා කිරීම නොහොත් අටසිල් හා පන්සිල්

Posted: January 20, 2011 in Uncategorized
Tags: , , , ,
 
අපේ රටේ පාලකයින් ඉතා ශූර විජ්ජා කාරයින්ය. ජනතාවගේ සියලු ප්‍රශ්න වලට විසඳුම් තමන් ළඟ ඇතැයි ද , තමන බලයට පත් වුනාම ඒ සියලු ප්‍රශ්න විසඳා රට සුර පුරයක් බවට පත් කරන බවටත් පොරොන්දු දී බලයට එන මොවුන් , බලයට පත් වූ පසු ජනතාව විසඳුම් ඉල්ලන විට නොයෙක් ආකාරයේ විජ්ජා පෙන්වා ඔවුන් මුලා කරති. උපවාස විජ්ජා, ගස් බැඳුම් විජ්ජා , වරාය  විජ්ජා , කොට ගවුම් විජ්ජා ආදිය මෙසේ පසු ගිය කාලයේ අපිට පෙන්වූ විජ්ජාය.
 
වීරවංශ , මර්වින්  ආදීන්  අප රටේ ප්‍රසිද්ධ විජ්ජා කාරයින්ය. මේ විජ්ජා කාරයින් අතරට පැන විජ්ජා පෙන්වීමට අලුතෙන් ම සැට් වී ඇත්තේ මෙතෙක් කල් හීන්  නුලෙන් ඇඹරූ  විජ්ජාවෙන්  නතාව මුලා කරන ලොකු බණ්ඩාර උතුමාණන්ය.
 
එතුමා පෙන්වන්නේ බෞද්ධ විජ්ජාය. පැය අටේ වැඩ නීතිය පවා උල්ලංගනය කරමින් සබරගමුවේ පළාතේ රාජ්‍ය සේවකයින්ට උදේ අටට වැඩට ඇවිත් පන්සිල් ගන්නයි එතුමා නියෝග කලේ ඊයේ පෙරේදාය.
 
දැන් එතුමා තව එකක් නිකුත් කර තිබේ. ඒ පළාතේ සියලු පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ ගුරුවරු ගුරුවරියන් සෑම පෝයකටම අට සිල් සමාදන් විය  යුතුයි කියලා.
 
එදිනෙදා වෙලා ගැට ගහ ගන්න බැරිව ඉන්න මිනිස්සුන්ට මේ වැඩෙන් දැන් පෝයට දාන මාන ලෑස්ති කරගෙන පන්සල්  ගානේ යා යුතුය. දානයක් දෙන කොට ගෙදර කන විදියට දෙන්ටත් බැරිය.තමන්ට කන්න නැතත් දානය හැකි ඉහලින්ම දීම අපේ රටේ අහිංසක ගැමියන්ගේ  පුරුද්දකි. පොල් ගෙඩිය හැටට අර ගෙන දන් දෙන්ට වීම මේ දුප්පතුන්ට දරා ගත නොහැකි දෙයක් වනු ඇත.
 
 අනිත් කාරණය මේ විජමු උන්නැහේලා බුද්දාගම තේරුම් අරගෙන ඇති විදියයි. පන්සිල් ගැනීම හොඳ වුවත් එය නීති මගින් කල හැකිද ? අට සිල් ගැන්නවීම නීති මගින් කල හැකිද? අනික යම් කිසිවෙක් දිනපතා පන්සිල් ගත යුතුද? පන්සිල් හා අට  සිල් යනු යම් යම් පොරොන්දු කීපයකි. ඒවා ආරක්ෂා කරන්නේ නම් හැමදාම කියවමින් සිටිය යුතු නැත.
 
මම බොරු නොකියමි යි, මම සොරකම් නොකරමියි  හැමදාම කියමින් සිටිය යුත්තේ ඒවා ආරක්ෂා නොකරන මිනිසුන්ය. එනම් බොරු කාරයින්ය, හොරුන්ය.  අපේ රටේ රාජ්‍ය සේවකයින් හා සිසු සිසුවියන් බොරු කාරයින්, බේබද්දන්, සල්ලාලයින් , හොරුන් යයි එතුමා සිතන්නේද? නොඑසේනම් මෙලෙස පන්සිල් හා අටසිල්  පිලිබඳ නීති දමන්නට අවශ්‍ය නැත.
 
මෙතුමා මෙසේ කරන්නේ  නායකයාට මේවා පෙන්වා  තමනුත් වැඩ කරන බවා අඟවා ලකුණු දමා ගැනීමට බව අපේ හැඟීමයි.  එසේම ගම් වල සිටින අහිංසක බෞද්ධන් රවටා චන්දය කඩා ගැනීමත් මීට ඇතුලත්ය. කෙටියෙන් කිව්වොත් තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමටය. හැබැයි එතුමාගේ වයසේ හැටියට අපිට හිතෙන්නේ වෙන දෙයකි. ඒ එතුමාගේ පුත්‍රයාට ඉහලට නැගීමට ඉනි මගක් තනා ගැනීමට විය යුතු බවයි. 
 
 හැබැයි ඉතින් අපිට නම් පේන්නේ එතුමාගේ පුත්‍රයාට වුනත් යා  හැකි උපරිම දුර වැඩිම වුනොත් ඇමති කමක් හෝ කතානායක කම වැනි සොච්චම් දුරකට බවයි. ඒත් මදෑ, සොහොන් කොතේ හිටපු  කථානායක   කියලා කොටවා ගන්න පුළුවන්නේ.
 
සටහන- ඇට මැස්සාට  මතක හැටියට ජේ ආර්ගේ කාලෙත් දේශපාලකයෝ මේ වගේ ව්‍යාපෘති කරා තමන්ගේ ප්‍රතිරූපේ හදා ගන්න.  ප්‍රේමදාස  උදාගම කළා, ලලිත් මහපොළ කළා, ගාමිණි මහවැලිය කළා. ඒ වැඩ වලින් එයාලා ගැන කපා ගත්තත් මොකක් හරි වැඩක් රටට වුනා. උදාගමේ ගෙවල් හැදුණා, මහපොලින් ශිෂ්‍යත්ව දුන්නා.   ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තත්    මහවැලිය ඉවර කළා. හැබැයි මේ කාලේ ඒ වගේ වැඩ කරන්න පුළුවන් , ගානක් හම්බ වෙන ඔක්කොම ප්‍රොජෙක්ට් කරන්නේ සහෝදර සමාගම. විජමු වගේ සොක්කොන්ට  තියෙන්නේ ඔය පන්සිල් , අටසිල් ,  කොට ගවුම් වගේ ප්‍රොජෙක්ට් විතරයි.
 
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: අටසිල්, කිරීම, ජනතාව, නොහොත්, […]

  2. banda says:

    ekanam mara attathk thama

  3. නරිබෑනා says:

    ඇත්තටම කොහොම හිටපු මිනිස්සුද මේ ?

  4. Binary 1001011 says:

    ඇට මැස්සාට “සුභාරංචියක්”…
    අන්න ඉඳුල් ප්‍රේමරත්න නිදහස් කරල!

    ප.ලි:
    සමාවෙන්න….
    මේක අඩ නින්දෙන් ලියුවෙ.

  5. Binary 1001011 says:

    සමාවෙන්න නිදිමතේ විකාර ලියැවෙනව…
    නිවැරදි කිරීමයි…
    “ඇට නැති මැස්සා”

  6. budhajeewa says:

    “ඉහළිං” එන ඕනෑම “නියෝගයක්” පිළිපදින්න උල උලා බලා ඉන්න ජනතාවක් ඉන්න රටක, වැඩි වැඩියෙං නියෝග දෙන අය තමා ජනප්‍රිය වෙන්නේ.

  7. රට බල්ලට ගියාම බල්ලො රට යනවලු. හාමුදුරු හොරු පාර්ලිමේන්තුවට ගියාම දේශපාලකයො ආගමික ක්ෂේත්‍රයේ ඉඩක් හොයනවා. හදිසියෙවත් කාලය දීපය දේශය වැරදිලා මෛත්‍රි බුදු හාමුදුරුවො හෙට අනිද්දා පහළ උනොත් මේ උන්නැහේලා එයාටත් පන්සිල් ගැනීම අනිවාර්ය කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s