මුල් පිටුවේ පහරන මල් කුමාරයා

Posted: January 16, 2011 in Uncategorized
Tags: ,
 
අපේ  දේශපාලකයෝ  රටේ ජනතාවගේ  සාක්ෂරතා මට්ටම හරි ඉහලයි කියලා පම්පෝරි ගැහුවට එක එහෙම නෙවෙයි කියලා හිතෙන්නේ  ජනතාවට පත්තර ටික උදෙන්ම කියවලා දෙන්න  රූපවාහිනී නාලිකාවලයි , ගුවන් විදුලි නාලිකාවලයි තියෙන පොරේ දැක්කාම.
 
නා නා ප්‍රකාර  විදියේ කියවන්නෝ ඇවිල්ලා අපිට පත්තර කියවනවා. පුදුම  ආදරය ක්   . හැබැයි ඒ කියවන්නේ එයාලාට ඕනේ පත්තර විතරයි. ඒවායෙනුත් කියවන්න තෝරා ගන්නේ තමන් කැමති ප්‍රවෘත්ති , ලිපි විතරයි.
 
මේ කියවන්නෝ අතරේ ඉන්න ප්‍රධානයෙක් තමා   නමසිය හැත්තෑ ගණන් වල කුමරි, පති පතිනි, වගේ කුණු හරුප පත්තර වලට ලිය ලියා ඉඳලා , දැන් තමන් යටතේ වැඩ කරන කෙල්ලෝ ලව්වා   ජ්‍යෝෂ්ට  මාධ්‍යවේදී  කියලා කියවා ගන්නා  බන්දුල  මල් කුමාරයා.
 
එක මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වෙලා ඉන්න අතරේ තව ආයතනයක කුලියට පත්තර කියවන්න යන තරමට සදාචාරාත්මකව පහල වැටිලා ඉන්න මේ උන්නැහේ පත්තර කියවනකොට කරන දාන ගොන් පාර්ට් නම් හරිම අජූවයි. දෙකේ පන්තියේ ඉන්න ළමයින්ට පවා තේරෙන සමහර කාටූන් මිනිහා තේරුම්  ගන්නේ වැරදි  විදියට .
 
එහෙම නැත්නම් පෙනී පෙනීම තමන්ගේ හාම් පුත්තු සතුටු කරන්න බොරු කියනවා. කොහොමටත් ලේක්හවුස් එකට කෙලවිලා තියෙන කෙලවිල්ලේ හැටියට සපත්තු ලෙව කන්නේ නැතිව  බෙල්ල බේරා ගැනීම  අමාරු නිසා ඒ වගේ වැඩ කිසිම හිරිකිතක් නැතිව කරනවා.
මේ වගේ හාල් පාරුවන් ගැන කාලය නාස්ති කිරීම  තේරුමක් නැති දෙයක් තමා.
 
මේ උන්නැහේ ලා  හිතන්නේ  තමන්ටත් ,  තමන් ලඟ ඉඳ ගෙන පත්තර පිටු පෙරලලා දෙන  හා අනික් ඕනේ  එපා කම් ඉටු කරන කෙල්ලොන්ටත් ඇර ලංකාවේ ඉන්න  වෙන කාටවත් අකුරු බැහැ කියලයි.
 
ඊයේ උදේ ලංකාදීප පත්තරේ කියවන ගමන් .මෙයා කියෙව්වා එක ප්‍රවෘත්තියක්.
 
” කවුඩුල්ල ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමයි — මේ දිනවල පවතින ගං වතුර    තර්ජනය නිසා කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කරයි ”
 
ඔන්න ඔහොමයි මිනිහා කියෙව්වේ.
 
පහු ගිය දවස් වල වැහැපු හැටියට  වනෝද්‍යානය වහන්න නොවුනා  නම් තමා වැඩේ  කියලා හිතපු ඇට මැස්සා නිකමට තමන්ගේ අතේ තිබුණු  ලංකාදීප පත්තරේ දිහා බැලුවා .
 
” කවුඩුල්ල ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමයි — ඊයේ සවස නාඳුනන පිරිසක් විසින් කවුඩුල්ල කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුල පිහිටි  ආයුධ ගබඩාව කඩා ආයුධ තොගයක් පහර ගැනීම නිසා වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කරයි.  ”
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: කුමාරයා, පහරන, පිටුවේ, මල්, […]

    • kathandara says:

      කුමරි කියන්නේ නම් කුණුහරුප පත්තරයක් නෙමේ මට මතක හැටියට.
      මයිකල් ආන්ජෙලෝ සහ ප්‍රනීත් අබේසුන්දර වැනි අය ඒ පත්තරේට නවකතා කොටස් වශයෙන් ලිව්වා.
      ඒක කෙල්ලන් ගේ පත්තරයක්.

      • gadfly says:

        හ්ම්ම්, මටත් දැන් මතක උනා. මිනිහා ලිව්වේ පති පතිනි තමා. අර ඉටි කවරෙක දාලා වික්කේ .

  2. W3Lanka says:

    හඩ්ඩා එක්ක බා බැලූ විට මොහු ළඟ තරමක හෝ මල් සුවඳක් ඇතැයි සිතේ.

  3. සුමනසිරි බණ්ඩා says:

    අජිත් පැරකුම් ජයසිංහ සමඟ සැසැඳූ විටත් මොහුගේ යන්තම් හෝ මල් සුවඳක් ඇතැයි සිතේ.

  4. Ravi says:

    මේ වගෙ අය කරන දේවල් ගැන ගැන මොකටද බං ලියන්නෙ?,මෙයාල මෙහෙම නොකර වෙන මොනව කොරන්ඩද?

    • gadfly says:

      ඔය වගේ හාල් ෆාරුක් ලා ගැන නොලිය හිට්යොත් වෙන මොනවා ලියන්නද බන්

  5. PCW says:

    machan eyage wada tikakuth dammanam hoda tikak tubelite wage

  6. hirash says:

    සිංහල නිවැරදිව ටයිප් කරන්න මෙන්න මෙ software එක බාගන්න
    C# වලින් programm කරලා තියෙන්නෙ එනිසා මුලින්ම .Net frame work එක install කරගන්න
    http://www.mediafire.com/?nqypaa65a6l69z9

  7. ජුලියස් සීසර් says:

    සහතික ඇත්ත! මෙයා සමහර කාටූන් පැහැදිලි කරන හැටි දැක්කම ඇත්තටම පත්තරකාරයෙක්ද කියලා සැක හිතෙනවා….. ඒ තරම් මුග්ධයි!!!

  8. deeps says:

    hhmm ithaamath hoda post ekak..ape thaaththa oakata wadagena inne.pennanne one me post eka 😀 thanks a lot

  9. ගීත් says:

    මේ පෝස්ටි එක ටිකක් පරණ වුණත් මේකට යමක් නොලියා බෑ. ඇට මැස්සා නොදන්නවට පති පතිනි කියන කුණුහරැප සගරාවට මල් කුමාරයා ලිවිවා විතරක් නෙවෙයි. ඒක මිනිහගෙම සගරාවක්. ඒකෙන් සල්ලි හෙවිවා සෑහෙන්න. charade කාර් එකක් ගත්තා, ඒකෙන් හොයපු සල්ලි වලින් තමා සිනමා පත්තර දෙකකුයි දැනටත් වෙනත් ආයතනයක පලකෙරෙන පත්තරයකුයි ගැහුවේ. මිනිහා මැරැණු විජය කුමාරතුංගගෙන් සෑහෙන සල්ලි කඩාගත්තා. ඒ විතරක් නෙමේ විජයගේ දැන හැදුනුම්කම් වලින් පත්තර ගහන්න ලක්ෂ ගානක කඩදාසිත් ගත්තා. විජය ඉන්න දවස්වල මිනිහා උදේට කන්නෙත් විජයත් එක්ක විජයගෙම පර්ස් එකෙන්. විජය මළාට පස්සේ දකින දකින ‍කොල්ලයි බල්ලයි සේරම එක්ක චන්දිරිකාට බැන්නා කම්මැලි ‍‍ …….. ගෑණි කියලා. මිනිහට ඒ කාලේ දකින හැම ඒකාම මල්ලිලා. ඒ වගේම අමුතු ප්රතිපත්තිත් තිබුණා. හැබැයි දැන් ඒවා මොකුත් නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s