කිරිබත්ගොඩ ලොකු ස්වාමිනි , වඩිනු මැන! ශිල්ප දක්වන්නට මේ ඔබේ වාරයයි.

Posted: January 13, 2011 in Uncategorized
Tags: ,
 
 
මහ වැසි කඩා වැටී  ඇල දොළ ගංගා උතුරා යයි. කඳු කඩා වැටේ. තැන තැන වල නාය යාමය. මේ වන විටත් කිහිප දෙනෙක් ම ජාල රකුසාට බිලිව හා පස් කඳු වලට යටව මිය ගොසිනි. ජනයා තව ලක්ෂ ගණනාවක් අනාත වී සිටිති. වැස්සද නවතින පාටක් නැත. මේ සමග ඊ ලඟට එන්නේ වසංගත රෝගය.
 
විපතට පත් ජනතාවට ආධාර කරන  ලෙස   නැගෙන  හඬ දසතින් ඇසෙ. ආණ්ඩුවද සිටින්නේ මොලේ කොලොප්පම් වූ   ගානටය.
 
විපතට පත් ජනයාට කාගේ පිහිටක්ද. ?
 
තමන්ගේ මවුගේ ආදාහන උළෙලේදී මල් වැසි වස්සවූ , සෝමාවතියේ බුදු රැස් විහිදවූ කිරිබත් ගොඩ හිමි සඳුනි !
 
වඩිනු මැන , මේ ඔබේ කාලයයි.
 
කාලෝ අයන්තේ. !!!
 
දුකට පත් මේ අහිංසක ජනයා සුවපත් කල මැන.
 
ඔබේ ආශිර්වාද පූජාවක් පවත් වා මේ කාලකන්නි වැස්ස නතර කරනු මැනවි.
 
උතුරා යන ඇල දොළ ගංගා වැව් හින්දවාලනු මැනවි.
 
කඩා  වැටෙන කඳු නවතා ලනු මැනවි.
 
මගේ රටේ ජනතාවට පිහිට ඔබ පමණි.
 
වඩිනු මැන ලොකු ස්වාමිනි!!
 
( ඔබ වහන්සේ මෙතෙක් දිනක් මේ විපත් බලමින් නිහඬව සිටියේ ඔබට නිසි ආරධානාවක් නොලැබීම නිසා බව අප දනිමු . පමවා ගැන කමත්වා !!අපට හදිසියේම ඔබ ගැන සිහි වුයේ  beyondframe  සගයා ලියා තැබූ සටහනක් දුටු නිසාවෙනි. –http://beyondframe.wordpress.com/2011/01/12/11jan12/   ඔහුට ඔබේ ආශිර්වාදය ලැබේවා )
 
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ඔබේ, කිරිබත්ගොඩ, දක්වන්නට, මැන, මේ, […]

  2. සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
    සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
    විස්තර “සින්ඩි ලංකා” හි
    “සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම” පිටුවේ.

  3. නරිබෑනා says:

    අම්මපල්ලා අපේ හාමුදුරුවනේ…….. ඉක්මනට වැඩලා මේක අහවරක් කොරනු මැනවි. නැත්තං පිස්සු පව්කාරයෝ ලියාපු මේ වගේ ඒවා ඇත්ත කියලා මේ රටේ ගොන් ජහමනයා හිතයි.
    http://pissagepalaamalla.blogspot.com/2010/06/unplugged-with-wimal.html

  4. යෝධයා says:

    මන්ද බුද්ධික ඇටමැස්සා වෙත.

    ඇයි ගොන් ඇ‍ට මැස්සෝ ඔය ලෝක මවනවා මිනිස්සු මවනවා කියලා බයිලා ගහපු සර්වබලධාරී දෙවියන් වහන්සේගේ හරි අල්ලා හුවල්ලාගේ හරි මැජික් පවුඩර් ඉවර වෙලාද??

    බෞද්ධාගමේ ඔය චූ මැජික් නෑ මෝඩයෝ….

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්වේ නෑ ‍නේ එතන බුදුරැස්විහිදෙනවා කියලා. ඒක වාර්ථා කරපු උන්තමා එහෙම කිවවේ.

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කියමනක් තියෙන්නේ ඇට මැස්සා වැනි මන්ද බුද්ධිකයින්ද ‍‍‍මේ අමන බ්ලොග් ලියන නිසාවෙනී…

    උදා: ඇට‍මැස්සාගේ තාත්තා පො###යෙක් යැයි යමෙකු කීවොත් උම්බ එය වගක් විභාගයක් නැතුව පිලිගන්නවාද?

    • ජුලියස් සීසර් says:

      නම යෝධයා වුවද එතරම් මොළයක් ඇති බවක් නොපෙනේ… ඇටමැස්සා අදහස් කළදේ තේරුම් නොගෙන වාචාළ ලෙස බැනවැදීමෙන් පෙනීයන්නේ එයයි!!!

    • modaya says:

      this is not God’s country, this is Buddha’s country. That is why we have to ask Kiribathdoga Gnananandha

    • එල කිරි යෝධයා මචෝ.. nicely said ! මේ වල මී හරක් ට තාම තේරෙන්නේ නෑ මල් වැසි වස්සවන්නයි, සොමවතියේ බුදු රැස් විහිදවන මගුල් නටන්න නෙමෙඉ ස්වාමින්වහන්සේලා ව බුදුන් නිර්මාණය කලේ…. මේ සංසාරෙන් එතෙර වෙන්න.. මුන්ට අමු කැවිලා,

      යකෝ කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේ ඔය තඩි පන්සල් හදාගෙන පොඩි උන්ට වගේ මේ ලාමක බන කියෝ කියෝ තැන තැන ගියාට, ඊට වැඩ විශිෂ්ට බන දෙසන කරන, ගල් ලෙන් වල තාමත් වැඩ ඉන්න උතුම් හාමුදුරුවෝ මේ ලංකාවේ ඉන්නවා,

      අර නගුලේ බැදපු මී හරක වගේ වටේට වටේට ගිහින් මෝල් නොවී, ඇස දෙක ඇරලා නිර්මල බුදු දහම කියවපන්, සෙල් ලිපි කියවන්න ඉගෙන ගනින්, එතකොට තොට මොලේ පෑදෙයි.. තෝ නිකන් මල් වැසි වස්සවන කතා කියල ක්‍රිස්තියානි උන් අර නොදැකපු දෙයියන්ගෙන් පවු සම කරනවා වගේ මී හරක් වැඩ මේ බුද්ධාගම අස්සට දාන්න එපා !!

  5. මෝඩයා says:

    මෙවැනි විපත් වලකා දෙන බවට බුදු හාමුදුරුවන් වත් පොරොන්දු දී නැත, එහෙත් මේවයින් ගැලවෙන හැටිද මැනවින් කියාදී ඇත. මේ වනාහී හුදෙක්ම ඇට නැති බව ප්‍රදර්ශනය කිරීමකි.

  6. පද්දා says:

    දැන් උඹට සැපද ඇට නැති මැස්සෝ?

  7. L200 says:

    ගොන් කතා නොකිය හිටපිය ඇටමැස්සො.

  8. Binary 1001011 says:

    මේකට එනකොට මට එකපාරට පේන්නෙ “ඇට නැති මැස්සාගේ අඩවිය” කියල දෙපාරක් විතර බැලුවම තමයි ඇත්ත නම පේන්නෙ.

    ඇයි උඹ දෙයියං වහංසේට ඕක නොකියන්නේ? උඹේ ඇට නැති නිසාද?
    උඹගේ දේශපාලනයට භික්ශූන් ගාවගන්න එපා මිනිහො.

    • පක්සියා says:

      අනේ ඔය භික් සුවටත් කියන්ටකෝ බොරුව දාලා මිනිස්සු රවට්ටන දේසපාලනේ (ඒකත් හොඳ දේසපාලනයක් තමයි බන්) නොකර පුලුවන් නම් බුදු දහමේ දාර්ශනික කරුණු ගැන මිනිස්සුන්ට කියලා දෙන්න කියලා. එතකොට උ‍ඹ මේ ඇට මැස්සට උඩ දාගෙන බනින දෙයියන්නාන්සේව විකුණන් කන එවුනුත් ඉබේ හබක්.

      මෙන්න කැට ඔය භික්සුවට ඕක කර ගන්න බෑ කියලා. මොකද දෙයියන්නාන්සේ විකුණන් කන දේවගැති එවුනුයි, දෙයියන්ගේම අලුත්ම වර්සන් එක කියලා විකුණන් කන මුස්ලිම් මුල්ලාකාරයොයි ඔය උඹේ මහ ලොකු භික් සුවයි ඉන්නේ එකම බෝට්ටුවේ නිසා.

      ආගමක් බෑ. පුලුවන් මැජික් විතරයි. රෙද්ද!

      • gadfly says:

        මේ බෞද්ධ උපාසක මහත්තුරුන්ට මෙතරම් තරහ යන්නේ මන්දැයි මට නොතේරේ. මම නරක දෙයක් කිව්වය?

        • Binary 1001011 says:

          ඒක තමයි…
          මොකෝ අපි උඹගෙ දෙයියං වහංසේටත් කියමු බලන්න ?
          පුතාට ඇණගහනකොට බලං හිටියට උඹ ආරාධනා කලොත් එනව අනිව.

  9. Ravi says:

    ඇත්තමයි මටත් තේරෙන්නෙ නැහැ, මේ බෞද්ධ මහෝපාසක තුමන්ලා මෙපමණ උදහස් වී ඇත්තේ කුමක් කරණ කොට ගෙනදැයි කියලා, ගෞරවනීය ආරාධනාවක් නෙව කරල ඇත්තෙ, ස්වාමීන් වහන්සේට වෙන වැදගත් වැඩ කටයුතු යෙදිල ඇත්නම් එහෙම කාරුණිකව ප්‍රතික්ෂේප කරන එකනෙ තියෙන්නෙ, අනික එතුමා මම හිතන්නෙ 2012 ලෝක විනාසෙ වළක්වන්න සම්පූර්ණ ධෛර්යය මේ දවස් වල යොදවන නිසා මේ වගෙ සුලු දේවල් වලට කාල වේලාව නැත්ද කියලත් කියන්ඩ බැහැනෙ,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s