ආඬි හත් දෙනාගේ උපාය මාර්ගික ක්‍රියා

Posted: January 4, 2011 in Uncategorized
 
 
මේ ආණ්ඩුවෙ මුලු ආර්ථික වැඩ පිලිවෙලම ‍රැඳිලා තියෙන්නේ සංචාරක කර්මාන්තය උඩ. මෙයාලා රටේ ආර්ථිකය නග්ගන්න හදන්නේ සංචාරක ව්‍යාපාරය හරහා. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්නේ නැතිව , තමන්ට පාලනය කරන්න බැරි සාධක මත රඳා පවතින  සංචාරක කර්මාන්තය වගේ දෙයක් මත රටක ආර්ථිකය ‍රැන්දවීම මොන තරම් බුද්ධිමත්ද කියලා වෙනම කතා කරන්න ඕනෙ .
 
ඒ කතාව පැත්තකින් තියලා ආණ්ඩුව අද කරගෙන යන ඒ වැඩේ දිහා බැලුවත්  පේන්නේ ආණ්ඩුව ඇතුලේ තියෙන බෙදීම සහ පරස්පර මතවාද.
 
එක පැත්තකින් සංචාරකයෝ අද්දගන්න නොයෙක් යටිතල පහසු කම් දෙනවා. කැසිනෝ වීදි ඇති කරනවා. වෙරල බඩ ඉඩම් අත් කරගෙන , ඒවාගේ හිටි සම්ප්‍රදායික පදිංචි කාරයෝ එලවලා , හෝටල් ඉදි කරනවා. හෝටල් කාමර දහස් ගානක් හදන්න සැලසුම් කරගෙන යනවා. අගනුවර පදිංචි අඩු ආදායම් ලාභියෝ ඔවුන්ගෙ නිවාස  වලින් එලවලා, අගනුවර ලස්සන කරන්න යනවා.
 
හැබැයි එහෙම කරන ගමන් අනිත් පැත්තෙන් ආණ්ඩුව ඇතුලේ ඉන්න ජාතිවාදි ,ආගම්වාදි පිරිස් වගේම ආණ්ඩුවට චන්දේ දුන්න, ගම්වලයි නගරවලයි ජීවත් වෙන ගැමියෝ සතු‍ටු කරන්න තලෙබාන් පන්නයේ වැඩ කරනවා.
 
සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියන අතරේ , වීසා නිකුත් කරන්න මෙතුවක් කල් නොතිබුනු නීති දානවා. දැන් ගුවන්තො‍ටුපලේදි වීසා නිකුත් කරන්නේ මලයාසියාවටයි, සිංගප්පුරුවටයි විතරයි. එයාල විතරයි අපිට එහෙම සලකන්නේ. ඉතින් අපේ ජාතික අභිමානය, දේශප්‍රේමය වගේ දේවල් තොරොම්බල් කරන්න ගත්ත තීරණයක් තමා  ඒක. එහෙම කරාම වීරවංශ වගේ දේශප්‍රේමින්ට හරි ජොලි.ඔන්න අපේ ආණ්ඩුව දුන්නා බටහිර අධිරාජ්‍යවාදින්ට හොඳ කනේ පාරක්.
 
ඊලඟට මුලු රටම සංචාරක කලාපයක් කරන්න හදන අතරේ කොල්ලෙකුට ,කෙල්ලෙකුට නිදහසේ පාරක් අයිනේ කතා කර කර ඉන්නත් බැහැ, අල්ලගෙන ගිහින් කූඩුවට දානවා. කෙල්ලන්ට කොට ගවුම් අඳින එකත් තහනම් කරන්ට යනවා.මේවා කරන කොට රණවකලාට රතන උන්නාන්සෙලාට හරි චූන්.ඉඳලා හිටලා මත්පැන් ටිකක් පානය කිරීම අනුමත කලාට, කැසිනෝ වලට විරුද්ධ නොවී හිටියාට ,  කොට ගවුම් ඇඳගෙන ධර්ම රාජ්‍යයට යන්නේ කොහොමද?
මේ ආණ්ඩුව ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ කියලා අපි කිව්වේ කට කහනවාට නෙවෙ.
Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ආඬි, උපාය, ක්‍රියා, දෙනාගේ, මාර්ගික, […]

    • Kandula says:

      මුස්ලිම් රටක් වුනු මැලේසියාවෙත් නෑ මේ වගේ මැටි නීති රීති. ක්වාලාලම්පූර් නුවර සාප්පු සංකීර්ණයකට ගියොත් අපේ මේ “ඇන්ටි-කොටගවුම්” මහත්තුරු සිහිනැතුව වැටෙයි මයෙ හිතේ එහෙ කෙල්ලන්ගේ ගවුම් වල කොට දැකලා.

  2. Gunadasa says:

    Dan oya Kalpitiya paththe digata harahata hadana beach resorts walata ena suddio sinhala baudda kramayata diya redda adagenada nanne.

  3. Kandula says:

    මේ ආණ්ඩුවේ ඉන්න තරමක් ඉන්නේ බොරුකාර ආත්ම වංචනිකයෝ. කැසිනෝ, බාර්, සංචාරක පුරවර බිහි කරන ගමන් කොට ගවුම් වලට හා පෙම් සුව විඳින අහිංසකයින්ට කෙලින්නේත්, ඒවාට සාධුකාර දෙමින් උඩ ගෙඩි දෙන්නේත් ඒ නිසයි.

    සියලු වනචර ආශාවන් මහ මන්දිරවල, අති සුඛෝපබෝගී හෝටල් අස්සේ ඉශ්ඨ කරගත හැකි නිසාත්, ඒ කාළකණ්නි ආශාවන් ලෝකයෙන් වසං කරගන්නට උවමනා නිසාත් වීරවංශලා, රතනලා, චම්පකලා මේ හිස් වැඩ වලට අත් දෙකම උස්සනවා.

    ඒ විතරක් නොවේ ඔය හැමදේම පිටිපස්සේ ඉන්නා රජතුමා දැන් සිය බිරිඳ හා පුතාලා වාසය කරන අරලියගහ මන්දිරේ රැය ගත කරන්නේ නැතුව ජනාධිපති මන්දිරයේ රැය ගතකනවා. නාකි බාකි එතුමාට (හා පුතාලාට) කැප සැප, රටේ කොල්ලෙකුට කෙල්ලෙකුට, සාමාන්‍යය මිනිහෙකුට ගන්න අයිතියක් නෑ. එතුමාට හා එතුමාගේ නෑදෑ,යාලු මිත්‍ර, කේවට්ට, දැසි දස නඩයට කැප දේවල්, එතුමාලාව බලයට එවපු රැළට කැප නෑ. ඒකට සංස්කෘතිකමය බාදා තිබෙනවා.

    හැබැයි අපි ඕක පාරක තොටකදී නැතිනම් වේදිකාවකදී ඇසුවොත් අස්ථි පංජරයම බිඳ ගන්නට වෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s