ආණ්ඩුව ශක්තිමත්ද?

Posted: December 31, 2010 in Uncategorized
Tags: , ,
 
” රටක   ආර්ථික සංවර්ධනය සඳහා ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුය. රටේ දේශපාලන ස්ථාවර භාවයක්  තිබිය යුතුය. ”
 
මේ පහු ගිය කාලය පුරාවටම  පට්ට ගහපු වාක්‍ය දෙකක්.
 
පහු ගිය මැතිවරණ වලදී තුනෙන් දෙකක් ඉල්ලන කොටත් , 18 වෙනි සංශෝධනය ගෙන කොටත් ආණ්ඩුව  කීවේ මේ කතාව. ඒ වගේම විපක්ෂයේ හිටි බල්ටි කාරයෝ , කරණම් කාරයෝ ආණ්ඩුවට පනින්න දෙපු හේතුවත් ඕකම තමා. ( යුද්දේ තියෙන කාලේ පැනපු අය නම් කීවේ රට ජාතිය බේරා ගන්න දෑත් ශක්තිමත් කරන්න යනවා කියලා. )
 
දැන් ජනාධිපති කමත් තියෙනවා. තුනෙන් දෙකක් තියෙනවා. දහ අටත් හරි.
 
දැන් ආණ්ඩුව ශක්තිමත්ද? ස්ථාවර ද ?
 
නැහැ. 
 
මේක තමා නිදහසින් පස්සේ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුව.
 
කළු ගල් වලින් හැදුව ශක්තිමත් මහා බලකොටුවක් වගේ පෙන්න ගෙන හිටියට ආණ්ඩුව.  හුළං පාරකින් කැඩිලා බිඳිලා යන   කඩදාසි මාලිගාවක් වගේ.
 
ආණ්ඩුවත් දන්නවා තමන් දුර්වලයි කියලා.හෙල්ලෙන දතක් වගේ තියෙන ආණ්ඩුව වට්ටන්න ඕනේ ඒක තල්ලුවයි. ඒ තල්ලුව දෙන්න ජනතාව ඒකරාශි වෙයි කියලා ආණ්ඩුව බයයි.
 
ඒක නිසා තමා ආණ්ඩුව තමන්ට විපක්ෂ බලවේග දුර්වල කරන්න හදන්නේ. විපක්ෂයට පෝස්ටරයක්වත් අලවන්න නොදෙන්නේ, පත්‍රිකාවක් බෙදන්න නොදෙන්නේ .
 
විපක්ෂ ක්‍රියාකාරීන් හිරේ දාන්නේ , ඔවුන්ගේ ඔලු ගෙඩි පලන්නේ ඒ නිසයි.
 
තමන්ට පාලනයක් නැති මාධ්‍ය තර්ජන කරලා  , අල්ලස් දීලා  පාලනය කරන්න හදන්නේ ඒ නිසයි.
 
තව අවුරුදු  විස්සකට රට පාලනය කරන්නේ තමන් කියලා හැමදාම උදේ ඉඳන් රෑ වෙන කම්  කියවන්නෙත් ඒ නිසයි.
 
 ලුණු වතුර පුරවපු වලවල්,පොඩි පොඩි උමං ,වාන් දමන ජලාශ පෙන්න පෙන්නා මිනිස්සු රවට්ටන්නේ ඒ නිසයි.
 

 
මේ විදියට ජනතාව රවට්ට ගෙන , බය කරගෙන සදා කාලේටම බලේ ඉන්න පුළුවන් කියලා හිතපු පාලකයෝ මීට කලිනුත් හිටියා .
 
හැබැයි ඒ ගොල්ලෝ කාටත් සිද්ද වුනේ පැදුරටත් හොරා තමන්ගේ රටවලින් පැනලා යන්න.
 
ආණ්ඩුව ශක්තිමත් නම් මේ විදියට හැසිරෙන්න ඕනේ නැහැ.

 

Advertisements
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: ආණ්ඩුව, […]

    • prasad says:

      එතකොට බොලව් විපක්ෂය ශක්තිමත්ද? හංසය හොයා ගන්නත් නැහැ. කුසලානය සල්ලි වලට මරා ගන්නව. අලියත් නායක කමට මරා ගන්නව. ඔය කියන විදිහට දුර්වල ආන්ඩුව වට්ටල ප්‍රාදේශීය සභා ටික විපක්ෂය එකතුවෙලා අල්ල ගනියිද කියල බලමුකෝ?

      • gadfly says:

        ඇත්තය. මේ වගේ දුර්වල ආණ්ඩුවකට බලයේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ විපක්ෂයත් දුර්වල නිසා ජනතාව සංවිධානය කර ගන්ට බැරි නිසාය. හැබැයි මෙහෙම ගියොත් ඉක්මනින්ම විපක්ෂයත් පෙරලා ගෙන ජනතාව නැගිටින දිනය වැඩි ඈත නොවේය.

  2. sinhalamag says:

    එතුමන් නම් කොහොමටත් පහළ වුනේ අපේ පිනට ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s