අහෝ බුදදස් නොදිටි මොක්පුර

Posted: December 29, 2010 in Uncategorized
 
මීට කලින් අපි බුද්ධදාස විතානාච්චි මහතා ගැන කතා කලේ 2010 මහා මැතිවරණයෙන් ඒ මහතා පරාජය වී  නහයෙන්   අඬමින්   සිටිද්දීය .

 

http://gadflyzone.wordpress.com/2010/04/25/

තමා චන්දයෙන් පැරදුනේ  සන්ධානයේ දූෂිත  දේශපාලනඥයන් විසින් තම මනාපය කොල්ල කා ගැනීම නිසා යැයිද ඒ මහතා ඒ වෙලාවේ හොටු පෙරමින් පැවසුවේය. ඒ මොහොතේ අප ඔහුට කිව්වේ තල වපුරා තල මිසක් උඳු ලබා ගත නොහැකි බවයි.

තමන්ගේ චන්ද තම සගයින් විසින්ම කොල්ල කෑමෙන් පසු පවා ඔහුට තම සන්ධානයෙන් එලියට එන්නට ධෛර්යක් නොවීය. නො එසේනම්   එය සන්ධානයෙන් එලියට එන්නට තරම් කාරණයක් නොවීය. ඒ අවස්ථාවේ පවා ඔහු කලේ නාහෙන් අඬා නිශ්ශබ්ද වීමය.

දැන් ඔහු එලියට බැස තිබේ . දැන් නැවතත් ඔහුට හදිසියෙන්ම දේශපාලන සදාචාරය  මතක් වී තිබේ.  ලංකාවේ දූෂිත දේශපාලන ක්‍රමය ගැන තමන්ට ඇත්තේ පිළිකුලක් බව ඔහු කියයි. හරිම අපූරුය. මාරය.මෙවන් වූ ප්‍රජාතන්ත්‍ර වාදීන්  සිටින රටක,  මෙවන් පිරිසිදු දේශපාලන කන්‍යාවන් සිටින රටක ජීවත්වන්නට ලැබීම මොනතරම් භාග්‍යක්ද?  

නමුත් අප පෘතග්ජන හිත් වල  යම් යම් ප්‍රශ්න මතුවේ. ඒවා අපි මේ බැරෑරුම් දේශපාලන කරුණු නොදන්නා කම නිසාම මතුවන අහිංසක ප්‍රශ්න මිස අපි බෑන් කී මූන්ගේ ඒජන්තයින් නිසා මේ මුදු හිත් අපහසුතාවට ලක් කරන්නට අසන ප්‍රශ්න නම් නොවේ.

 තම අසහාය   නායක  විකටවංශ ඇතුළු පිරිස්  රාජ්‍ය සම්පත් යොදා ගනිමින් ඉතිහාසයේ පැවති දූෂිතම මැතිවරණ පැවැත්වූ පසු ගිය කාලයේවත් නොවුණු තරම් සිත කල කිරෙන්නට තරම්  මේ මහා කලාකරුවාණන්ගේ   සිත තැලුයේ කවුරුන්ද?

තමන්ගේ මනාප කොල්ල කන විට පවා එපා නොවුණු ලාංකීය දේශපාලනය දැන් ඔහුට එපා වුයේ මක් නිසාද?

නියත ලෙසම මනාප කොල්ලයටත්  වඩා බරපතල දෙයක් විය යුතුය.

මේ කලාකරුවාණන්ගේ මුදු සිත මෙතරම් පෙලූ , කාරණය කුමක් විය හැකිද?

එය අමාත්‍යංශයේ තනතුරක් නොලැබීමයයි කියන දේශද්‍රෝහීන් ගොඩට අපි එක් නොවෙමු. එසේ අසන්නේ විජාතික ඒජන්තයින්ය. අපි එසේ නොවෙමු. අපි ඔහුගෙන්ම එය අසන්නේ ඒ නිසාය.

ඔහු එය අපට කියයිද?

 අප බලා සිටිමු !!!!

අවංක වූ, පාරිශුද්ධ වූ දේශප්‍රේමියාණනි !!!!

කියනු මැනව!!

  

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s