මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ දෙවැනි ධූර කාලය පෙරේදා  ආරම්භ  වුනා .  ලෝකයේ  ලොකුම කැබිනෙට්ටුව එක්ක ලෝකයේ ලොකුම කිරිබත කාලා , ලෝකයේ  ලොකුම වියදම කරපු දෙවැනි වර වැඩ භාර ගැනීමේ උත්සවය පවත්වලා තමා වැඩේ පටන්  ගත්තේ. 
 
වික්ටර් අයිවන්ලා , ජෙහාන් පෙරේරා ලගේ පටන්  ගුණදාස අමරසේකර දක්වා වූ විවිධ පුද්ගලයෝ විවිධ මට්ටමේ  බලාපොරොත්තු සහගත ප්‍රකාශ නිකුත් කරනවා. සංවර්ධනය ගැන, ධනවාදී ආර්ථිකය ස්ථාපනය කිරීම ගැන, උතුරේ අර්බුධය විසඳීම ගැන , නොයෙක් ආකාරයේ සුභ සිහින දකිනවා .
 
නමුත් ඒ හීන හුදු හීන පමණක් ම බවට මොලේ කලඳක් හරි තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා.  ජාතියක් වශයෙන් , මෙතැනදී මම කිව්වේ ශ්‍රී ලාංකීය ජාතිය ගැන, අපි ශීග්‍රයෙන් පල්ලම් බහිමිනුයි ඉන්නේ. ඒක  පුද්ගල ආදායම  ඇමෙරිකන් ඩොලර් දාහේ ඉඳලා දෙදාහ දක්වා වැඩි කළා කියලා එක පැත්තකින් පුරසාරම් ගහද්දි ,  ජනගහනයෙන් සියයට  හතළිහකට දිනක ආදායම විදියට ලැබෙන්නේ ඩොලර් දෙකකට අඩුවෙන් කියලා වාර්තා වෙනවා. දේශයේ දරුවන්ගෙන් සියයට  25 කට වැඩිය මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ආදායම් විෂමතාව එන්න එන්නම වැඩි වෙමින් , පුද්ගලයින් දිළිඳු බවට ඇද දමනවා. මිනිස්සුන්ගේ වියදම ආදායමට වඩා වැඩියි . ණය බර එන්න එන්න ම වැඩි වෙනවා .  මිනිස්සුන්ගේ ආර්ථිකය රටේ   ආර්ථිකයේ මයික්‍රෝ  මොඩල් එකක් වගේ.
 
මේ අතරේ  මිනිස්සු උන් හිටි තැනින් පන්න දමමින් උන්ගේ ඉඩ කඩම්  සංවර්ධනයේ නාමයෙන් අල්ල ගන්නවා. මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහුරමින් ඔවුන් ව හිඟමනට ඇද දානවා. හැබැයි ඇද හිඟා කන්නත් බැහැ. ඔලුවට ගල් ගෙඩි පාත් වෙනවා.
 
මේ තත්වය වෙනස් කරන්න ඕනේ කියලා කතා කරන මිනිස්සුන්ව මර්ධනය කරනවා.පහර දෙනවා. හිරේ දානවා. ජනාධිපතිවරයා තමන්ගේ දෙවැනි ධූර කාලය පටන් ගන්නේ තමන්ට එරෙහි වන හැම කෙනෙකුටම, තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතන හැම කෙනෙකුටම  පහර දෙමින් . විපක්ෂ මහජන නියෝජිතයන්ගේ    ඔලු පලමින්. විපක්ෂ හා බහු ජන ක්‍රියා කාරීන් හිරේ දමමින්.
 
 ජනපතිවරණයේ තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා අභූත චෝදනා කරලා   හිරේ දාලා වධ දෙනවා. නොමරා මරනවා. ටැබූ නිවැරදිව කියපු විදියට ඔහු කරපු එකම වැරැද්ද ප්‍රජාතාන්ත්‍රික විදියට , තමන්ගේ අයිතිවාසිකම් පාවිච්චි කරලා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච එක. ඔහු එහෙම කලේ අවශ්‍යතාවක් තිබුනා නම් ඉතා පහසුවෙන් බලය අල්ලා ගැනීමට හැකියාවක් තිබෙද්දී. යුද්දයෙන් දිනපු හමුදා  නායකයා විදියට  ඔහුට ඒ දේ කරන්න හොඳටම හැකියාවක් තිබෙද්දිත් එහෙම නොකර හමුදාවෙන් විශ්‍රාම අර ගෙනයි  ඔහු දේශපාලනයට ආවේ. ඔහුට පහර දෙන්නේ ආණ්ඩුව ඔහුට බය නිසා. ජනාධිපතිවරණ  කාලේ එක හොඳටම පෙනෙන්න තිබුනා.
 
 ශිෂ්‍ය ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රමුඛ ඉලක්කයක්.  තරුණ ශිෂ්‍යයෝ හැම විටම සමාජයේ සෙසු පිරිස් වලට වඩා සංවේදියි. අසාධාරණය හමුවේ මුලින්ම ඊට විරුද්ධ වෙන්නේ ඔවුන්. මුළු මහත් සමාජයම නිදා ගෙන ඉන්න අතරේ  ශිෂ්‍යයන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන වදින බව පාලකයෝ දන්නවා. පොදු ජනතාවත් ශිෂ්‍යයෝ යන පාරේ යයි  කියලා පාලකයෝ  බයයි.තමන් කරන දේවල් මිනිස්සු හරියට තේරුම් ගත්තොත් උන් තමන්ට  එරෙහිව නැගිටියි කියලා පාලකයෝ බයයි.  උදුල අද හිර ගෙදර ඉන්නේ ඒ බය නිසා. පෝස්ටර් අලවන උන් අල්ලාගෙන ගිහින් හිරේ දාන්නේ ඒ නිසා. හඳුනෙත්තිලාගේ ඔලු පලන්නේ ඒ නිසා. එක්නැළිගොඩ ලා  අතුරුදන් වෙන්නෙත් ඒ නිසා. ඉදිරියට එන උන්ට අත් වෙන ඉරණම දකින සමාජය, පොදු ජනයා බය වෙනවා. ඒ බය නිසා උන්  තමන්ගේ ඇඳිවත පැහැර ගත්තත් සද්ද නොකර ඉන්න පුරුදු වෙනවා.
 
මේ අනුව පෙනෙන්න තියෙන්නේ ආණ්ඩුවත් පොදු ජනතාවත් එකිනෙකාට බයෙන් කල් ගෙවන යුගයක් එළඹෙමින් තිබෙන බවයි. අපේ සමාජයේ අනාගතය තීරණය වෙන්නේ මේ බයට ආණ්ඩුව හා මිනිස්සු මූණ දෙන ආකාරය අනුව . ආණ්ඩුව නම් බයෙන් මිදෙන්න වැරෙන් පහර දෙන්න තීරණය කරලා තියෙන්නේ. පොදු ජනයා වන අපි එක්කෝ මේ බයට යට වෙලා මිනිස් පනුවන්   බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බය මැඩගෙන බයට එරෙහිව, අයිතිවාසිකම් වෙනුවෙන්, තමන්ගේ හා අනුන්ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් සටන් වදින්න ඕනේ. ඒ වෙනුවෙන් සමාජයේ මතයක් හදන්න ඕනේ.  හැබැයි ඉතින් එක එච්චර ලේසි නැහැ. බස් කොන්දොස්තරටත්  බයේ ජීවත් වෙන මිනිස්සු බහුතරයක්  ඉන්න සමාජයක එක ලෝකේ ලොකුම කිරිබත හදනවාට වඩා ලොකු වැඩක්. ඒත් එක්කම එක හරිම පොඩි වැඩක්.
 
 

Advertisements
Comments
  1. පද්දා says:

    “ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් දාහේ ඉඳලා දෙදාහ දක්වා වැඩි කළා කියලා එක පැත්තකින් පුරසාරම් ගහද්දි , ජනගහනයෙන් සියයට හතළිහකට දිනක ආදායම විදියට ලැබෙන්නේ ඩොලර් දෙකකට අඩුවෙන් කියලා වාර්තා වෙනවා. දේශයේ දරුවන්ගෙන් සියයට 25 කට වැඩිය මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ආදායම් විෂමතාව එන්න එන්නම වැඩි වෙමින් , පුද්ගලයින් දිළිඳු බවට ඇද දමනවා. ”

    කොළුවෝ උඹේ මූලාස්‍ර ටිකත් දුන්න නම්. අනික අවුරුදු 10 – 15 කට කලින් ඔව්ව තිබුනේ කෝමද කියන එක ගැනත් අපට දත්ත දෙනව නම් කොලුවව විස්වාස කොරන්න අපි ලෑස්තියි. එහෙම නැතිනම් අපට හිතනා වෙන්නේ කොලුවා ජෙප්පන්ගෙ අපුක ලෙවකන උදුල් ප්‍රේමරත්නගෙ කටට ගන්න පොන්සියෙක් කියල විතරයි.

    • gadfly says:

      මම ඔහෙගේ ජම්ම ගතිය පෙන්වන කොමෙන්ට් එක නොදා ඉන්නත් හදලා , මේ කඩේ යන කුක්කොන්ගේ හැදියාව පෙන්නන්න ඕනේ නිසා ඔහේ තියෙන්න ඇරියා.

  2. Thisara says:

    ලිඛිත මූලාශ්‍ර අවශ නම් මහ බැංකු වාර්තාව බලන්න පුළුවන්. කබරාල බොරැ කියනවයි කියලද හිතන්නේ.

    පොළවේ පය ගහලා ඉන්න ඕනම පද්දෙකුට ගමේ සිරිපාලගේ කඩයෙන් හෝ මහතුන් අයියාගේ කඩයෙන් හවස බඩු ගන්න වෙලාවට ගියානම් “ඔන්දස්පොට්” සංඛ්‍යාලේඛන හා දත්ත ලබා ගත හැකිය. (ඒ වෙලාවට සමහරැන්ගේ අම්මලාට වැඩියෙන් කිඹිහුම් යන බවද ැවසේ)

    (කිරි බෝතලයක් හා සූප්පුවක් නොමිලේම ලබා දෙන්න පුළුවන. අවශනම් වැඩිවිස්තර විමසන්න.)

  3. Radhalayaa says:

    @ පද්දා; අනේ පොන්න පද්දො, තෝ රටෙ වෙන දේ නොදන්නේ වල් කන හිනදා, දිගටම වල් ම කාපිය මී හරකා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s