දේශප්‍රේමි යෝජනාවක්- A Patriotic Proposal

Posted: November 19, 2010 in Uncategorized

ආණ්ඩුව කිරිබත් වලට පේටන්ට් බල පත්‍රයක් ගන්ට යනවාය කියලා කෙහෙලිය ඇමතිවරයා කියු බවක් පහු ගියදාක පත්තර වල පල වෙලා තිබුනා. ලංකාව ආසියාවෙ ආශ්චර්ය කරනවා කියපු වෙලේ හිනාවුනු එවුන්ට , රට ණය උගුලක හිර වෙලා ඉන්නවා කියන එවුන්ට , අපේ රටේ ආර්ථිකය බංකොලොත් කියලා කියන එවුන්ට මේක හොඳ කනේ පාරක්.

රට සංවර්ධනය කොරන්ට ඕනේ ආදායම් උපද්ද ගන්ට ඕනේ එහෙම තමා.අලුත් අලුත් ක්‍රම හොයා ගන්ට ඕනේ.පරණ සම්ප්‍රදායික ක්‍රම වලට බැහැ ආසියාවේ ආශ්චර්ය කරන්ට.

නායකයෝ වුනාම නිර්මාණශීලි වෙන්ට ඕනේ. අන්න අපිට දැන් ලැබිලා ඉන්නවා නියම නිර්මාණශීලි නායකයෙක්.එතුමාගේ ආණ්ඩුව මොනතරම් නිර්මාණශීලි විදියටද ආදායම් හොයන්නේ.

දැන් බලන්ට , ආණ්ඩුව බූරු ගස්සලා ‍තෝන් සල්ලි ගන්ට වැඩ පිලිවෙලක් ලෑස්ති කරා පහු ගිය සතියේ. ඒකෙන් මොන තරම් නම් ආදායමක් ගලාගෙන එයිද? දැන් මේ අලුත් ප්ලෑන බලන්ට.

මීට පස්සේ කාට හරි කිරිබත් කන්ට ඕනේ නම් ආණ්ඩුවට ගානක් ගෙවලා බල පත්‍රයක් ගන්ට වෙනවා. හොඳ ආදායමක් ගන්ට පුලුවන් ෂුවර් එකටම. මොකද අපේ රටේ ඉන්නේ කිරිබත් කන්ට රුසියෝ නෙව. මිනිහෙක් මලත් කිරිබත් කනවා. තමන්ගේ බෙල්ලට තොණ්ඩුව දැම්මත් කිරිබත් කනවා. මෙදා පොටේ නම් ආණ්ඩුවෙ හොද්ද බොරයි.

පේන විදියට වැඩි කල් නොයා අපි ආසියාවේ ආශ්චර්ය වෙනවා.

මේ වෙලාවේ දේශප්‍රේමි රට වැසියෙක් විදියට මගෙත් තියෙනවා යෝජනාවක්. අපිත් පුලු පුලුවන් විදියට දායක වෙන්ට එපැයි ආශ්චර්යට.

මෙහෙමයි වැඩේ. දැන් ලෝකේ තියෙන කෑම වලට කවුරුත් පේටන්ට් අරන් නැහැනේ.

බත්, පාන්, කේක්, ‍තෝසේ ඉඳි ආප්ප,ආප්ප, පැණි ආප්ප, වන්ඩු ආප්ප, පිට්‍ටු , මනි පිට්‍ටු, ඉට්ලි, පිසා,කොත්තු, පරාටා,  පොල් සම්බල්, අල හොදි ,ජාඩි, ………………………….. 

මගෙ  අම්මෝ මේ විදියට අවුරුදු ගානක් ලියන්ට පුලුවන් ලැයිස්තුවක් තියෙනවානේ. මේ හැම එකටම අපි ගමු පේටන්ට්. එතකොට ඉතින් අපිට ගානක් ගෙවලා තමයි මොන ජගතාට  වුනත් කන්ට වෙන්නේ. කොහොම සල්ලියක් හොයා ගන්ට පුලුවන් වෙයිද?

ආසියාවේ නෙවේ මුලු ලෝකේම ආශ්චර්ය කොරන්ට බැරිය ඔය විදියට.

සටහන 1- මේකත් මගේ යෝජනාවේ කෑල්ලක්, හැබැයි මේක ඉතින් මෙහේ විතරයි කොරන්ට වෙන්නේ. පිට රට නම් කරන්ට බැරි වෙයි. අපිට පුලුවන් කුස්සි පරීක්ෂක කියලා කට්ටියකට රස්සා දීලා , උන්ව යවන්ට මුලු රටේම තියෙන කුස්සි කෑම වෙලාවට පරිස්සා කරන්ට. එතකොට මොකෙක් හරි තමන්ට  කෑමට  බලපත්‍රයක්  නැති කෑමක්  කනව නම්  ඔන් ද ස්පොට් දඩයක් ගහන්ට පුලුවන්. තවත් ආදායමක් එනවා විතරක් නෙවේ, රස්සා තොගයක් දෙන්ටත් පුලුවන්.

සටහන 2- ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ මැලේසියාවේ ජාතික ආහාරයක් වන නාසි ලෙමාක් යනුවෙන් හඳුන්වන පොල් කිරි යෙදු කිරි බතයි.

Advertisements
Comments
  1. kandula says:

    මැලේසියාව කියන්නේ අපිවගේ අවුරුදු දෙදාස්පන්සීයක සන්ස්කෘතියක් සබ්බියත්වයක් තියෙන රටක්ද? උන් ලෙමාක් එක අපෙන් හොරෙන් අරගෙන ගිහිල්ලද කොහෙද…

  2. sinhalamag says:

    නාසි කියන්නේ බත් වලට, ලේමක් කියන්නේ කිරි වලට,
    කිරි බත් විතරක් නෙවෙයි, කළු දොදොල්, වටලප්පන්,ආප්ප, ඉදහි ආප්ප,මන්ගුස්, රබුටන්, ෆැෂන් ෆුට්, කජු පුහුලන්, ධුරියන්, පොල් සම්බෝල,කට්ට සම්බෝල, සිනි සම්බෝල, කොත්තු රොටි, අයි මැල්ලුම් ?
    මේ ඔක්කොම මැලේ ය හදුන්වල දිපුවනේ..

  3. Thisara says:

    “රට කෑම” ට නම් දැනටමත් අපේ අය පේටන්ට් අරගෙනලු.

  4. සචී says:

    මෙතන මම කැමතිම ‘සටහන 2’ ට!!!!!!!!
    කූප මණ්ඩුකයන්ට ඉතින් මෙහෙම කියලා හරි යයි ද මන්දා…

  5. nohadunana says:

    මෝඩ හරක්….

  6. kehewaliya says:

    අපි පේටන්ට් එක ගන්නෙ රොම්බසයක් හැඩේට කපන කිරිබතට

  7. Buddhika Thambugala says:

    eka denda epa kiyala mama danatamath U.S patent office ekata mail karala thiyenne.. Pubilis ta Pubilis wenda thamai wenne, gon part walata..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s