එස්.බී දඬුකඳේ ගැසීම-Crucifixion of S.B

Posted: November 5, 2010 in Uncategorized

පසු ගිය සතියේ අන්තරේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න පොලිස් අත් අඩංගුවට ගැනීමත් සමග සරසවි අර්බුදය තව වටයකින් ඉදිරියට ගියේය.

ඒත් සමග මෙතෙක් කල් සරසවි සිසුන් උල තැබීමට, දඬුකඳේ ගැසීමට, උන්ගේ ඔලුවලට පරාල ඇණ ගැසීමට හා අන්තරය මැකවීමට උපදෙස් දෙමින් සිටි සමහරුන් ක්‍රම ක්‍රමයෙන් තම ඇඟිල්ල එස්.බී ඇමතිවරයා දෙසටද හරවමින් තිබෙනු දැකිය හැක.

එස්.බී ට එරෙහි ප්‍රථම වෙඩි මුරය නිකුත් කලේ වීරවංශගේ පක්ෂයෙනි.එම පක්ෂයේ කීප දෙනෙක්ම ඇමතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් පසු ගිය සතියේ ප්‍රකාශ නිකුත් කර තිබුණි.
ඒ අතර රාජ්‍ය පාක්ෂික මාධ්‍ය මගින්ද එස්.බීට සියුම් ප්‍රහාර දෙනු නිරීක්ෂනය කල හැකි විය.

එපමණක් නොව ටැබූ, පිටස්තරයා වැනි බ්ලොග් කරුවන්ද සරසවි තුල ඇති වී තිබෙන ප්‍රශ්නය උදුල්ගේ හා එස්.බී ගේ පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරමින් සිටිති.

මේ සියලු දෙනා උත්සාහ දරමින් සිටින්නේ තම ස්වාමියා විසින් පැවරූ රාජකාරිය නිසියාකාරව ඉ‍ටු කිරීමට නොහැකිව , හත්පලේ ගා ගත් ඇමතිවරයා වරදකරු කර සියලු වරද ඔහු පිට පටවා, ඔහුට වගකීම් පැවරූවන් නිදහස් කර ගැනීමටය.

එස්බීට පැවරුනු කාරිය වූයේ පෞද්ගලික සරසවි ඇති කීරීම සඳහා අවශ්‍ය පස සැකසීමයි. ඔහු එය අනා ගත්තේය. දැන් කළ යුතුව ඇත්තේ ඔහු බිලිදී වෙනකෙකු ලවා එය කරවා ගැනීමයි.

අද වීරවංශගේ සිට ටැබූ දක්වා සියලු දෙනා සමාජ ගත කිරීමට උත්සාහ දරමින් සිටින්නේ එස්.බී උසස් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉවත් කල හොත් සරසවි වල සියලු ප්‍රශ්න විස‍ඳෙනු ඇතැයි යන මතයයි.

මේ කොන්ත්‍රාත් කරුවන් පසෙක තැබුවත්, අද ශිෂ්‍යයන් පවා තම අනෙකා බවට පත් කරගෙන තිබෙන්නේ එස්.බීය. සමස්ත ශ්‍රි ලාංකීය සමාජයම හිරි වැටී සිටිත්දි තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් වීදි බැසීමට තරම් ශක්තියක් තිබු ඔවුන් මේ අවස්ථාවෙ තම සටන් පාඨ ” එස්.බී පන්නමු” වැනි සරල කරුණු වලට සීමා කරගත හොත් ,පෙනෙන්නට තිබෙන පරිදි නුදුරේදීම එස්.බී ඇමතිවරයා උසස් අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉවත් කල විට තම සටන හකුලා ගැනීමට සිදු වන්නේ සැබෑ ප්‍රශ්න කිසිවකට විසඳුම නොමැතිවමය.

එම නිසා ඔවුන් තම සටන එක් නරක ඇමතියෙකුට එරෙහිව කරන අරගලයකට සීමා නොකර, රජය විසින් තමන් සමාජයෙන් හුදකලා කිරීම සඳහා ගෙනයන ව්‍යාපාරය හැඳින එයට එරෙහිව ,තම අරගලය සූක්ෂ්ම අයුරින් ජනතාව වෙතට ගෙන යා යුතුය. එසේම එම අරගලය රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන සටන සමග බද්ධ විය යුතුය.

Advertisements
Comments
  1. taboo says:

    mama busy passe comment karannam … lol

  2. Kandula says:

    ඇස්.බී උන්නැහේ තමන්ගැනම මහා අධිතක්සේරුවකින් ඉන්නේ. උනැහේ සරත් නන්ද සිල්වා එක්ක පැටලිලා ඇණ ගත්තේත්, යූ ඇන් පී එකේදී ඇණ ගත්තේත් දැන් ඇණ ගන්නේත් ඒ නිසාමයි.

    හැබැයි, ආණ්ඩුවේම එවුන් (විශේෂයෙන් වීරවංශ වගේ නිවට බලු ගැත්තන්) එස්.බී.ට විරුද්ධ වෙනවා කියන්නේ එස්.බී කපාහැර ආණ්ඩුව ගළවාගැනීමේ මෙහෙයුමක් තමයි.

    අන්තිමට එස්.බී ද්‍රෝහියා!, ද්‍රෝහී එස්.බී ඇමතිකමෙන් පලවා හැර නිදහස් අධ්‍යාපනය බේරාගත් රජතුමාණෝට ජයවේවා!!! කියලා මේ රටේ ඉන්න අම්බරුවන් හුරේ දාන්න පටන්ගනියි…

  3. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: එස්.බී, ගැසීමCrucifixion, […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s