සංවර්ධනයේ යථාර්තය හා මිථ්‍යාව – Development: The Truth and the Myth

Posted: October 24, 2010 in Uncategorized

ශ්‍රි ලංකාව ශීඝ්‍ර සංවර්ධනයක් කරා යමින් සිටින බව අප නායකයින් උදේ හවස අපට මතක් කර දෙමින් සිටිති. ඔව්හු මේ සඳහා උදාහරණ ලෙස ගන්නේ රට පුරා ගොඩ නැගෙන අධිවේගී මහා මාර්ග, වරායවල්, ගුවන් තොට ,පාලම් හා බෝක්කු , යනාදියයි.

දේශපාලකයින් හා ආණ්ඩුවේ ජනමාධ්‍ය පමණක් නොව අපක්ෂපාති හා ස්වාධින යැයි කියා ගන්නා පෞද්ගලික මාධ්‍ය තුලින්ද මහත් උජාරුවෙන් උඩ දමන මේ ඊනියා සංවර්ධනයේ යථාර්තය පසු ගිය දිනක මහනුවර බලා නුවර පාර දිගේ පියෑඹු ඇටමැස්සාට දැක ගන්නට ලැබුණි

නුවර පාරේ නිට්ටඹුව නුවර කොටස සම්පූර්ණයෙන් කාර්පට් දමා අලුත් වැඩියාව අවසන් කර තවමත් ගෙවී ඇත්තේ යම්තම් වසරක් වැනි කාලයකි ( කොලඹ නිට්ටඹුව කොටස දැන් කරමින් පවති) .එහෙත් කෝටි ගණන් මුදල් වැය කරමින් දැමු කාර්පට් එක දැන් නැවතත් තැන් තැන් වලින් අබලන් වීම නිසා අලුත් වැඩියා කිරීමට සිදුව ඇත.

ඔබ ඉහත ඡායාරූපයෙන් දකින්නේ එලෙස අලුත් වැඩියා කල ස්ථානයකි. සමහර විට තවමත් අලුත් වැඩියාවේ වගකීම් කාලය අවසන් නොමැති නිසා අදාල ඉදි කිරීම් සමාගමේ වියදමින් මෙම අලුත් වැඩියාවන් කරනවා විය හැක. එහෙත් ඉදි කර යම්තම් වසරක් ගත වෙන්නටත් මත්තෙන් මෙවන් විශාල පදාස නැවත පිරවීමට සිදු වූයේ නම් තව වසර දෙක තුනක් ගිය විට පාරේ තත්වය කෙබඳු වේ දැයි සිහි බුද්ධිය ඇති ඕනෙම අයෙකුට සිතා ගැනීම අපහසු නැත.

එසේම එවිට වියදම දරන්නේ කවුරුන්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
 
අපට උදේ හවස රූපවාහිණියෙන් පෙන්වන සංවර්ධනයේ ඇත්ත තත්වය ඕකය.
 
අප ආසියාවේ ආශ්චාර්ය බවට පත් වෙන ගමන යන්නේ එහෙමය.

සටහන- මීට ප්‍රථමයෙන් නුවර පාරේ මෙවන් සම්පූර්ණ අලුත් වැඩියාවක් කලේ 1985 දි ය. එම අලුත් වැඩියාව වසර 25ක් ඔරොත්තු දුන්නේය.

Advertisements
Comments
  1. රනිල් says:

    සංවර්ධන ව්‍යාපෘතිවල මෙවැනි කොතෙකුත් අඩුපාඩු විය හැකියි. නමුත් ඔබේ මතය සම්පූර්නයෙන්ම පසුගාමීයි…නිෂෙධාත්මකයි..මේ රටේ විරුද්ධ පක්ෂයත් ඉන්නේ ඔබේ මතේමයි..අප වැරැද්ද පෙන්නාදිය යුතුයි නමුත් ගුණමකු නොවියයුතුයි….මෙයයි අපේ සාම්ප්‍රදායික දේශපාලන මතවාදය..හොඳ දේට හොඳයි කියන්න ගුණවත්කමක් නෑ.. පොඩි නරකක් ඇති සියල්ල නරකයි කීමට. මේ කුහක මානසිකත්වයෙන් අප ජාතියක් වශයෙන් නිදහස් වේයයුතුයි යන්න මගේ හැඟේමයි.

    • nemo says:

      ඊ එල් වොයිනිච් ලියූ ‘ඇට මැස්සා’ පොතේ තැනක ඇය මෙන්න මෙහෙම කියනවා..

      ”මායා එළියක් පිටුපස මඩ ගොහොරුවක දුවන්නාක් මෙන් ඉතාලියත් උන් හිටි තැන් සොයා ගත නොහැකිව මංමුලා වූ ගමනක් යනවා.මේ උද්‍යෝගය හා සතුට නිසාම ඇය අන්තිමේදී ප්‍රපාතයකට ඇඳ වැටෙන්නට ඉඩකඩ තියනවා.”
      මටත් ලංකාව ගැන මෙහෙමම හිතෙනවා.
      මේ සංවර්ධනයයි කියලා පිටතට පෙනෙන දේන් මිනිස්සු මුලාවෙලා.බොහෝ දෙනෙකුට ඇත්තටම සිදුවෙමින් තිබෙන දේ නොපෙනී ගිහිං වගේ.
      සංවර්ධනය කියලා කලයුතු වන්නේ අහස් කූරක් පත්තු කරාම හරීම ලස්සනට මොහොතක් තිබිලා ඊට පස්සේ නැතිවෙලා යාමක් නෙවේ කියලයි මම නම් හිතන්නේ.ඒකට කල් පැවත්මක් තියෙන්න ඕනේ.ඒත් මේ සංවර්ධනය තුල ඇත්තටම එහෙම කල් පැවත්මක් තියනවද..?
      ඇයි ඇත්තටම මේවා මේ විදියට හරි පෙන්වා දීම නොඉවසන්නේ කියලා ඇත්තටම මට තේරෙන්නේ නැහැ.කවුරු හරි කෙනෙකුට ඒ කෙනා වරදක් කරනවනම් පෙන්වලා දීම වරදක්ද..??
      එසේ පෙන්වා දීම වරදක් නම්..?? වැරදි වලින් මේ වන විටත් ලෝකය වැසී ගොස් අවසන් වන්නට බොහෝ ඉඩ කඩ තිබුණි.

      • gadfly says:

        ඇත්තටම සන්වර්දනය යැයි කියමින් මෙසේ ජනතා මුදල් කබාසිනියා කිරීමට වඩා නොකර සිටීම හොඳය. පොදුවෙ ගත් කල රටේ බොහෝ ව්යාපෘති වල ප්‍රමිතිය මෙබඳුය. මෙවැනි අඩුපාඩු පෙන්වා දුන් විට තරහා යන්නේ එක්කෝ මෙම ඉදි කිරීම් අනුම්ත කල නිල්දාරින්ට හෝ දේශපාලකයින්ටය. එසේ නැතිනම් මෙබඳු ඉදි කිරීම් කල කොන්ත්‍රාත් කරුවන්ටය. ඔය දෙපිරිසම කරන්නේ මහජන මුදලින් තම මඩිය තරකර ගැනීමය.

    • gadfly says:

      යම් අලුත්වැඩියාවක් , ඉදි කිරීමක් නිසි ප්‍රමිතියක් ඇතුව කල යුතුයැයි කියන විට එය එය පසුගාමි වන්නේ කෙසේද යි මට නොතේරේ. එසේම ඔබ කතා කරන ගුනමකු කම කුමක්දැයි මම නොදනිමි. ඔබේ ඔය ගුනමකු කතාව ඔබ ආරක්ෂා කිරීමට දත කන ඔබේ නායකයින්ටම පැවසීම වඩා උචිතය. අද තත්වය තුල හොඳ දේට පමනක් නොව නරක දෙටත් හොඳයි කියන්නට එහෙයියන් ඔනේ තරම් සිටින බවක් නම් පෙනේ.
      අනික, ඔබ කියන මේ පොඩි නරක වෙනුවෙන් මෙරට අන්තිම දුගියාගෙන් පවා සූරාගන්නා බදු මුදල් වලින් රුපියල් කෝටි ගනන් වියදම් කිරීමට සිදු වන බව තේරුම් ගත යුතුය.

  2. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ගැන ඇටමැස්සාගේ අදහස දැනගන්න සතුටුයි…

    • gadfly says:

      සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියකි.එය වැරදුනේ වසර තිහකට සැලසුම් කල වැඩක් වසර 6 කින් කිරීමට යාම නිසාය. දැන් ජලාශ වලින් 50% වඩා රොන් මඩ වලින් පිරී ඇත. වසර 30 සැලසුම තුල සෝදාපාලුව අවම කිරීම වස් පොෂක ප්‍රඩේශ වල වන වගාවන් ද ඇතුලු නොයෙක් කරුනු තිබිනි. නමුත් වසර 6 කින් අවසන් කිරීම නිසා එම කිසිවක් සිඩු වුයේ නැත. ව්‍යාපෘතිය අසාර්ථක වූයේ එබැවිනි. නමුත් එම ඉදි කිරීම වල ප්‍රමිතිය පිලිබඳව නම් තවමත් කිසිම ගැටලු කාරි තත්වයක් මතුව නැත.

      ඔබ වටහා ගත යුත්තේ මා මතු කලේ සිදුවෙමින් පවතින සන්වර්ධන ක්‍රියා වල ප්‍රමිතිය පිලිබඳ ගැටලුව බවයි. නුවර පාර අලුත්වැඩියාව කලයුතුම දෙයකි. නමුත් නිසි ප්‍රමිතියක් ඇතුවය. නියමිත් අප්‍රමිතින් පවත්ව ගැනීමට අපහසු වන්නේ බොහෝ විට දූෂනය නිසාය.

  3. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: Development, Myth, truth, මිථ්‍යාව, යථාර්තය, […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s