කාල් මාක්ස් මිනී වලේ ඇඹරෙයි

Posted: September 2, 2010 in Uncategorized

 

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේදි ඡන්දය දීමෙන් වැලකී සිටීමට ලංකා  සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය  තීරණය කර ඇත.

මේ   සංශෝධනය    ගැන අදහස් දක්වූ වාසුදේව නානායක්කාර සහෝදර  මහතා පවසා සිටියේ ප්‍රතිපත්තිමය වශයෙන් විධායක  ජනාධිපති  ක්‍රමයකට තමන් විරුද්ධ වූවද , මේ පිලිබඳව තීරණයක්  ගැනීමේදි තමන් රජයේ කොටස් කාරයින් යන කාරණයද සැලකිල්ලට ගත යුතු  බවය.
 
මේ පන්නයේ හොරිකඩකම් වලට කවදත් ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය මේ ගැන තවම මුනිවත රකින අතර ඔවුන්ද මේ අවස්ථාවේ මීට වඩා ‍රැඩිකල් තීරණයක් ගනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.
 
නහින දෙහින කාලයේ හෝ  ඇමති කමක් ලබා ගැනීමට දත  කට මදිමින්  බලා සිටින වාසුදේවලාත් , ලැබී ඇති ඇමති කම් වෙනුවෙන් ඕනෑම ජනතා ද්‍රෝහි ක්‍රියාවකට අත් දෙකම ඔසවා තම අනුමැතිය දෙන ඩීව්ලා හා තිස්සලාත් තමන්ව හඳුන්වා ගන්නේ  වාමාංශිකයන්     , මාක්ස්වාදීන් , ට්‍රොට්ස්කි වාදීන්  ආදී  වශයෙන් වූ මහත් විච්චූරණ  නම් වලිනි. 

 

 රට ඒකාධිපති පාලනයකට හසු කිරීමට උත්සාහ දරණ මේ  මොහොතේ එයට විරුද්ධ නොවී වක්‍රාකාරව තම අනුමැතිය දෙන මේ දියාරු සෙවලයින් තමන්  වාමාංශිකයන්     හා මාක්ස් වාදින් වශයෙන් හඳුන්වා ගන්න විට හයිගේට් හි වැළලී  සිටින  කාල් මාක්ස් තම මිනී වල තුල  ලජ්ජාවෙන් ඇඹරෙනු ඇත.  

සටහන- පසු ගිය දිනෙක මහත් සෙනෙහසින් කව් ලියා  වාසුලා  පුබුදුවන්නට   තැත් කල   නිර්මාල්  රංජීත් දේවසිරි මහා කිවියාන නැවත කවි ලියන තෙක් අප බලා සිටිමු . සමහර විට ඔහුත් ඔහුගේ  පරණ එක්ස් කණ්ඩායාමේ සගයා ධම්ම මෙන් අයි ටී එන එක පැත්තෙවත් ගොහින්වත්ද ?
Advertisements
Comments
  1. loki's joint says:

    අනේ අපේ එවුන් දන්න කාල් මාක්ස්…ඕකුන් කියයි Das Kapital ලීවේත් ජේ.වී.පී. එකෙන් කියලා……කස්ටිය එක්කහුවෙලා දීපල්ලකෝ වඳුරාට දැළි පිහිය…කැපෙන්නේ කොහෙද කියලා බලන්න……..

  2. M.I. ප්‍රනාන්දු says:

    ඔබලා පවසන්නේ ව්‍යවස්ථාව වෙනස් නොවිය යුතු බවද?

    • vipul says:

      ප්‍රනාන්දු මහත්මයා සංශෝධනය හරියට කියව්වෙ නැද්ද? එක හොද දෙයක් කියන්න බලන්න.

      • ඇත්ත වශයෙන්ම නොදන්න හින්දයි අහන්නේ, යෝජිත ව්‍යවස්ථාව එලියට දාලද? අනේ එහෙනම් එය ලබගත හැකි හෝ ඒ ගැන දැන ගත හැකි ලින්කයක් හෝ දෙන්න

  3. ලංකාවේ හොඳ මාක්ස්වාදී නායකයින් ඉඳලා නෑ මගෙ හිතේ. ඉඳලා තියෙන්නේම හොරිකඩයින්. කට්ටියක් මැතිනිට හොරිකඩකම් කලා, තව කට්ටියක් චන්ද්‍රිකාගෙ හොරි කැසුවා, දැන් ජීවත්වෙලා ඉන්න එවුන් මහින්දගේ හොරි කස කස, ගිනි පිඹ පිඹ, වලං පිඟනුත් හෝදලා දෙනවා.

  4. Charmi says:

    වාසුගෙ ‘ප්‍රතිපත්තිය’ හරියටම හරි. ඔය නහින දෙහින කාලෙ මේකෙන් එලියට ආවා කියල කවුරුවත් රස්සාවක්වත් දෙන එකක්යැ.

  5. මේ සම්බන්ධව මාධ්‍යන්හි නිද්‍රාශීලී හැසිරීම තරයේ හෙලා දැකිය යුතුය!

  6. ramachandra says:

    සමහරු වයෝවෘද්ධ වෙනකොට කොදු පන නැති වෙන බවත් ඒ නිසා වාරු වෙන්න ලොකු තැනක් හොයාගන්න බවත් මගේ මතකෙ හැටියට කියල තිබුනෙ සුගතපාල ද සිල්වා.වාසුදේව නානායක්කාරට හරියන්නෙ ඒ කතාව විය යුතුයි.90 ගනන්වල වාසුදේව ප්‍රතිපත්තිමය විරසකයන් උඩ චන්ද්‍රිකා ආන්ඩුවෙන් එලියට ආව.නමුත් ඒ කොන්ද මේ වන විට දිරල වගෙයි පේන්නෙ.

  7. W3Lanka says:

    ලංකාවේ වාමාංශික ක්‍රියාකාරිකයන්ට පසුගිය දිනවල මොවුන්ගේ එක ප්‍රකාශයක් දෙකක් නිසා දශක ගණනාවක ජඩකම් අමතක වෙලා තිබුණා. ජඩකම තමයි ඔවුන්ගේ මෑත ඉතිහාසයේ සාමාන්‍යකම. වාමාංශිකකම ව්‍යතිරේකයක්.

    • gadfly says:

      මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වමේ මහත්තුරු තැන් තැන් වල හොර රහසේ කර කෙඳිරීම් කිහිපයක් අල්ල ගත්තු රාවය පත්තරේ , මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙවියන් බවට ඔවුන් පත් කරලා තිබ්බා.

  8. Taboo Subjects says:

    මා කියවා ඇති දේ අනුව නම් කාල් මාක්ස් කවදාවත් පාලකයකු රටක් පාලනය කළ යුතු කාලය ගැනවත්, ඔහු එසේ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව කියාවත් කියා නැත.

    එනයින් වාසුදේවලාගේ ක්‍රියා මාර්ග නිසා කාල් මාක්ස් මිනී වලේ ඇඹරන්නේ ඇයි දැයි සිතා ගත නොහැක. ඔන්න ස්ටාලින්ලා, මාඕ සේතුං ලා, ක්‍රැස්තෝලා හෝ චේ ගෙවාරලාගේ ක්‍රියාවක් නිසා මාක්ස් මිනී වළේ ඇඹරෙනවා කීවා නම් තේරුම් ගත හැකිය. මන්ද මේ අමනයින් හැමදාමත් කළේ මාක්ස්ගේ නාමයෙන් ඔහු කියූ දෙයෙහි පරස්පරය හෙයිනි. (වාසුදේව හැමවිටම මාක්ස් කියූ දේ කරනවාය මින් අදහස් නොකෙරේ.)

    • gadfly says:

      මට පෙනෙන හැටියට මෙතන ඇත්තේ මාක්ස්ගේ තියරි පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. අප මාක්ස් වාදීන් හඳුනා ගන්නේ සමාජය තුල ප්‍රගතිහීලී කාර්ය භාරයක් ඉටු කරන හෝ එසේ කිරීමට අඩු වශයෙන් සිහින දකින හෝ පුද්ගලයන් වශයෙනි. මෙතන ප්‍රශ්නය ඔබ විටින් විට ඔබේ ස්ථාවරයන් මාරු කිරීමයි හෝ ඔබ වරක් කියූ දෙය ඔබටම අමතක වීමයි. . ඊයේ ඔබ ව්‍යවස්ථා සංශෝධනය ගැන ලියු පෝස්ටයේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාජාණ්ඩුවක් යැයි කීවේය. තවත් තැනෙක මෙය වැඩවසම් ආණ්ඩුවක් යැයි කීවේය. එවන් වැඩවසම් වාදී රාජාණ්ඩුවක් ආරක්ෂා කිරීමට තමන් මාක්ස් වාදීන් යැයි හඳුන්වා ගන්න පුද්ගලයන් කටයුතු කරන විට මාක්ස් හට වලේ ඇඹරෙන්නට නොව නැවත සිය දිවි නසා ගන්නට සිතෙනු ඇත.

      • Taboo Subjects says:

        /අප මාක්ස් වාදීන් හඳුනා ගන්නේ සමාජය තුල ප්‍රගතිහීලී කාර්ය භාරයක් ඉටු කරන හෝ එසේ කිරීමට අඩු වශයෙන් සිහින දකින හෝ පුද්ගලයන් වශයෙනි./

        මේ ඔබට වැරදුණු තැනය.

        – Taboo

  9. Thisara says:

    වාසුදේව නානායක්කාර අයවැය සම්බන්ධයෙන් කළ කතාවට සමාන කතාවක් “ව්‍යවස්ථා සංශෝධනය” පිළිබදවද ඉදිරි දිනකදී කරනු ඇත. සමසමාජය සමහරවිට “උපදෙස් පරිදි” වැඩෙන් කර අරිනු ඇත. කෙසේ වෙතත් මේ “පොන්න” ක්‍රියාමාර්ග ඇරැණු කොට ඔවුන්ට ගත හැකි වෙනත් විකල්පයක් නැත. ඔවුන්ට “මහින්දගෙන් තොර හෙටක්” හිතා ගන්නටවත් බැරිය.

  10. Taboo Subjects says:

    අපි නම් අද නොව මින් වසර දහයකට එපිට නව සමසමාජ පක්ෂයේ දේශපාලනය කරන කාලයේවත් සමසමාජකාරයින්, කොනියුනිස්ට්කාරයින් හා වාසුදේව මාක්ස්වාදීන් සේ නොසැලකුවෙමු. තියරිය පැත්තක තියමු. පොදු ජනතාවට වැදගත් එක විරෝධතාවයකටවත් මේ ජපන් බෝනික්කන් සහභාගි වූයේ නැත. මුන්ට උවමනා වූයේ තමන්ට පුද්ගලිකව ප්‍රතිලාභ ලැබෙන ඇඟ තලා නොගන්නා ආකාරයේ දේශපාලනයකි.

    දශක ගණනාවකට පෙර අප විසින් write off කරන ලද මේ කාලකණ්නි හැත්ත අවංක ප්‍රගතිශීලී මාක්ස්වාදීන් සේ සලකා ඔවුන්ගෙන් ගෞරවනීය හැසිරීමක් gadfly බලාපොරොත්තු වූයේ නම් ඒ ගැන අපට කළ හකි අනුකම්පා කිරීම පමණෙකි.

    – Taboo

    • gadfly says:

      අප කිසි කලෙකත් මේ බංකොලොත් දේශපාලුවන් මාක්ස් වාදීන් හෝ කොමියුනිඅස්ට් වාදීන් ලෙස නොසලකුවෙමු. අපට අවශ්‍ය මොවුන් ප්‍රජාතන්තරවාදයේ ගැලවුම් කරුවන් ලෙස සිතා සිටින පිරිස් වෙත මේ ඇත්ත පෙන්වීමටය. රාවය වැනි පුවත්පත් මේ බොරු වාමාංශිකයන් උඩ දමමින් කරන සෙල්ලම හෙළි කිරීමටය. මේ කාලකන්නින් තව දුරටත් වාමාංශිකයන් ලෙස පෙනී සිටීමින් තව දුරටත් මේ රැවටීම් කිරීමට ඉඩ දිය යුතුද?

  11. චූටා says:

    ඔය 18 වන සංසෝදනේ ගැනනන් මං මුකුත් දන්නෑ. ඉස්කෝලෙ වැඩත් එක්ක හොයන්න වෙලාවකුත් නෑ, ඒත් මං අද දැක්කා ඒකට විරුද්දව කැදෝපු මධ්‍ය සාකච්චාවක්. ඒක දැක්ක මට සංසෝදනේ මොකක් උනත් ඒකට පක්ෂ වෙන්න තීරනය කලා, විරුද්ධ වෙන උදවිය දැක්කහම, කව්ද හිටියෙ, කොටින්ට ආවඩපු සිරයි, කොටින්ට උදේ හවස වැදපු බාහු බූතයි, සිරා ලක්තිලකයි, අහෝ හමත් වෙච්ච සුපර් ස්ටාර් අයිය කෙනෙකුයි. ඔය සෙට් එක විරුද්ද වෙන්නේ මොකටද ඒකට මං පක්ෂයි .

    • gadfly says:

      ඔබේ නම වගේම මොලෙත් චූටා වගේ. ඔය වගේ වැඩවලට අපි නම් කියන්නේ මූනත් එක්ක තරහට නහය කපාගන්නවා කියලා. සුබපැතුම්!

    • චමිල says:

      “ඔය සෙට් එක විරුද්ද වෙන්නේ මොකටද ඒකට මං පක්ෂයි”
      ඔන්න ඕකයි “බුද්ධ්මත්” මහජනයාගෙ තත්වය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s