සුභ පැතුම්! මැතිසඳ

Posted: August 31, 2010 in Uncategorized

 

 

සිරිලකම  රඟ මඩලකි
නලුවො වෙමු අප එහි
අසම සම නලුවා නුඹ
දුෂ්ඨ  චරිතය ගස් බැඳි
 
නුඹ සුපිරි තරුවකි
හෙල කලා ලොව බබළන
මහ රජුගේ චරිතය ඇඳි
නලුවාද නුඹට පැරදිනි
 
දයාසිරි රෝසා පබා
රාමනායක කලා රිටවල්
දණ ගසා වැඳ වැටේ
නුඹේ පඬි වදන් අසමින
 
විනය මණ්ඩල ක‍ටු කන
සිරිසේන කොලු අසරණ
නලු බට්ටන්ය නුඹ අභියස
සුභපැතුම් පිලිගන්න මැතිසඳ
 
Advertisements
Comments
  1. nemo says:

    සුභ පැතුම් පිලිගන්න මැතිසඳ
    ලැබෙයි ලඟදිම නව ඇමතිකම 🙂

    • gadfly says:

      ඇමතිකම අරගෙන ලඟදිම
      කෙලවමිය පෙලපාලි ගිය උන් හට

      • nemo says:

        එවිට අගේය සැමට වැඩියෙන්
        එයත් තව රැගුමකැයි සිතමින්
        නරඹමුය අපි සිනා නගමින්

  2. මෙන්න සුපර් ස්ටාර්ලා.. අනේ අම්මපා මාර විනය පරීක්ෂණ තමයි… මේවා ඔක්කොම අපිව ත්‍රිල් කරන්න කරන ටෙලි ඩ්‍රාමා එකක් කියල තමයි හිතෙන්නේ..

    • gadfly says:

      බියොන්ඩ් ෆ්‍රේම් කිව්වා වගේ ප්‍රශ්නේ වෙන්නේ ඔය ටෙලි ඩ්‍රාමා වල රඟපාන කියලා මේ පැත්තක ඉන්න අපිට කතා කරන කොටනේ

  3. ------------ says:

    කැමරා අටවගෙන ඉන්නකොට මම නම් දැන ගත්තා ඇමතිතුමා රඟපානව කියලා

    • gadfly says:

      හෙහ් හෙහ්, හෙහ් හෙහ් , ඔයකට්ටිය ඔක්කොම කරන්නෙ රඟපෑම් තමා

  4. ```Outsider``` says:

    අහිංසකයව අච්චු කොරන්න නොව මේකුන් දැඟලුවෙ…

  5. loki's joint says:

    අයියෝ අර ආණ්ඩුවේ සාධාරණය ගැන හුරේ දාපු කේවට්ටයන්ට දැන් ඉතින් උඩ පැනලා +ක පොළේ ගහගන්ඩ තමා වෙන්නේ…:))..

  6. M.I. ප්‍රනන්දු says:

    කියන් දේ කරන කරන දේ කියන අපට හුන් සහ දැනට සිටින දේශපලකයින් අත්ලොස්ස අතරින් කෙනෙකි ගරු අචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමා, නිද්‍රාශීලී ප්‍රදෙශීය ලේ; කාර්යාලීය සේවකයන් අවදි කර ජාතියට විනයක් වූ ඩෙංගු මැඩලීමට ප්‍රයෝගිකව යොමු කරවීමට ඔහු කල මෙහෙය පැසසිය යුතුය. පවතින නීතිරාමුව තුල ඔහුට විරුද්ධව චොදනාත් නොමැතිනම්, සාක්ෂිත් නොමැතිනම් විරුද්ධවාදීන් කුපිත වී සිටින්නේ මන්දැයි අපටනම් නොතේරේ. ඔවුන් විරුද්ධ විය යුත්තේ පවතින නීතියටය. එසේනම් ඔවුන් කල යුත්තේ පවතින නීතිරාමුව වෙනස් කිරීමේ රජයේ උත්සහයට සහයෝගය පල කර ව්‍යවස්ථාව වෙනස් කරවීමයි. අචාර්ය මර්වින් සිලවාට නැවත සිය මහජන සේවය පවත්වගෙන යාමට ඉඩ හසර විවර කරදීම අතිගරු ජනාධිපති තුමගේ යුතුකමකි. එය ලක්ෂයකට අධික ගම්පහ දිස්ත්‍රික් ජනතා පැතුම් ඉ‍ටු කිරීමකි.
    -M.I. ප්‍රනන්දු-

    • gadfly says:

      ඔහු දැන් නෑවත ඔබේ සේවයට එන බැවින් සතු‍ටු වන්න මහතානනි. හැබැයි ඔහුගේ ඊලඟ රඟ පෑමට ඔබ, ඔබේ බිරිඳ හො දරුවෙක් ව සම්බන්ධ කර ගත්තොත් දෙවියන්ට කීමට යෑම සඳහා පොල් ගෙඩියක් හා මල් වට්ටියක් දැන් ම තියා ලෑස්ති කර ගෙන සිටීම නුවනට හුරුය. ( මා ඔබේ කමෙන්‍ටුවට ඉඩ දුන්නේ ඔබගේ බුද්ධි ප්‍රභාව ලෝකය හෙලි කිරීම් වස් පමනි. විශෙෂයෙන් IQ අගය 30 වැනි ඉහල මට්ටමක ඇති ඔබ වැනි අයගේ සේවය අප ජාතියට ලබා ගැනීමට බලධාරින් මීට වඩා උනන්දු විය යුතුය. )

      • M.I. ප්‍රනන්දු says:

        “මා ඔබේ කමෙන්‍ටුවට ඉඩ දුන්නේ ඔබගේ බුද්ධි ප්‍රභාව ලෝකය හෙලි කිරීම් වස් පමනි.” ඇට මැස්සාගේ නිරුවත හෙලි වේ..!!! මාගේ බුද්ධි ප්‍රභාව ලෝකය හෙලි කිරීමට ඔබටඅවැසි නොවූයේ නම් මාගේ ප්‍රකාශන අයිතිය ඔබ හමුවේ වියැකී යයි?……ප්‍රමාණවත් නිදහසක් බුක්ති විඳිද්දීත් වල් බූරු මාධ්‍ය නිදහසක් පතා රජය විවේචනය කරන ඔබ වැනි කවරෙකුගේත් යථාර්ථය මෙයයි….යථාර්ථ වාදය විග්‍රහ කිරීමට පලමු තමන් තුල එය වගා කරගන්න…ඔබට ජය!

        • gadfly says:

          ඇත්ත වශයෙන්ම මා කොමෙන්‍ටු පල කරන්නේ එවායේ වැදගම්මකට ගැනීමට දෙයක් ඇත්නම් පමනි. එය මාගෙ මතයට විරුද්ධ වුනත් කම් නැත. වැදගම්මකට නැති වල් භූත වලින් වෙබ් අවකාශය පිරවීම අපරාදයකි. නමුත් ඔබට විශෙෂයක් කර ඇත. එයට හේතුව මම සඳහන් කලෙමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s