ජනතාවට පරිප්පු කැවීම

Posted: August 30, 2010 in Uncategorized

ආපහු සැරයක් ගොවියෝ ශක්තිමත් කරන්න ආණ්ඩුව කටයුතු කරලා. මේ සැරේ ශක්තිමත් කරන්න යන්නේ යාපනේ ගොවියෝ.

මේ දවස් වල උතුරෙන් රතු ළුණු හා ලොකු ළුණු තොග ලැබෙමින් පවතින නිසා ආනයනික රතු ළුණු ,ලොකු ළුණු හා පරිප්පු වලට පනවලා තිබුණු බදු වැඩි කරපු බව වෙළඳ ,තීරුබදු ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්දන ලංකාදීපයට කියලා තිබුනා.

මේ අනුව රතු ළුණු හා ලොකු ළුණු කිලෝවක් සඳහා පනවල තිබුණු බද්ද රුපියල් 10 සිට 25 දක්වා රුපියල් 15 කින් වැඩි කරලා. පරිප්පු කිලෝවක් සඳහා පනවලා තිබුණු බද්ද රුපියල් 2 සිට 15 දක්වා රුපියල් 13 කින් වැඩිකරලා.

දැන් අපිට පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා. මේක මේ අපි ආර්ථික විද්‍යාව නොදන්නා කමට හිතෙන දෙයක්ද මන්දා.

ආනයනික ළුණු වලට පනවලා තියෙන බදු වැඩි කලාම අපේ රටේ ළුණු ගොවියෝ ශක්තිමත් වෙනවා කියමුකෝ.

 ඒත් යාපනෙන් ළුණු තොග ලැබෙන හින්දා පරිප්පු වලට පනවපු බද්ද වැඩි කලේ ඇයි  කියලා අපිට නම් තේරෙන්නේ නැහැ.

සමහර විට  ආණ්ඩුව , තමන්ට මහාපරිමාණයෙන් චන්දෙ දුන්න ජනතාව දිගින් දිගටම පරිප්පු කනවා දැකලා දුක හිතිලා  පරිප්පු මිල වැඩි කළා වෙන්නත් පුළුවන්.
 
 
මේක ඉතින් පොදු ජන ආණ්ඩුවක් නොව.
 

මේවා  තේරෙන්න නම් ආචාරිය උපාධියක්ම ඕනේ  .

මොනවා උනත් මෙච්චර දවසක් බඩු මිල වැඩි කලාම මේ වගේ ගොන් කතා කියන්න ඉස්සරහට ආවේ දේශපාලුවෝ විතරයි.

දැන් කොන්ද පණ නැති නිවට නිලධාරිනුත් ඒ වැඩේට බැහැල වගෙයි පේන්නේ.

Advertisements
Comments
  1. loki's joint says:

    දැන් කස්ටිය කියයි “පරිප්පු කනවා කියන්නේ පිටරටට ගැති වීමක්…ඒක හින්ද පරිප්පු කැම අඩු කිරීමට මේ අරගෙන තියෙන පියවර ඉතාම හොඳයි”.මතට තිත තියරියම තමා…කොහොමද ටිකිරි මොළේ….:))

  2. nemo says:

    අපි නොදන්නවට ඉදිරියේදී උතුරේ පරිප්පුත් වෙළද පොලට එන්නට නියමිතද කවුද දන්නේ..??
    ෂා එතකොට අර පහුගිය දවස් වල ‘යාපනේ මිදි’ කියලා මිදි විකුණුවා වගේ..
    ‘යාපනේ පරිප්පු’ කියලා බෝඩ් ගහලා පරිප්පු විකුනද්දින්, අපිට වැඩියෙන් පරිප්පුත් කන්න පුළුවන් වෙයි.
    එතකන් ආචාර්ය උපාධියක් එහෙම අරගෙන අපිත් මඟ බලාගෙන ඉමු …!!!!

  3. මචං (මචං කිව්වාට කමක් නැද්ද මන්දා)
    අපි වවමු ඇන්ඩ් සම්තිංග් සම්තිංග්නේ.ඉතින් අපි වැව්වොත් අපි කයි. පරිප්පුත් එහෙම තමා. කළ ගුණ වැපිරුවාම හාල් ලැබෙයි කියලා හිතුවානම් ඒකත් වැරදියිනේ. දැන් ඉතින් කළ ගුණ කමු.

  4. Charmi says:

    කොහොමත් උතුරේ උංට දීපු පරිප්පුවම තමා දැං දකුණේ අපිටත් දෙන්නේ.
    එකම වෙනස උතුරේ උන්ට බලෙන් කැව්වේ.
    දකුණේ උං ඉල්ලගෙනම කනවා.

  5. රජය ඉතා ප්‍රශස්ත ලෙස (මැරවින්ගෙන් ණයට ගත් වචනයක්) ජනතාවට කළගුණ සලකනවා.

    අනෙක් ප්‍රස්නෙ තමයි ළුනු තොග ලැබෙමින් තියෙනකොට ඔය බද්ද පැනවීම. ඕක ප්‍රථිපලයක් නැති වැඩක් වෙන්නේ දැන් දාන බද්ද එකතුවෙලා ළුනු එන්නේ තව මාස 2-3කින්. මොකද ළුනු නැවක් කඩෙන් ළුනු 500ක් ගන්නවා වගේ ගෙන්නන්න බෑනෙ.

    මේ වෙනකොට පිටරට ළුනු මාකට් එකේ ගොඩ ගහලා. බොරු කියලා හිතනවනම් මැනින් මාකට් එකේ ඇවිදලා බලන්න, ඉන්දියන් ළුනු පිරිලා තියෙන හැටි දැක ගන්න. ඔය බද්ද දාන්න තිබ්බේ මාස දෙකකට ඉස්සෙල්ලා. එතකොට තමයි මේ කාලෙ වෙනකොට රටින් ළුනු එන එක නවතින්නේ.

    කාට කියන්නද මචෝ මේවා?

  6. ```Outsider``` says:

    මේකනෙ තනි එකක බද්ද වැඩි කරන එක හරි නෑනෙ. දඹුලු ගියාම තලගොයෙකුත් නෙලාගෙනම එන්න ඕනි.
    අනෙක ඉතින් ඕව ඉතින් මේ රටේ කෙළෙහි ගුණ දන්නා ජනතාවට ප්‍රශ්ණ නෙවෙයි. හෙට ඉඳල පරිප්පු කිලෝ එක රු.500/- කිව්වත් රජතුමාට ස්තූති කරන මිනිස්සු නොව මේ රටේ ඉන්නෙ දේශීය දේවල් නගා සිටුවන්න ගත්ත තීරණයක් කියල…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s