ආචාර්ය දිසානායක හා ආචාර්ය සිල්වා- Dr. Dissanayaka vs. Dr. Silva

Posted: August 23, 2010 in Uncategorized
Tags: , , ,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සීගිරි බිතු සිතුවම් මත ආලේප කළ   රසායනික ද්‍රව්‍ය නිසා එම සිතුවම් වලට හානි සිදු වී ඇති ඇතැම් මාධ්‍ය  ගෙනයන ප්‍රචාරය අමූලික බොරුවක් බවත්, එම සිතුවම් වලට කිසිදු හානියක් සිදු වී නැති බවත්, එම ප්‍රතිමා අවර්ණ වීම පටන් ගෙන ඇත්තේ 1930 ගණන් වල සිට බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරින්  විසින්ම  කල පරීක්ෂණයකින්  හෙළි වී ඇතැයි  පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
 
තමා කැලණියේදී සමෘධි නිලධාරියෙකු ගස් නොබැන්ද බවත් , ඩෙංගු මර්ධනය සඳහා  තමා ගෙනයන වැඩ පිළිවෙල ගැන පැහැදී, එයට සහයෝගයක්  දෙනු වස්  ,රටට ආදර්ශයක් වශයෙන් එම නිලධාරියා තමන්වම ගස් බැඳ ගත් බවත් එම නිලධාරියා ඒ බව පවසමින් තමාට ලියුමක් දී ඇති බවත්ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසිය.
මේ ආචාරියලා දෙදෙනාගේම හැසිරීම් රටාව එකක් වීම හුදු අහම්බයක්ද නැතිනම් ජානගත සංසිද්ධියක්ද?
Advertisements
Comments
  1. nemo says:

    ‘පුරා වස්තු කියන්නේ විනාශ වෙලා යන දේවල්’
    -පුරාවිද්‍යා කොමසාරිස්තුමා පවසයි- පුවතක්
    අනේ අපරාදේ එහෙම නම් පුරා විද්‍යාව රැක ගන්න කිසිම මහන්සියක් වෙන්න ඕනේ නෑනේ.ඔන්න ඔහේ විනාශ වෙලා ගියාවේ.මොකට මහන්සිවෙනවද ??

    දෙදෙනාම ආචාර්ය වූ නිසාවෙන් මෙවන් අච්චාරු කතා කියන බව මගේ හැඟීමයි 🙂

    • gadfly says:

      සිගිරිය මුදුනේ වැසිකිලි හදන්න අවසර දුන්න මේ වගේ මිනිස්සුන්ට ආචාර්ය කම් දෙන එවුන්ගේ මොළ පරීක්ෂාවක් කරන ඕනේ. මේ කියන කතාව හොරාගේ අප්පච්චිගෙන් පේන අහනවා වගේ එකක්නේ. උන්ම විනාශ කරනවා. ඊට පස්සේ උන්ම පරීක්ෂණ කරලා කියනවා විනාශ වෙලා නැහැලු.

      • nemo says:

        අනේ ඒ අහිංසකයට ඔහොම කියන්න එපා.ඇත්තනේ කතාව.
        එයාගේ ආචාර්යකම අනුව එයාට තේරෙන දේනේ එයා ඒ ලෝභ නැතුව කිව්වේ.
        එයාට හිතෙන්න ඇති
        “”මේ සීගිරි අප්සරාවන් නාන්නේම නෑනේ මමවත් ඒ වැඩේ කරන්න ඕනේ කියලා””
        තමා ඔය විස්තෲත ජලයෙන් නාවලා තියන්නේ.ඉතිං ඒ නාවපු පාර සීගිරි ළඳුන් සුදු වෙලා.
        මේ ජනමාධ්‍ය වේදියොයි ඔයාලා වගේ අයයි ඒකට ඊරිසියාවේ නේද මේ මේ තරම්ම කියවන්නේ.??
        මොකද වෙන්නේ ටිකක් සුදු උනාම..??
        එතකොට කවුරුත් අහක බලාගෙන යන්නෙත් නෑ. ඇයි අපි කලුද ? කියලා අහන්න වෙන්නෙත් නෑ.

        ප.ලි. ඇත්තටම හොයලා බලන්න ඕනේ මේ සුදු වෙලා තියන්නේ නීල වර්ණියන්ද කියලා.එහෙමනම් මම කියපු විදිය හරියටම හරි.මොකටද නිල් කියලා සුදු කරන්න තමා උත්සාහ අරන් තියන්නේ..
        අනික ඉතින් මේ කියනවා වගේ නමටම පවිත්‍ර නේ…
        හනේ සෙනරත්..!!

  2. ඇමතිතුමිය පවිත්‍රා මැතිණිය නේද? කට්ටිය වැඩිපුර පවිත්‍රකරන්න යන්න ඇති….

  3. nemo says:

    අනේ ඒ අහිංසකයට ඔහොම කියන්න එපා.ඇත්තනේ කතාව.
    එයාගේ ආචාර්යකම අනුව එයාට තේරෙන දේනේ එයා ඒ ලෝභ නැතුව කිව්වේ.
    එයාට හිතෙන්න ඇති
    “”මේ සීගිරි අප්සරාවන් නාන්නේම නෑනේ මමවත් ඒ වැඩේ කරන්න ඕනේ කියලා””
    තමා ඔය විස්තෲත ජලයෙන් නාවලා තියන්නේ.ඉතිං ඒ නාවපු පාර සීගිරි ළඳුන් සුදු වෙලා.
    මේ ජනමාධ්‍ය වේදියොයි ඔයාලා වගේ අයයි ඒකට ඊරිසියාවේ නේද මේ මේ තරම්ම කියවන්නේ.??
    මොකද වෙන්නේ ටිකක් සුදු උනාම..??
    එතකොට කවුරුත් අහක බලාගෙන යන්නෙත් නෑ. ඇයි අපි කලුද ? කියලා අහන්න වෙන්නෙත් නෑ.

    ප.ලි. ඇත්තටම හොයලා බලන්න ඕනේ මේ සුදු වෙලා තියන්නේ නීල වර්ණියන්ද කියලා.එහෙමනම් මම කියපු විදිය හරියටම හරි.මොකටද නිල් කියලා සුදු කරන්න තමා උත්සාහ අරන් තියන්නේ..
    අනික ඉතින් මේ කියනවා වගේ නමටම පවිත්‍ර නේ…
    හනේ සෙනරත්..!!!

  4. හිතවත් ඇට මැස්සා

    මා දැනට යෙදී සිටින වෘත්තීය වන්නේ කලා කෘති සංරක්ෂණය සම්බන්ධ රසායන විද්‍යා පර්යෙෂණවලයි. ඒ දැනුමට අනුව ආචාර්ය දිසානායක කිවූදේ සංකල්පනාත්මකව නිවැරදිය. කලා කෘතිවල ඇති වර්ණයන් ඇතිකරනුයේ රසායනික ද්‍රව්‍ය බැවින් ඒවායේ කල් පැවැත්ම ඒ මත වැටෙන් ආලෝක ප්‍රමාණය, උශ්ණත්වය, මිනිසුන්ගේ ස්පර්ශය වැනි සීරිම්, දූෂණ කාරක මත රඳා පවති. මිනිසුන් ගැවසීමම දුෂණ කාරක වැඩීවීමට හේතුවකි.

    කෙසේ වෙතත් මා පුවත්පත්වල දු‍ටු සුදු පුල්ලි ඇතිවීම ගැන ඔහු කිවූදේ මා දු‍ටුවේ නැත. ඒම කාරණය පසෙකලා වෙනත් දැ කථා කොට ප්‍රෂ්නයෙන් පැන ගියා දැයි මම නොදනිමි.

    අවසාන වශයෙන් ප්‍රතිසංරක්ෂණ වලදී වැරදි රසායනික යොදා ගැනීමෙන් හාණි සිදුවිය හැකිය. නමුත් මෙම ප්‍රතිසංරක්ෂණ කටයුතු ගැන කිසිවක් නොදන්නා බැවින් ඒ ගැන යමක් කිවීමට හැකියාවක් නැත.

    දෙකක් නොව දෙදාහක් කඩතොලු සාදා ඇති අනිත් ආචාරියා ගැන කථා කිරීමත් කාලය කා දැමීමක් ලෙස මට සිතේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s