ස්වර්ණවාහිනියේ පිත්තල වැඩ – Live@ 8 or Lie@8

Posted: August 6, 2010 in Uncategorized
Tags: , , , , , , ,

ලංකාවේ ජන මාධ්‍යට එරෙහිව මහා මර්ධනයක් තියෙනවා යැයි කියන මතය , ආයෙත් සැරයක් සමාජයේ උඩට ඇවිල්ලා, සියතට එල්ල වුනු මැර ප්‍රහාරයත් එක්ක.

ඇත්තටම එහෙම මර්ධනයක් තියෙනවාද ?

ජනමාධ්‍ය මර්ධනයක් තියෙන්න නම් ජනමාධ්‍ය තියෙන්න ඕනේ. ඒත් ලංකාවේ තියෙන්නේ ආණ්ඩුවෙන් ලැබෙන දැන්වීම් ටික වෙනුවෙන් ආණ්ඩුව කියන ඕනෙම දෙයක් කරන , ආණ්ඩුවේ කුණු රෙදි හෝදන ලොන්ඩරි මිසක් ජන මාධ්‍ය නෙවේ.

ඒ වගේම තමා අරක්කු වීදුරුවට ,බත් පාර්සලේට ඕනෑම දහදුරා වැඩක් කරන්න බලාගෙන ඉන්න ලියන අප්පුලා මිසක් ලංකාවේ මාධ්‍යවේදියොත් නැහැ. ( බොහොම අතලොස්සක් ඉන්නවා-අතේ ඇඟිලි ගානට )

එතකොට සියතට ගැහුවේ? සියත කියන්නෙත් ඒ ජාතියේම තවත් කුණු ගොඩක් විතරයි. අනෙක් ජනමාධ්‍ය කරන දේම සියතට ත් බොහොම අපූරුවට කර ගෙන ඉන්න තිබුනා පහු ගිය ජනාධිපතිවරණයේදී බරපතල විදියට ගණන් වරද්දගෙන සරත් ෆොන්සේකා පස්සේ නොගියා නම්.

 ලංකාවේ පිරිහුණු ජනමාධ්‍යවලට තියෙන හොඳම උදාහරණේ තමා ස්වර්ණවාහිනිය . මේ නාලිකාව තනිකරම ජීවත් වෙන්නේ මළමිනී විකුණලා. ලංකාවේ කොයි හතර දිග්බාගේ මරණයක් වුනත් , ඒක විකුණා ගන්න පුළුවන් නම් , තමන්ගේ ප්‍රවෘත්ති මැදිරියට ඒක උස්ස ගෙන ඇවිත් අඬ අඬ විකුණන හැටි බලා ගෙන ඉන්න අප්‍රසන්නයි.

ස්වර්ණවාහිනිය දීන බවේ කොයි තරම් අන්තයකට ගිහිල්ල ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රවෘත්තියක් ඊයේ පෙරේදා ඒ ගොල්ලෝ පෙන්නුවා.

ඒක ජංගම දුරකථන ගාස්තු ගැන මෑතක වුනු වෙනස් වීම් ගැන ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කල හරින්ද්‍ර ජයලාල් උත්සාහ කලේ , විදුලි සංදේශන නියාමන කොමිසම , ජංගම දුරකථන සඳහා අවම ගාස්තුවක් නියම කරපු ඒක සාධාරණයි කියලා පෙන්වන්න.

මුලින්ම ඔහු කියනවා TRC එක මේ වැඩේ කලේ තරඟකාරීත්වය නිසා පාඩු ලබන දුරකථන සමාගම් බේරාගන්න කියලා. ඊ ලඟට ඒ කටින්ම කියනවා මේ විදියට අවම ගාස්තුවක් නියම කරාම එකෙන් වාසි වෙන්නේ පාරිභෝගිකයන්ට කියලා. ඔහු කියනවා ආණ්ඩුව කරපු මේ වැඩේ නිසා දුරකථන සමාගම් වලට හිතු හිතු ගාස්තු අය කරන්න බැහැ කියලා.

මේක ඔප්පු කරන්න ඩයලොග් සමාගමෙන් අල්ල ගත්තු ගොබිලෙකුයි , මහා ජනතාව කියලා හඳුන්වා දුන් මැටි මෝල්ලු කීප දෙනෙකුයි යොදා ගත්තා. මේ අපුරු ජහමනයා රජයට ස්තුති කරනවා අවම මිලක් නියම කරලා තමන්ව සමාගම් වල ගසා කෑමෙන් බේරා ගත්තු එක ගැන. ඒ වගේම ඒ පියවර තමන්ට ලොකු සහනයක්ලු.

දැන් ස්වර්ණ වාහිනියට අනුව භාණ්ඩයකට අවම මිලක් නියම කිරීම ජනතාවට වාසියක්. එතකොට උපරිම මිලක් නියම කරලා මීට වඩා මිලකට විකුනන්න බැහැ කියන කොට එක  ජනතාවට අවාසියි. අම්මප මුන් ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියෙන්නේ බන්දුල ගුණවර්දනගේ ටියුෂන් වලින්ම වෙන්න ඕනේ.

රජය ගත්තු මේ තීරණය නිසා ජනතාවගේ සාක්කු සුද්ද වෙන බව කියන්න කොන්දක් නැත්නම් මුකුත් නොකියා නිකම් නොඉඳ මේ විදියට ජනතාව රවට්ටන එක මොන තරම් කාලකන්නි වැඩක්ද?

මේකේ හොඳම හරිය එන්නේ ඊට පහු වෙනිදා ප්‍රවෘත්ති ප්‍රකාශයේ.

එදා මේ උන්නැහේල කියනවා TRC එකේ තීරණය විරුද්ධව දුරකථන සමාගමක් පවරපු නඩුව පරාදයි කියලා.

 ඊ ලඟට මේ නිවේදකයා මෙහෙම කියනවා.

” දැන් මෙරට පාරිභෝගික ජනතාවට , රජය විසින් ලබා දුන් ඒ වාසිය කිසි බාධා කිරීමකින් තොරව භුක්ති විඳිය හැක ”

ඉතින් මම අහන්නේ මේ වගේ මාධ්‍ය මොකටද මර්ධනය කරන්නේ.

මේවා වර්ධනය කරන්න නේ ඕනේ.

Advertisements
Comments
  1. උඹට හිතුන ටිකම මටත් ඔය news එක ඇහුන ගමන් හිතුනා. මම කාලයක් ඕකෙ හිටියා training වලට. ඕකෙ news එකේ ඉන්න උනුයි අයිතිකාරයයි හිතන්නේ ඔලුවෙන් නෙවයි. සල්ලි කොල වලින්. මිනිස්සුන්ට අම්ම තාත්තාගේ මිනිය වුනත් විකුණන්න පුළුවන් නම් විකුණයි. තාත්තා නෑනේ. අම්ම සෝමා එදිරිසිංහ බව දන්නව ඇතිනේ.
    එක අතකට සිරස හොඳයි බන් උන් උන්ගේ මතවාදය වෙනුවෙන් පාඩු පිට හරි පෙනී ඉන්නවා. මුන් සල්ලි කොතනද ඕන දෙයක් විකුණයි. හොඳම උදාහරණය easy ads. මේ නිමිත්ත හොඳයි. tv ප්‍රෝඩාව ගැන ලිපි කීපයක් ලියන්න ඕන. ඔබට ජය!෴

    • gadfly says:

      මුන් කරන මේ කපටිකම් වංචා අප හැකි විදියට එලියට ගේන්න ඕනේ නම් තමා. ඒත් එහෙම ගෙනත් කාටද කියන්නේ ? නොකා නොබී හිටියත් ” ආදර පූර්ණිමා ” නොබලා ඉන්න බැරි ජනතාවකට. ඉතින් පලක් වෙයිද?

  2. Charmi says:

    ඕකෙ දෙවෙනි කෑල්ල ඊයෙ අවජාතක රූපවාහිණියේ ගියා. ඒකෙ පෙන්නුවේ රජයේ කාර්යාලයක මොබයිල් වලින් කතා කරමින් ඉන්න අය. ඊට පස්සෙ කිව්වා දිවා කාලයේ නොමිලේ ඇමතුම් දෙන පැකේජ නිසා රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙනවළු. ‘වි.සං.නි.කො. අධ්‍යක්ෂ ජ. තුමනි, මේ ඔබේ අවධානයට’ කියලා.
    මුං ළඟදිම උපහාර එකටත් කෙලින්ඩයි යන්නෙ.

    • gadfly says:

      කොහොමටත් දෙවැනි වටේදී ,දැනට නිකුත් කරලා තියෙන පැකේජ වලට ත් වැඩේ දෙනවා. ඒක කාලය පිලිබඳ ගැටළුවක් විතරයි.

    • ඔය කාළකණ්නින්ට අමතකවෙලා ඇති ඔය පැකේජ් එක දුන්නේ උන්ගේ ආණ්ඩුවේ ටෙලිකොම්-මොබිටෙල් එකෙන් කියලා. අනිත් එක රජයේ කාරියාලවල උන් වැඩකරන්නේ නැත්නම් නියාමන කොමිසමට කියලා වැඩක් තියෙනවද, ඒක කාරියාලවල ප්‍රධානීන් දැනගත්තම ඇතිනෙ.

      අනේ මෙහෙමත්….

  3. magic box says:

    මැරවියගේ වැඩත් අනුමත කරලා අද NEWS ගියේ.

  4. Nuwan Yapa says:

    Live@8 සමබරව හිටිය කාලයක් තිබ්බා. ඊට පස්සේ ඒක ප්‍රසිද්ධ වේගෙන එනකොට තමයි රජය පැත්තට නැමෙන්න පටන්ගත්තේ.
    මර්වින්ට බයේද දන්නෑ :-/

  5. Thisara says:

    මෙරට මූල්‍ය ආයතන කඩා වැටීමේ සම්පූර්ණ වාසිය ලබා ගත්තේ ස්වර්ණවාහිනියට අයත් වන ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයයි. ඔවුන්ම පවසන පරිදි ලංකාවේ මූල්‍ය ආයතන වල ආයෝජන වල වැඩිම කොටස හිමි ඔවුන්ටයි. මේ තත්වය ලගා කර දෙන්න ඔවුන්ට රජයේ ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වුනා. එහෙව් රජයකට කඩේ නොයා කොහොමද?

    සියතට ගහපු එක නොදකින්නේද ඒ නිසාය.
    දුරකතන බිල වැඩි වී බදු මුදල දෙගුණ වීම නොපෙනෙන්නේද ඒ නිසාය.
    මහනුවර දේවගැති තුමාගේ හාස්කම් පෙන්වන්නේද ඒ නිසාය.
    මර්වින්ට එරෙහිව සිදු වුණු උද්ඝෝෂණ ස්වර්ණවාහිනියට නොපෙනූනේද ඒ නිසාය.

    ස්වර්ණවාහිනිය ඇත්තටම ශ්‍රී ලාංකීය අභිමානය නොවේද?

    • gadfly says:

      ස්වර්ණවාහිනිය පැත්තකින් තියමුකෝ. එදිරිසිංහ ලා කියන්නේ අහවල් තැන තියෙන ශත පහත් දිවෙන් ගන්න ජාතියක් නේ.
      මර්වින් ලා ස්ටේජ් වල විවේචනය කරන දයාසිරිලා රෝසිලා මෙගා ස්ටාර් එකේ මර්වින් එක්ක එකට ඉන්නවා. ලජ්ජා නැත්තේ අපිටද? උන්ටද?

  6. Malith says:

    මටනම් ස්වර්ණවාහිනී බලනකොට පුදුම ත‍රහක් එන්නෙ මුලදි පටන්ගන්න කාලෙ තිබුන තත්වෙට වඩා හුගාක් පහත් තත්වෙක තියෙන්නෙ

    ස්වර්ණවාහිනී live@8 කියන්නෙ ප්‍රවෘති විකාශයක් නෙවි එක අර ITN එකේ හසන්ත ක‍රන අට‍ පට්ටම ජාතියෙ එකෙ අහලකටවත් ගේන්න බැරි කුනු වැඩසටහනක් මම දන්න හැටියට ප්‍රවෘති අංශෙ ප්‍රධානිය වෙන්නෙ හරින්ද්‍ර ජයලාල් මිනිහ තරුණ යෙක් උනාට කිසිම මොලයක් හොද රසවින්දනයක් නැති එකෙක් කියලයි මට හිතෙන්නෙ

    ඒ අතින් බලනකොට සිරසෙ ප්‍රතිපත්ති ගැන ගැටලු තිබුනත් එකෙ ප්‍රවෘති ඉදිරිපත් ක‍රන විදියනම් හොදමට්ටමක තියෙනව පැය භාගෙ කලයෙන් උප‍රිම ප්‍රයෝජන අරගෙන එක ඉදිරිපත් ක‍රනව ඒවුනාට ස්වර්ණවාහිනිය ක‍්රන්නෙ කොහෙන් හ‍්රි අඩන්න හිනාවෙන්න මොනව හ‍රි කැලි ටිකක් හොයාගෙන පැය භාගෙ ගෙවාගන්න එක

    මුන් මේක පටන්ගන්න කොටනම් කියන්නෙ ලංකාවෙ වැඩිම පිරිසක් න‍රබන අංක එකේ හොදම ප්‍රවෘති විකාශය කියලයි මට නම් හිතාගන්න බැහැ වැඩිම දෙනෙක් නැරබපු පලියට හොදම වෙන්නෙ කොහොමද කියල එහෙමනම් බට්ටිල පබාල රන්දෙපැය වගේ එවත් හොදම වෙන්න එපැයි

    • gadfly says:

      ITN එකේ හසන්ත කරන්නෙත් අර ” america ‘s funniest home videos ” කියන වැඩ සටහනේ clips අරගෙන දාන එකනේ . ලංකාවේ ඉන්න මාධ්‍ය කාරයෝ කියන්නේ කිසිම රසයක් නැති, නිර්මානසීලිත්වයක් නැති , ඕනේ කුණු ගොඩක් කන , වන්දිබට්ටයෝ පිරිසක්.

  7. ඔයගොල්ලො දන්නවද ස්වර්ණවාහිනිය වෙලාව ඇදගන්න කොච්චර දුක් විඳිනවද කියලා.

  8. කොපි කරන්න නොදන්න උන් හා කොපි කරන්න දන්න උන් ගැන දැනගන්න සිරස නිවුස් හා ලයිව් ඇට් 8 බලන්න.

    ඔය දෙගොල්ලෝම කොපි කරන්නේ ෆොක්ස් නිවුස් චැනල් එක. ඒත් සිරස ඒක හරියට කරනවා උන්ගේ වගේ තේරෙන්න. ස්වර්ණවාහිනී ගල් බූරුවන්ට කොපි කිරිල්ලත් නිර්මාණශීලීව කරන්න බෑ.

    නිවුස් එක කියන අතරේ අර තිරය යට පටියේ යන සමහර “කැප්ශන්ස්” පුදුමයි.”රනිල් බෑ කිව්වා….” , “මදුරු කරදරේ….” වගේ හරිම ග්‍රාම්‍ය යෙදුම් තමයි මුන් යොදාගන්නේ. අනිත් එක ෆොක්ස් කාරයෝ වගේම මුන් නිවුස් කියන නිවේදකයින් දෙන්නාගේ ඩයලොග් දානවා, ඒවාත් හරිම අභබ්‍යයි. දෙන්නා එකතුවෙලා සමහරවෙලාවට මාර ගොන්පාට් දානවා.

  9. […] This post was mentioned on Twitter by Sameera Shaakunthala and Kaushalya Madhawa, Royly. Royly said: ස්වර්ණවාහිනියේ පිත්තල වැඩ – Live@ 8 or Lie@8 http://bit.ly/cMsQpF […]

  10. මම හිතන්නෙ මේක උනේ “හේම නලීන් කරුනාරත්න” වගේ අය මේකෙන් අයින් උනාට පස්සෙ කියල.

  11. isuru says:

    දැන් ලංකාවම කොමඩියක් වෙලා බං.උඹලා අපට ඕවා තේරුනාට ඕවට හූමිටි තියන හරක් ඉන්නවනේ.උන්ට මේවයේ ගානක් නෑ.තමන් ගැන විතරයි උන් හිතන්නේ.ලංකාවේ ඔය හරක් ඔයිට වැඩිය දෙයක් දන්නෑ.

  12. Mahesh says:

    ඇත්තටම ඔය ප්‍රවෘත්තියේ වැඩිය කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ.මම නම් බැලුවේ නෑ.ඒත් ඕනෙ ඔලමොට්ටලයෙක්ට තේරෙන්න ඕනේ අවම ගාස්තුවක් නියම කළාම තමා හිතු හිතු හැටියට සමාගම්වලට ගසා කන්න පුළුවන් කියලා.උපරිම කොතෙක්ද කියන්න බෑ.අනික මෙච්චර කල් පාඩු ලබපු ඒවා පාඩු ලැබුවෙත් ජනතාවට සහන දීලා (අඩු ගාස්තු නිසා).කලිනුත් ගිනි ගණන් ගත්ත සමාගම්වලට තවත් වාසියි.ජනතාවට කොහොමත් අවාසියි.

    ස්වර්ණවාහිනිය කොහොමත් දරුණු විදියට ආණ්ඩුවට කඩේ යමින් හිටියෙ.අර ඒක බැසිල් ගන්න කතාවක් ගියාට පස්සේ ටිකක් අඩු වුණා.මං ආරාධනා කරනවා කට්ටියට රනිල්ගෙ අයියාගෙ කියන TNL එක බලන්න කියලා.වෙලාවකට ජනාධිපතිව පෙන්නුවත් UNP පෙන්නන්නේ නෑ.

  13. අපෝ….මටනම් ඔය ඔක්කොම උන් එකයි….

  14. […] යනු පාහර වාහිනියක් බව අප මීට පෙර කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. ඒ ඔවුන් කරන ජඩ වැඩ නිසාය. සෑම දිනකම […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s