සියතට ගිනි තැබුවේ බෑන් කී මූන්ද?

Posted: July 31, 2010 in Uncategorized
Tags: ,

 

පෙරේදා රාත්‍රියේ සියත මාධ්‍ය ආයතනයට යම් පිරිසක් විසින් කල පහර දීම කලේ කවුදැයි නොයෙක් අදහස් මතු වෙමින් පවති.

 
 ඇට මැස්සාටත් මේ ගැන තමන්ගේම අදහසක් ඇත. ඇටමැස්සා ට එවන් අදහසක් පහල වෙන්නේ මෑත ඉතිහාසය පුරාවටම සිදු වූ මෙවන් සිද්ධින් ගැන කල විශ්ලේෂණයකින් පසුය.
 
ඉතාමත් මෑතකදි වූ සිදු වීම වූයේ  පහරදීමකින් රුහුණු සරසවියේ සුසන්ත බන්ඩාර සිසුවා මිය යාමයි. සුසන්ත විසින් සටන පාවා දුන් නිසා එම මරණය ජේ වීපී කාරයින් විසින් සිදු කල බව එස් බී දිසානායක ඇමති තුමා විසින් සොයා ගෙන තිබිණි. ජේවීපී කාරයින්ට මෙපමණ තරහ ඒමට තරම් සුසන්ත සිසුවා පාවා දුන් සටන කුමක්දැයි එස්බී ඇමති තුමා තම සුප්‍රකට අධෝමුඛයෙන් හෝ එලිදරව් කලා නම් අපූරුය. වැඩේ සම්පූර්ණය.
 
මේ ආකාරයේ ස්වයං නාශක ප්‍රහාර විශාල ප්‍රමානයක් මේ සිරි ලංකා  ද්වීපයේ සිදු වූ බව අපට මතකය.
 
සිරස මාධ්‍ය ජාලයට පහරදීම, ලසන්ත වික්‍රමතුංග   ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම ආදිය මීට නිදසුන්ය. සිරස තමන්ටම ගිනි තබා ගත් අතර ලසන්ත වෙඩි තබා ගෙන මලේය. ප්‍රගීත් තමන් ම අතුරුදන් කර ගෙන සිටියි.
 
මේවා සියල්ල රජය අපකීර්තියට පත් කිරීම සඳහා රජයට විරුද්ධවාදින් කරන දේය. මේවා සිදු වන්නේ බටහිර කුමන්ත්‍රණ වල ප්‍රථිපල ලෙසය.
 
 සියතට ගිනි තැබීමත් එවැනි සිදු වීමකි. මෙය රජය ජාත්‍යන්තර අපකීර්තියට පත් කිරීම සඳහා කල දෙයකි.
 
තමන්ගේ ත්‍රි පුද්ගල කමි‍ටුව ඉවත් කර ගැනීමට සිදු වූ නිසා කෝපයෙන් සිටින බෑන් කී මූන් මේ සිදුවීම පි‍ටු පස සිටීමට හොඳටම ඉඩ ඇත.එම නිසා මේ ගැන පරීක්ෂන පැවත්වීමට චීනයේ හා රුසියාවෙ සහය ලබා ගත යුතු යැයි ඇට මැස්සා යෝජනා කරයි.
Advertisements
Comments
  1. Thisara says:

    පරණ තැටිය සමග හුළුගල්ලේ එළියට

    “සියතට ගිනි තැබීම පිටුපස කුමන්ත්‍රණයක්”

    ජනමාධ්‍ය ඇමතිගේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන නිවේදනය මෙසේය.

    “මෙම සිද්ධියට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඩුවම් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ පිළිබද පරීඣෂණ පවත්වයි. ආසියාවේ ආශ්චර්යයට හූවක දුරින් තිබෙන ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරන එල්ටීටීඊ හිතවාදී බටහිර අධිරාජ්‍යවාදීන් මේ පිටුපස සිටින්නට පුළුවන…….- අනිත් එක තුනෙන් දෙකක් තියෙන අපි එහෙම කරනවද?”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s