බස්සාගේ ජීවිතය ආරක්ෂා කරනු- Bassa’s Life in Danger

Posted: July 28, 2010 in Uncategorized
 
රුහුණු සරසවියේ සිසුවෙකු වූ සුසන්ත බණ්ඩාර ඝාතනය කළේය යැයි පොලිසීය  විසින් චෝදනා කරනු ලබන බස්සා හෙවත් බස්නායක සිසුවාගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල වී ඇතැයි අප විශ්වාස කරමු.
 
 
පසුගිය කාලය මුළුල්ලේම මෙරට  නීතිය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලීමේදී මෙය අසාධාරණ  සිතුවිල්ලක් නොවන බව කූඹි ඔලුවක් තරම් වත් මොලයක් ඇති ඕනෑම අයෙකුට  තේරුම් යනු ඇත.
 
 
පාතාල සාමාජිකයන් ලෙස හඳුන්වමින්  අත් අඩංගුවට ගත් පුද්ගලයින් එක දිගටම මිය ගියේ ආයුධ සඟවා තිබු තැන් පෙන්වා දීමට යන අතරේදීය. පොලිස් සිර මැදිරි වලදී එල්ලී මිය ගිය  සිරකරුවන් ගණන කොතෙක් දැයි කිව නොහැක.
 
 
එපමණක් නොවේ. මෙය මාධ්‍ය වේදීන් අතුරුදහන් වෙන රටකි. මෙය හිඟන්නන් ගේ හිසට ගල් ගෙඩි වලින් පහර දී මරා දමන රටකි. තම නිලධාරීන් බේරා ගැනීම උදෙසා කටට එන ඕනෑම  දෙයක් කියන පොලිස්පති වරයෙක් සිටින රටක , අපද ඕනෑම දෙයක් බලාපොරොත්තු විය යුතුය. එක් දිනකදී සුසන්ත සිසුවාගේ මරණය සිදු වුයේ ස්වාභාවික හේතුවක්  නිසා යැයි කිවූ ඔහු පසු දිනම එහි වගකීම බස්සෙකු  පිට පටවන්නට තැත් කල වෑයම තුලින් පෙන්වන්නේ එයයි.
 
 
අද වන විට ආණ්ඩුව හා පොලිසීය  තම සියලු බල ඇණි යොදවමින් මේ ඝාතනය බස්සා හා ජවිපෙ පිට පැටවීමේ උත්සාහයක  නිරතව සිටී. ඒ සඳහා  ඔවුන් රාජ්‍ය මාධ්‍යන් ට අමතරව  ,  ප්‍රථමයෙන්   සත්‍ය   කියා ඉන් පසු දිගටම අසත්‍ය වපුරන දෙරණ වැනි පෞද්ගලික මාධ්‍යන් පමණක් නොව පෝස්ටර් පවා යොදා ගනිමින් සිටිති. එම නිසා ඔවුන්ට මෙය සුළු පටු ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය.
 
 
මේ ප්‍රශ්නයෙන්  ගොඩ ඒම සඳහා පමණක් නොව  එය යොදාගෙන තම සතුරන් මර්ධනය සඳහාද ආණ්ඩුව ඕනෑම දෙයක් කරනු ඇත. විශේෂයෙන් පෞද්ගලික සරසවි පිලිබඳ ප්‍රශ්නයේදී රජය සමග මුහුණට මුහුණ සටනකට එළඹ ඇති ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කිරීම සඳහා මෙම සිදු වීම යොදා ගැනීමට රජය ප්‍රබල ප්‍රයත්නයක් දරණු ඇත.
 
 
මේ සඳහා මුලින්ම බස්සා වරද කරුවකු කල යුතුය. බස්සාට  එල්ල වන චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වන විට කල හැකි පහසුම දෙය වනුයේ ඔහු මරා  දමා සිය දිවි නසා ගත් බව හෝ ඔහු අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කල බව පැවසීම  පමණි.       
 
සුසන්ත  බණ්ඩාරගේ මරණය පොලිසිය විසින් කලේ යැයි අනෙකුත්  සිසුන් විසින් චෝදනා නගන තත්වයක් තුල, තම නම රැක ගැනීම වෙනුවෙන්  බස්සලා එකෙක් නොව  සිය ගණනක් වුවද බිලි ගැනීමට ඉඩ තිබේ. 
 
 එසේ හෙයින් බස්සා නමින් හඳුන්වන සිසුවාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා  සියලු පාර්ශවයන් වහාම    මැදිහත් විය යුතුය . 
 
Advertisements
Comments
  1. ඔව් ඔව්… ජේවීපී බස්සන්ට තවත් අහිංසක ළමයින්ව මරන්ඩ උන්ව ආරක්ෂා කරමු…මරු!

  2. පද්දා says:

    “අද වන විට ආණ්ඩුව හා පොලිසීය තම සියලු බල ඇණි යොදවමින් මේ ඝාතනය බස්සා හා ජවිපෙ පිට පැටවීමේ උත්සාහයක නිරතව සිටී”

    කොල්ලන්ව පාරට බස්සන ජ.වි.පෙ. ට මේකට වග කීමක් ඇත්තෙම නැද්ද?

    ” එසේ හෙයින් බස්සා නමින් හඳුන්වන සිසුවාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පාර්ශවයන් වහාම මැදිහත් විය යුතුය . ”

    එක්ණලිගොඩ වගේ අන්ඩග්‍රවුන්ඩ් යවලා, සුදු වෑන් එකකින් පැහැර ගත්තයි කියල පුවත් පත් සාකච්ඡාවක් තිබ්බම එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් ජ.වි.පෙ. ට මරා ගන්න පුළුවන්.

    රටේ සල්ලි වලින් ඉගෙන ගන්න විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන ජෙප්පන්ට කඩේ යන්න ඇට මැස්සට ලැජ්ජාව මිලිමීටරේකවත් තරම් නැත්ද?

  3. මෙම ගැටලුවේදි දෙපැත්තම හිතන්න වෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s