මේ යුගයේ දේශප්‍රේමීන්ගේ කාර්ය භාරය- Patriots, O, Arise

Posted: July 26, 2010 in Uncategorized

 

දැන් වසර කීපයක සිට රජය හා සමාගම් එක්ව කිරිපිටි මිල වැඩි කිරීමට සැරසෙන විට, කිරි පිටි බීමට එරෙහිව ලිපි දෙක තුනක්වත් පුවත් පත් වල පලවේ. කිරි පිටි වල ඇති ආදීනව  ගැන , එයින් සෞඛ්‍යට  ඇති වන අහිතකර බල පෑම් ගැන , කිරි පිටි නිසා මෙරට ආර්ථිකයට වන හානිය ගැන , මේ ලිපි ලියන්නේ එසේ මෙසේ පිරිසක් නෙවේ.

බොහෝ විට ලක්බිම පුවත් පතේ පල වූ මේ ලිපි ලියුවේ  මෙරට සිටින අග්‍රගන්‍ය  දේශප්‍රේමින්  පිරිසකි. මීට කලින් ලිපියකින්  අප හඳුන්වා දුන් කුප්‍රකට  දත් දොස්තර එයින් එකෙකි. 

මෙයට අමතරව තවත් දොස්තරුන් කීප දෙනෙක් ම මේ මහඟු කාර්යයට උර දී සිටියහ. මොවුන් ලියන දෑ කියවන විට සැබෑම දොස්තරුන්දැයි පැනයක් මතු වෙන අතර , සමහර විට මොවුන් දොස්තර  පට්ටමේ ඇති සිවිල් බලය භාවිතා කරන කොන්දොස්තරුන් වීමටද ඉඩ ඇත. 

මොවුන්ට පැවරී තිබුණු රාජකාරිය වූයේ කිරි පිටි මිල වැඩි වන විට ,එයින්  රජයට ඇති වන අප්‍රසාදය  අවම කිරීමයි. මේ  සඳහා ඔවුන් යොදා ගත් උපක්‍රමය වුයේ කිරිපිටි යනු මිනිසාට ඉතාමත් අහිතකර , අගුණ දෙයක්ය යන මතය කිරි පිටි මිල වැඩි  වන සමය තුල ජනතාවට කා වැද්දීමයි.

ඔවුනට අනුව රජය කිරි පිටි මිල වැඩි කිරීමට සමාගම් වලට ඉඩ දෙන්නේ , ජනතාව මේ අහිතකර දෙයින් මුදා ගැනීමටය.     ඒ ගැන මෙරට ජනයා රජයට ස්තුති කල යුතුය. එපමනක් නොව කිරි පිටි සමාගම් පවා මිල වැඩි කරන්නේ මෙ පරම පවිත්‍ර චේතනාවෙන් බව ඔවුහු අපට නොකියා කියති.

 ඔවුනගේ මේ දේශප්‍රේමී ක්‍රියාව  වෙනුවෙන් රජයෙන් මෙන්ම සමාගම් වලින්ද ඔවුනට නොයෙක් පඬුරු පාක්කුඩම් ලැබේ. මිල මුදල්,තාන්න මාන්න ,නිලතල, විදෙස් සංචාර  පමණක් නොව රුසියාවෙන් ආනයනය කරන ලද සුඛ විහරණයන් පවා මේ තෑගි භෝග වලට අයත්ය. 

එදා කොහේ හෝ අහු මුලු වල සැඟවී සිට මේ දේශප්‍රේමින්  දෙතුන් දෙනා කර ගෙන ගිය මේ මහා දේශප්‍රේමී     කාර්යය , අද දින එලි පිටම කිරීමටම කිරීමට ඔවුනට පමණක් නොව, ඔවුන්ගේ නායක කාරකාදින් ටත් සිදුව තිබේ.

 සීපා ගිවිසුම පිලිබඳව ජනාධිපතිතුමා කිසිත්  නොදන්නා බවත්, එය අමන නිලධාරින් කීපදෙනෙකුගේ ක්‍රියාවක්  බවත් පැවසීමට , මහා දේශප්‍රේමි  , දේශහිතේශි වසන්ත බණ්ඩාර දත් දොස්තර තුමාට සිදු වුයේ ඒ නිසාය. 

රජය තිරිඟු පිටි මිල වැඩි කරන විට එයනම් කදිම ක්‍රියාවක්  බවත්, තවත් රුපියල් දහයකින් මිල වැඩි කල යුතු බවත් , ආරියශීල වික්‍රමනායක  දේශහිතේශි තුමා පවසන්නේ ඒ නිසාය. පාන් ගෙඩියකින් , රොටී පලුවකින් තම කුස පුරව ගන්නා මෙරට අහිංසක  ජනයාට හෙණ ගැහුවත් මොවුන්ට කම් නැත. ඔවුනට වැදගත්  තම හාම් පුතුන් පිනවීම පමණි. තමන්ට පඬුරු ලැබෙන්නේ එවිටය.  එවිට පමණි. 

අප කලින් කිවු පරිදි කිරි පිටි මිල වැඩි කරන විට කිරිපිටි වල ඇති අගුණ ගැන ලිපි  ලියවෙන්නෙත් ඒ නිසාය. රටේ දරුවන් ගෙන් බහු තරය මන්ද පෝෂණයෙන් පෙලෙද්දි කිරි පිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔවුනට කිසිම ලැජ්ජාවක් නැත. 

මේ ගෝල බාලයන්ගේ වැඩය. දේශප්‍රේමි  නායක තුමන්ලාගෙ වැඩ ඊට වඩා දස දහස් ගුණයකින්  අගනේය.

ජනාධිපති ධුරයේ වාර ගණන පිලිබඳ සීමා  ඉවත් කිරීමට පක්ෂව  වීරවංශ  තුමා පසු ගිය දිනවල තම ගිරිය කඩාගෙන කෑ ගැසුයේ එය තමන්ට පැවරුණු රාජකාරිය නිසාය. එය ඉතාමත් හොඳින් ඉටු  කිරීම  ඔහුගේ පරම අභිලාෂයයි.

 එපමණක් නොව මේ මහා  දේශප්‍රේමියා  පසු ගියදා තුන් මුල්ලේ නැ‍ටු රිලා නැ‍ටුමද එවැන්නකි. මැතිවරණ කාලයේ පොරොන්දු වී, මාසයෙන් මාසය කල් දැමු රුපියල් 2500 ඇතුලු සහනයන් අය වැයෙන් ලැබෙතයි බලා සිටි ජනතාවගේ  අවධානය වෙනතක හැරවීම  ඔහුට ලැබුණු කොන්ත්‍රාත්තුවයි.  තම රෙදි පිලි ගැලවී නිර්වස්ත්‍ර  වී ගියද , ඒ රිලා නැ‍ටුම නැටීමට ඔහුට සිදු විය. කුඩු කෑ විට කරුණු සිදු වන්නේ එසේය.

 කෙසේ වෙතත් වීරවංශ ගේ   රිලා නැ‍ටුමින් පසු , තමන්ගේත් වස්ත්‍ර  ගැලවී නිරුවත් ව සැඟවී සිටින දේශප්‍රේමින්  හට අනාගතයේදි වැදගත් විය හැකි කරුණු කීපයක් මතක් කර දීමට අප මේ ලිපියේ අරමුනයි.  අයිටීඑන් එකෙන්, ස්වර්ණවාහිනියෙන් හෝ දෙරණින්  පවා මේ අදහස් තමන්ගෙම අදහස් ලෙස ඒ ඒ අවස්ථා වලදි ඉදිරි පත් කිරීම ගැන අපගේ කිසිම විරුද්ධත්වයක්  නැත. ඒ තම දොස්තර පට්ටම්, දේශප්‍රේමි කම්  කම් භාවිතා කරමින් අපට වඩා හොඳින් මේවා සමාජ ගත කිරීමට ඔවුනට හැකි බැවිනි.

 1. රසායනික ද්‍රව්‍ය  යොදන බැවින්  එළවලු  මිනිස් සිරුරට ඉතාමත් අගුණය. එළවලු  වල ඇති විටමින් හා කෙඳි සහිත තත්වයන් නිසා පිලිකා පවා ඇති වීමට ඉඩ තිබේ. එම නිසා බතක් පිස එය ලුණු වතුර ටිකක්  ඉස ආහාරයට ගැනීම ඉතාමත් සුදුසුය.

 2. ගෑස් වලින් ආහාර පිසීමෙන් පරිසරය දුෂනය වේ. එය දේශද්‍රෝහී ක්‍රියාවකි.  එබැවින් දර වලින් ආහාර පිසීම මේ යුගයේ  දේශප්‍රේමිත්වයේ  සළකුණකි. හැකිනම් නොපිසම ආහාරයට ගන්න. ඔබට හොඳම දේශප්‍රේමියෙක් විය හැක.

 3.බස් රියේ හා දුම් රියේ ගමන් කිරීමෙන් ශරීර සෞඛ්‍ය   පිරිහේ. අනික එය බටහිර යුදෙව්වන්ගෙන් මෙරට ආ පුරුද්දකි. ඒ නිසා සැබෑ දේශප්‍රේමින්  කල යුත්තේ පයින් යෑමයි.

 4. රජයේ රෝහල් යනු උපතින්ම බටහිර සංකල්පයකි.  අතීතයේ  මෙරට ජනයා බෙහෙත් ගත්තේ වෙද ගෙදරට ගොසිනි. එය පුද්ගලික වෙද කමකි. ඒ නිසා අප අතීතයේ  සිට පැමිණි සම්ප්‍රදායන්  ආරක්ෂා කරමින් රජයේ රෝහල්   වලට නොගොස් හැකි තරම් පෞද්ගලික වෙද හල් කරා යා යුතුය. දේශප්‍රේමිත්වය   එයයි. රජයේ රෝහල් වල බෙහෙත් නැතැයි කෑ ගසන්නේ ජාති ද්‍රෝහින්ය.

 5. ඉහත කරුණ අධ්‍යාපනයටද ගැලපේ.  වෙද ගෙදර වෙනුවට ගුරු ගෙදර ආදේශ කිරීම පමණි කල යුත්තේ.

 6.තණකොල හා පිදුරු ඉතා පෝෂ්‍ය දායකය. ඒවා ආහාරයට ගැනීමට සියලු දේශප්‍රේමින් පුරුදු විය යුතුය.

  තම නම් වලට ඉදිරියෙන් ඇති ආචාර්ය, මහාචාර්ය , දොස්තර පට්ටම් භාවිතා කරමින් මෙම අදහස් ජනතාව වෙත ‍රැගෙන යන මෙන්  සියලු  දේශහිතෙෂින්   ගෙන්   ජාත්‍යාලයෙන්   යුක්තව ඉල්ලා  සිටිමු. අප රට ආසියාවේ ආශ්චාර්ය කල හැක්කේ එවිටය.

ප.ලි. – රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය  සංගමය  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශාඛාවක්  බවත්, පහර දීමෙන් මියගිය සිසුවා    බෑන් කි මූන් ගේ ඒජන්තයෙක් බවත්  අවශ්‍ය නම් පැවසිය හැක.

Comments
  1. Nemo says:

    ඇයි තව ‘බස්සා’ යනු ‘මූන්’ මෙන්ම රෑට පමණක් දැකිය හැක වගේ දේවල්.. 🙂

  2. gadfly says:

    ඒක මට මතක් වුනේ නැහැ නොව. මේ බස්සා නම් බෑන් කී මූනාගේ ඒජන්තයෙක් වෙන්න ඕනේ.

    • Nemo says:

      නැත්තන් ඉතිං කෝ, තව බැරි උනා නෙව බස්සව හොයාගන්න.
      තව ටික දවසකින් කියයි ඔන්න බස්සා එක්සත් ජාතීන්ගේ මූලස්ථානේ රාජකාරි කරනවවත් කියලා …….

  3. Charmi says:

    ඔය සෟඛ්‍යාරක්ෂිත වැසිකිළි කියන එකත් තනිකරම පර සුද්දන්ගෙ නිර්මාණයක්නෙ. නරකද වසන්ත බොස්ලත් වතුර කොතලයක් අරං බැද්දට ගෑටුවනං? (අපි නං කොහොමත් එහෙමය)

    • gadfly says:

      වතුර කොතල??? ඔය යක්කුන්ට වතුර බිංදුවක් ඇඟේ ගැවුනත් ජල සන්නිය හැදෙනවා

  4. ```Outsider``` says:

    හෙණ ගහන්න එපැයි මුන්ට අම්මප….

  5. ඔබතුමාගෙන් ලක්බිම පත්තරෙ ලිපිවල දින දැන ගන්න පුලුවන්ද? කිරිපිටිවල අගුණ දැන ගන්න අතරම ඒ සඳහා දෙන විකල්පය කියා තිබුනාද?

  6. youngzeezar says:

    patta adahas tika

Leave a reply to gadfly Cancel reply