සරසවි සිසු මරණය හා දෙරණ මාධ්‍ය අප්පුලාගේ ඇපිල්ලීම- Death of Susantha Bandara and Truth First

Posted: July 24, 2010 in Uncategorized
Tags: , , ,

 

මේ දිනවල මාගේ ප්‍රියතම මාධ්‍ය දෙරණ නාලිකාවයි. ඔවුන් තම පුවත් විකාශය හඳුන්වා ගන්නේ “සත්‍යය ප්‍රථමයෙන් -truth first ” යනුවෙනි.

මෙයින් අදහස් වන්නේ ප්‍රවෘත්ති කියන විට ඔවුන් මුලින්ම කියන දේ , එනම් නිවේදකයින්ගේ නම ගැන නම් එය සත්‍යය බවට සැකයක් නැත. තම ආදර්ශ පාඨයේ පරිදි මුලින්ම මේ ඇත්ත කියන ඔව්හු ඉන්පසු මුසා දෙඩීම පටන් ගනිති.

රුහුණු සරසවියේ සිසුවෙක් පහර දීමකින් මිය ගොස් ඇත. සිසුන් පවසන පරිදි මෙය පොලිසියේ වැඩකි. පොලිසිය කියන්නේ මෙය ස්වභාවික මරණයක් බවත් , සිසුවා මිය ගොස් ඇත්තේ මොළයේ නහරයක් පිපිරීමකින් වූ අභ්‍යන්තර ලේ ගැලීමකින් බවත්ය.

 සුසන්ත බණ්ඩාර    සිසුවා

මේ අතර වාර්තා වන පරිදි සිසුවා බදුල්ල රෝහල් පොලිසියටද පවසා ඇත්තේ , තමන්ට පොලිසිය පහර දුන් බවකි. ඔහු කට උත්තරය දෙන විට ඔහුගේ මවද ඒ අසල සිට ඇතැයි කියවේ. නමුත් දැන් , ඇය කුමක් හෝ හේතුවකට , තමන්ට පහර දුන්නේ පොලිසිය විසින් නොව සිසුවෙකු විසින් යි තම මිය ගිය පුතු කී බවක් කියයි. 

 දෙරණ නාලිකාවට නම් මෙය වෙනත් සිසුවෙකුගේ වැඩකි. මෙරට ජනතාවට අකුරු කියවීමට බැරි නිසා ඔවුන් ට පත්තර කියවා දීමට එන දෙරණ නාලිකාවේ නපුංසක මාධ්‍ය අප්පු අද උදේ පුන පුනා පැවසුවේ මෙය වෙන සිසුවෙකුගේ වැඩක් බවය. වහාම එම සිසුවා අත්අඩංගුවට ගෙන මෙරට නීතිය ආරක්ෂා කල යුතු බව ඔහු පොලිසීයට නැවත නැවතත් මතක් කර දුන්නේය .

දැන් තත්වය වෙනස් වී තිබිය හැකි වුවද. අද උදේ වෙන විටත් පොලිස්පති වරයා පවා මෙම මරණය වෙනත් සිසුවෙකුගේ ක්‍රියාවක් බව නො පැවසීය. ඔහු කියා සිටියේ සුසන්ත බණ්ඩාර    සිසුවා මිය ගොස් ඇත්තේ මොලයේ ලේ ගැලීමකින් බව පමණි. තම සගයින් ආරක්ෂා කර ගැනීම උදෙසා කතා ගොතද්දී පවා , ඔහු පවා මේ ඊනියා මාධ්‍ය කරුවන්ට වඩා සාධාරණ විය.

නමුදු කුලියට කහින දෙරණ නපුංසක මාධ්‍ය අප්පුට අඩුම තරමේ එයවත් නොපෙනේ. සරසවි සිසුන් කෙරෙහි තමා තුල ඇති බද්ධ වෛරය ඔහු අමු අමුවේ මුදා හරියි. බත් පත වෙනුවෙන් ඕනෑම සක්කිලි වැඩක් කරන මේ කුලී බුරන්නා ට අනුව පොලිසිය අතින් එවැන්නක් සිදු වීම සිතන්නටවත් බැරිය .

සිය නේවාසිකාගාරයට රැගෙන යන බව කියමින් ගෙන ගිය සිසුන්ට පොලිසිය විසින් එලවා එලවා පහර දුන් බවට සිසුන් කරන ප්‍රකාශ ගැන මේ මාධ්‍ය ඔස්තාර් ලාට වගේ වගක් නැත. ඔවුන් අමු නිරුවතින්ම මගට බැස , කිසිදු ලැජ්ජාවකින් තොරවම , තම ස්වාමි දුව තමන්ට පැවරු කාරිය අකුරටම ඉෂ්ට කරමින් සිටිති .එනම් මේ ඒකාධිපති පොලිස් තන්ත්‍රය  වෙනුවෙන් කඩේ යමින් සිටිති.

එක සිසුවෙකු නොව මෙරට සියලු ජනතාව හැඳි ගැවි ගියත් ඔවුන්ට කම් නැත. ඔවුන්ට වැදගත් තම කුස පුරවා ගැනීම පමණි. තම මවු විකුණා හෝ ඔවුන් එය ඉටු කර ගනු ඇත.

Comments
  1. Nemo says:

    හා ඒ විතරක්ද??
    ඒකේ පෙන්නන්නේ ‘මඟහැර යා නොහැකි සත්‍යය’ විතරයි.
    ‘මඟහැර යා හැකි සත්‍යය’ කියලා ජාතියකුත් තියනවා ඒ කියන්නේ..
    ඒ මොනවා වෙන්න ඇතිද කියලා මාත් කල්පනා කරනවා..

  2. gadfly says:

    ඒක හරි. එයාලට පෙන්නේ තමන්ට වාසි ඇත්ත , ඒ කියන්නේ උදර පෝෂණය සලසන ,ඇත්ත විතරයි. ඇත්තෙන් තමන්ට අවාසි නම් ඒ ඇත්ත මග හැර යනවා. ඕක තමා තිත්ත ඇත්ත. ඕක දැන දැනත් අපි 360 න් ආතල් ගන්නවා.

  3. Charmi says:

    මුන්ට අපුල්ලන වැඩේවත් හරියට කරගන්න බැරි එකයි ප්‍රශ්ණේ. හැබැයි මට ස්වර්ණවාහිණි නිව්ස් මීටත් වඩා හිරිකිතයි. උන් නිව්ස් වල කරන්නේ මල මිනී බිස්නස්.

    • Malith says:

      හ‍රියට හ‍රි ස්වර්ණවාහිණි නම් මල මිනී බිස්නස්ම තමයි

  4. Bill Gates says:

    මේවා කරන පහරයන්ගේ ඇඟ පුරා මොලේ

Leave a reply to Malith Cancel reply