මදුරුවන් ඇති කරමු! රට හදමු !- Let’s Make Mosquito Farms

Posted: July 19, 2010 in Uncategorized
Tags:
ඩෙංගු මදුරුවන් සිටින තැන් සොයා දෙන පාසල් සිසුන්ට රුපියල් දහස බැගින්  තෑගී  දීමට   ඌව පළාතේ අතිගරු මහා ඇමති තුමා ඉදිරි පත් වී ඇතැයි කියවේ. කදිමය. ඉතා කදිමය. මෙවන් වූ බුද්ධිමත් නායකයන් වෙසෙන රටක ඉපදීම  කවර නම් පිනෙක්ද?
 
මෙපුවත  ඇසූ මොහොතේ පටන් මගේ සිතෙහි  විචිත්‍ර සිහින මැවෙන්නට ගත්තේය. 
 
 පාසල්  සිසුන්ගේ අතමිට සරු වෙයි. ඔව්හු දිනපතා රුපියල් දසදහස් ගනින් උපයති . ඩෙංගු මදුරුවන් ඇති කිරීම ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු වෙයි.
 
සෑම නිවසකම ඩෙංගු මදුරු  තවානක්  ඇතිවෙයි. එයින් ඩෙංගු කීටයන් දෙදෙනෙක් හෝ  තුන් දෙනෙක් බැගින් ටින් කබල් කීපයක  දමා ගන්නා එනිවස වෙසෙන සිසුවා (හෝ සිසුවිය ) ඒවා තමන් පාසල් යන පාර අද්දර තැන් තැන් වල තබා තම ජංගම දුරකථනයෙන්  හොට් ලයින් එකට කතා කරයි. එතන සිටින ඔන් ද ස්පොට් නිලදාරියෙක් මෝටර් බයිසිකලයේ නැගී රූන් ගා පැමිණ සිසුවාට රුපියල් තුන් දහසක් දී ආපසු යයි.
 
ඔහු මදක් දුර ගිය පසු එම ටින් කබල් වෙන  තැනක  තබන සිසුවා නැවත එම නිලදරුවාට දුරකතනයෙන් කතා කරයි. ඔහු පැමිණ ටින් කබල පිරික්සා , කපටි සිනහවක් මුවට නංවාගෙන තවත් රුපියල් තුන්දහසක් සිසුවාට දී ආපසු යයි. පාසැල පටන් ගන්නා වෙලාව එළඹී නැත්නම් තවත් රුපියල් හත් අට දහසක් උදේ වරුවේ සොයා ගැනීමට  ඔහුට හැකිය.
 
ඔහු ටින් කබල කීපය පඳුරක් අස්සේ සඟවා පාසල් යන්නේ පාසැල ඇරි විගසම පැමිණ තවත්  රුපියල් කීප දහසක් සොයා ගන්නා අරමුණිනි.
 
මේ අතර ඩෙංගු මදුරුවන් ඇති කරන ආකාරය කියා දීමට උපදේසක සමාගම් බිහි වේ. ඔව්හු නිවෙස් වලට ම පැමිණ මදුරුවන් ඇති කරන  ජලයේ තිබිය යුතු ඛනිජ ප්‍රමාණයන්ගේ   සිට, හානි නොවන සේ මදුරුවන් අල්ලා ටින් හා පරණ ටයර් වලට දැමීම, ආදී කාරණා ගැන ජනතාවට කියාදෙති.
 
මේ අයුරින්ම  , ඩෙංගු මදුරු බිත්තර විකිණීම , පරණ ටින් හා ටයර සැපයීම ආදී වූ නොයෙක්  රැකියා බිහිවේ.
 
ඌව පළාතේ සිසුන්ගේ වාසනාව ගැන ඇසූ වෙන පළාත් වල සිසුන් ඌව පළාතේ පාසල් වලට ඒමට පොර කති. එසේ ඌවෙ  පාසල් වලට ඇතුල් වීමට නොහැකි   වූවන්   සති අන්ත හා පාසල් නිවාඩු කාලවල  පැමිණ මදුරු වගාවේ  යෙදෙති. අත මිට සරු කර ගනිති.
 
පාසල් හැර ගියොත් තමන්ට මේ ක්‍රීඩාවේ යෙදීමට නොහැකි බව දන්නා සිසුහු එකම පන්තියේ වසර දෙක තුන අසමත් වීමට ගනිති .මෙයින් රජයට පාසල් පෙළ පොත් සඳහා යන වියදම සියයට පනහකින් අඩු කර ගැනීමට හැකි වෙයි. මෙය 100% දක්වා ගෙන යාම තම අරමුණ බව අධ්‍යාපන ඇමති පවසයි.
 
මේ අතර   ආණ්ඩුවෙන් පොරොන්දු වූ රුපියල් 2500 නොදීමට එරෙහිවත් ,   රුපියල් අට දහසක වැටුප් වැඩි වීමක් ඉල්ලමිනුත්  සේවකයින් වර්ජනයකට පෙළඹවීමට ලාල් කාන්ත පැමිණෙයි.
 
ජනතාවෝ ඔහුට මෙසේ කියති.
 
” ඔහේට පිස්සුද ලාල්කාන්ත උන්නැහේ. තමුසෙලා හදන්නේ මේ ආණ්ඩුව පෙරලන්න. අපි මොකටද මේ වගේ ආණ්ඩුවක් පෙරලන්නේ. බලනවා මගේ පවුලේ දරුවෝ පස් දෙනයි. එකෙක් ගේනවා රුපියල් තිස් හතලිස් දාහක් දවසකට . ඉතින් අපිට මොකටද ඔය රුපියල් 2500 . මේ අපිට කරදර නොකර යනවා, අපි මේ මදුරුවෙක් දෙන්නෙක් ඇති කරගෙන දෙයියනේ  කියලා  අපේ   පාඩුවේ ඉන්න  එකට කෙලින්නද තමුසෙලා හදන්නේ?”
Advertisements
Comments
  1. Charmi says:

    බොලේ හැබෑට… ඕකට ආණ්ඩුවට වියදම් යන්නෙත් නෑ නොවැ. මදුරු කොයිල් කොම්පැනි පැනල ස්පොන්සර් කරයි. කොහොමද ටිකිරි මොලේ?

    • gadfly says:

      මදුරුවෝ බෝ කරන වැඩ වලට මදුරු කොඉල් කාරයෝ කොහොමටත් උදව් කරනවා නෙව.

  2. Nemo says:

    හහ් හා
    ඊට පස්සේ
    අතමිට සරු සිසු පරපුර
    ‘නිල්ලේ සොයා’ යයි කදිමට නේ… 😀

    • gadfly says:

      ඒක ඇත්ත. ඒ කියන්නේ “නිල්ල සොයා ” බිස්නස් එකත් දියුණු වෙනවා . කොච්චර ශෝක්ද? මට ආසියාවේ ආශ්චර්ය මැවිලා පේනවා.

      • Nemo says:

        “නිල්ල සොයා ” යන අයටත් පේන්න ඇති ‘ආසියාවේ ආශ්චර්ය’
        ඒක තමා කට්ටියම එකතුවෙලා
        වැඩේ කරගෙන ගිහිං තියන්නේ නීට් එකට 😛

  3. bayagulla says:

    අප්‍රිකාවෙ රටක තුවක්කු එකතු කිරීමට මුදල් ත්‍යාග දුන්නා ඩොලර් 50 ගානෙ. මිනිස්සු තමන් ගාව තිබුණු කබල් තුවක්කු දුන්නා ඩොලර් 50 ගානේ පස්සෙ ඩොලර් 45ට අලුත් තුවක්කු ගත්තා දේශසීමාවෙන්. කොහොමද ටිකිරි මොළේ?

  4. මදුරුවගෙ ජීවන චක්කරේ වේගෙ අඩු කර ගත්ත නං ඒකක මදුරුවෙක් ගෙන් උපයන ආදා‍යම වැඩි වෙනවා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s