සිහලුනේ වරෙව්

Posted: July 9, 2010 in Uncategorized

 

දේශයේ පහල වූ මහා දේශ ප්‍රේමීයා ටොරින් ටනය අසල උපවාස බිමේ කුස ගින්නේ මිය යමින් සිටිද්දී , ජාතිබ්‍රෂ්ට අමන සිංහලයින් තමන්ට රිසි සේ දිවි ගෙවති. තමන්ට සුපුරුදු ක්‍රියා ම කරමින් සිටිති. අහෝ මෙවන් වූ ජාතියක අප උපන්නේ කවර පවකින්ද? අප මහා දේශ ප්‍රේමීයා වටා ලක්ෂ ගණනින් රොක් විය යුතු වෙලාවක් නොවේද මෙය.

එතුමාණන්ට , තමන් වටේ සිටුවා ගැනීම සඳහා කුරුණෑගල සිට විදුලි සේවකයින් ගෙන්වීමට සිදුවීමට තරම් අප රටේ ජනතාවගේ දේශ ප්‍රේමය පිරිහී ඇත්ද? මේ, යම්තම් අවුරුද්දකට කලින් මහ පාරේ කිරිබත් කෑ ජනතාවක් නොවේද?

ඔවුන් ගැන තැබූ අපමණ විස්වාසය නිසා නොවේද අප මහ වීරයාණන් මෙලෙස තම දිවිය කැප කරන්නට ඉදිරිපත් වුයේ. ඔවුන් ඒ බවක් නොදන්නා ලෙසින්ම සිටිති. වීරයාණන්  තම මිතුරන් කීප දෙනෙක් පිරිවරා  ටොරින්ටනය අසල දේශ ද්‍රෝහීන්ගේ මූල කඳවුර වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නම් වූ බල කොටුව අසල මිය යමින් සිටිද්දී , ජනයිනි, තොප කෙසේ නම්   “ඉතින් ඊට පස්සේ”    බලමින් සැනහෙන්නාහුද?

 එතුමාණන් ජාතිය වෙනුවෙන් කුස ගින්නේ මිය යන්නට උත්සාහ කරද්දී , චොකලට් කූරක් ගෙනවුත් දුන් ද්‍රෝහියාගෙන් එතුමාව රැක ගැනීමට එකෙක් නැතිව ගිය සැටි. ඒ මහ වීරයාට අඹරා , සිහින් ව රෝල් කරන ලද කුකුල් මස් ඇබින්දක් දුන්,  යහමින් ග්ලුකොස දමන ලද දොඩම් යුෂ වීදුරුවක් රාත්‍රී අඳුරට මුවා වී හොරෙන් ගෙනවුත් දුන් දේශද්‍රෝහීන්    ගෙන් එතුමාව රැක ගැනීමට තරම් දේශප්‍රේමයක් ඇත්තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති සැටි.

අහෝ මේ නම් කවර ජාතියක්ද? එතුමාණන් දිවි පුදන්නට යන්නේ මෙවන් වූ ජාතියක් වෙනුවෙන්ද? එතුමා පැහැර ගෙන ගොස් එතුමා ජාතිය වෙනුවෙන් කරන්නට යන මේ මහා සත් ක්‍රියාව කඩා කප්පල් කරන්නට , සියලු ආකාරයේ ද්‍රෝහීන් එක් වෙමින් සිටිත්. මරණය තෙක් උපවාසයේ යෙදෙන්නට එතුමා ගත් තීරණය පරදවන්නට ඔව්හු සැලසුම් කරමින් සිටිති. 

මුග්ධ ජනයිනි , දැන්වත් දස දහස් ගණනින් එතුමා වටා රොක් වී එතුමා තීරණය කල පරිදිම ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට එතුමාට සහය දියවූ.

එතුමාගේ උපවාසය නවතන්නට එන අමන බලවේග පරාජය කරවූ.!!!

 හොරෙන් හොරෙන් එතුමාට කෑම සපයන ද්‍රෝහීන් පරදවවූ !!!!!

ජාතිය වෙනුවෙන් තොපට කල හැකි මහම මෙහෙවර එයයි.!!!!!!

Advertisements
Comments
  1. රෝහනදීර සීයා says:

    අනේද කියන්නෙ කොලුවො. අපේ රටේ සිංහල බෞද්ධයින් කියන්නෙ මේ වගේ ගුණමකු නරි රැලක් කියල මං අදයි දන්නෙ. මේ දේසපිරේමියා මෙහේ රට බේර ගන්න දඟලනවා. මුං හොඳට ඒක ගාණකට වත් ගන්නෙ නැතුව තම තමන්ගෙ වැඩ. අනේ දෙයියනේ, ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහළුන්නේ?

    තොපිට ජාතික ආලයක් තියෙනවා නම් වහාම තුං මුල්ලට වරෙව්. තොපේ අම්මලත් එක්කගෙනම වරෙව් අපට ජොයිං වෙන්න වහාම. (බය වෙන්න එපා මේ රෝහණදීරයා උන්ව බලා ගන්නම්!)

  2. Thisara says:

    මීට අවුරැදු කිහිපයකට උඩදී මහනුවර මහ මළුවේදී හෙළ කරැමයේ ස්වාමීන් වහන්සේ නමක් උපවාස කරන ලදි. මේ උපවාසය අතරතුරදී අපගේ මාධ්‍යවේදීයෙකු පාන්දර හතරට පමණ අපූරැ පින්තූරයක් ගත්තේය. හෝර්ලික්ස් කොප්පයක් අතැතිව මහ මළුවේ සක්මන් කරන පැවිදි රුවක්. ඒත් ජාතියේ අවාසනාවට එම මහගු ජායාරෑපය ප්‍රසිද්ධ කරන්නට නොහැකි විය.

    (මෙය සටහන් කළේ උපවාස ජායාරෑප ගත කරන මාධ්‍යවේදීන් දිරි ගන්වනු පිණිසය. එදා සිදු වූ දෙය අද සිදු විය නොහැකිද?)

  3. gadfly says:

    වෙනවා , වෙනවා, එදාත් වුනා, ඊයෙත් වුනා, අදත් වෙනවා, හෙටත් වෙනවා( හෙට වැඩේ නතර නොවුනොත්)

  4. Nemo says:

    අපි ඉතිං හැමදාමත් “ඉතින් ඊට පස්සේ” කියමින්
    සැනහෙන්නටම පුරුදු කොට ඇති හෙයින්
    මේ මොහොතේ පමණක් මහා………ජනයා එයින් වෙනස් වන්නට සිතනු ඇතැයි යන්න අපි අපි ම මුලාවේ වැටීමක් පමණි 😦 😦
    එහෙයින් දැන් වහ වහා වෙන මඟක් සොයා ගත යුතු වන්නෙමු. 😛

  5. රෝහනදීර සීයා says:

    කොලුවනේ, මට මෙහෙම අයිඩියාස් එකක් ආවා. හරියටම උපවාස කරනවානම් කන බොන එක වගේම චූ කක්කි කරන එකත් නතර කරන්න ඕනැ. (අනෙක් අතට කන්නෙ බොන්නෙ නැහ්නං චූ කක්කි කරන්නෙ අම්මයෙ රෙද්දයැ?) ඒ හන්ද අපේ දිරේසපිරේමියො වහාම ඔය ගහල තියෙනවය කියන තාවකාලික කකුස්සිය ඉවත් කරම විමලෙ කොලූට පොඩි සපෝට් එකක් දෙන්න ඕනැ හරියට උපවාසෙ කරන්න. නැද්ද මං අහන්නෙ? කොහෙද අපේ මේ දොරෝහියො හරියකට උපවාසයක් වත් කරන්න දෙන්නෙ නැතුව බාදා කරනව නෙවැ.

  6. මෙහෙමයි. අඛණ්ඩ උපවාසය කියන්නෙ කට්ටිය සෙට් වෙලා රිලේ ක්‍රමයට උපවාස කරන එකට ( මං දන්න හැටියට ලංකාවෙ ඔක්කොම අඛණ්ඩ උපවාස එහෙමයි).
    එතකොට මාරාන්තික උපවාසෙ කියන්නෙ උපවාසකරන එකා රඟපාද්දි වෙනකාටහරි මාරාන්තික වෙන කේස් එකක්ද දන්නෙ නෑ.

    • gadfly says:

      ඇමති කමෙනුත් අයින් උනා කියන්නේ. දැන් ඉතින් වැඩේ අතාරලා දැයි. තව ටිකකින්

  7. ------------ says:

    හිතපු තරම කෙසේ වෙතත්, මදක් වත් සිය මාරම මාරාන්තික උද්ඝෝෂණ වියාපාරය කෙරෙහි අවධානව ගත නොහී අවසන රජතුමාගේවත් අවධානය ගනු පිණිස විමලෙ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව සංවේගයෙන් දැනුම් දෙන වගයි…
    (කොහෙද, අපේ මෝඩ හැතිකරේ විමලෙ ගැන බැලුවෙ නැතිවට රජතුමා සුවර් බලනවා)

  8. රෝහනදීර සීයා says:

    කොලුවනේ මේ තුන්වෙනි පින්තූරෙ බලාපන්කො. http://www.lankadeepa.lk/2010/07/09/front_news/06.htm

    විමලයා උපවාස කරනව නම් ඌට ‘ලෙමන් පෆ්’ මක්කටෙයි? බලාපන් මේකා ඔක්කොම ගොනාට අන්දලා ලෙමන් පෆ් කන අපූරුව. මූව කොක්කෙන් එල්ලුවත් මදිනෙ මේ කරන පොරෝඩාවට.

  9. රෝහනදීර සීයා says:

    දොඩම් බිබී – ලෙමන් පෆ් කකා
    උපවාස කරන – මෝඩ යකා!

    • gadfly says:

      සීයේ, සීයා නම් මොන පයේ යන්ද හදනවද මන්දා, උත්තමයන්ට ඔය වගේ කතා කියලා

  10. gadfly says:

    අම්මප , බොලව්නේ, පැය 24 ක් නොකා හිටියාම මෙහෙම වෙනවද හැබැටම. අපි වෙල් 7- 8 නොකා ඉන්නේ ඔය අතේ තුට්ටුව නැති උනාම. කිසි හෙනයක් නැහැ නොව. මු ඊයේ රෑ දෙගොඩ හ හොඳට කාලා එලි වෙන කොට අමාරුයි. මාර කෙළියක්නේ

  11. Nemo says:

    ලෙමන් පෆ් 4.800 kg කෑවාම ඔහොම වෙන එක අහන්නත් දෙයක් යැයි.. 😛

  12. Nemo says:

    ලෙමන් පෆ් 4 kg 8oog එක රෑකට කෑවාම
    ඔහොම වෙන එක අහන්නත් දෙයක් යැයි.. 😛

    • gadfly says:

      ඔන්න කිව්වා දේශද්‍රෝහී කතාවක්

      • Nemo says:

        හා හා කන්න හොඳයි නම් කියන්න හොඳනැද්ද.. 😛

        නැත්තන් ඉතිං මොකෝ ඔහොම විජලනයක් ආවේ එක පාරට.. 😀
        හ්ම්ම්ම්…… මට මෙහෙමත් හිතෙනවා..
        මනුස්සයා කාලම නෑ හිතේ දුකටම කොමිටිය පත් කරනවා කියලා
        ආරංචිය ආපු දා ඉදලම… 😦
        එහෙම නැතුව නම් මෙහෙම වෙන්න විදියක් නෑ..
        මේ දෙකෙන් නම් එකක් වෙලාම තියනවා 🙂

        • gadfly says:

          හරියට හරි , මූ කාලම නැහැ බන් කි මූන් කොමිටිය පත් කරනවා කියලා ආරංචි වුනු වෙලේ ඉඳලා. අම්මපා මූ අගේ දේසපෙරෙමියෙක් ඉපදිලා නැතිව ඇති මේ සම්මජ්ජාතියේ. පොර ඔය ලෙමන් පෆ් පැකට් එකම කන්න නැතිව ඇති. එහෙම කරයිය , උපවාසයක් කරන අතරේ.

          • Nemo says:

            අනේ ඒ ඉතිං දන්න තරම තමා .
            වෙන උපවාස කරපු තැන්වලත් ඔහොම පෙට්ටි පිටින් තිබුනද…ලෙමන් පෆ්.???
            කනවත් වෙලා හොරෙන් එකක් කෑව නම් දුක නෑ 100g ක්..
            මේක කාලා නෙවේ නාලනේ..
            100g x48= 4800g Shhhh ලේසිද නේ??

            කොහොමද ඇත්තටම අපි මෙයාට සලකන්න ඕනේ.. ??
            හැමෝටම තියන්නේ මෙයාට උපහාර පිණිස බ්ලොග් පෝස්ට් දාන්නයි 😛

  13. Simiyon says:

    එහෙම නම් ඇට මැස්සත් කොහොමින් හරි බයෙන්ද ප්‍රේමෙගෙ රෙකොර්ඩ් එක සම කොරා. දැං දෙන්නම පහ පහ. කොහොම හරි විමල්ගෙ උප්වාසෙ අල්ලල තව බ්ලොග් එකක් ගොඩ දා ගත්තනම් රෙකෝර්ඩ් එක ගෑඩ් ෆ්ලයිට.

    හෑබෑටම විමල්ගෙ උපවාසෙ බයිට් කරල වැඩිම බ්ලොග් ලියන්නෙ කවුද කියල ‍තෝරන්න අපි නොදන්නවට තරඟයක්වත් තියෙනවද මන්ද, නැත්තං බන් කී මූන් තුමා මෙච්චර අත්තනෝමතික වැඩක් කරල මුළු එක්සත් ජාතීන්ගෙ සංවිධානෙම විහිළුවක් බවට පත් කොරල තියෙද්දි ඒ ගැන වචනයක් නොලියන මේ මහත්තුරු විමල් ගැන තර‍ඟෙට බ්ලොග් ලියයිද?

  14. sirimal says:

    baanki muun thama ape jaathika weeraya….. jayawewa

  15. රෝහනදීර සීයා says:

    කොලුවනේ මෙන්න මේ හොර ගෙඩියට සේලයින් දෙනවා. http://www.flickr.com/photos/perambara/4779507498

    අනේ මුගෙ අම්මගෙ උපවාසෙ. සරීරෙට මොනම ක්‍රමයකින් හරි වතුර ගන්නවය කියන්නෙ උපවාසෙ කැඩෙන එක නෙවැ. හූ… හූ… විමලයෝ. තොට ලජ්ජ නැද්ද පරයෝ

  16. ------------ says:

    මටනම් සුවර්, විමලෙ වැඩිම දින ගනනක් නොකා නොබී සිටීමේ ගිනස් වාර්තාව අළුත් කරන බව… කාටද ආඩම්බර 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s