බී ටී අයි, අයිෆා හා ඉතියෝපියා

Posted: June 24, 2010 in Uncategorized
Tags: , , , ,

ඩෙංගු මදුරුවන් මර්ධනයට කියුබාවෙන් බී ටී අයි බැක්ටීරියාව ගෙන්වීමට යෝජනා වෙන්නේ දැනට වසරකටත් පෙර සිටය. නමුත් මේ දක්වාම එය යතාර්ථයක් බවට පත්ව නැත. පසු ගිය වසර පුරාවට බලධාරීන් වරින් වර මාධ්‍ය ඉදිරියට පැමිණ බැක්ටීරියාව ගෙන්වන දිනය පිළිබඳව අනාවැකි කියමිනුත්, පමාවට හේතු දක්වමිනුත් සිටියහ.

බැක්ටීරියාව තව මාසයකින් ගුවනින් ගෙන්වන බව එක් දිනෙක පවසන ඔව්හු තවත් දිනෙක කියන්නේ සති දෙකකින් නැව් මගින් ගෙන්වන බවය. ඊ ළඟ සතියේ සබ්මැරීනයකින් බැක්ටීරියාව එන බව කියා දින දෙකකට පසු සති තුනකින් බැලූන් මගින් හෝ රොකට්ටුවකින් හෝ එය ගෙන්වන බව පවසමින් සිටියහ.

මේ අතර තව එකෙක් පැමිණ බැක්ටීරියාවකින් මෙරට පරිසරයට හානි සිදු විය හැකි බැවින් ඒ ගැන පරීක්ෂණ කරන තෙක් ගෙන්වීම පමා කරන බවත් එතෙක් අප ඉවසා සිටිය යුතු බවත් පවසයි. ( ඇත්තටම ඒ අනුව අප ඉවසා සිටිය අතර එසේ ඉවසා නො සිටියේ ඩෙංගු මදුරුවන් හා උන් නිසා රෝගයට ගොදුරුව මිය ගියවුන් පමණි.)

බී ටී අයි බැක්ටීරියාව ගෙන්වීමට තීරණය කල දිනවල මදුරු දඟර සමාගම් වල නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ කැරකුණ බවක් ද ආරංචි විය. ඒ ආරංචි   වල ඇත්ත නැත්ත කුමක් වුවත් පසු ගිය වසරක කාලය තුල රෝගය වැළඳී සිය ගණනක් මිය ගිය අතර තවත් දහස් ගණනක් රෝගී වුහ. ( ඩෙංගු රෝගයේ ඇති විශේෂත්වයක් නම් වරක් රෝගය වැළඳුනු අයෙකුට වුවත් නැවත රෝගය වැළඳීමට ඇති ඉඩයි. එපමණක් නොව දෙවෙනි වතාවට රෝගය වැළඳුන විට ජීවිත අවදානමද බෙහෙවින්ම වැඩිය. )

දැන්  නැවතත්   බී ටී අයි ගැන කතාව කරලියට පැමිණ ඇත. වහාම බැක්ටීරියාවට ගෙන්වීමට කරන අණ දසතින් ඇසේ. මෙතෙක් කල් එපා වී සිටි බැක්ටීරියාව හදිසියේම අවශ්‍ය වී ඇත. ගහෙන් ගෙඩි එන්නක් මෙන් අපේ බලධාරීන්ට රෝගයෙන් මිය යන පොදු ජනතාව ගැන මානව ප්‍රේමයක් පහල වීද? කරනවා යයි කියූ පරිසර සමීක්ෂණ පරීක්ෂණ අවසන් ද? මේ ආදී වසයෙන් කල්පනා කරමින් සිටින විට කණ වැටුණු , ඇස ගැටුණු පුවතකින් සියල්ල පැහැදිලි විය.

එම පුවතින් කියවුනේ මුලික ගෙවීමකින් තොරවම බැක්ටීරියාව අපට ලබා දීමට කියුබාව එකඟ වී ඇති බවයි. ( අහා, මොන තරම් හැර බර වචනද? ) . මේ වචන තේරෙන භාෂාවෙන් කිවහොත් , කියුබාව අපට ණයට බැක්ටීරියාව දීමට කැමති වී ඇත.

ආසියාවේ ආශ්චාර්යන් ගැන , විශ්මයජනක ආර්ථික වර්ධනයන් ගැන , පම්පෝරි ගසන අපිට ජනතාව ඩෙංගු මරණයෙන් මුදා ගැනීමට අවශ්‍ය මුදල් නැත. කියුබාව ණයට දෙන තෙක් බලා සිටීමට සිදු වුයේ ඒ නිසාය.

නමුත් රෝග මර්ධනයට නැති මුදල් රුපියල් කෝටි සිය ගණනක් අයිෆා වෙනුවෙන් අපි වියදම් කළෙමු. ඩෙංගු රෝගයෙන් කීප සියයක් මිය ගියත් මක් වේ ද ආශ්වාර්යා රායි  සමග එකට ඉඳ ඡායා රූපයක් ගැනීමට ලැබේනම්. ( කරුමෙට ඒකි ආවෙත් නැත) .

කියුබාව ණයට බැක්ටීරියාව දීමට එකඟ නිසා ඩෙංගු රෝගයෙන් මිය යාමට නියමිතව සිටි අපේ රටේ ජනතාවට යම් තරමක සහනයක් ලැබෙනු ඇත. කියුබාව සමග ගනු දෙනු වලදී කොමිස් ලැබේ දැයි  සැක සහිත බැවින් මෙය කොතරම් දුරට සාර්ථක වේ දැයි දැන්ම කිව නොහැක. එහෙත් එක දෙයක් නම් ස්ථීර වශයෙන් ම කිව හැක. මේ යන යෑමේ හැටියට දහසක් ආර්ථික  සම්බාධක   මැද  තම ආර්ථිකය දුවවන කියුබාවෙන් පමණක් නොව දරිද්‍රත්වයේ පත්ලේ ගිලී සිටින ඉතියෝපියාවෙන් හා සෝමාලියාවෙන් පවා ණයට ගැනීමට සිදු වන දිනය නම් වැඩි ඈතක නොවේ.

Advertisements
Comments
  1. ඕක ලංකාවෙ හදන්න පුලුවන්නෙ! ලංකාවෙත් ඔය බී ටී අයි බැක්ටීරියාවො ඕනැ තරං ඉන්නවා.තාක්ෂණෙත් තියනවා.අනේ මන්දා!

    කියුබාව ලොකුද??

  2. gadfly says:

    ඕක ලංකාවේ හැදුවොත් කොමිස් දෙන්නේ පොලිසියෙන්ද?

  3. Abashvili says:

    ඔය කියුබාවය කිව්වෙ අර අයිය අවුරුදු 50ක් විතර වාරු නැති වෙනකම් රජකම් කලාට පස්සෙ මල්ලි රජකමට පත්වෙච්ච රටද? මෙහෙම රාජාන්ඩු රජාණ්ඩු සහයෝගෙන් වැඩ කරන එක කොච්චර දෙයක්ද නේද?

    – අබාෂ්විලි.

    • gadfly says:

      දැන් යමක් කමක් තේරෙනවා වගේ කතාව . ඒත් ඉතින් සිංහ හම ඇන්දත් කොටළුවා ………..

  4. Kirimama says:

    ඕක මෙහෙ හදලා ඉවරයි, අයි ටී අයි එකේ. තීරණාත්මක සාධකය ‘කොමිශන්’. දේශප්‍රේමය<කොමිශන්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s