අතීතයෙන් ඇසෙන ප්‍රශ්න

Posted: June 21, 2010 in Uncategorized
 
පසුගිය වසරේ අවසන් වූ යුද්ධයේ ගෞරවය තමන්ට හිමි විය යුතු යැයි අති ගරු උතුමාණෝ පවසති. ඒ බව සනාත කරනු වස් අපූරු උපහැරණ ද  ගෙන දක්වති.
 
පසු ගිය දාක විදෙස්  රූපවාහිනී   චැනලයක්  සමග  පැවති සාකච්චාකදී එතුමාණෝ පැවසුයේ ටජ්මහලය ගොඩ නැගු පුද්ගලයා  ලෙස පොත් වල නම සටහන් වී ඇත්තේ ෂා ජෙහාන් රජුගේ මිස  එය ඉදි  කල   පුද්ගලයන්ගේ  නොවෙන  බවයි .   ඒ   අනුව  මේ යුද්ධය  කෙරූ  පුද්ගලයා ලෙස  එහි  ජයග්‍රහණයේ  ගෞරවය තමාට හිමි විය යුතු බවයි.  
 
මේ   අදහස   ගැන ලංකාදීපයට    ලියු ලේඛකයෙක් පැවසුයේ ටාජ්මහල ඉදි කලේ  ෂා ජෙහාන් ලෙස ඉතිහාසගත  වුවද , එය නිර්මාණය කල ශිල්පියාගේ අත් දෙක නැවත ඒ ආකාරයේ ඉදි කිරීමක් කල නොහැකි වන ලෙස ෂා ජෙහාන් රජුගේ නියමයෙන් කපා දැමු  බවද   ඒ අයුරින්ම ඉතිහාස ගත වී ඇතී බවයි. 
 
  මේ ආකාරයෙන් සිතන පුද්ගලයන්ට හොඳ පිළිතුරක්  බර්ටෝල්ට්   බ්‍රෙෂ්ට් විසින් මීට අවුරුදු 70 පමණ ඉහතදී සපයා ඇත. අප හුදී ජන පහන් සංවේගය උදෙසා එය මෙසේ උපුටා දක්වමු.(කෙසේ නමුත් යුද්ධ වල ජයග්‍රාහකයින් ගැන අපගේ කිසිම උනන්දුවක් නැති බවද මේ සමගම සටහන් කර තැබිය යුතුය. )
 
 
-උගැන්මට කැමති කම්කරුවෙකු අසන ප්‍රශ්න-
 
දොරටු  සතක් ඇති තීබසය ගොඩ නැගුයේ කවුරුන්ද?
 
රජුන්ගේ නම් තිබේ පොත් වල ලියැවී
 
ඒ මහා කළුගල් කුට්ටි ඔසවාගෙන ගියේ රජුන්ද?
 
බොහෝ වතාවක් වනසනු ලැබූ බැබිලෝනියාව
 
නැවත නැවතත් ඉදි කලේ කවුරුන්ද?
 
රනින් බැබලුනු ලීමාව ඉදි කලවුන්  දිවි ගෙවුයේ 
 
මොන විදියේ නිවෙස් වලද?
 
චීන මහා ප්‍රකාරය බැඳ නිම කල සැන්දෑවේ 
 
එහි වැඩ කල පෙදරේරුවන් කොහි යන්නට ඇත්ද?
 
ජය ටැම් වලින් ශ්‍රේෂ්ඨ රෝමය පිරී ඇත.
 
කව්රුන් පරදාද සීසර්  ලැබු  ජයක්ද ඒ ?
 
ගීතයන් හි මහත් සේ වැනු බයිසන්ටියමේ
 
වැසියන් සිටියේ මාලිගා වල පමණක්ද?
 
තරුණ ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජයගති
 
ඔහු සිටියේ තනියමද?
 
සීසර් ගෝල් වරුන් පැරදවීය
 
ඔහු සමග කෝකියෙක්වත් නොසිටියේද?
 
තම නැව් හමුදාව ගිලුණු විට 
 
ස්පාඤඤයේ  පිලිප් රජු වැලපිනි .
 
එදින වැලපුනේ ඔහු පමණක්මද  ?
 
දෙවැනි ප්‍රෙඩ්රික් සත් අවුරුදු යුධය දිනිය.
 
වෙනත් කවුරුන්ද ඒ යුධය දිනුවේ.?
 
සෑම පිටුවකම ජයග්‍රහණයකි
 
කවුරුන්ද ජයග්‍රාහකයින්ගේ අහර පිසුවේ?
 
සෑම දස වසකට වරක් මහා පුරුෂයෙකි
 
කවුරුන්ද ඒ වෙනුවෙන් ගෙවනු ලැබුයේ?
 
බොහෝ සිද්ධීන්
 
බොහෝ ප්‍රශ්න
 
  –  බර්ටෝල්ට්   බ්‍රෙෂ්ට්-
Advertisements
Comments
  1. ඉතිහාසයම තමා නැවත නැවතත් කැරකෙන්නේ…

  2. හුරුල්ලා says:

    ඔය ගොන් කතා වලට උත්තර දෙන්න බ්‍රෙෂ්ට් ගන්න එකත් අපරාදයක් Gadfly. මොනවා උනත් මම අදයි කියෙව්වෙ. මාරම කවියක්.

  3. Nemo says:

    හ්ම්ම්ම්ම්… එඩ්ගාර් කේසී…
    එකම කාලයක එකට සිටි අය නැවතත් එකම කාලයක ඉපදෙනවලු
    අපි නම් මාර කරුමයක් කරලා ඇති.. 😛
    තව කොච්චර වාර ගනනක් මේක ඉවසන්න වෙයිද ??
    කොතැනත් ඉතිහාසය ලියූ අය වැරදියට ලිවීමෙන් මෙවන් දේ වෙන්න ඇති.
    සැලකුම් ලැබිය යුතු අය සැලකුම් නොලබා..
    කෝකියන් ඉන්න ඇති පිටුපසම පේලියට පිටුපසින් හිටගෙන..
    අහර රස බලන්නැති අන් සියල්ලන්ම එක්ව.. 😦

    • gadfly says:

      යමක් වේනම් සුදුස්සාටම ලැබිය යුතු
      ගොවි දන මනා වූ
      ලැබිය යුතු වේ සේම ගම් බිම්

      • nimanthi says:

        Hmmmmm…….!!!!!

        • gadfly says:

          මොකෝ බකමුනෙක් වගේ හ්ම්ම් හ්ම් ගාන්නේ

          • nimanthi says:

            උඩින් ලියලා තියන කෙනාගේ කමෙන්ට් එකේ තියන දේමයි මටත් කියන්න..තියන්නේ..
            ‘කෝකියන් ඉන්න ඇති පිටුපසම පේලියට පිටුපසින් හිටගෙන..
            අහර රස බලන්නැති අන් සියල්ලන්ම එක්ව..’
            සහ
            ‘යමක් වේ නම් සුදුස්සාටම ලැබිය යුතු
            ගොවි දන මනා වූ
            ලැබිය යුතු වේ සේම ගම් බිම්’
            ගොඩක් කාලෙකින් මේ වචන ටික ආපහු දැක්කේ..
            ඒකයි..Hmmmm කිව්වේ
            බකමූණෝ මෙහෙ නැහැ.. 🙂

  4. Azdak says:

    බර්ටෝල් බ්‍රෙශ්ට් කිව්වත් ඔය කතාව නම් ටිකක් අතාර්කිකයි කියලයි අස්ඩක්ට හිතෙන්නෙ. දැං හුණුවටයේ කතාව (The Caucasian Chalk Circle) ලිව්වෙ බර්ටෝල් බ්‍රෙශ්ට් කියලනෙ කියවෙන්නෙ. එතකොට ඒක ලියද්දි කෑම උයාගෙන කාල තියෙන්නෙත් බ්‍රෙශ්ට්මද? ඕක ටයිප් සෙටිං කරන්නවත් බ්‍රෙශ්ට් කාගෙන්වත් උදවු අරං නැද්ද?

    දැං බ්‍රෙශ්ට් තමුන්ව මාක්ස්වාදියෙක් කියල හඳුන්වගත්තෙ මාක්ස් හැර වෙන කවුරුවත් මාක්ස්වාදෙ ගොඩ නගන්න මැදිහත්වෙලා නැති නිසාද? මට තේරෙන විදිහට නම් මේ වගේ කතා භෞතිකවාදී විකාර.

    – අස්ඩක්.

    • gadfly says:

      ඔය කතාවනම් අසඩක් ට වඩා ගැලපෙන්නේ ජෝර්ජ් අබශ්විල්ලි ට. ඕකට කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියලා . type setting ගැන නම් කියන්න තියෙන්නේ ඒ කාලේ එහෙම එව්වා තිවුනේ නැහැ කියලා. අනික මාක්ස් වාදයට ලෙනින්ගේ දායකත්වය හඳුන්වන්නේ මාක්ස් ලෙනින් වාදය කියලා. මේ විදියට තවතව ලැයිස්තු කියන්න පුළුවන්.

      • Azdak says:

        එක්කෝ ඔබට (ඔබම උපුටා දැක්වූ) බර්ටෝල් බ්‍රෙශ්ට් කියූ දෙය තෙරී නැත. නොමැති නම් ඔබ කොහෙද යන්නෙ මල්ලෙ පොල් යන යෙදුමේ තේරුම දන්නේ නැත (මගේ අනුමානය නම් ඔබට නොතේරෙන්නේ බ්‍රෙශ්ට්ව බවයි).

        මාගේ ප්‍රති-තර්කය තේරුම් නොගෙන ටයිප් සෙටිං සොයා ගත් වර්ශය හෝ මාක්ස්වාදයට ලෙනින්ගේ ඌණ පූරණය අල්ලාගෙන ගොඩ යන්න බැලීම විහිළුවකි!!!

        • gadfly says:

          විහිලුව එන්නේ ඔබෙනි. පිළිතුරු දීමට ඔබ කිසිම තර්කයක් ඉදරිපත් කර නැත. ඔබ පෙන්වා ඇත්තේ මේ කවිය තේරුම් ගැනීමට ඔබ අසමත් වී ඇති බව පමණි. ඒ ගැන මට කිරීමට දෙයක් නැත.

          • Azdak says:

            දැං ඔහොම කිව්වම ගෑඩ් ෆ්ලයි ගොඩ කියලද ඕහේ හිතන්නෙ!!!

            බ්‍රෙශ්ට් කොච්චර ශ්‍රේෂ්ඨයෙක් උනත් ඔහු කියපු කතාවක අවුලක් තියෙනවනම් ඒක පෙන්වා දිය යුතුයි. ඒකට තමයි ඍජු පටිපන්න කම කියන්නෙ.

            – අස්ඩක්.

  5. gadfly says:

    @ Azdak
    මුලින්ම කිව යුත්තේ මා ලියන්නේ ගොඩ යාමට නොවන බවයි. එම නිසා ඔබේ කොමෙන්ටුවට පිළිතුරක් ලිවීමෙන් ගොඩ යාමක් කිසිසේත්ම ආදාළ නැත. ඔබ නැවත නැවතත් පෙන්වන්නේ මීම් කවි පෙළ ඔබ නිවැරදිව තේරුම් ගෙන නැති බවයි. කරුණා කර කවියෙයේ යටි පෙළ තේරුම් ගැනීමට උත්සහ කරන්න . එසේ නැතිව කෝකියෙක් අල්ලා ගෙන දැඟලීමෙන් පලක් නැත.

    • Azdak says:

      මෙතන කෝකියෙක් අල්ලං දැඟලීමක් නැත. ඔබට මේ කවි පෙළේ හරය තවමත් නොතේරේ නම් පහත මා එකතු කළ කවි දෙපදය බලාවත් තේරුම් ගන්න උත්සාහ කරන්න.

      සීසර් ගෝල් වරුන් පැරදවීය
      ඔහු සමග කෝකියෙක්වත් නොසිටියේද?

      බ්‍රෙශ්ට් හුණුවටයේ කතාව ලිවේය.
      කෝකියෙක්වත් නොවීද ඔහුට වේලක් උයා දෙන්නට?

      බ්‍රෙශ්ට් නිදසුනක් ලෙස ඉහත මුල් දෙපදයෙන් කියන්නේ ගෝල් වරුන් පැරදවීමේ කීර්තිය සීසර්ගේ තනි අයිතියට ලියවුනද ඒ වෙනුවෙන් දහදිය හෙළූ තවත් මිනිසුන් වූ බවත් ඔවුන් ගැන ඉතිහාසයේ කිසිදු සඳහන් නොවන බවත්ය (හෙවත් ඔවුන්ට නිසි ගෞරවය නොලැබෙන බවත්ය). මගේ තර්කයට අනුව හුණුවටයේ කතාව සම්බන්ධවද සිදුවී ඇත්තේ එයමය. එය බ්‍රෙශ්ට්ගේ තනි අයිතියට ලියවුණද එය ඔහු කාගේවත් උදව්වක් නොගෙන කළ දෙයක් විය නොහැක. එහෙත් ඔවුන් ගැනද කිසිදු සඳහනක් නැත. ඔවුනටද හුණුවටයේ කතාව සම්බන්ධයෙන් නිසි ගෞරවයක් ලැබුණු බවක් පෙනෙන්නට නැත. ඔබට දැංවත් මෙය තේරුම් ගොස් ඇතැයි සිතමි.

      – අස්ඩක්.

      • gadfly says:

        බ්‍රෙෂ්ට් කතා කරන්නේ බොහෝ දෙනා සාමුහිකව කල දෙයක් තම තනි භුක්තියට ලියා ගැනීමක් ගැනය. එහෙත් ඔබ කතා කරන්නේ මිනිසෙක් තම ශ්‍රමයෙන් කලදෙයක් ගැනය. මේ දෙක සමාන වන්නේ කෙසේද? ඔබට ඇති ප්‍රශ්නය වෙන දෙයක් බව පෙනේ. එය ඔබම විසඳා ගන්නවා හැර අපිට කල හැකි දෙයක් නැත.
        ප. ලි. – බ්‍රෙෂ්ට් ට කෝකියෙක් සිටියේද යන්න මම නොදනිමි. සමහර විට ඔහුම අහර පිස ගත්ත වෙන්නටද පුළුවන්. දැන් ඔබට සතුටුද?

        • හෝමෝ සේපියන්ස් says:

          හුණුවටයේ කතාවට කලින් ලියවෙච්ච උම්මග්ග ජාතකයේ දාරක ප්‍රශ්ණය ගැන බලනකොට මේක බ්‍රෙෂ්ට් කොපියක් ගහපු එකක්ද කියලත් වෙලාවකට හිතෙනව

  6. Azdak says:

    “බ්‍රෙෂ්ට් කතා කරන්නේ බොහෝ දෙනා සාමුහිකව කල දෙයක් තම තනි භුක්තියට ලියා ගැනීමක් ගැනය.”

    මනුශ්ය විඥානයද සමාජ ඇසුරක ප්‍රතිඵලයක් ලෙස සැළකෙන දර්ශනයක එවන් විඥායක ශ්‍රමයෙන් බිහිවන කලා කෘතියක් තනි පුද්ගල අයිතියට යටවන්නේ කෙසේද යන්න තේරෙන්නේ ඇට මැස්සන්ට පමණක් වියයුතුය. හුණුවටයේ කතාව ඇට මැස්සාට තනි පුද්ගලයෙකුගේ තනි කෘතියක් වුවද මා දන්නා මාක්ස්වාදයට අනුව නම් එය එසේ නොවේ.

    “බ්‍රෙෂ්ට් ට කෝකියෙක් සිටියේද යන්න මම නොදනිමි. සමහර විට ඔහුම අහර පිස ගත්ත වෙන්නටද පුළුවන්. දැන් ඔබට සතුටුද?”

    හඳට ඇඟිල්ල දික්කරන්නේ හඳ පෙන්වීමට මිසක ඇන්ගිල්ල පෙන්වීමට නොවේ. කණගා‍ටුවට කරුණ ඇට මැස්ස තවම ඇඟිල්ල දෙස බලා සිටිනවාට අමතරව කෝකියාවද කරේ තබාගෙන සිටීමයි.

    – අස්ඩක්.

    • gadfly says:

      ඔබට මාක්ස්වාදය ගැන තව බොහෝ දේවල් ඉගෙනීමට තිබෙන සැටියකි. ( මටත් එසේමය) . ඔබ ඇඟිල්ල දිගු කරන්නේ හඳ දෙසට නම් ප්‍රශ්නයක් නැත. නමුත් හඳ යයි කියමින් වෙනත් මොකක් හෝ දෙසට ඇඟිල්ල දික් කරන විට වෙන මක් කරන්නද? ඔබට ඇති අනික් ප්‍රශ්නය නම් යමක් ගැඹුරින් තේරුම් කරගැනීමට ඇති නොහැකියාවයි.කෝකියා ගැන මා කිව දෙයට ඔබ දැක්වූ ප්‍රතිචාරයෙන් එය හොඳටම පෙනේ. ( එවන් වූ රළු හා සරල උපහාසයක් පවා ඔබට හඳුනා ගත නොහැකිය )
      කෝකියා ගැන කියන්නේ නම් එය කරේ තබා ගත්තේ ඔබ මිස මම නෙවේ.

      • Azdak says:

        “ඔබට ඇති අනික් ප්‍රශ්නය නම් යමක් ගැඹුරින් තේරුම් කරගැනීමට ඇති නොහැකියාවයි.”

        ඇට මැස්සො,

        මටත් හිතෙන්නෙ ඔහේ හරි කියල. සමහරවිට මේක තේරුම් ගන්න මගෙ දැනුම මදි ඇති. අනිත් එක ඉතිං බ්‍රෙශ්ට් වගේ මහා ප්‍රාඥයෙක්ට ඔහොම අවකැපෙන කතා කියන්න මේ පුංචි අස්ඩක් කවුද.

        මට ගැඹුරු දේවල් තේරුම් ගනීමේ ප්‍රශ්ණයක් තියෙන බව ඔහොම හරි කියල දුන්නට ඔයාට ගොඩක් පිං. මීට පස්සෙ මං ඔයා වගේ මාක්ස් ලබ්ධික බුද්ධිමතුන් කියන දේවල් ටිකක් ගැඹුරින් තේරුම් ගන්න බලන්නම්.

        – අස්ඩක්.

        සටහන: ඔයාට මාක්ස් ලබ්ධිකයෙක් කිව්වෙ අහිතකින් එහෙම නෙමේ. ඔයා වගේ බුද්ධිමතුන්ට මාක්ස්වාදියො කියන්න මට හිත් දෙන්නෙ නැහැ. ඒකයි.

        • gadfly says:

          තමන්ගේ තත්වය අනුන් තේරුම් කරලා දෙනකම් ඉන්නේ නැතිව තමන්ම තේරුම් ගන්නවානම් තමා වඩා හොඳ. මට තව බොහෝ දේවල් ඉගෙනීමට තිබෙන බව මගේ පිළිතුරේ සටහන් කලේ ඒ නිසාය. තමන් සියල්ල දත් යයි සිතා සිටින ඔබ වැනි අය ඒ බව පිළිගන්නට අකමැතිය. මා මාක්ස් ලබ්ධිකයෙක් ද මාක්ස් වාදියෙක්ද යන්න ගැන කරදර වීම ගැන ස්තුතියි. තමන්ගේ තත්වය අනුන් තේරුම් කර දෙන තෙක් සිටියත් අනුන්ගේ ලබ්ධීන් ගැන සෙවීමට නම් ඔබ රුසියෙක් බව පෙනේ. ම මුලින් ම කීව මෙන් ඔබට වඩා ගැලපෙන්නේ අසඩක් නම නොව ජෝර්ජ් අබශ්විල්ලි නමය.

          • Azdak says:

            අනේ ගෑඩ් ෆ්ලයි, ඔයා කියන දේවල් හරිම ගැඹුරුයිනෙ. ඔය ඉහත කමෙන්‍ටුව ටිකක් සරළව තේරුම් කරල දෙන්න බැරිද? ඔහොම ගැඹුරු දේවල් තේරුම් ගන්න තරම් මගෙ දැනුම මදි.

            – අස්ඩක්.

  7. ramachandra says:

    මෙතන ඔලුව අවුල් කරගන්න ප්‍රශ්නයක් නැහැ.බ්‍රෙෂ්ට්ගෙ කවියෙ තියෙන්නෙ දේශපාලන විවේචනයක්.ශ්‍රමය විසින් ගොඩනගපු දේවලින් ශ්‍රමිකයා පලවා හැරීම තමයි පංති සමාජයේ ඉතිහාසෙ.ඒ ගැනයි බ්‍රෙෂ්ට් කතාකරන්නෙ.
    රෝම අධිරාජ්‍යයේ නැගීම,ඇලෙක්සැන්ඩර්ගේ නැගීම වගේ ඒව යට තියන ශ්‍රමය ගැන කතානොකරන එකෙන් සංකේතවත් වෙන්නෙ මේ කතන්දරේ.මේ වගේ දේශපාලන සිදුවීම් බ්‍රෙෂ්ට් කවිය ලියනකොට සුප් උයල දුන්න කෝකියෙක් හිටියද නැද්ද කියන එක එක්ක ගැටගහල තේරුම් කරන්න යන එක මෝඩ ජෝක් එකක්.
    බ්‍රෙෂ්ට්ගේ මහන්සිය හැදෑරිම හා නිර්මානශිලිත්වය එක්කයි එයාගෙ කවිය ලියවෙන්නෙ.ඒක වෙන මිනිහෙක්ව පාගලා හූරගෙන කාල කරපු නිර්මානයක් නෙමෙයි.රෝම අධිරාජ්‍යය ගොඩනැගීම වගේ ඒව එහෙම නෙමෙයි.අනුන්ගේ ශ්‍රමය ගසාකෑම හා සූරාකෑම උඩයි මේ අධිරාජ්‍යයන් හැදෙන්නෙ.වෙනස ඒ හින්ද සරලයි.තමුන් පොරක් කියල තමුන්ටම හගවගන්න වචන එහා මෙහා කරල විජ්ජාවක් දාන එක මිස වෙන දෙයක් අසඩක් කරල නැහැ.

  8. ramachandra says:

    පුද්ගල විඥානය සමාජ විඥානයේ කොටසක්ය කියල කොහෙ හරි ලියල තියන එකක් යාන්ත්‍රික විදිහට උපුටල අරගෙන තියන එක ගැන –
    පුද්ගල විඥානය සමාජ විඥානය ඇසුරින් පැන නගින බව කියල තිබුනට පුද්ගල විඥානය = සමාජ විඥානය කියල මාක්ස්වාදයේ කොහෙවත් කියල නැහැ.එහෙනම් ප්‍රාග්ධනය පොත මාක්ස්ගේ කියල කියන්නෙ මොකටද?ඒකත් මාක්ස්වාදෙට පටහැනිනෙ.එයාට සුප් දුන්න කෙනාගෙ නමත් ලියවෙන්න එපැයි.කල යුත්තේ කුමක්ද ලෙනින්ගෙ කියල කියන්නෙ මොකටද?එයාට බෝංචි උයල දුන්න එක්කෙනා ගැන නොලියවෙන්නෙ ඇයි?
    මේව ලියන්න අදාල නිශ්චිත පුද්ගලයා ස්වාදීනව කරන හැදෑරිම හා ඔහුගේ ශ්‍රමය විසින් කරන වටිනාකම් එකතු කිරීමක් හේතු වෙනව.ඒක එයාගෙය කියන ගෞරවය දෙන්නෙ ඒකයි.
    සමාජ විඥානය ඇසුරින් පැනනැගෙන පුද්ගල විඥානය ඊටම ආවෙනික අනන්‍යතාවයක් හදාගන්නව.මේ දෙක අතර තියෙන්නෙ දයලෙක්තික සම්බන්ධයක්.සරල රේඛිය සම්බන්ධයක් නෙමෙයි.නිකම් භෞතිකවාදෙයි දයලෙක්තික භෞතිකවාදෙයි අතර තියන වෙනස ඕක.

    • gadfly says:

      මැදිහත් වීම ගැන ස්තුතියි. එහෙත් අසඩක් ගේ තර්ක දෙස බලන විට ඔහුට අවශ්‍ය තේරුම් ගැනීම නොවන බව පෙනේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s