දත් දොස්තරගේ තොත්ත බබා තියරිය

Posted: June 16, 2010 in Uncategorized

 

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ගිවිසුම ජනාධිපතිවරයාවත් දැක නැතැයි ඊයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී දේශිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් යයි කියා ගන්නා දත් දොස්තරෙක් වන වසන්ත බණ්ඩාර නැමැත්තා පැවසු බව ජාතියේ පචායුධයේ ප්‍රතිරූපය ( ඔහුට එහෙම එකක් තිබේද යන්න වෙනම සාකච්චා කල යුතු ප්‍රශ්නයකි) ගොඩ නැංවීමට පවත්වා ගෙන යන වෙබ් අඩවියක සටහන් වී තිබිණි. ඔහුත් සමග මේ සාකච්චාවට තවත් ජරපත් දත් දොස්තරෙක් වන ගුණදාස මරසේකර ද එක්ව සිට ඇත. )

මේ වසන්ත බණ්ඩාර නමැති පුද්ගලයා විමල් වීරවංශාගේ අග්‍ර පුරෝහිතයාය. විමල් වීරවංශ වත්මන් ජනපතිට තුන්වන වරටත් බලයට එම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සළු පිලි ලිහා තබා අමු නිරුවතින්ම පෙනී සිටීම නිසා තමන් සමාජය තුල දැඩි පිලිකුලකට භාජනය වීමට ඉඩ ඇති බව හොඳාකාරවම දනී. නමුත් ඒ වෙනුවෙන් කල හැක්කක් නැත. තමන් විඳින සැප සම්පත් වෙනුවෙන් අද ඔහුට කොන්දේසි විරහිතව මහා රජු වෙනුවෙන් පමණක් නොව පුත් කුමරුවන් වෙනුවෙන්ද පෙනී සිටීමට සිදුව ඇත. ලජ්ජා විරහිතව නිරුවතින්ම පෙනී සිටීමට සිදුව ඇත. එවිට ඔහු සමාජය හමුවේ පෙන්වාගෙන සිටින මහාවීර භූමිකාව හැල්ලු වේ.

තමන් මොන තරම් කැප වීම් කර රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටියත් තමන්ගෙන් තව දුරටත් වැඩක් නැතැයි ඔවුන් තීරණය කළහොත් පස්ස පැත්තට පා පහරක් දී එලියට ඇද දැමීමට ඔවුන් පසු බට නොවන බවද වෙන කාටත් වඩා හොඳින් ඔහු දනී. මේ තත්වය තුල තමන්ගේ දේශපාලන ජීවිතය ආරක්ෂා කර ගැනීම ඔහුට මහා ගැටලුවකි. ( මේ තත්වය රාජපක්ෂ දේශපාලනය හා ගැට ගැසුණු සියලු දෙනා මුහුණ දෙන පොදු ගැටලුවකි) .

මෙයට මුහුණ දීම සඳහා වීරවංශ තෝරා ගන්නේ ඉන්දියානු විරෝධයයි.අද වසන්ත බණ්ඩාරලා හා අමරසේකර ලා හරහා එලියට එන්නේ එයයි. නමුත් මෙහිදී තවත් අලුත් ගැටලුවකට ඔවුන් මුහුණ පායි. ඉන්දියාවට හා සීපා ගිවිසුමට විරුද්ධ වුවත් සීපා ගිවිසුම තුලට ලංකාව රැගෙන යන රාජපක්ෂලාට එරෙහි වීමට නොහැක. එසේ කළහොත් ඉදිරියේ එල්ල වීමට නියමිත පා පහර ඉතාමත් ඉක්මනින් වැදෙනු ඇත. එවිට මේ විඳින සැප සම්පත් හැර දමා යාමට සිදුවේ. කොහේ යන්නද? (ගෙදර නම් යාමට නොහැක.) ඒ නිසා රාජපක්ෂලා බේරමින් ඉන්දියාවට පහර දිය යුතුව ඇත.

වසන්ත බණ්ඩාර ලා ට තමන්ගේ රෙදි ගලවා ගැනීමට සිද්ද වෙන්නේ මෙතනදීය. අති ගරු උතුමාණෝ මේ සීපා ගිවිසුම ගැන කිසිවක් නොදන්නා බවත් මෙය මෙරට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුන්ගේ නින්දා    සහගත ක්‍රියාවක් බවත් වසන්ත බණ්ඩාර ලවා කියවා ගන්නේ මේ නිසාය. මේ පාපී ක්‍රියාව , රටේ ආර්ථිකය උඩු යටිකුරු කරන මේ සීපා ගිවිසුම ජනාධිපති වරයාටවත් නොපෙන්නා හැදු දුෂ්ට නිලධාරීන් පිරිසකි.( මේ රටේ නිලධාරීන් මෙතරම් බලවත් පිරිසක් බව සොයා ගත් මේ බණ්ඩාර හාමුය. ඒ පිළිබඳව උපහාර උත්සවයක් පවත්වා ඔහුට ජාතියේ උපහාරය පිදිය යුතුව ඇත.) ඔවුන් වහාම සිටුවා පස් ගැසිය යුතුය. අප විසින් අමාරුවෙන් හදාගත් මේ ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය. ජනාධිපති තුමාවත් අපේ ලොක්කා වන අපි විසින් ලංකාවේ චාවේස් යයි හඳුන්වා දුන් වීරවංශ තුමාවත් මේගැන හන්කවිසියක්වත් නොදනී. ඔවුන් අහිංසකයෝය. දත් දොස්තර කම් අත හැර ආණ්ඩුවේ කුණු රෙදි සේදීමේ කොන්තරාතුව අලුතෙන් බාර ගෙන සිටින මේ දේපල අපිට කියන්නේ එයයි. ( ඔවුන් වංශ හාමුගේ රෙදි සේදීම නම් දැන් කලෙක සිට කරගෙන යයි.) ඔවුන් සිතා ගෙන සිටින්නේ මෙරට ජනතාව ඔවුන් කියන ඕනෑම දෙයක් එලෙසින් අදහන මී ගව රංචුවක් ලෙසින් විය යුතුය. එසේ නැත්නම් ඔවැනි මෝඩ කතා කියන මේ දෙපල ගොන් බානක් විය යුතුය.

වීරවංශ හා එක්ව සිටින විට තමන්ට ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් මේ නහින දෙහින කාලේ ඕනෑම කුණු හරුපයක් කීමට තමන් සුදානම් බව ඔවුන් අපිට පෙන්වා දෙයි. (මේ බණ්ඩාර ස්වභාවයෙන් ම සැක සහිත පුද්ගලයෙකි. 1989 දී ලංකාවෙන් අතුරුදහන් වූ මේ පුද්ගලයා නැවත පැමිණෙන්නේ 2004 මහා මැතිවරණය ආසන්නයේදීය. මේ අතර කාලයේ ඔහු කලේ කුමක්ද යන්න පිළිබඳව බර පතල සැක සංකා පවතී. විශේෂයෙන්ම ජවිපෙ දෙකඩ කිරීමේදී ඔහු ඉටු කලේ ප්‍රධානතම කාර්යකි. සමහර විටෙක ඒ මුළු සිද්දියම ඔහුගේ සැලැස්මක් විය හැකි බවත් සමහරු සැක පහල කරති. )

Advertisements
Comments
  1. Thisara says:

    දැන් වැඩසටහන යන ආකාරය අනුව නම් එක දෙයක් පැහැදිලිය. අපේ ජනපතිතුමා නම් යුද්ධ කර නැත. හේතුව

    01. පේව්මන්ට් ඉවත් කිරීම එතුමා දන්නේ නැත.
    02. සිපා ගිවිසුම එතුමා දන්නේ නැත.
    03. බඩු මිල ඉහල යන බව එතුමා දන්නේ නැත.
    04. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බව එතුමා දන්නේ නැත.
    (මෙම ලයිස්තුවට ඔබ දන්නා දේවල් එකතු කරගැනීමට බාධාවක් නැත)

    එහෙම බලනකොට යුද්ධය ගැන වුවද එසේමය. ඔහුට හොරෙන් ජනරාල් ඇතුළු රණවිරැවන් යුද්ධ කොට ඇත. එනිසයි ඔහුව හිරේ දාලා තියෙන්නේ.

    පංචායුදේට නම් හෙළුවෙන් සිටියාට ලැජ්ජා නැත. ගැටළුව තිබෙන්නේ රටේ මහජනතාවට හෙළුව පෙනීමයි. මා හිතන ආකාරයට තවමත් ‍රටේ ජනතාවට විලිලැජ්ජාව තිබෙනවා.

    • gadfly says:

      රටේ ජනතාවට ලැජ්ජාව තියෙනවා? විහිලු කරන්න එපා. ඔය කට්ටියගෙන් ලැජ්ජාව අඩුවෙන්ම තියෙන්නේ එයාලට.

  2. x -files says:

    එක ගලෙන් කුරුල්ලන් දෙතුන් දෙනෙකුම ඩැහැ ගැනීමට ශ්‍රී ලංකා සිවිල් සේවයේ වරප්‍රසාද ලත් පන්තිය යලිත් ක්‍රියාත්මක වෙමින් ඇති සැටියකි.
    ශ්‍රී ලංකා විදේශ සේවයේ වෘත්තීය නිලධාරීන් සමග සංසාරගත බද්ධ වෛරයකින් පසුවන ඉහත කී ශ්‍රී ලංකා සිවිල් සේවයේ වරප්‍රසාද ලත් පන්තිය මේ එන්නේ, අදාල ගිවිසුම් සකස් කලේ ශ්‍රී ලංකා විදේශ සේවයේ වෘත්තීය නිලධාරීන් බව පවසමින් තමන්ගේ නෑදෑ පරපුර විදේශ රටවල තානාපති කාර්යාලවලට පත් කර යැවීමට පහසු වනු පිණිස විදේශ සේවයේ වෘත්තීය නිලධාරීන්ට චෝදනා ගොනු කිරීම සඳහා වන්නට බැරි නැත.
    මෙවැනි ගිවිසුම් පෙන්වමින් ඔවුන් මෙය සිදුකල පලවෙනි වතාව මෙය නොවන බැවිනි.

    http://sundaytimes.lk/100321/News/nws_03.html
    ඉදිරියේදී ඔබට මෙවැනි ප්‍රවෘත්ති වැඩි වැඩියෙන් දැක ගැනීමට ලැබෙනවා ඇති..ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික කටයුතු පලපුරුදු නිලධාරීන් නොමැතිකමින් තවදුරටත් බිඳවැටෙනු ඇත.
    අපේ රට විදේශයන්හීදී මෙලෙස අවමානයට පත් වනු ඇත.මේ සියල්ල සිදුවී අවසන සේවය සඳහා යන නිලධාරීන්ට මහපාරේ ඉන්නට සිදුවන දවසත් වැඩි ඈතක නොවිය හැක..
    මන්ද යත් කිසිදු..ලෝක වැසියෙකු තමන්ගේ ගෙදර බඩු කවුරුත් හොරෙන් රැගෙන යනවාට කැමැත්තක් නොදක්වනු ඇති බැවිනි. 😦

    • gadfly says:

      කොමෙන්ටුවේ හැටියට නම් ඔබ විදේශ සේවයේ ඉහල නිලධාරියෙකු විය යුතුය. ( අඩුම තරමේ පළමු ලේකම් කෙනෙක්) .මේ බණ්ඩාර නමැති අය දන්ත වෛද්‍ය වරයෙක් මිස සිවිල් නිලධාරියෙක් නෙවේ. කෙසේ වුවත් ඔබ කියන samahara කාරනා නම් ඇත්තය. අපේ රාජ්‍ය සේවය දැඩි ලෙස ගෝත්‍රවාදය ට ගොදුරු වී ඇත. කාර්යක්ෂම සේවාවක් අඳහා සියලු සේවාවන් සහයෝගයෙන් කටයුතු කලයුතු වුවත් සිදු වෙන්නේ එකක් විසින් අනික පග දැමීමට උත්සහ කිරීමයි. අනිත් කාරණය,වනුයේ මේ සැම සේවාවක්ම දේශපාලනීකරණය වී තිබීමයි. රටේ සියලු වැදගත් තනතුරු වලට , විදේශ සේවය ද ඇතුළුව, නූගත් දේශපාලන හෙන්චයියන් පත් කිරීම නිසා මේ කඩා වැටීම අනිවාර්යෙන් බලාපොරොත්තු විය යුත්තකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s