Early Edition-2011.06.04

Posted: June 4, 2010 in Early Edition
 
දැනට අවුරුදු  කීපයකට  කලින් රූපවාහිනි නාලිකා වල විකාශය කරපු Early  Edition  ටෙලි කතා මාලාවේ ගැරී හොබ්සන් ට පත්තරේ ලැබෙන්නේ පත්තරේ පිට වෙන්න දවසකට  කලින්.
 
මේ ඊයේ පෙරේදා ඇටමැස්සා උදේ පාන්දර ගමනක් යන්න ලෑස්ති වෙලා එලියට බහින කොට මෙන්න තඩි පුසෙක් දොර ළඟ ඉඳලා දිව්වා. බලන කොට අර වගේ කලින් අච්චු ගහපු පත්තරයක්. හැබැයි මේකේ  දවස දාලා තිබුනේ 2011. 06.04. විදියට. ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින්.
 
ඇට මැස්සටත් Early  Edition  එකක් ලැබෙන්න පටන් අරගෙනද කියල හිතෙනවා.  හැබැයි ඉතින් ගැරී හොබ්සන් ට වගේ මේ වෙන දේවල් වලක්වන්න ඇට මැස්සට නම් බැහැ. මොකද  මේවා ඉතින් තනියෙම නවත්වන්න පුළුවන් දේවල් නෙවේනේ. ඒත් ඉතින් ඉඩ ලැබෙන හැටියට ඒ පත්තර වල තියෙන දේවල් ටිකක ඔහෙලාටත්  කියන්නම්. පුළුවන් දෙයක් කරමු බලන්න.
 
මේ  එකේ තිබුණු ප්‍රවෘත්ති ටිකක්
 
1.  ආණ්ඩුකාර  අමිතාබ් බච්චාන් මහතා රෝගී තත්වය නිසා ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.   නව ආණ්ඩු කාරයෙක් පත් කරන තෙක් මාල දිවයිනේ ආණ්ඩු කාර වරයාම  ශ්‍රී ලංකාවේ ආණ්ඩු කාර ධුරයේ වැඩ බලන බව  ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.
 
2. පසු ගිය 24 දා බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු 30 දෙනෙක් ගෙන් සමන්විත කොල්ල කරුවන් පිරිසක් නිවසේ තිබු අඩක් හිස් වූ ගෑස් සිලින්ඩරයක් කොල්ල කා පලා ගොස් ඇත. ගෑස් සිලින්ඩරය බේරා ගැනීමට උත්සාහ දැරීමේදී කොල්ල  කරුවන් විසින් තබන ලද වෙඩි පහරකින්  තුවාල  ලැබූ නිවසේ හිමි කරු  හදිසි අනතුරු අංශයට ඇතුල් කර ඇත.
 
3. මහජන සම්පත ලොතරැයියේ ප්‍රථම   ත්‍යාගය ලෙස සැමන්   ටින් දෙකක් ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. ලොතරැයි පතක මිල රුපියල් 300 දක්වා වැඩි කිරීම නිසා තෑගි මුදල් ද ඒ අනුව වැඩි කරන ලෙස මහජනතාව කරන ලද ඉල්ලීම් නිසා මේ තීරණය ගත් බව ලොතරැයි මණ්ඩලය පවසයි. දෙවෙනි තෑග්ග ලෙස සැමන් ටින් එකක් හා රුපියල් මිලියන පහක මුදලක් හිමි වනු ඇත. තුන්වෙනි  තෑග්ග පැට්‍රොල් හෝ ඩීසල් ලීටරයක් , ජයග්‍රාහකයාගේ කැමැත්ත පරිදි.
 
 
මේවා උපුටා ගත්තේ ලුහුඬු දැන්වීම් පිටුවෙන්.
 
1. අලුත්ම ටොයෝටා 141 මෝටර්  රථ දෙකක් මුදල් හදිසියකට විකුණනු ලැබේ. . පාන් රාත්තල් දෙකකට හා කිරි පිටි පැකට් එකකට මාරු කර ගැනීමට වුවද සලකා බැලේ.  ඉහලම ඉල්ලුමට . බ්‍රෝකර්  වරු අනවශ්‍යයයි.
 
2.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු හම්බන්තොට හෝ තංගල්ල රෝහල් වලට සුහද මාරුවක් පතයි
 
3.  ප්‍රබල අමාත්‍ය වරයෙක් රජයේ ඕනෑම කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙක්  සමග සුහද මාරුවක් පතයි. විදේශ තානාපති කාර්යාලයක නම් විශේෂයි.
Advertisements
Comments
  1. ------------ says:

    උපරිමයි

  2. Hasitha says:

    පිස්සු ආහ් 🙂

  3. KAS says:

    අයියෝ ඔය මොන Early Edition ද, ලංකාවේ ඉරිදා සිංහල පත්තර පිටවෙන්නේ සිකුරාදා.

  4. ```Outsider``` says:

    අර ලුහුඞු දැන්වීම් තීරයේ තියෙන ඒවනම් යථාර්තයක් වෙන ලකුණු තියෙනව වගේ…

  5. Thisara says:

    අර TV Series නම මතක් කරාට තෑන්ක්ස්. මොදක මට ඕක අමතක වෙලා තිබුනේ. බාන්න උවමනාව තිබ්බත් නම නැති නිසා අතහැරලා දැම්මා.

    සුභ අනාගතය එළිපත්තේම… අම්මා දැනෙන සනීපේ….

  6. bayagullaa says:

    ohoma yamu… the country has eaten ‘kumbala malu’ …

  7. wimansa says:

    පට්ට කතාවක්, ඇට මැස්සෝ..
    එළ!

  8. 101 says:

    LMAO
    XD

  9. prasiddha says:

    bubulu nagina beli katau… samaga dederana dagara sulan

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s