සිසිර තාරක නින්දේදී දුටු සිහිනය

Posted: May 28, 2010 in Uncategorized

සුප්‍රකට ලේඛක ආතර් සී ක්ලාර්ක් මහතා තම 2001 A Space Odessy කෘතියේ සිසිර තාරක නින්ද නම් වූ අපූරු සංකල්පයක් ඉදිරිපත් කරයි. රසායනික ක්‍රම මගින් මෙම නින්දට පත් කරනු ලබන මිනිසුන්ට එක දිගට වසර ගණනක් නිදා ගැනීමට හැකිය. තම කෘතියේ එක තැනක ක්ලාර්ක් මහතා මෙය හඳුන්වන්නේ ” සිහින පවා නොදකින සිසිර තාරක නින්ද ” ලෙසිනි.

සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම පසු ගිය කාලයේ මෙසේ සිසිර තාරක නින්දක ගැලී සිටි බව දැන් හෙළි වෙමින් පවතී. නමුත් ආතර් සී ක්ලාර්ක් මහතාගේ සිසිර තාරක නින්ද මෙන් නොව මෙහිදී ඔවුන් අපුරු සිහින දැක තිබේ. අප සමීක්ෂණ කණ්ඩායමක් රට පුරා ගොස් එම සිහින පිළිබඳව සොයා බැලූ අතර පුදුමයකට මෙන් සියලු දෙනාම දැක ඇත්තේ එකම ආකාරයේ සිහිනයන් ය.

ඔවුන් නිතරම දකින බව කියන  සිහින කිහිපයක් පහත දැක්වේ

1. පසු ගිය අප්‍රේල් 8 වැනිදා දක්වා වූ වසර ගණනාවක් ම මෙරට ආණ්ඩු කර ඇත්තේ යු ඇන් පී ආණ්ඩුවකි.

2. එම ආණ්ඩුවේ ඇමැතින් මහා පරිමාණ දුෂණ හා නාස්ති කරමින් රට විනාශ කළහ.

3. එම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති කම දර ඇත්තේ එජාප මහා ලේකම් තනතුරද හෙබවූ ප්‍රේමජයන්ත නමැත්තෙකි. ඔහු රටේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම කාබාසිනියා කර දැම්මේය.

4. එහි සෞඛ්‍ය ඇමති වුයේ තවත් ප්‍රබල එජාප නායකයෙකු වූ සිරිපාල සිල්වා නමැත්තෙකි. ඉතාම දුෂිත පුද්ගලයෙක් වූ ඔහු බෙහෙත් පෙත්තෙන් පවා හොරකම් කළේය. ඔහුගේ කාලයේ රටේ සෞඛ්‍ය සම්පුර්ණයෙන් ම විනාශ විය.

5. එජාපයේ තවත් පැරණි නායකයෙක් වන ජෝන් සෙනෙවිරත්න විදුලි බල ඇමති කම දරමින් විදුලි බල මණ්ඩලය කෝටි  දහස් ගණනක් පාඩු ලබන තත්වයට පත් කළේය.

6. එකොන් නමැති තුප්පහි ගායකයා ලංකාවට ගෙන්වා නිර්මල බෞද්ධ සංස්කෘතිය  කෙළවන්නට උත්සාහ කර ඇත්තේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයකු වන සංචාරක ඇමති අචල ජාගොඩ විසිනි.

 7.පසු ගිය ජනාධිපති වරණයේදී සරත් ෆොන්සේකා මහතා රුපියල් 12,500 කින් පඩි වැඩි කරන බවට පොරොන්දු දී ඇත.

 8. මෙරට ප්‍රගතිශීලී ජනතාව ජනපති වරණයෙන් හා මහා මැතිවරණයෙන් දුෂ්ට එජාප ආණ්ඩුව  පරදා ජන හිතවාදී ආණ්ඩුවක් බලයට පත් කර ගෙන ඇත.

සටහන- ඉහත සියල්ල මෙරට ජනතාව දුටු සිහින වේ. නමුත් ඒවා තමන් දුටුවේ සිහිනෙන්ද , හැබහින්ද යන්න තවමත් තේරුම් ගැනීමට නොහැකිව සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ඇමති වරුන් විසින් අප්‍රේල් 8 පෙර තිබු ආණ්ඩුවේ ඇමති වරුන් පතුරු ගසන අන්දම දකින විටය. තමන් දීර්ඝ නින්දක සිටි ඒ කාලයේ ඇත්තටම තිබුනේ එජාප ආණ්ඩුවක් දැයි ඔවුන්ට සමහර විට සිතේ.

Advertisements
Comments
  1. හිහ්.ඇත්ත නේන්නම්…හීනයක් නේන්නම් මේ දකින්නේ….

  2. nimanthi says:

    හයියෝ එහෙම තමා සිසිර තාරකා නින්දෙන් නැගිට්ටාම ටිකා…ක් විතර සිහිමද ගතියකුත් ඇති වෙනවලු.. 😀
    ඇයි මතක නැද්ද 2061 දී හේවුඩ් ෆ්ලොයිඩ් සිසිර තාරකා නින්දෙන් නැගිට්ට ගමන්ම තමන් හොඳින්ම දන්න දේවල් ගැනත් බොරුවට කලබල වෙලා විකාර කියෙව්වා.
    අපි බලාගෙන ඉමුකෝ නැගිටලා ටිකක් වෙලා ගිහිං නිවැරදි අවබෝධයට එනකන් කට්ටියම .

  3. මගේ නම තිබ්බ හින්ද බලන්න ආවේ…
    අපේ අය හැමදාම දකින්නේ හීන තමා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s