සිරිපාලගේ උභතෝකෝටිකය හෙවත් ගෙදර ගියත් තෝ නසී මග සිටියත් තෝ නසී

Posted: May 24, 2010 in Uncategorized

නව රජයේ ඇමති තනතුරු බෙදීම කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් ඉතා සුපරික්ෂාකාරිව මේ බෙදීම දෙස බැලුවොත් මේ තරම් විද්‍යාත්මක ලෙස ඇමති කම් බෙදීමක් අප ඉතිහාසයේ කවර කලකවත් සිදු නොවී ඇති බව ඔබට තේරුම් යනු ඇත.

මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති , හිටපු සෞඛ්‍ය ඇමති, බදුල්ල දිස්ත්‍රික් මහජන මන්ත්‍රී, ජ්‍යෙෂ්ට ශ්‍රීලනිප නායක හා අගමැති පොරයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයකුත් වන සභානායක නිමල් සිරිපාල මහතාට මෙවර ලබා දී ඇති ඇමති ධුරයයි . ( ඔහු සෞඛ්‍ය ඇමති කම දැරූ කාලයේ රටේ සෞඛ්‍ය වල පල්ලට ගොස් මහත් අර්බුධ කාරී තත්වයක් ඇති වුවද , බදුල්ලේ තාම ආධාර කරුවන් දහස් ගානකට සනීපාරක්ෂක කම්කරු හා රියදුරු රැකියා ලබා දී රටේ සියලුම සෞඛ්‍ය ආයතන බදුලු කරණයට ලක් කිරීම නිසා පසු ගිය මහා මැතිවරණයේදී බදුල්ලේ ඉහලම මනාප ලබා ගැනීමට ඔහු සමත් විය. ඒ නිසාම රටේ සෞඛ්‍ය නැති භංග වුවත් ඔහුට තව දුරටත් අගමැති කම ගැන සිහින දැකීමට ඉඩක් ඇති විය. ඔබට මේ කතාව අවිශ්වාස නම් ඔබ කලයුත්තේ රටේ ඕනෑම රෝහලකට ගොස් රෝහල් භූමියේ ඇති පඳුරකට පයින් පාරක් දීම පමණි. එවිට බදුල්ලෙන් ආ රියදුරන් හතර පස් දෙනෙකුත් කම්කරුවන් දහ දොළොස් දෙනෙකුත් එළියට විසි වනු ඇත. )

මෙවන් වූ සිරිපාල මහතාට මෙවර ලැබී ඇත්තේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයයි. . මෙම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධානතම ව්‍යාපෘතියක් වනුයේ උමා ඔය ව්‍යාපෘතියයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නයට විස්හඳුමක් ලෙස ඉදිරිපත් වී ඇති මෙම යෝජනා ක්‍රමය මගින් බදුල්ල හරහා ගලන උමා ඔයේ ජලය හම්බන්තොටට යවනු ඇත. දැනටත් බදුල්ලෙන් විරෝධතා එල්ලවෙමින් පවතින මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බදුල්ලේ මහජන මන්ත්‍රී, අගමැති අපේක්ෂක සිරිපාල මහතාට භාර දීම කොයි තරම් නම් විද්‍යාත්මක දැයි මොහොතක් සිතන්න. තම නායකයාගේ සිත් ගැනීම සඳහා ඔහු මේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කලොත් බදුල්ලේ ගොවීන්ගෙන් සිරිපාල මහතාට ලැබිය හැකි ප්‍රතිචාර ගැන සිතා බලන්න.නිසැක ලෙසින්ම ඔහුගේ බදුලු දේශපාලනයේ අවසානය එයයි.

අනිත් අතට ඔහු තමන්ගේ බදුලු දේශපාලනය ගැන සිතා මේ කාර්ය නිසි පරිදි ඉටු නොකොළොත් …….? ජනාධිපති වරයාගේ දිස්ත්‍රික්කයට ජලය ලබා දෙන ව්‍යාපෘතියක් අසාර්ථක කල අයෙකුගේ දේශපාලන අනාගතය…. … එවැන්නක් අප දන්නා ලාංකීය දේශපාලනයේ යථාර්තයක් නොවේ.

මේ අනුව පෙනී යන්නේ ගරු සිරිපාල මැතිතුමා මුහුණ දී ඇත්තේ ගෙදර ගියත් තෝ නසී, මග සිටියත් තෝ නසී පන්නයේ උභතෝකෝටිකයකටය.. මේ වැඩේ කලත් නොකලත් එතුමාගේ දේශපාලන අනාගතය කම්මුතුය, කපෝතිය, කුජීතය. ඉතින් මේ ඇමතිකම් බෙදීම විද්‍යාත්මක නැතැයි ඔබ තවමත් සිතන්නේද.?

 ( කොහොමද ටිකිරි මොලේ)

Advertisements
Comments
  1. ටිකිරි..හුහ්..හොද ටිකිරි…

  2. Hasitha says:

    අම්මපා ඇමතිකම් බෙදීම කොච්චර විද්‍යාත්මකද ? දැන් නේ තේරෙන්නේ

  3. nimanthi says:

    ඒක නේන්නම් ඔය කජු කිරි කොල්ලෝ [සමහරු කියනවා ඇහිලා තියන නිසා මෙහෙම ලිව්වේ]
    කෑගැහුවට බලන්නකෝ කොයි තරම් නම් විද්‍යාත්මකව හිතලද මේ වැඩේ කරලා තියන්නේ..
    සමහරු මේ කොයි තරම් කිව්වත් හැමදේම එහෙමයි කියලා මටත් දැන් හිතෙනවා .
    දැන් බලන්නකෝ අර කොරියාවට ඉංග්‍රීසි ගුරුවරු යවන එක ගැන හිතලා.අපේ රටේ අහිංසක දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යපනය වගේද කොරියාවේ ගිහිං එහෙ ලමයින්ට ඉංග්‍රීසි උගන්නන එක
    කාටද?? ආඩම්බර.
    ඊට පස්සේ අපේ රටෙන් යුරෝපයට ඕනේමයි කියලා ඉල්ලුවොත් එහෙම ගුරුවරු 🙂
    ෂා පේනවනේ දුර දිග පේන විද්‍යාත්මක පදනම .හැමදේම එහෙමයි

    • gadfly says:

      ඔවු මේවා හොඳට හිතල බලල කරන වැඩ. හැබැයි ඉතින් කොරියන් කාරයින්ට පිස්සු වෙන්න ඕනේ අපේ රටින් ඉංග්‍රීසි ගුරුවරුන් ගෙන්වන්නේ . මොකද අපේ රටේ OL විභාගේ වැඩිම අසමත් ප්‍රතිශතයක් තියෙන විෂයක් තමා ඉංග්‍රීසි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s