කිරිපැණි හා කිරිබත්

Posted: May 18, 2010 in Uncategorized
 
යුද ජයග්‍රහණයේ ප්‍රථම සංවත්සරය උදා වී ඇත. එය මහා ඉහලින් සමරන්නට සියල්ල සූදානම් වෙමින්  පවතී . අභිමානවත් හමුදා ආචාර                    පෙළපාලි    ,  මහා පිරිත් සංදර්ශන ආදියෙන් මේ උත්සව අලංකාර වනු ඇත. රුපියල් කොටි ගනං වියදම් කරමින් ආචාර වෙඩි මුර , මල්ටි  බැරල් සංදර්ශන, ගුවන් කරනම්, පැරෂුට් පිමි, නාවික අභ්‍යාස පැවැත්වෙනු ඇත.  පදික වේදිකාවේ  වෙළෙඳාම  තහනම්  නොකරන්නට  ජාතික  කොඩි විකුණා  හොඳ  ගතමනාවක්  හොයා ගන්නට පවා යමෙකුට ඉඩ තිබිණි.  මේ අතරේ සමහර රූපවාහිනී නාලිකා ද නැවත වතාවක් යුද්ධ ක්‍රීඩා පටන් ගෙන ඇත. යුද්ධය පවතී කාලයේ මෙන් ඔව්හු නැවතත් දිනපතා යුද බිමේ දර්ශන විකුණමින් සිටිති. ජනතාවගේ මානසිකත්වය පසු ගිය මැයි 19 දා තිවුණු තත්වයට ගෙන එන්නට සියල්ල සූදානම් වෙමින් පවතී.  අඩු පාඩුවකට ඇත්තේ පාරවල් අයිනේ කිරිබත් පිස කන්නයි කරන ඉල්ලීම් පමණි..
 
නමුත් කිරිබත් කෑම නම් ජනතාව අඩු නැතිව කරන බව හෙළි කරන  ප්‍රවෘත්තියක් පසු ගියදා  පුවත් පතක පල වී තිබිණි. මේ කතාව පුවත් පතට පවසා තිබුනේ පසු ගියදා පදික වේදිකාවලින් පලවා හැර තමන්ගේ ජීවනෝපාය   අහිමි කල පදික වෙළෙන්දෙකුගේ බිරියකි. කුඩා දරුවන් සිටින මවකි. ඇය කියන පරදී ඔවුන් මේ දිනවල තුන්වේලටම කන්නේ කිරිබත්ය. ඒ ඔවුන්ගේ ජාත්‍යාලය උතුර ගලා යන නිසාවෙන් නම් නොවේ. පදික වේදිකාවෙන් පලවා හැර තම එකම අදායම් මග ද අහිමි කට ඇති ඔවුනට වෙන විකල්පයක් නැති නිසාය. උදයේම හාල් ටිකක් ලිප තබා එයට පොල් කිරි හා  ලුණු ස්වල්පයක් එක්කර පිස ගන්නා කිරි බත ඔවුනට තුන් වේලටම ආහාරය වේ. මෙහි  ඇති වාසිය නම් එවිට එළවලු වලට වියදම් කිරීමට සිදු නොවීමයි.
 
කුඩා දරුවන්ට දිය යුතු ආහාර වට්ටෝරු ගැන , ඒවායේ පෝෂණ ගුණයන් ගැන, විටමින් හා ප්‍රෝටීන් ගැන උදයේ සිට රෑ මැදියම වන තෙක්  රූපවාහිනී නාලිකා වලින් පෝෂණ විශේෂඥයන් දෙන උපදෙස්   අසන  මෙරට ජනතාව ආහාර ගන්නේ  එලෙසය. මේ කතාව දුටු මට මීට වසර බොහෝ ගණනකට පෙර සිදු වූ සිද්දියක් මතක් විය. එකල කුඩා දරුවන් ව සිටි අපේ පන්තියේ  වූ එක් සිසුවෙක් , දිනක් බද රිදෙනවා යැයි හඬන්නට විය. පන්ති භාර ගුරුවරිය ඔහු කැඳවා විස්තර විමසද්දී එදින උදයේත් එට පෙර දින රාත්‍රියේත්  ඔහු ආහාර වශයෙන් ගෙන ඇත්තේ කිරි පැණි බව කියවිණි. මේ පිළිබඳව ඒ කුඩා දරුවාගෙන් ඊට වඩා විස්තර දන ගත නොහැකි වූයෙන්, අප ගුරුතුමිය ඉහල පන්තියක් සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරා ගෙන්වා ඒ ගැන තොරතුරු විමසුවේ මේ දරුවන් ආර්ථික වශයෙන් ඉතා අපහසුවෙන් ජීවත් වන බව ඇය දැන සිටි නිසා විය යුතුය.
 
ඔවුන් ආහාරයට ගත කිරි පැණි මොනවාදැයි ඔහු හෙළි කළේය. කුමක් දෝ ආහාර වැඩ සටහනකින් ඔවුනට  පාන් පිටි හා සීනි ලැබේ. ජලය උණු කොට පාන් පිටි එයට දමා  ලැබෙන පාප්පයට සීනි ටිකක් දමා හදා ගන්නා කිරි පැණි ඔවුනගේ ආහාරයයි. ඒ මීට වසර ගණනකට පෙරයි.
 
අපේ පරම්පරාවේ උන් කිරිපැණි කෑ අතර , අපේ දරු පරම්පරාව  දැන් කිරිබත් කමින් සිටි.  අපේ රට යමින් සිටින්නේ කොයිබටද?
Advertisements
Comments
  1. isimbuwa says:

    හිතාගන්න බෑ මේ යන විදියට ගිහින් අපේ රට කොහේ නතර වෙයිද කියල

    • gadfly says:

      අප සංවර්ධනය යයි කියන්නේ සමාජයේ පහලම ස්ථර වල සිටින මේ අහිංසක මිනිසුන් පාගා දමමින්ද? ඔවුන්ව තල පෙලා උන් හිටි තැන් වලින් පලවා හරිමින් ද? ඔවුනගේ දරුවන් කුසගින්නේ මිය යන්නට හරිමින්ද? එවන් සංවර්ධනයකින් රටකට ඇති පලය කිම?

  2. nimanthi says:

    මම දැක්කා පුවත් පතක පලවෙලා තියනවා මහනුවර නගරයේ පදික වේදිකාවේ තිබුනු සියලුම පලතුරු වලට භූමිතෙල් ගැසුවාලු ..,නගර සභාවේ වාහනයකින් පැමිණ. අනේ මංදා ඒ පලතුරු ආයෙමත් නොවිකුණයි කියලා අපිට සහතික වෙන්න පුළුවන්ද??
    අනික් අතට පදික වේදිකාවේ වෙළදම් කරන්නේ මහා ලොකු පෝසතුන් නොවෙන කොට ඔවුන් ගේ මුදල් කොයි තරමක් මේ වැඩෙන් අපතේ යන්න ඇතිද.??
    එදිනෙදා ජීවත් වීම සඳහා මුදල් සොයන ඔවුන්ගේ දරු පවුල් මේ දේවල් වලින් අසරණ වෙනවා..තමන්ට ඇති එකම ආදායම් මාර්ගය මෙලෙස අහිමි වීමෙන්..

    ඉතිං තව ටික දවසකින් කිරිබත් වත් නැතිවෙයි නේද?? මේ දරුවන්ට..ඇත්තෙන්ම අතීතයේදි වගේම දැනුත් මේ දේවල් සිදුවෙමින් පවතින බවට ඔබේ අත්දැකීම අපිට කියනවා.
    ඉතිං කොහෙදැයි නොපෙනෙන ආශ්චර්යක් කරා අපි ඉදිරියට යනවලු..
    අනේ මංදා ආශ්චර්යය කෙසේ වුවත් මේ අසරණ මිනිසුන්ට සාමකාමීව ජීවත් වෙන්න පරිසරයක්වත් ලැබුනොත් ඇති කියලා මට හිතෙනවා.

    බොහෝම ස්තූතියි..!!!!! gadfly මේ වගේ කාලීන ලිපි වලින් ඔබ කරන දැනුවත් කිරීම ගැන බොහෝ දෙනෙක්ව..:

    • gadfly says:

      මේ වෙළෙන්දන් හුඟක් වෙලාවට වෙළඳාමට මුදල් ලබා ගන්නේ ගිනි පොලියට. සමහර වෙලාවට ඔවුන් උදේ පොලියට මුදල් අරගෙන එකෙන් වෙළඳාම
      ට ඕනේ බඩු අරගෙන හවස නැවත පොලියත් එක්ක මුදල් ආපහු දෙන්න ඕනේ. සමහරව් වෙලාවට එක දවසට 20% විතර පොලී ගන්නවා. හිතන්න, මේ මිනිස්සු ඒ විදියට ගන්න බඩු වලට ලාම්පු තෙල් දැම්මම ඔවුන් පත් වෙන තත්වය.

  3. […] පාරට බහින අසරණයන්ට තලන්නේ ,වසරකට පෙර කිරිබත් කැවූ ඔවුන්ගේ එකෙක් වීම මොන තරම් […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s