බෙහෙත් බී මැරෙමුද ,නොබී මැරෙමුද?

Posted: May 14, 2010 in Uncategorized
රජයේ රෝහල් වල ඖෂධ හිඟය මග හරින්න රුපියල් මිලියන 450 ක් වටිනා ඖෂධ කඩිමුඩියේ ඉන්දියාවෙන් ගෙන්නනවලු. මේ ඖෂධ තොගය අතරේ සේලයින් කිලෝග්‍රෑම් 18,000 කුත් තියෙනවලු. රජයේ රෝහල් වල ඖෂධ හිඟය කොච්චර බරපතල ද කියනවනම් මේවා ගෙන්වන්නේ ගුවන් හමුදාවේ ගුවන් යානා යවලා. රටේ සෞඛ්‍ය මේ විදියට වලපල්ලට යනකම් සෞඛ්‍ය භාර උරුමක්කාර පොල්මක්කාරයෝ මොනවද කරමින් හිටියේ කියලා සමහරු අහනවා.එත් ඇටමැස්සට  තියෙන ප්‍රශ්නේ එක නොවේ.  මෙන්න පහලින් තියෙනවා එයාට තියෙන ප්‍රශ්න. මේවට උත්තර දෙන්න කාට හරි පුලුවන්ද?
 
1. මේ විදියට කඩිමුඩියේ ඖෂධ ගෙන්වනකොට , ඒ ගෙන්වන ඖෂධ වල ප්‍රමිතිය හොයල බැලුවද? ආරංචි විදියට බෙහෙත් ඇනවුම් කරන්න කට්ටියක් ඉන්දියාවට ගිහිල්ලා. ඒ ගොල්ලෝ එහෙ ඉඳගෙන පරීක්ෂණ කරනවද කියන්නත්  බැහැ.
2. මේ කඩිමුඩියේ ඒවා ඇනවුම් කරන්න කලින් එහෙම ප්‍රමිතියක් හොයල බලන්න කාලයක් තිවුනාද?
  ( අලුත් ඇමති තුමා පත් වෙලත් තවම සති දෙකයිනේ. එතුමා ආවාට පස්සෙනේ හොයාගත්තේ බෙහෙත් හිඟයක් තියෙනවා කියලා)
3. මේ හදිසියෙන් ඖෂධ ගෙන්වන්න සමාගම් තේරුවේ කොහොමද , කවුද? එහෙම තෝරා ගන්න භාවිත කරපු නිර්ණායක මොනවද?
4. මීට කලින් ඉන්දියාවේ සමහර සමාගම් වලින් ගෙන්නපු ඖෂධ වල බරපතල ප්‍රශ්න තිවුනා. ( එන්නත්  කුප්පි ඇතුලේ ගුල්ලෝ , මේ බෙහෙත් දීලා ලෙඩ්ඩු මැරුණා) . ඒ සමාගම් black list  කරන්නන කියලා    සමහරු කිව්වා.  දැන් කඩිමුඩියේ  බෙහෙත් ගෙන්වන කොට ඔය බාල බෙහෙත් දීපු සමාගම් වලිනුත් බෙහෙත් ගන්නවද?
5. මේ බෙහෙත් හදිසියේ ගෙන්වන්නේ මේවා ගැන හොයන්නේ නැතිව හුදෙක් හදිසිය නිසාම නම් , ඒ ඖෂධ වලින් රෝගියෙකුට හානියක් වුනොත් කවුද ඒ ගැන වග කියන්නේ.
6. එහෙම හානියක් වුනොත් ඒ ගැන හොයන්න පරීක්ෂණ කමිටුවක් පත් කරනවද? එහෙමනම් ඒ කමිටුවේ සාමාජිකයෝ කවුද? ඒ ගොල්ලෝ  සාක්කි ගන්න ඉන්දියාවටත් යවනවද?  ( මේ සැරේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කන්ඩයාම් එවන එකක් නැහැ. මොකද ඒකේ සභාපතිතුමා රන්දෙනිගල ජලාසේ  බෝට්ටු පදිනවනේ)
 
 අපිට මේ ප්‍රශ්න අහන්න හිතුනේ සෞඛ්‍ය අමාත්‍යංශය  මාස ගනනක්  පරීක්ෂණ කරලා , ටෙන්ඩර් කැඳවලා ,සාම්පල් බලලා ගත්ත බෙහෙත් වල ප්‍රමිතිය අපිට තාම මතක නිසා . මේවාට උත්තර නොලැබුනොත් බෙහෙත් බීල මැරෙනවට  වඩාබෙහෙත් නොබී මැරෙන එක හොඳා කියලා ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පැත්ත පළාතේ නොයා ඉන්න එක වඩා සුදුසුයි  කියලා තමා ඇටමැස්සා හිතන්නේ.
 
Advertisements
Comments
  1. ලෙඩ උනොත් ඉස්පිරිතාලේ නොයා බෑනේ. පෞද්ගලික රෝහල්වලට මිනිස්සුන්ව යොමු කරන්න තියෙන හොඳම විධිය මොකක්ද කියල හිතුවොත් මේ ප්‍රශ්න කිහිපයකටම උත්තර ලැබේවි. මෙන්න මේකෙ 71 (17) වෙනි පිටුව බැලුවාම තවත් උත්තර ලැබේවි. http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/ar2009e/PDF/7_chapter_03.pdf

    • gadfly says:

      ප්‍රතිපත්ති , නීති, රෙගුලාසි මේ හැම දෙයක්ම තියෙනවා. ප්‍රශ්නේ එක නොවේ. මිනිස් ජීවිත් එක්ක කරන මේ සෙල්ලම. එකට උත්තර ඔබ කියන තැන වල හොයන්න බැහැ

  2. හොඳහිත says:

    සේලයින් කිලෝ 18000ක් කියන්නේ සෙල්ලමක්ද …………

  3. Madhu says:

    ලෙඩ වෙලා බෙහෙත් ගන්න එන හැමෝමත් මිනිස්සු නේද කියලා ඇයි මේවාට වග කිවයුතු අය තේරුම් නොගන්නෙ…හ්ම්ම්…..

    • gadfly says:

      එහෙම තේරුම් ගන්න උවමනාවක් නැතිකම මිසක් බැරි කම නොවේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s