මීයෝ

Posted: May 11, 2010 in Uncategorized
 
මේකත් මට මේ අහම්බෙන් අහන්න ලැබුන කතාවක් . එක නිසා ඔන්න කවුරුත් කියන්න එපා මේක නම් බොරු කතාවක් කියලා. මොකද මේක ඇත්තද බොරුද කියන්න මං දන්නේ නැති නිසා. හැබැයි ඉතින් කතාවේ හැටියට නම් මේක ඇත්ත වෙන්නත් පුළුවන්.
 
මේ සිද්දිය වෙලා තියෙන්නේ ගාලු පළාතේ මනුස්සයෙකුට. හැබැයි මිනිහා පිටකොටුවේ පේමන්ට් එකේ පොඩි වෙළඳාමක්  කරගෙන ඉඳලා තියෙන්නේ. මෙයාගේ බිස්නස් එක වුනේ ඇන්ටික් වගේ පේන්න තඹ වලින් හදල තියෙන අයිටම් විකුණන එක. ඒ කිව්වේ පිළිම ,  පහන් වගේ ඒවා තඹ වලින් හදලා ටිකක් පරණ කරලා විකුනනවා.
 
ඊයේ පෙරේදා ඔය පදික වෙළෙන්දන්ට උදා කරලා දීපු සුබ අනාගතේ මෙයාටත් ලැබුනා. ගෙඩි පිටින් ආපු සුබ අනාගතෙන් මෙයා හදා ගෙන හිටපු බඩු ටිකයි , ඒවා දාගෙන හිටපු තට්ටුවයි දෙකම නැතිඋනා. අතේ  ඉතිරි  වෙලා තිබ්බ සල්ලි ටිකත් ගුලි කරගෙන මිනිහා බස් එකක නැගලා ගාලු ගියා.
ගාල්ලෙන් බැහැලා ටවුමේ ඇවිද ඇවිද හිටියා , ගෙදර යන්නත් හිතෙන්නේ නැහැ.
 
ඔන්න ඔය වෙලාවේ මිනිහා දැක්කා මිනිහා වගේම වෙළෙන්දෙක් , තඹ පිළිමයක්  අරගෙන සුද්දෙක් පස්සේ යනවා. සුද්දා මේ වෙලෙන්දාව තුට්ටුවකට ගණන්  ගන්නේ නැතිව යන්න ගියා. වෙළෙන්දා ආපහු  හැරුනා.අපේ  යාළුවා දැකල එයා ලඟට ආවා. මිනිහගේ අතේ තිවුනේ මීයෙක්ගේ පිළිමයක්. අපේ යාලුවා නිකමට ඇහුවා මේක කීයද කියලා.
 
” පිළිමෙට රුපියල් 100 යි. පිළිමේ ගැන විස්තරේ කියන්න රුපියල් 1000 යි ” කියපි.
 
පිළිමේ නම් ලේසියෙන්ම රුපියල් 500 කට 600 කට සුද්දෙක්ගේ ඇඟේ ගහන්න පුළුවන් වගේ. දැන් ඉතින් එහෙම වැඩක්වත් ගාල්ලේ ඉඳන් කරන්න ඕනේ කියලා මිනිහට හිතුනා.
 
” මට ඔය කතාවෙන් වැඩක් නැහැ. මෙන්න රුපියල් 100 ක් . පිළිමේ දෙනවනම් දෙනවා.”
 
” ගන්නවා , ගන්නවා, හැබැයි තමුසෙට කතාව අහගන්න හිතුනොත් අදම මෙතෙන්ට එනවා. මම අද විතරයි ඉන්නේ”  වෙළෙන්දා කිව්වා.
 
අපේ යාලුවටත් මීයාගේ පිළිමේ අරගෙන අඩි 2-3 යන්න ලැබුනේ නැහැ. පිටිපස්සෙන් කවුදෝ එනවා වගේ දැනිල බැලුවාම , මෙන්න බොලේ තඩි මීයෙක්  පස්සෙන් එනවා.
 
මිනිහා තව ටික දුරක් ගිහින් බැලුවා තාමත් ඌ එනවාද කියලා. හත් වලාමේ මීයෝ රංචුවක්ම එනවා ඒ පාර. 100 ක් විතර.එන්න එන්නම මිනිහා පස්සේ එන මීයෝ ගාන වැඩි උනා. වැඩි වෙලා යන්න කලින් මීයෝ ලක්ෂ ගානක රංචුවක් අපේ මිනිහා පස්සේ වැටිලා. මිනිහත් පන බයේ දුවනවා. ඇයි මුන්ට අහු වුනොත් එහෙම මොනවා කරයිද කියන්න බැහැනේ.
 
මුළු ගාල්ලේම ඉන්න මීයෝ මිනිහා පස්සේ එනවා වගේ. මිනිහත් දුවනවා.දුවලා  දුවලා  ගිහින් නැග්ග ගාල්ලේ කොටු පවුරට. .මෙන්න මීයොත් මිනිහා පැසීම එනවා. දැන් මොකද කරන්නේ ?මුහුදට පනින්න තමා වෙන්නේ, මුන්ගෙන් බේරෙන්නනම්. මිනිහාගේ ඔලුවට එක පාරටම කල්පනාවක් ආවා.විසි කරා පිළිමේ මුහුදට. අර මීයෝ සනුහරේම පැන්නේ නැත්ද මුහුදට පිළිමේ පස්සෙන්.
 
අපේ මිනිහා ටික වෙලාවක් ගල් ගැහිලා බලන් ඉඳලා ආපහු දුවන්න ගත්තා , තමන්ට පිළිමේ වික්ක වෙලෙන්දා හොයාගෙන. අපේ යාලුවා දුවගෙන එනවා දැකපු වෙළෙන්දා හොඳට හරි බරි ගැහිලා ගහක් යට වාඩි වෙලා මෙහෙම කිව්වා.
 
” කතාව අහගන්න නේද ආවේ ගමු බලන්න , එහෙනම් රුපියල්1000 ක් “
 
අපේ යාලුවා හති දම දමා මෙහෙම කිව්වා.
 
” මොන කතාද ඕයි ? තමුසේ කියන ගානක් දෙන්නම්. මට හදලා දෙනවා ඔය ජාතියෙන් තඹ පිළිමයක් මේ ආණ්ඩුවේ ඇමතියෙක්ගෙ හරි මන්ත්‍රීයෙක්  ගේ හරි. එහෙම නැත්නම් අඩුම   ගානේ  මේ  ආණ්ඩුවට චන්දෙ දීපු එකෙක්ගේ වත් ”
 
 
Advertisements
Comments
  1. xzx says:

    paxtai ban

    • gadfly says:

      ඒ වුනාට අපි එච්චර වාසනාවන්ත නැහැ. අර පස්සේ කිව ජාතියේ පිළිමයක් ලැබිලා නැහැ.

  2. එළම එළකිරි…..

    නියම කතාව……

  3. Sachi says:

    දැන් ආන්ඩුවට චන්දෙ දීපු මිනිස්සු මරන එකද හිතේ තියෙන්නේ.

    • gadfly says:

      අපොයි මගේ හිතේ නම් හීනෙකින්වත් නැහැ. මම කිව්වනේ මේක මගේ කතාවක් නෙවේය, මම අහපු ඒකකය කියල.

  4. nimanthi says:

    කරන්න දෙයක් නැහැ
    දුකට ඉතිං කවියක් වත් කිය කිය ඉමු
    වෙන මොනවා කියන්නද ????

    • gadfly says:

      ඇයි, දුක් ගී , ඒවත් දුකට නේ කියන්නේ

      • nimanthi says:

        අනේ එක අතකට අපි විතරයිනේ මේ වෙන දේවල් ගැන දුක් වෙන්නේ..නේද..??
        ඒ පිරිස හරිම පුංචි කුලකයක් මුළු සමාජයත් එක්කම බැලුවොත්.

        • gadfly says:

          මේවා ගැන දුකක් වේවි ඉඳල පලක් නැහැනේ. එකයි ඒ අඩු.

    • gadfly says:

      yes, thank you. a friend of mine told me a similar story on politicians and i adopted that here. probably he got it from this .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s